ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් පසු බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකෙන ස්ටීවන් හෝකින්ස් ඔහුගේ අති විශිෂ්ට සොයාගැනිම් නිසා අතිශය ප්‍රසිද්ධියට සහ ගෞරවයට පත් පාත්‍ර වූ කෙනෙක්. අවුරුදු 8දී ලිවීමට කියවීමට ඉගෙන ගත හෝකින්ග්ස් විශ්වවිද්‍යාලයේදීත් ඉතාමත් කම්මැලි සිසුවෙක් විය. නමුත් අවුරුදු 21 දී ඔහුගේ අසනීප තත්ත්වය නිසා ඔහු මුළු ජීවිතයම භෞතික විද්‍යාව සහ අජටාකාශ විද්‍යාව නොහොත් විශ්ව න්‍යාය විද්‍යාව වෙනුවෙන් කැප කළේය. ස්ටීවන් හෝකින්ස් ඔහුගේ න්‍යාය තුළින් විශ්වයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීමට උත්සාහ කළ අතර පෘථිවිය සහ මිනිසා පිළිබඳ ඔහුගේ න්‍යායන් නම් බොහෝ විට ඍණාත්මක ඒවා උනා. මේ ලිපිය කියවා ඔහුගේ එම න්‍යාය පිළිබඳ ඔබත් දැනුවත් වෙන්න.

07. ජානමය වශයෙන් වෙනස් කරන ලද එන්නත් විසින් අනාගතයේදී අහිතකර ප්‍රතිඵල ඇති කරාවි.

මේ මහා ප්‍රඥායා ප්‍රකාශ කළ ආකාරයට මිනිසුන්ට අනාගතයේදී ඇති දරුණුතම අභියෝගය එල්ල වෙන්නේ විශ්වය තුළින් නොව මිනිසාගේම ක්‍රියාකාරකම් තුළිනි. බොහෝ කාලයකට පෙර මිනිසුන් විසින් ජානමය වශයෙන් වෙනස් කළ වෛරස් වර්ග මිනිසුන්ගේ රෝගාබාධයන්ට ප්‍රතිකාර ලෙස යොදාගැනීමට හදාබැලීම් කළ අතර එහිදී ඊට අමතරව එම එන්නත් වල වෙනත් ප්‍රයෝජනයන් ද ඔවුන්ට ඇති බව දකින්නට ලැබුණා. උදාහරණයක් වශයෙන් පිළිකා සෛල විනාශ කිරීම සඳහා වෛරස් යොදාගෙන එන්නතක් නිපදවීමට කළ පරීක්ෂණවලදී එම එන්නත මගින් ඊට අමතරව මත්පැන් සඳහා ඇබ්බැහි වූ අයෙකුගේ එසේ මත්පැන් පානයට ඇති බලවත් කැමැත්ත පාලනය කිරීම සඳහා යොදාගත හැකි බවද සොයා ගත්තා. එසේ කරන්නේ ඒ ආකාරයට මත්පැන් වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ ” හැසිරීම පාලනය කරන නියුරෝන” වලට එය එන්නත් කිරීමෙනි. අදටත් විද්‍යාඥයන් විසින් විවිධ මාරාන්තික වයිරසයන් එකට මිශ්‍ර කරමින් ඇතැම් විට ඒවාට මිනිසුන්ගේ, හරකුන්ගේ සහ බල්ලන්ගෙන් DNA ද එකතු කරමින් පරීක්ෂණ සිදුකරනවා. නමුත් කිසිම කෙනෙකුට තවමත් මේවායෙන් ඇතිවන දිගුකාලීන බලපෑම් ගැන හරිහැටි අවබෝධයක් නැහැ. ස්ටීවන් හෝකින්ස්ට අනුව නම් අනාගතයේදී මනුෂ්‍යවර්ගයාගේ පැවැත්ම සඳහා ඇතිවන ලොකුම තර්ජනය මෙසේ ජානමය වශයෙන් වෙනස් කරන ලද එන්නත්ය.

06. අනාගතයේ දී පෘථිවිය පිටසක්වල ජීවීන් විසින් ආක්‍රමණය කරනු ඇත.

ස්ටීවන් හෝකින්ස් මේ විශ්වයේ වෙනත් ආකාරයේ ජීවී ස්වරූප ද ඇති බවට විශ්වාස කළේය. ඔහුට අනුව ඒවා එතරම් හිතමිතුරු ඒවා නම් නොවේ. 1983 දී හෝකින්ස් විසින් ජේම්ස් හාර්ට්ල් සමග එකතු වී “සීමාවක් නැත” (no-boundary) න්‍යාය ඉදිරිපත් කළා. එම න්‍යායෙන් මහා පිපුරුමට පසු විශ්වයේ ආරම්භය සිදුවීම ගැන විස්තර කෙරෙනවා. පසුකාලීනව එම න්‍යාය හෝකින්ස්ගේ “multiverse” න්‍යාය දක්වා වැඩිදියුණු කෙරුණු අතර එමගින් පැවසෙන ආකාරයට අපගේ විශ්වය තවත් එවැනිම වූ මහා පිපුරුම් ගණනාවකින් ඇති වූ තවත් විශ්වයන් ගණනාවකින් එකක් පමණි. මෙම විශ්වයන් තුල අප තනිවම නොවන බවට තවමත් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වී නැතත්, මිනිසාට වඩා දියුණු පිටසක්වල ජීවීන් විසින් සියලුම මනුෂ්‍යයන් ඇතුළු වෙනත් ජීවීන් පරමාණු බවට විනාශ කර දැමීමට බොහෝ ඉඩකඩ ඇති බවට විශ්වාස කෙරෙනවා.

05. විශ්වයේ අවසානය කරා ළඟා වනු ඇත.

ස්ටීවන් හෝකින්ස් ඔහුගේ A Smooth Exit From Eternal Inflation නම් ඔහුගේ අවසාන ඉදිරිපත් කිරීමට, එනම්, ඔහු මියයාමට සති 2කට පෙර ඉදිරිපත් කළ න්‍යායෙන් ඔහු පවසන්නේ විශ්වය ඉදිරියේ දී අවසානයක් කරා ලඟා වනු ඇති බවයි. විශ්වය සදාකාලික අඳුරක ගිලෙනු ඇති අතර එසේ සිදු වන්නේ සියලුම තාරකාවන්හි ජවය ශක්තිය අවසන් වීම නිසා එම තාරකා මිය යාම හේතුවෙනි. මෙහිදී පෘථිවියේ සියලුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කෙරෙන සූර්යයාද තාරකාවක් බව අමතක නොකළ යුතුය. එමනිසා ඔහුට අනුව මිනිසාගේ පැවැත්ම තහවුරු කර ගැනීමට නම් ඉක්මනින්ම තවත් විශ්වයන් සොයාගත යුතු වෙනවා.

04. රොබෝවරුන් විසින් මිනිසුන්ව ප්‍රතිස්ථාපනය කරනු ඇත.

හෝකින්ස්ගේ ජීවිතය රඳා පැවතුණේ කෘතිම බුද්ධියක් මත වුවත් ඔහු කිසිසේත්ම එවන් කෘතීම බුද්ධියක් විශ්වාස කලේ නැත. ඔහු වරක් ප්‍රකාශ කළ ආකාරයට මිනිසා විසින් සිදුකරන ලද නරකම සොයා ගැනීම වන්නේ කෘතීම බුද්ධියයි. කෘතිම බුද්ධියකින් වර්තමානයේ ගනුලබන ප්‍රයෝජනයන් නොසලකා හැරිය විට ඒවා තවදුරටත් වැඩි දියුණු කිරීම මිනිසා විසින් නැවත නිවැරදි කර ගත නොහැකි වරදක් කිරීම හා සමාන වේ. එයට හේතුව කෘතිම බුද්ධියක් සහිත රොබෝවරුන් තමන් විසින්ම ක්‍රියාත්මක වීමට පටන් ගත් පසු, ඔවුන් විසින් තමාගේ වර්ගයා අධික වේගයෙන් නිපදවා ගැනීම සිදුකරනු ඇත. එහි දී මිනිසුන්ට ඔවුන්ව පාලනය කිරීම කළ නොහැකි වනු ඇති අතර එම නිසා මිනිසුන්ගේ පැවැත්ම තීරණාත්මක වනු ඇත. කෙටියෙන්ම කියනවා නම් පෘථිවිය තුළ මිනිසුන් දරන ස්ථානය අනාගතයේදී කෘතිම බුද්ධියක් සහිත රොබෝවරුන් විසින් දරනු ඇත.

03. න්‍යෂ්ටික අවි මනුෂ්‍ය ජනගහනය විනාශ කරන ඇත.

ස්ටීවන් හෝකින්ස්ට අනුව මිනිසා විසින් නැති කර ගත යුතු ගුණාංගයන් වන්නේ ආක්‍රමණශීලී ස්වභාවය සහ අතාර්කික හැසිරීමයි. මිනිසුන් එකිනෙකා හා ඇනකොටා ගන්නා මේ අවධියේදී යුදමය තාක්ෂණය වැඩිදියුණු කිරීම, විශේෂයෙන්ම න්‍යෂ්ටික අවි ආයුධ වැඩිදියුණු කිරීම හා යොදා ගැනීම මනුෂ්‍ය ජනගහනය විශාල වශයෙන් පෘතුවියෙන් මුලිනුපුටා දැමීමට හේතුවනු ඇත.

02. මිනිසා විසින් ජීවත් වීමට තවත් ග්‍රහලෝකයක් සොයා ගනු ඇත.

ස්ටීවන් හෝකින්ස් download ඉදිරි වසර සියය ඇතුළත මිනිසා විසින් තමාට ජීවත්වීම සඳහා අලුත් ග්‍රහලෝකයක් සොයා ගත යුතුය. එයට හේතුවත් දැනටමත් පෘථිවිය නැවත යථා තත්ත්වයට පත්විය නොහැකිය සේවාව පසු කර ඇති නිසාය. මේ නිසා දැනට පවතින සහ අනාගතයේදී වැඩිවිය හැකි වනාන්තර විනාශයන් පරිසරය දූෂණය ජනගහන වැඩි වෙයි සහ වසංගත කොළ ලෝකය බේරා ගැනීමට මිනිසා විසින් තවත් ග්‍රහලෝක ගත යුතු වෙනවා. පහතින් දැක්වෙන්නේ එසේ පෘථිවිය වෙනුවට මිනිස් වාසය සඳහා තෝරා ගත හැකි ග්‍රහලෝක කිහිපයක්.

1. සඳ – සඳ කියන්නේ පෘථිවියේ උප ග්‍රහයා ; එහෙමත් නැත්නම් පෘථිවියට අයත් ස්වභාවික චන්ද්‍රිකාවක් වුණත් සඳට වායුගෝලයක් නැහැ. නමුත් එය තමයි පෘථිවියට වඩාත්ම ආසන්නයෙන් පිහිටන ස්වභාවික සම්පත් තැන්පතු බොහෝමයක් ඇති ආකාශ වස්තුව. ඊට අමතරව මෙහි ප්‍රථම මිනිස් වාසය තැනීමට සුදුසු වන පරිදි පෞරාණික ලාවා නලද දක්නට ලැබෙනවා.

2. අඟහරු – අඟහරු එහි විෂ සහිත පස, අස්ථි පසාරු කරගෙන යන සීතල සහ හුස්ම ගත නොහැකි වායුගෝලයක්‌ සහිත නිසා ජීවත්වීමට හොඳ ස්ථානයක් නොවේ. නමුත් හොඳින් ආරක්‍ෂිත අභ්‍යවකාශ කඳවුරු ඉදිකිරීම මගින් අභ්‍යවකාශ යටත් විජිතකරණයේ ආරම්භක අදියර සඳහා මානව වර්ගයාට ක්‍රියාත්මක විය හැකිය.

3. සීරීස් – සීරීස් යනු අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටන වාමන ග්‍රහලෝකයකි. අජටාකාශගාමීන්ගේ ඇස්තමේන්තු වලට අනුව මිනිස් වාසයට සුදුසු ලෙස එම ග්‍රහලෝකයෙන් 25% ක් පමණ ජලය ඇතත්, එහි වායුගෝලයක් නොමැති නිසා එහි ජීවත් වන කාලය තුළ කාලගුණික වෙනස්වීම් හෝ අහසේ වර්ණ වෙනස්වීම් දැකගත නොහැකි වනු ඇත.

4. යුරෝපා – බ්‍රහස්පතිගේ හතරවන විශාලම උප ග්‍රහයා වන යුරෝපා අයිස් වලින් නිමැවුණු කබොලකින් ආවරණය වී ඇති නිසා ජලය පිරුණු සාගර සොයාගත හැකි වනු ඇත. එසේ වුවත් එම ග්‍රහලෝකය නිතරම මිනිසුන්ට දරාගත නොහැකි ආකාරයේ තදබල ලෙස මාරාන්තික කිරණ වලට මුහුණ දෙන නිසා, සහ එම ග්‍රහලෝකයේ දේශගුණය අධික ලෙස සීතල නිසා මිනිසුන්ට වාසය කිරීම සඳහා සුදුසු දැයි ඇත්තේ ප්‍රශ්නයකි.

5. ටයිටන් – සෙනසුරුගේ විශාලම උප ග්‍රහයා වන ටයිටන්, පෘථිවිය සඳහා ආදේශකයක් ලෙස යොදා ගැනීමේ වාසියක් වන්නේ අහිතකර කිරණ සහ උල්කාපාත වලින් ආරක්ෂා විය හැකි ආකාරයෙන් වායුගෝලයක් එහි පැවතීමයි.

6. කෙප්ලර් 452b – පෘථිවියේ ” ඥාති සහෝදරයා” වන kepler 452b, අපෙන් ආලෝක වර්ෂ 1,400 ක් ඈතින් සූර්යයා වැනි තාරකාවක් වටා කක්ෂගත වන අතර එය හරියටම අපේ පෘථිවියට පෙනුමෙන් සමානයි. එහි පෘෂ්ඨය මත දියර ජලය පැවතිය හැකි නමුත් එය සෑම විටම පාහේ ඝන මීදුම් වලාකුළු වලින් වැසී ඇති අතර ගිනිකඳු ක්‍රියාකාරිත්වය සම්බන්ද ගැටළු අපට අනිවාර්යයෙන්ම ඇති වනු ඇත.

01. පෘථිවිය ගිනිබෝලයක් වීමට නියමිතයි.

ස්ටීවන් හෝකින්ස් නම් විශිෂ්ඨයාට අනුව වසර 600 කටත් අඩු කාලයකදී පෘථිවිය විනාශ වීමට නියමිතයි. එයට හේතුව ඒ අවධිය වනවිට පෘථිවියේ ජනගහණය අතිශයින්ම වැඩි වී ඇති නිසා, ඊට සරිලන ලෙස විශාල ශක්ති පරිභෝජනයක් සිදුවන නිසා පෘථිවිය රතුපාටින් දැවීමටද හේතුවක් වනු ඇති බවයි. එම නිසා මනුෂ්‍ය වර්ගයා නිතැනින්ම විනාශ වී යනු ඇත.
හොකින්ග්ස්ට අනුව ගෝලීය උණුසුම වැඩිවීම පෘථිවියේ ස්වභාවය සිකුරු ග්‍රහයාට සමාන කරනු ඇත. ඒ අනුව පෘථිවිය තුල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 250ක් විතර වන අතර අහසින් සල්ෆියුරික් අම්ල වැසි වසිනු ඇත. සුළඟ තත්පරයට මීටර් සීයක් පමණ වේගයෙන් හමනු ඇත. ඔහුට අනුව මනුෂ්‍ය වර්ගයා විසින් මුහුණ දීමට සිදුවන බරපතලම තර්ජනයක් වන්නේ මෙම කාලගුණික වෙනස් වීමයි. නමුත් ඔහු පවසන ආකාරයට එය අප දැන්ම ක්‍රියාත්මක වුවහොත් හොඳ අතට හරවා ගත හැකි තත්ත්වයකි.

අනාවැකි මෙන් නොව ස්ටීවන් හෝකින්ස්ගේ බොහෝ න්‍යායන් ඉදිරිපත් කෙරුනේ නිවැරදි දත්ත සහ විද්‍යාත්මක පදනමක් මතය. එම නිසා බොහෝ විට අනාවැකිකරුවන්ට වඩා ස්ටීවන් හෝකින්ස්ගේ න්‍යායන් අපට පිළිගත හැකි බව විශ්වාසයි. එසේම ඔහු කියූ තත්ව බොහොමයක මූලාරම්භය අපට දැනටමත් දෑසින් දැක ගන්නට තිබෙනවා. මේ මහා ප්‍රාඥයාගේ න්‍යායන් සහ දැක්මවල් ගැන ඔබේ අදහස කුමක්ද?