මේ ලෝකය කියන්නේ අපිට කවදාවත් අධ්‍යනය කරලා ඉවර කරන්න බැරි,  ඉගෙනගෙන ඉවර කරන්න බැරි තරම් විශාල දෙයක්. අපිට මේ ලෝකේ විවිධ දේවල් ගැන දැනකියාගන්න තියෙන දේවල්වල නිමක් නෑ. අපි දන්නවා කියලා හිතාගෙන ඉන්න සමහර දේවල් ගැන වුණත් අපි තවමත් නොදන්නා දේවල් බොහොමයක් තිබෙන්නේ පුළුවන්. ඉතින් අපි මේ ලිපියෙන් කියන්නෙ ඒ විදිහට අපි හැමෝම දන්න දේවල් ගැන අපි නොදන්නා කරුණු කීපයක්. මේක කියවලා ඉවරයි උනාම අපි දන්න දේවල් ගැන ඔයාලා මෙතෙක් අද හිතාගෙන හිටපු විදිය වෙනස් වෙන්න පුළුවන්.  ඒ නිසා ලිපිය කියවලාම  බලන්න.

01. අපේ දකුණු කනෙන් වම් කනට වඩා ශ්‍රවණය වෙනවා. මේකට හේතුව විදිහට විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ අපේ දකුණු කන ක්‍රියාත්මක වෙන්නේ මොළයේ වම් පැත්තෙන් වීම. කන විතරක් නෙවෙයි සිරුරේ සම්පූර්ණ දකුණු පැත්තම මොළයේ වම් පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා වගේම සිරුරේ සම්පූර්ණ වම් පැත්තම මොළයේ දකුණු පසින් ක්‍රියාත්මක වෙනවා. කුඩා කාලයේ දී බොහෝ විට අපි ඉගෙනීමට යොමු කරන නිසා මොළයේ වම් පැත්තයි වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. කාලයක් සමඟ අප එයට හුරු වෙන නිසා මොළයේ වම,  එහෙමත් නැත්තම් සිරුරේ දකුණු පැත්ත අපිට වඩාත් හුරු වෙනවා. මේ නිසයි අපිට දකුණු කන වම් කනට වඩා වැඩියෙන් ඇහෙන්නේ.

02. ඩොල්ෆින් මත්ස්‍යයන් පවා තෑගි දීම සිදුකරනවා. සාගර වල ජීවත්වෙන ඩොල්ෆින් මත්ස්‍යයන් මේ විදිහට තෑගි ලෙස ලබාදෙන්නේ තවත් මුහුදු ජීවියෙකු වන ස්පන්ජින්වයි. ඔවුන් තමන් කැමති ගැහැනු ඩොල්ෆින් සත්වයෙකුට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න මේ විදිහට ස්පන්ජියෙක් තෑග්ගක් විදිහට ලබා දෙනවා.

03. චීනයේදී සුදු කියන්නේ ශෝකය ප්‍රකාශ කිරීමේ වර්ණයයි.

04. බැටළුවන්ට මුහුණු හඳුනාගැනීමේ හැකියාවක් තියෙනවා. ඡායාරූපයක ඇති තමා දන්නා පුද්ගලයෙකු වුණත් හඳුනාගන්න ඔවුන්ට පුළුවන්.

05. ඔබ දන්නවාද මේ ලෝකයේ දියමන්ති ටොන් 72ක් තියෙන නගරයක් තියෙන බව?  දත්තවලින් එම නගරය ගැන හරිහැටි විස්තර හෙළි කරන්නේ නැතත් පවසන ආකාරයට දියමන්ති එම නගරයේ ගොඩනැගිලි වල බිත්ති බැඳීමේදී වෙනත් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කරලා බිත්තිවලට තදකරල බැඳලා තිබෙනවා.

06. නිකොලායි ශාස්ටෝව් නම් 20වන සියවසේ ජිවත් වූ රුසියානු ව්‍යාපාරිකයා බ්‍රැන්ඩි වර්ගයක් නිපදවූවා. පසුව එය ප්‍රසිද්ධියට පත්කිරීමට අවශ්‍ය වූ නිසා ඔහු තරුණයන් කීප දෙනෙක් කුලියට ගෙන ඔවුන්ව සමාජ ශාලා වෙත යැව්වා. එම තරුණයන් විසින් සමාජ ශාලා සහ බීමහල් වලින් ශාස්ටෝව්ගේ බ්‍රැන්ඩි ඉල්ලා සිටියා. වෙළෙඳසල් හිමියන් විසින් එම වර්ගය නැති බව පැවසූ විට එම තරුණයන්  ඔවුන් සමග රණ්ඩු ඇති කර ගත්තා. දිගින් දිගටම මෙසේ සිදුවීම නිසා වෙළෙඳසල් හිමියන් විසින් මේ කියන ශාස්ටෝව්ගේ බ්‍රැන්ඩි වර්ග විශාල වශයෙන් මිලදී ගත්තා. කොහොමද ව්‍යාපාරිකයාගේ මොලේ?

07. තල්මසුන් විසින් වතුරෙන් උඩට පැමිණෙන්නේ සන්නිවේදනය කිරීමටයි. ඔවුන් එළියට පැමිණ විශාල හඬක් නගන්නේ සැතපුම් 2.4ක්‌ ඇතුලත සිටින වෙනත් තල්මසුන්ව ගෙන්වා ගැනීමටයි.

08. මිනිසුන්ට මෙන්ම පූසන්ටත් දකුණත් වමත් භාවයක් තිබෙනවා. ඔබ ඔබේ පූසා අතින් කරන වැඩ වලදී වැඩියෙන් භාවිතා කරන්නේ දකුණු අතද වම් අත දැයි නිරීක්ෂණය කරන්න. ඒමගින් ඌ දකුණත් පූසෙක්ද, වමත් පූසෙක් ද යන්න ඔබට සොයාගන්න පුළුවන්.

09. සාගර පතුල් සමතලා නොවන විකෘති ස්වභාවයක් ගැනීමට ප්‍රධාන හේතුව එම පතුල විසින් දරා ගෙන සිටින ජලස්කන්ධයේ බරයි.

10. සතුන් පවා ඔවුන්ගේ නහය ඇතුලත පිරිසිදු කරනවා. නමුත් එය ඔවුන්ට බොහෝ අසීරු කටයුත්තක්. ජිරාෆ් විසින් ඔවුන්ගේ දිව මේ සඳහා යොදාගන්නා අතර වඳුරන් වැනි ප්‍රයිමේටාවන් විසින් කෝටු කැබලි යොදා ගන්නවා.

11. චීනයේ ජීවත්වෙන ධනවත් පුද්ගලයන් බොහෝ විට ඔවුන්ට පෙනුමෙන් හැම අතින්ම සමාන පුද්ගලයන් සොයාගෙන කුලියට ළඟ තබා ගන්නවා. හදිසියේවත් එම ධනවත් පුද්ගලයන්ට සිර ගත වීමට සිදු වුවහොත් ඔවුන් එම රූපයට සමාන පුද්ගලයන් සිරගෙට යවනවා.

12. සුප්‍රසිද්ධ barbie බෝනික්කාගේ නම බාබි නොවන අතර එය කෙටි නමක් පමණි. එම බෝනික්කාගේ සම්පුර්ණ නම බාබරා මිලිසෙන්ට් රොබර්ට්ස් ය. (Barabara Millicent Roberts)

13. ලෝකයේ සම්පූර්ණ රත්තරන් වලින් 11%ක්ම අයිති වෙන්නේ ඉන්දියාවේ ගෘහණියන්ටයි. එම රත්තරන් ප්‍රමාණය ඇමරිකාව ස්විට්සර්ලන්තය හා ජර්මනිය එකතුවක් ගත් කල ඔවුන්ට අයත් මුළු රත්රන් ප්‍රමාණයටත් වඩා වැඩිය.

14. මී මැස්සෙකුට ඔහුගේ මුළු ජීවිත කාලයම වැඩ කිරීමෙන් නිපදවීමට හැකි වෙන්නේ මී පැණි තේ හැඳී 1 1/2ක් පමණයි. ඊළඟ දවසේ මී පැණි බෝතලයක් මිලදී ගැනීමේදී එම බෝතලය තුළ මී මැස්සන් කී දෙනෙකුගේ ජීවිත කාලයක මහන්සිය තිබෙනවා දැයි කල්පනා කරලා බලන්න.

15. කුරුල්ලන් විසින් ඔවුන්ගේ බිත්තර වලට කාලගුණය ගැන පවසනවා. ඔබ කුරුලු කූඩුවක බිත්තර රකින කිරිල්ලියක් ගීත ගයනවා දකිනවා නම් ඌ ඒ කරන්නේ උගේ බිත්තර වලට කාලගුණ තත්වය ගැන ගැයීම වෙන්න පුළුවන්. කාලගුණය උණුසුම් නම් එම කළල විසින් ඔවුන්ගේ වර්ධන වේගය අඩු කරගන්නවා. මොකද උණුසුම් කාලයකදී ප්‍රමාණයෙන් කුඩාවීම කුරුල්ලන්ට වාසිදායක වන නිසා.

16. පිරිමි පෙන්ගුයින් කෙනෙකු විසින් ගැහැණු පෙන්ගුයින් සතෙකුට යෝජනා කරන්නේ ඇයට ගලක් ලබාදීමෙනි. ගෑනු සතා යෝජනාවකට කැමති නම් ඇය විසින් එම ගල ඇගේ කූඩුවට රැගෙන යනවා.

17. ලෝකයේ කෙටිම යුද්ධය පැවැත්වුණේ මිනිත්තු 38ක කාලයක් පමණයි. ඒ ඇන්ග්ලෝ – සැන්සිබාර් යුද්ධයයි.

18. ගැහැණු අමාඩිලෝ සත්ත්වයකුට අය ආතතියෙන් පසු වෙනවා නම් දරුවන් බිහි කරන අවස්ථාව වසර දෙකකින් කල් දමා ගත හැකියි.

19. කිරි දත් වැටීමට පෙර මිනිස් හිස් කබල දිස්වෙන්නේ මේ අයුරිනි. (රුපය බලන්න)

20. මිනිසුන් මෙන්ම ගසුත් ජීවින් බව ඔබ  දන්නවනේ. මිනිසුන් නිදාගන්නවා වගේ මේ නිසා ගස් පවා නිදාගන්නවා. ගස් තද නින්දේ පසුවන විට ඒවායේ අතු පහළට බර වෙනවා.