ඔයා “නාගීනා” ෆිල්ම් එක බලලා තියෙනවනම් ඔයා ඉහත සිදුවීම හොදට දැකලා ඇති. ඒ කෙසේ වෙතත් “ශිවන්‍යා” නම් කොහොමත් මතක ඇති. කෙල්ල නයා වෙනවා. නයා කෙල්ල වෙනවා. ඊට පස්සේ මනුස්සයෙකුට ලවුත් කරනවා. මොනවා වුනත් මේ කියන්න යන්නේ ඒ වගෙ සිනමා නිර්මාණයක් හෝ ටෙලිකතාවක් ගෙනනම් නෙමෙයි. මේ කියන්න යන්නේ ඇත්තටම වෙස් පෙරළීමට හැකි නාගයන් පිළිබදවයි.

බෞද්ධ සාහිත්යේ සහ හින්දූ දේව සාහිත්යෙනම් මෙම වෙස් පෙරළිය හැකි නාගයන් ගෙන ඕන තරම් සදහන් වෙනවා. මොනවා වුනත් සමහර අය එහෙම වෙස් මාරූ කරගත හැකි නාගයන් ගෙන විශ්වාස කරන අතර සමහර අය විශ්වාස කරන්නේ නෑ. නමුත් මේ කියන්න යන්නේ නූතන ලෝකයේ සමහර පර්යේෂකයන් කියන කතා. ඇත්තටම එහෙම වෙස් පෙරලිය හැකි නාගයින් ඉන්නේ ලංකාවේ හා ඉන්දියාවේ විතරක් නෙමෙයි. අමෙරිකාවෙත් ඉන්නවා. ලෝකේ හැමතැනකම ඉන්නවා. මිනිස් වෙස් ගෙන අපි අතරම. ඒ කෙසේ වෙතත් මේ කියන්නේ සමහර බටහිර පර්යෙෂකයන් කියන කතා නිසා අපේ කතාවලට වඩා පොඩ්ඩක් විතර වෙනස්.

ඒ වගේම සමහර ඒවා විශ්වාස කිරීමට පවා අපහසුයි. නමුත් පහත සදහන් සෑම මතයකටම අදාල සාක්ෂි ලෝකයේ පර්යේෂකයන් ඉදිරිපත් කර ඇති තියෙනවා. ඒ නිසා කොතරම් විශ්වාස කිරීමට අපහසු වුවහත් බොරුවක් ලෙස නිකන්ම අතහැර දැමීමට හැකියාවක් නැති බව මතක තබාගන්න. මේ අයට බටහිර පර්යේෂකයන් කියන්නේ රෙප්ටීලියන්ස්ලා කියලා. ඉතින් මොවුන් උරගයින් කොට්ඨාෂයක්. ඉතින් මේ අය නිකන්ම නිකන් උරගයන් කොට්ඨාෂයක් නෙමෙයි. පිටසක්වල සම්භවයක් සහිත ජිවීන් වගයක්. ඔවුන් අපට වඩා ශක්තියෙන් වැඩියි. ඒ වගේම ඔවුන්ගේ තාක්ෂණික දැනුමට මිනිසාට ළගා වෙන්න තව වසර ගණනාවක්ම යයි.

හැබැයි මේ ගෙන නොයෙක් මත තියෙනවා. එක් මතයකට අනුව මොවුන් වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි පිටසක්වල ජීවින්. ඔවුන් සතුව ඇති අධිතාක්ෂණික උපකරණ හා අධිමානසික බලයන් නිසා ඔවුන්ට අවශ්‍ය විටෙක මිනිසෙකු ලෙස වෙස්මාරූ කරගත හැකියි. එම වෙස් මාරූ කරගැනීමේ හැකියාව නිසා ඔවුන් අප අතරම සාමාන්‍ය අයුරින් ජීවත් වෙනවා. තවත් මතයකට අනුව ඔවුන් ඇවිත් තියෙන්නේ වෙනත් මානයකින්. ඔවුන් අප ගෙන නිරතුරුවම සෙවිල්ලෙන් ඉන්නේ. ඒ වගේම ඔවුන් මනුෂ්‍ය ක්‍රියාකාරකම් වලට කෙලින්ම බලපෑම් කරනවා. විශේෂයෙන්ම දේශපාලනය සම්බන්ධ ක්‍රියාකාරකම් වලට.

මේ අතර තවත් සමහරුන් පවසන්නේ ඔවුන් ජීවත් වන්නේ අපගේ ලෝකයේම වෙනත් පෙදෙසක බවයි. එම පෙදෙස පොළව යට සහ මුහුද යට පිහිටා තිබෙනවා. එමෙන්ම සමහර පුරාවිද්‍යා ගවේෂකයින්ට භූගත මාලීගා හමුවෙලා තියෙනවා. එම භූගත මාළිගා අති විශාල අතර කුමක් සදහා නිර්මාණය කලාද යන්න ඔවුන්ටත් අභිරහසක්.

එමෙන්ම මෙම ජීවීන් හා ඉලුමිනාටී සංවිධානය අතර සම්බන්ධතාවයක් පවතින බව පවසනවා. ඉලුමිනාටී සංවිධානය කියන්නේ ලෝකය පාලනය කරනවායැයි විශ්වාස කරන රහසිගත කණ්ඩායමක්. ( ඉලුමිනාටී සංවිධානය ගැන ඕනෑ තරම් තොරතුරු අන්තර්ජාලයේ ඇත.)
එමෙන්ම තවත් අය පවසන්නේ අපගේ ලෝකය පාලනය කරන්නේ ඔවුන් බවය. අපව මෙහෙය වන ඉහළ පෙලේ දේශපාලකයින් සහ ඉහළපෙලේ ව්‍යාපාරිකයන් මෙසේ මිනිස් වෙස් ගත් උරගරූපින්‍ය.

ලෝකයේ යම් අයෙකු වෙහෙස මහන්සි වී ලෝකයේ ඉහළ තැනකට ගියහොත් පසුව ඔහු පැහැරගෙන හො ඔහුව මරාදමා එම ස්ථානය වෙත මිනිස් වෙස් ගතහැකි උරගරූපියෙක් පැමිණෙන බව කියයි.කෙසේ හෝ ඉහත දැක්වුයෙ නූතන පර්යේෂකයින් මිනිස් වෙස් ගත් හැකි නාගයින් එසේ නොමැතිනම් උරගරුපින් පිළිබදව කියන කතාය. නැවතත් වතාවක් කීමට ඇත්තේ ඉහත සදහන් මත කොතරම් විශ්වාස කිරීමට නොහැකි වූවත් ඒවාට අදාල සමහර සාක්ෂින් නිසා නිකන්ම ඉවත දැමිය නොහැක.

ඔබට මීට වඩා තොරතුරු අවශ්‍යනම් අන්තර්ජාලයේ පිරික්සා බලන්න. ඕනෑ තරම් තොරතුරු හමුවෙනු ඇත. අනික් අතට ඔබ තවත් දෙයක් තෙරූම් ගත යුතුය. අප ජීවත් වන්නේ රහස් පිරුණු ලොවකය. ඉතින් මෙම ලෝකයේ පවතින්නේ අප දන්නා දේට වඩා නොදන්නා දේ බව යම්කිසිවෙකු හෝ පැවසුවහොත් එය කිසිවිටෙක අතිශයෝක්තියක් නොවේ