වවුලා කියන්නේ අභිරහස් සත්ත්වයෙක්. ඒ හේතුව නිසාම තමයි ගොඩක් හොල්මන් චිත්‍රපටිවල හැම වෙලාවෙම වගේ වවුලන් දකින්න්ට ලැබෙන්නේ. විශේෂයෙන්ම ඩ්‍රැකියුලා කතාවෙත් දැක්වෙන්නෙත් වවුලෙකු බවට විය හැකි ලේ උරාබොන අමනුෂ්‍යයෙකු පිළිබදවයි.
වවුලා ක්ෂීරපායී සතෙකි. එම නිසා අනෙක් කුරුල්ලන් මෙන් ඔවුන් බිත්තර දමන්නේ නැත. රාත්‍රී කාලයේදී හැසිරෙන නිසා නිශාචර සත්ත්වයෙකි. එමෙන්ම පරාගනය සදහා වැදගත් මෙහෙයක් වවුලන් විසින් සිදු කරයි. විශේෂයෙන්ම දුරියන් පරාගනය මුළුමනින්ම පාහේ සිදුවන්නේ වවුලන් නිසා බව කියැවේ. එමෙන්ම බොහෝ වවුලන් නිදහසේ සිටින විට ගහක හෝ වැලක එල්ලී සිටීමට අධික රුචියක් දක්වයි. එමෙන්ම වවුලන් මදුරුවන්ද ආහාරයට ගන්නා නිසා ඔවුන්ගේ වටිනාකම කීමට වචන නැත.

ලෝකයේ වවුලන් විශේෂ දහසකට අධික ප්‍රමාණයක් සිටී. මේ වවුලන් අතරින් සමහරක් විශේෂ ලේ උරා බොන වවුලන් වේ. එමෙන්ම ඔවුන් සපාකෑමෙන් ජලභීතිකා රෝගයද ඇති වන බව සොයා ගෙන ඇත. සමහර අය හිතන් ඉන්නේ වවුලන්ට හොදින් ඇස් පේනවා කියාය. ඒ රෑට හොදින් පියාඹා යන නිසාය. නමුත් වවුලන්ගෙන් ඇස් පෙනීම හොදින් තිබෙන්නේ සමහර විශේෂ වල පමණි. අනෙකුත් වවුල් විශේෂයන්ගේ ඇස් පෙනිම දුර්වලය. එසේනම් වවුලන් බාධක මගහරිමින් පියාඹන්නේ කෙසේද? ඔවුන් එසේ කරන්නේ ශබ්දය භාවිතා කරමිනි. නමුත් ඔවුන් එයට ශබ්දය භාවීතා කරන්නේ කෙසේද?

ඊට පළමුවෙන් අපට පෙනෙන්නේ කෙසේද යනුවෙන් බැලිය යුතුය. සූර්‍යයාගෙන් නිකුත් වන ආලෝක ධාරා වස්තුව මත පතිත වන අතර ඒවා පරාවර්තනය වී නැවත අපගේ ඇස මත පතිත වේ. එමගින් අපට වස්තුව පිළිබදව සංවේදනයක් ඇති වේ. නමුත් බොහෝ වවුලන්ගේ ඇස් පෙනීම දුර්වලය. එහෙත් මොවුන් රාත්‍රී කාලයට එසේ බාධක මගහරිමින් පියඹා යන්නේ කෙසේද? ඔවුන් ඒ සදහා රේඩාර් තාක්ෂණයට සමාන ක්‍රමවේදයක් භාවිතා කරයි.

විද්‍යාඥයින් මෙය සොයාගත් ආකාරයද ඉතාමත්ම සිත්ගන්නා සුළුය. පළමුවෙන්ම ඇස් වසා වවුලන් බාධක අතරින් පියෑඹිමට සලස්වන ලදි. එහෙත් වවුලන් බාධක අතරින් ගැටළුවක් නොමැතිව පියඹා යන ලදි. එම නිසා එම වවුලන් පියෑඹීම සදහා ඇස් උපයෝගී කර නොගන්නා බව හෙලි විය. ඉන් අනතුරුව කට වසා එසේ බාධක අතරින් පියෑඹීමට සලස්වන ලදි, එවිට ඔවුන්ට බාධක අතුරින් පියඹා යෑමට නොහැකි විය. මෙසේ වීමට හේතුව කුමක්ද? වවුලන් පියඹා යන විට අධිසංඛ්‍යාත තරංගයක් තමගේ කටින් නිකුත් කරයි. එම තරංග නිකුත් වී වස්තුවක් මත පතිත වී නැවත තරංග පරාවර්තනය වේ. මෙම පරාවර්තිත තරංග ග්‍රහණය කරගන්නා වවුලා තමන්ට ඉදිරියේ ඇති වස්තුන් පිළිබදව දැනගනී. මෙය රේඩාර් තාක්ෂණය වැනි ක්‍රමයකි. රේඩාර් තාක්ෂණයේදී ඈතීන් එන සතුරු ගුවන්යානා හදුනා ගන්නේ මෙම තාක්ෂණය භාවිතා කොටය.

එමෙන්ම වවුලා පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගැනීම සදහා ඉතා වැදගත් සත්ත්වයෙකි. එමෙන්ම පරිසරයට කෙසේ වුවත් මනුෂ්‍යාටනම් ඇතැම් විට කරදරයකි. ලෝකයට දරුණු බලපෑමක් එල්ල කරන “කොරෝනා” වෛරසයද මොවුන්ගෙන් පටන්ගන්නට ඇතැයි සමහර විද්‍යාඥයින් අනුමාන කරති. නමුත් මෙය හරියටම තහවුරු කොට නැත.නමුත් වවුලාගේ ඇති විශේෂ සෛල සැකැස්ම නිසා වවුලාට එතරම් බලපෑමක් වෛරසයන් නිසා සිදු නොවේ. එමෙන්ම ඔවුන්ගේ දේහයන් තුල පවත්නා අංශක 40 ක උෂ්ණත්වය නිසා වෛරසයන් විනාශ වී යයි.

නමුත් මිනිසාගේ සිරුරේ එතරම් උෂ්ණතවයක් නැති නිසා ලෙහෙසියෙන්ම වෛරස් වලට ගොදුරු වේ. අනික් අතට පසුගිය වසර පනහ තුල මිනිසාට සිදු වන වෛරස් ආසාදන විශාල ලෙස ඉහළ ගොස් ඇති බව සමහර විද්‍යාඥයින් පවසනවා. එම වෛරස් ආසාදන වලට වගකිව යුත්තේ වවුලන් බව ඔවුන්ගේ අදහසයි. උදාහරණයක් ලෙස “නිපා” වෛරසය හැදින්විය හැකිය. මැලේසියාවේ එක් කලක වවුලන් බොහෝ ලෙසින් ජීවත් වන විනාශ කොට “ඌරන්” ඇති කිරීමට පටන් ගන්නා ලද නිසා “නිපා” වෛරසය හටගන්නා ලදි.

මෙය එක් උදාහරණයක් පමණි. එමෙන්ම මෙම වවුලන් සමූහ වශයෙන් සිටීමට ඉතා කැමැත්තක් දක්වනවා. එම නිසා වෛරස අනෙක් වවුලන් අතර ඉතා ඉක්මනින් පැතිර යනවා. එවැනි වෛරස වවුලාට එතරම් අවුලක් නැති වුනත් අනෙක් ක්ෂීරපායී සතුන්ටනම් ඉතා භයානකයි. මේ අතර සමහර රටවල වැසියන් වවුල් මස් ආහාරයට ගනි. විශේෂයෙන්ම චීන ජාතිකයන් දැක්විය හැකිය.