නොපෙනෙන බලවේග තියෙනවද? හොල්මන් ඉන්න්වද?භුතයො ඉන්න්වද? නෑ .. නෑ .. නෑ ගොඩක් කට්ටිය පවසන්නෙ ඔන්න ඕකනේ. දෙවෙනි තුන්වෙනි ප්‍රෂ්ණ වලට කෙසේ වෙතත් දැන් ඔයාට පළවෙනි ප්‍රෂ්නයටනම් නෑ කියලා කියන්න බෑ. ඒකට හේතුව තමයි අන්තිමට විද්‍යාඥයින්ටම පිළිගන්න වුනා නොපෙනෙන බලවේග තියෙනවා කියලා. විශ්වයේ නොපෙනන බලවේග කොච්චර තියෙනව කියලද හිතෙන්නෙ. සීයට එකක්, දෙකක්, නෑ…… ඊට වඩා වැඩියි. එහෙනම් දහයක්. විශ්වයේ සීයට අසූවකට වඩා තියෙන්නේ නොපෙනෙන බලවේග. ඒ කියන්නෙ අපට දැනෙන්නෙ , පෙනෙන්නෙ සීයට විස්සකටත් වඩා අඩු ප්‍රමාණයක්.

විද්‍යාඥයෝ මේවට කියන්නේ අදුරු ශක්තිය හා අදුරු පදාර්ථ කියලා. ඒකට හේතුව විද්‍යාඥයොත් හරියටම දන්නෙ නෑ මේ මොනවද කියලා ඉංග්‍රීසියෙන් කියන්නෙ Dark energy හා Dark matter කියලා. ඉන්ග්‍රීසියෙන් කිව්වෙ මේවා සිංහලෙන් කිව්වොත් සමහර අය පිළිගන්නෙ නැති නිසයි. ඉංග්‍රීසියෙන් දැම්මට පස්සෙ google කරලා බලාගන්න පුළුවන්නෙ.. මේ මොනවද කියලා. ඉතින් කට්ටිය බලනවා ඇති විද්‍යාඥයින්ම ඇයි මේක දැන් කියන්නෙ කියලා. මේ කියන්න යන්නේ විශ්වයේ අදුරු පදාර්ථ හොයාගත්ත ආකාරය. මීට කලින් විද්‍යාඥයො විශ්වයේ ස්කන්ධය ගණනය කලා සෛද්ධාන්තික වශයෙන්. ඊට පසු තවත් ක්‍රමයකට අපට පෙනෙන විශ්වයේ බර ගණනය කලා.( ගණනය කිරීම් කලේ කොහොමද කියලා දාන්නේ නැත්තේ ලිපිය දික් වන නිසයි.

Google එකේ තියෙනවා)දන්නවද ලැබුණු ප්‍රතිපලය. සෛද්ධාන්තික ගණනය කිරීම් වල හා පසුව කල ගණනය කල ගණනය කිරීම්වල ලොකු වෙනසක් තිබ්බා. කෝ එතකොට අනික.සරලවම මේකයි.. ගණන් කලාම මෙච්චරක් ආවා. බැලුවහම මෙච්චරයි තියෙන්නෙ. කෝ එටකොට අනික ( සොමි බෝයි තියරි) ඒක තමයි මේක…… ඒකට විද්‍යාඥයෝ නමක් දැම්මා අදුරු පදාර්ථය හා අදුරු ශක්තිය කියලා. මේකට අදුරුයි කියලා දැම්මේ විද්‍යාඥයන්ටත් මේක තේරෙන්නෙ නැති නිසා.

අනික් අතට මම කිව්වෙ මේක කියන්න පුළුවන් සරලම ආකාරයට. සාමාන්‍ය අයටත් තේරෙන විදිහට. ඒක නිසා විද්‍යාව දන්න අය සොරි වෙන්න ඕනේ. දැනට භෞතික විද්‍යාඥයින්ට තියෙන ලොකුම ප්‍රශ්ණෙ මේක. ඉතින් මේ අදුරු ශක්තිය හා විශ්වය අන්තර්ක්‍රියා කරන ආකාරය සොයාගත්තොත් එය විශ්වයේ ආරම්භය සොයාගැනීමට මහත් රුකුලක් වනු ඇති බව විද්‍යාඥයින් පවසනවා.
ඉතින් සමහර අය හිතනවා ඇති හොල්මන් භූතයෝ ඇත්තයි කියලා කියන්න අපි මෙම ලිපිය දැම්මා කියලා. අපෝ අපිට එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ . අපි මේ ලිපිය දැම්මේ අපි දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් තියෙනවා කියලා පෙන්නන්න. මොකද සමහර අය හිතන් ඉන්නෙ අපිට පේන දේම ඇත්ත, අපිට දැනෙන දේම ඇත්ත කියලනෙ. ඒ අයට තමයි මේ ලිපිය දැම්මෙ.