භාවනාව කියන්නේ බෞද්ධ අපට ඉතාම හුරුපුරුදු දෙයක්. ලෝකය පුරාම භාවනා ක්‍රම අද වනවිට ව්‍යාප්ත වෙමින් පවතිනවා. මීට බලපාන ප්‍රධානම හේතුව වන්නේ ඉන් සිරුරට සහ මනසට ලැබෙන සහනය. අපිනම් සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නෙ උදේට හරි හවසට හරි පහන තියලා ටික වේලාවක් භාවනා කරන්න. නමුත් බටහිර රටවල් වල අය ඒක වෙනම පාඨමාලාවක් විදියට හදාරන්න උත්සාහ කරනවා. ඒවගේම මේ බටහිර ඇත්තෝ භාවනාව පිළිබඳ විවිධ අධ්‍යයන කරන්නත් පටන් අරන් තියෙනවා.

විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණය

අපේ භාවනානුයෝගී බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මනස අනෙක් සාමාන්‍යය මිනිස්සුන්ට වඩා උසස් බව අපි නම් කවුරුත් අවිවාදයෙන් යුතුව පිළිගන්නා කාරණයක්. නමුත් බටහිර පුද්ගලයන්ට මේ පිළිබඳව එක පාරටම විශ්වාස කරන්න අමාරු නිසා ඔවුන් මේ වගේ විවිධ පරීක්ෂණ තියෙනවා. වයස්ගතවීම මිනිසුන්ට උරුම සොබාවිකව කාරණයක්. වයස්ගත වීමත් සමඟ මිනිසාගේ සිරුර හැකිළිලා විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ සිරුර විතරයි. සන්සුන් මනසක් තියෙන පුද්ගලයාගේ මනස සිරුර වැහැරෙන වේගයෙන් වයස්ගත නොවන බවයි මේ පරීක්ෂණයෙන් සොයාගෙන තියෙන්නේ. ඕක නම් ඉතින් පරීක්ෂණ කරන්න දෙයක් නෙවෙයිනේ. බුදු දහම පිළිගන්න ඕන කෙනෙක් ඒ පිළිබඳ ඇත්ත විස්තරේ දන්නවා.

විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ට සෞඛ්‍ය සම්පන්න මනසක් ඇතිකර ගැනීමටත් මොළයේ වයස්ගතවීම අඩුකර ගැනීමටත් සුදුසුම ක්‍රමවේදය සොයා ගන්නා අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් වසර දාහතරක් පුරාවට මින්ගූරි රින්පොචේගේ නම් බෞද්ධ භික්ෂුවගේ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සහ එහි වර්ධනය පිළිබඳව අධ්‍යනය කරලා තියෙනවා. ඒ බෞද්ධ භික්ෂුව භාවනාව සඳහා පුහුණුවීම් වලට යොමු වෙලා තියෙන්නෙ වයස අවුරුදු නවයේ සිට. මේ අධ්‍යයනයන්ගෙන් හෙළි වෙලා තියෙන්නේ අවුරුදු දහයක කාලයක් තුල අවුරුදු දහයක් තුළ මින්ගූරි රින්පොචේගේ භික්ෂුවගේ මොළයේ වයස්ගතවීම සීඝ්‍රයෙන් අඩු වෙන බවයි. මින්ගූරි රින්පොචේගේ භික්ෂූන් වහන්සේගේ වයස අවුරුදු හතළිස් එකක් වන නමුත් පරීක්ෂකයන් සොයා ගත්තේ ඔහුගේ මොළයේ පදාර්ථ එම වයස් කාල සීමාව තුළ තිබිය යුතු ප්‍රමාණයට වඩා අවුරුදු අටකින් බාල බවයි.

ටිබෙටයේ භික්ෂුව

මේ ටිබටයේ භික්ෂූන් වහන්සේ පැය 60000කට වඩා වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ විධිමත් භාවනාව සිදු කිරීම සඳහායි. මේ නිසා භික්ෂුවගේ මොළය හොඳින් පාලනයවී සෙමින් වයස්ගත වීම සිදුවන බව අධ්‍යයනයේ ජේෂ්ඨ පර්යේශකයෙකු සහ මහාචාර්යවරයකු වන රිචඩ් ඩේවිඩ්සන් පවසනවා. ටිබෙටය කියන්නේ බෞද්ධ ආගම අදහන බෞද්ධ රටක්. ඔවුන් සතුව තියෙන්නේ බෞද්ධ ජන ජීවිතයේ වත් පිළිවෙත්. මේ සියල්ල මේ ටිබෙට් භික්ෂුවගේ මොළය ව්‍යාධියට පත්වීම වලක්වන්න හේතු වෙන බව පරීක්ෂකවරුන් පවසනවා. විශේෂයෙන්ම මේ භික්ෂූන් වහන්සේ භාවනා ක්‍රමය පටන් අරගෙන තියෙන්නේ නව යොවුන් වියේ දී සිටමයි. ඉතා දීර්ඝ කාලයක් මේ භාවනාව සිදු කිරීම නිසා ඔහුගේ මොළය පුරුද්දක් ලෙස භාවනාව සිදු කිරීම වටහා ගෙන තිබිලා තියෙනවා.

පර්යේෂන අතරතුර පරීක්ෂකයන් මින්ගූරි රින්පොචේගේ මොළයේ ව්‍යුහාත්මකව චුම්බක අනුනාද රූප භාවිතා කරමින් හතර වතාවක් ස්කෑන් කරලා ඔහුගේ මොළයේ සිදුවන වෙනස්කම් කාලයත් සමග හඳුනාගෙන තියෙනවා. ඒ සඳහා බෞද්ධ භික්ෂුව හා සමාන වයසක් ඇති වැඩිහිටියන් එකසිය පස් දෙනකුගේ මොළය ස්කෑන් පරීක්ෂාවන්ද අධීක්ෂණය කරලා තියෙනවා. මේවා සංසන්දනය කිරීමෙන් පසුව තමයි තීරණය කරලා තියෙන්නෙ මේ මින්ගූරි රින්පොචේගේ වයස අවුරුදු 41 වුණත් ඔහුගේ මොළය තිස්තුන් හැවිරිදි කෙනෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වයට සමාන බව.

භාවනාවේ අනුහස්

විශේෂයෙන් අපි මේ ජීවත් වෙන ජීවන රටාව නිසා අධික මානසික ආතතිය වෙහෙසට පත්වීම මොළය ඉක්මනින් වයසට යෑමට හේතු වන කාරණාවක් වෙනවා. ඒ අනුව මොළයේ සෛල ඉක්මනින් වෙනස් වෙනවා. මේ නිසා තියෙන හොඳම විසඳුම තමයි දිනපතා යම් අපි භාවනා ක්‍රමයකට හුරුවීම. අවසානයේදී කොහොම වුනත් අපිට ආපහු මුලට එන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අද මුළු රටම මුළු ලෝකයම මහත් භීතියෙන් වෙලාගෙන තියෙන වසංගත රෝග තත්ත්ව වලට මුහුණදීමට වුණත් හොඳ මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් තියෙන හොඳම විසඳුම තමයි භාවනා ක්‍රම අනුගමනය කරලා මනස සන්සුන් කරගැනීම.