අංග සම්පූර්ණ හිනාවකට අපි කියන්නේ හොලිවුඩ් හිනාවක් එහෙම නැත්තන් hollywood smile එකක් කියලා.හැමෝම මේ වගේ හිනාවකට කැමති වුනත් දන්ත වෛද්‍යවරයෙක් ලඟට ගිහින් දත් සුදු කරගන්න හැමෝටම බැහැ.ඒ නිසයි ගෙදරදීම දත් සුදු කරන ක්‍රම කිහිපයක් ගැන අපි කියා දෙන්න සිතුවේ.

10. අඟුරු.
දත් සුදු කරන්න අඟුරු යොදාගන්න එක ලංකාවේ අපි නම් ඉස්සර ඉඳන් කරන දෙයක්නේ. ඒක ඉතාම පහසුයි,ලාභදායී වගේම ප්‍රතිඵලදායකයි.මේකට යොදාගන්න අඟුරු වලට කියන්නේ Activated charcoal කියලා. මේවා දැන් කඩවල් වල පෙති විදිහට මිලදී ගන්න තියෙනවා. මේ පෙත්තක් ඇඟිලි වලින් පොඩි කරලා හොඳට කුඩු කරගන්න.ඊටපස්සේ වතුරෙන් තෙමාගත් ඔබේ දත් බුරුසුව මේ කුඩු එකේ පොඟවලා සාමාන්‍ය විදිහට දත් මදින්න.

9. කිරිපිටි සහ දත් බෙහෙත්.
අපි බොන්න ගන්න කිරිපිටි කියන්නේ අපේ දත් මුතු වගේ සුදු කරන ගමන් සෞඛ්‍යයවත්ව තියාගන්න උදව් වෙන දෙයක්.ඔබේ දත් බුරුසුවට දත් බෙහෙත් දාලා ඒ උඩින් කිරිපිටි ටිකකුත් දාල සාමාන්‍යයෙන් මදින විදිහට සතියකට වාර 1-2ක් දත් මදින්න.

8. බේකින් සෝඩා සහ දෙහි යුෂ.
ඔබේ දත් බුරුසුව මතට බේකින් සෝඩා ස්වල්පයක් දාලා ඒ මතට දෙහි බිංදු කිහිපයකුත් දාන්න. ඊටපස්සෙ ඒකෙන් දත් මදින්න. ඔබේ දත් බැබලෙන්න පටන් ගනීවි. නමුත් මේ ක්‍රමය සතියකට වරකට වඩා කරන්න එපා.

7. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්.
ඔබේ දත් ඉතාම සංවේදී නම් මේ ක්‍රමය අනුගමනය කරන්න එපා. එහෙම ප්‍රශ්නයක් දත් වල නැත්නම් ඔබ කරන්න ඕනෙ අපි කන් සුද්ද කරන්න යොදාගන්න cotton buds/swabs වලින් එකක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ගිල්ලලා ඒකෙන් දත් පිරිමදින්න විතරයි. නමුත් මේ ක්‍රමය නිතර කරන්න එපා.ඒකෙන් ඔබේ දත් වල එනැමලයට හානි සිදු වෙන්න පුලුවන්.

6. බේකින් පවුඩර් සහ දෙහි යුෂ.
බේකින් පවුඩර් තේ හැන්දක් සහ දෙහි යුෂ තේ හැන්දක් ප්‍රමාණවත් ඔබට විනාඩි 2කින් මේ පුදුමය අත් විඳින්න. මේ ක්‍රමය ඔබේ දත් හොඳින් සුදු කරාවි .නමුත් මේ මිශ්‍රණය විනාඩි 2කට වඩා ඔබේ දත් වල තියාගෙන ඉන්න එපා. විනාඩි 2ක් ඇතුලත මැදලා සෝදා හරින්න. සතියකට වාර 1-2 ප්‍රමාණයක් මේ ක්‍රමය සිදු කිරීම හොඳයි.

5. මුහුඳු ලුණු, දෙහි යුෂ සහ දත් බෙහෙත්.
මුහුඳු ලුණු තේ හැඳි භාගයකට දෙහි බිංදු කිහිපයක් එක්ක දත් බෙහෙත් මිශ්‍ර කරලා ඒ මිශ්‍රණය දත් වල තවරලා මිනිත්තුවක් තියෙන්න හැරලා හොදින් කට සෝදා හරින්න. සතියට වරක් දෙවරක් මේ ක්‍රමය කිරීම ප්‍රමාණවත්.

4. දෙහි යුෂ සහ ජලය
දෙහි යුෂ සහ ජලය සමාන කොටස් මිශ්‍ර කරලා කට සේදීමෙන් දත් සුදු වෙනවා විතරක් නෙවෙයි දත් කුහර වල තියෙන විෂබීජත් නසනවා.මේ ක්‍රමය සුදුසු වෙන්නෙ සතියකට වරක් කිරීමටයි.

3. ඇපල් සයිඩර් විනාකිරි(apple cider vinegar )සහ ජලය.
වතුර වීදුරුවකට ඇපල් සයිඩර් මේස හැඳි භාගයක් මිශ්‍ර කරලා දිනපතා දත් මදින්න කලින් කට සෝදන්න.

2. ස්ට්‍රෝබෙරි.
මේ ක්‍රමය මාසකයට සැරයක් කිරීම ප්‍රමාණවත්. හොඳින් ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩියක් හැන්දකින් හොඳින් පොඩි කරලා ඒ පේස්‍ට් එක බුරුසුවට අරන් කහට පැල්ලම් දත් වලින් ඉවත් වෙනකන් දත් මදින්න.

1. දත් බෙහෙත්,ලුණු, බේකින් සෝඩා සහ දෙහි යුෂ.
දත් බෙහෙත් මේස හැන්දක්,ලුණු සහ බේකින් සෝඩා ස්වල්පයක් බැගින් දෙහි බිංදු 4-5ක් සමග මිශ්‍ර කරලා මේ මිශ්‍රණයෙන් මිනිත්තු 4-5ක් දත් මදින්න.පළමු මැදීමෙන්ම ඔයාලට වෙනසක් බලාගන්න පුලුවන්. මේ ක්‍රමය මාස 2කට වරක් කිරීම ප්‍රමාණවත්.

අවවාදයයි :- මේ සියලු ක්‍රම එකවර අත්හදා බලන්න එපා.ඒ වගේම දත් වල ප්‍රශ්න තියෙනවා නම් මේ ක්‍රම එකක්වත් අත්හදා බලන්න එපා.