බාබා වැන්ගා ගෙන නොදන්න කෙනෙක් අද වෙන කොට ලෝකයේ නෑ. 2020 වසරේ ලෝකය පුරා පැතිර යන උණ වසංගතයක් ගෙන ඇය අනාවැකි පල කලේ මීට වසර ගණනාවකට කලින්. ඒ වගේම ඇය පැවසූ අනාවැකි බොහෝමයක් ඒ ආකාරයෙන්ම හරි ගිහිල්ලා තියෙනවා. ඒ අතර ඇමරිකාවේ 44 වැනි ජනාධිපති ලෙස කළු ජාතිකයෙකු පත් වීම, සෝවියට් දේශයේ කඩා වැටීම, රුසියාවේ පුටිංගේ නායකත්වය , 2004 සුනාමිය, බ්‍රිතාන්‍ය යුරෝපයෙන් වෙන් වීම වගේ ගොඩක් අනාවැකි හරි ගිහින් තියෙනවා. ඒ වගේම එයා මියයන දවස ගෙනත් හරියටම කියලා තියෙනවා.

ඉතින් 2020 ත් භාගයක්ම දැන් ගෙවිලා ඉවරයි. 2020 පස්සෙ අපිට මොනවා වෙයිද? ඒ ගෙනත් බාබා වැන්ගා කියලා තියෙනවා. මේ තියෙන්නේ ඒ කියූ අනාවැකි අතරින් ප්‍රධාන ටික විතරයි.

2020= මහා උණ වසංගතයක්. මේ නිසා විශාල මිනිසුන් සංඛ්‍යාවක් මිය යනවා. ඒ වගේම මහා සාගතයක් ඇති වීමට නියමිතයි.

2023 = පෘතුවියේ කක්ෂය වෙනස් වෙනවා . මෙහි ප්‍රතිඵලයක් ලෙස ගිනිකදු පිපිරීම්, භූමීකම්පා ආදීය සිදු වෙනවා. දේශගුණික විපර්‍යාස ගොඩක් සිද්ද වෙනවා. මේක නිසා අපගේ ලෝකයේ ජීවීන් ගොඩක් විනාශ වෙනවා.

2025-2028 = මිනිසුන් අළුත් ශක්ති ප්‍රභවයක් නිෂ්පාදනය කරනවා.

2033-2045 = අයිස් තට්ටු දියවෙලා ගිහින් මුහුදු ජලමට්ටම වැඩි වෙනවා. ඒක නිසා අපේ ලෝකයේ භූමි ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මුස්ලිම් වරුන් ලෝක ආර්ථිකය අතට ගන්නවා.

2066 = මුළු යුරෝපයම මුස්ලිම් වරු විසින් ආක්‍රමණය කරනවා.

2100= මිනිසුන් විසින් කෘතිම සූර්යෙක් නිෂ්පාදනය කරයි. එය අපගේ ලෝකයේ අදුරු පැත්ත ආලෝකමවත් කරයි. එම නිසා මුළු ලෝකයේම දහවල් කාලය පමණක් පවති.

2130= මේ වන කොට පෘතුවියේ භූමී ප්‍රමාණය අඩුයි. ඒ අයිස් දිය වෙලා මුහුදු ජල මට්ටම වැඩි වෙලා නිසා. ජනගහණය වැඩියි. ඒක නිසා මිනිසාට ජීවත් වීමේ ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා පිටසක්වල ජීවින්ගෙනුත් උදව් අරගෙන මිනිසා මුහුද යට ජනාවාස ඉදි කෙරෙනවා.

2170= පෘතුවියේ මහා නියගයක් පටන් ගන්නවා. ඒක නිසා මුළු ලෝකයම අප්‍රිකාව වගේ වෙනවා

2187= ගිනි කදු පිපිරීම් දෙකක් මිනිසා විසින් නවත්වනවා. ඒකෙන්ම අපිට හිතාගන්න පුළුවන් ලෝකයේ තාක්ෂණික දියුණුව ගෙන
2262= මිනිසා කාලතරණය ජයගන්නවා

2354= නැවතත් මහා නියගයක් හට ගන්නවා . ඒක හටගන්නේ මනුස්සයා විසින් හදපු කෘතිම සූර්‍යයෙකුගෙ අවුලක් නිසා.

2480 = මේ වෙන කොට පෘතුවියට ආලෝකය දෙන කෘතිම සූර්‍යයන් කිහිප දෙනෙකුම සිටිනවා . පෘතුවියේ කෘතිම සූර්යියන් දෙකක් ගැටීලා මහත් විනාශයක් සිදු වෙනවා.

3005= අගහරු මත යුද්ධයක් හට ගනී.

3010= වල්ගා තරුවක් හදේ හැප්පෙනවා. ඒක නිසා විශාල දූවිලි වලාවකින් පෘතුවිය විනාශ වෙනවා.

3797 = පෘතුවිය ජීවයට නුසුදුසු ස්ථානයක් බවට පත් වේ. නමුත් ඒ වන විට මිනිසා අපගේ ලෝකය අතහැර දමා වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකට ජීවත් වීම සදහා යනු ඇත.

4302= මිනිසා මිනිස් ශිෂ්ඨාචාරයේ ඊ ළග පිම්ම තියනවා. ඒ පිටසක්වල ජීවින්ගේ උදව් ඇතිව. සමහර විට පිටසක්වල ජානයි මිනිස් ජානයි එකතු කරලා අළුත් ජීවින් වර්ගයක් හදනවාද දන්නෙ නෑ. ඒ වගේම අනාගතයේදී විශ්වයේ සමහර සීමාවන් මිනිසා විසින් ජයගන්නවා කියලා බාබා වැන්ගා කියලා තියෙනවා. 5079= අපගේ ලෝකය විනාශ වනු ඇත. නමුත් ඒ වන විට මිනිසා වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක හොදින් ජීවත් වේ.