අපගේ රුධිර පද්ධතිය සැබවින්ම සංකීර්ණ බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඔබේ හදවත ගැන සැලකිලිමත් වීම සහ ඔබේ රුධිර වර්ගය දැනගැනීම ඉතාම වැදගත් දෙයක්. අවාසනාවට, අපගේ ශරීරයේ ඇති සියලු හැකියාවන් සහ අරුමපුදුම දේ ගැන බොහෝ අය දන්නේ නැහැ. මේ නිසා රුධිරය ගැන ඔබ, අප නොදත් කරුණු කිහිපයක් මේ ලිපියෙන් අපි කියන්න සිතුවා.

01. වැඩුණු මිනිසෙකුගේ රුධිරය සම්පූර්ණයෙන්ම උරාබීමට මදුරුවන් 1,120,000ක්‌ අවශ්‍ය වේ.

02. සිරුර පුරා රුධිර සංසරණය සඳහා හදවත මගින් ඇතිකරන පීඩනය, එම රුධිර ධාරාව අඩි 30ක්‌ උසට විදීමට ප්‍රමාණවත්.

03. මනුෂ්‍යයෙකුට නාඩි වැටීමකින් තොරව ජීවත්විය හැකිය. 2012 දී වෛද්‍යවරු පිරිසක් විසින් 55 හැවිරිදි ක්‍රේග් ලුවිස්ට නාඩි වැටීමකින් තොරව සිරුරේ රුධිර සංසරණය විය හැකි උපකරණයක් සාර්ථකව ඇතුලත් කරන ලදී.

04. ස්ටෑන් ලාර්කින් දින 555 හදවතක් නොමැතිව ජීවත් විය. ඒ ඔහු හදවත් බද්ධයක් සඳහා හදවතක් ලැබෙන තුරු බලා සිටි බැවිනි. මෙම දින 555 පුරාවට ඔහුගේ හදවත වෙනුවට ඔහුට රුධිරය සංසරණය සඳහා ලබා දී තිබූ යන්ත්‍රයක් ඔහු ඔහුගේ පිටේ එල්ලාගෙන යන බෑගයේ රැගෙන යන ලදී. ඔහුට එය පිටේ එල්ලාගෙන බාස්කට්බෝල් පවා සෙල්ලම් කල හැකි විය.

05. සාමාන්‍ය මිනිසකුගේ දින 25 ක් තුළ සිරුර පුරා සංසරණය වන මුළු රුධිර පරිමාව මධ්‍යම ප්‍රමාණයේ නාන තටාකයක ධාරිතාවයට සමානය.

06. පුද්ගලයෙකුට ඔවුන්ගේ රුධිරයෙන් 40% ක් අහිමි වී තවමත් ජීවතුන් අතර සිටිය හැකිය. නමුත් ඇත්ත වශයෙන්ම, කාලෝචිත රුධිර පාරවිලයනයක් අවශ්‍ය වේ.

07. හෘදයාබාධ වලින් 21%ක්ම ඇති වන්නේ සඳුදා දිනයේ දී බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. එයට හේතුව සතිය ආරම්භයේ දී ඇතිවන අධික ආතතිය බවයි ඔවුන් පවසන්නේ.

08. අපගේ හදවතේ රිද්මය එහෙමත් නැත්නම් හදගැස්ම අපගේ මනෝභාවයට බලපාන බව විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන් එය අධ්‍යනය කරන ලද්දේ අලුතින් හදවතක් බද්ධ කරන ලද පුද්ගලයෙක් මගිනි. හදවත් බද්ධයෙන් පසු ඔහුගේ මනස, හැඟීම්, හැසිරීම් හා ක්‍රියාවන් ඉතා විශාල ලෙස වෙනස් වූ බව ඔවුන් නිරීක්ෂණය කළා.

09. හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුකර ගැනීම සඳහා ඔබ විසින් උදේට කලබලයක් නොමැතිව සෙමින් අවදි විය යුතු බවත්, හවස් වරුවෙන් පසු කරන ව්‍යායාම වලදී බරපතළ ව්‍යායාමවල නොයෙදීමත් කල යුතුයි.

10. පොල්වතුර අපගේ රුධිර ප්ලාස්මාවට හොඳ ආදේශකයක් වෙනවා. ඊට හේතුව රුධිර ප්ලාස්මාව සහ පොල් වතුරේ සංඝටක බොහෝදුරට සමාන වීමයි.

11. ඔබගේ ලේ වර්ගය දික්කසාදයට හේතුවක් විය හැකියි. අධ්‍යයන වලට අනුව අඹු සැමියන්ගේ රුධිර ඝන සහ දික්කසාද ප්‍රතිශතය අතර සම්බන්ධයක් තිබෙනවා. බොහෝ විට ඉතාම ආදරයෙන් සමගියෙන් කල් ගතකරන අඹුසැමියන්ගේ, දෙදෙනාගේම රුධිර ඝනය O වන අතර, දික්කසාද වීම සඳහා වැඩි නැඹුරුවක් දක්වන අයගේ රුධිර ගණ සංයෝග වන්නේ A+AB සහ A+O යන ඒවායි.

12. රුධිර වර්ගය අපගේ සෞඛ්‍යයටද බලපානවා. O වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින් හෘද වාහිනී රෝගවලට පහසුවෙන් ගොදුරු නොවන නමුත් ඔවුන් සමේ පිළිකා හෝ ස්ථුලතාවයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

13. A වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින් ඔවුන්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කිරීටක හෘද රෝග වර්ධනය සඳහා ඔවුන්ට අවදානමක් ඇත.

14. B වර්ගයේ රුධිරය ඇති අයට දියවැඩියාව සහ අග්න්‍යාශයික රෝග ඇති වීම සඳහා වැඩි ඉඩකඩක් ඇත.

15. AB රුධිරය ඇති පුද්ගලයින් ඔවුන්ගේ මතකය හා අවධානය ගැන සැලකිලිමත් විය යුතුය. AB පුද්ගලයන්ගේ සංජානන දුර්වලතා ඇතිවීමේ හැකියාව වෙනත් වර්ගවලට වඩා 82% වැඩි ය.

16. ශක්තිජනක පානයන් හදවත ස්පන්දනය කරන ආකාරය වෙනස් කරනවා. එවන් බීම පානය කිරීමෙන් පසු කෝපි හෝ සෝඩා වැනි අනෙකුත් කැෆේන් සහිත බීම වලට වඩා කැෆේන් ප්‍රමාණය 3 ගුණයකින් වැඩි බව සොයාගෙන ඇත. ඒවා අපගේ හෘද ස්පන්දනයට බලපාන නිසා seizures තත්ව හෝ මරණය පවා අත්විය හැකියි.

17. රුධිර ඝනය අනුව ඇති ආහාර පාලන ක්‍රම පලක් නැති බව පැවසෙනවා.ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් ඔප්පු කර ඇත්තේ පුද්ගලයන්ගේ රුධිර වර්ගය අනුව වෙනස් ආහාර පාලන ක්‍රම තිබීම මිථ්‍යාවක් බවයි.

18. ජපානයේ, එක් එක් රුධිර වර්ගය සඳහා විශේෂ භාණ්ඩ කර්මාන්තයක් ඇත: ආහාර, රූපලාවණ්‍ය නිෂ්පාදන සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන එම කර්මාන්තය තුලින් වෙන වෙනම නිපදවෙනවා.

19. මලල ක්‍රීඩා කාර්ය හැකියාවන් කෙනෙකුගේ රුධිර වර්ගය මත රඳා පවතිනවා. 2017 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ O වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින්ට වෙනත් වර්ගවලට වඩා හොඳ ශක්තියක් හා දරා ගැනීමක් ඇති බවයි. ප්‍රභූ වෝටර් පෝලෝ ක්‍රීඩකයන් අතර, විද්‍යාඥයන් විසින් AB වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින් සොයාගෙන නොමැත. නමුත් O වර්ගයේ රුධිරය වාසි සහගත ලෙස ක්‍රියා කරන්නේ පුද්ගලයෙකු නිතිපතා ව්‍යායාම වල යෙදෙන්නේ නම් පමණි.

20. අපගේ චරිතය අපගේ රුධිර වර්ගය මත රඳා පවතිනවා. කෙනෙකුගේ චරිතය සහ ඔවුන්ගේ රුධිර වර්ග අතර සම්බන්ධයක් විද්‍යාඥයන් සොයාගෙන ඇත. ජපානයේ, මිනිසුන් විශ්වාස කරන්නේ රුධිර වර්ග මිනිසුන්ගේ පෞරුෂත්වයේ ගති ලක්ෂණ සහ රැකියාවේ සහ පෞද්ගලික සම්බන්ධතාවල සාර්ථකත්වයට බලපෑම් කරන බවයි.