අපි හැමෝම දිනපතා ටූත් පේස්ට් භාවිතා කරනවා. නමුත් ඔබ නොදන්නවා වෙන්න පුළුවන් දත් සුදු කරගැනීමට අමතරව දත් බෙහෙත් මගින් කරගැනීමට හැකියාව තිබෙන බොහොමයක් ප්‍රයෝජනවත් කාර්යයන් පිලිබදව. අපි අද බලාපොරොත්තු වෙන්නේ දත් සුදු කරගැනීමට අමතරව ටූත් පේස්ට් මගින් කරගැනීමට හැකියාව තිබෙනවා එවැනි සුවිශේෂී වූ කාර්යයන් කිහිපයක් පිලිබදව ඔබව දැනුවත් කිරීමටයි.

පැල්ලම් ඉවත් කරගැනීම-ඔබේ වටිනා ඇදුම් වල තැවරී තිබෙන පහසුවෙන් ඉවත් කිරීමට නොහැකි පැල්ලම් පවා ඉතාමත් පහසුවෙන්ම ඉවත් කිරීමට හැකියාව තිබෙනවා දත්බෙහෙත් මගින්. පැල්ලම ඇති තැනට දත්බෙහෙත් ස්වල්පයක් දමා තදින් අතුල්ලා සෝදා හරින්න. නමුත් පාට ඇදුම් සදහා නම් දත්බෙහෙත් භාවිතා කරන්න යන්න එපා.

සංයුක්ත තැටි වල ඇති සීරීම් ඉවත් කරගැනීම-සංයුක්ත තැටි වල ඇතිවී තිබෙන සුළු සීරීම් හා පැල්ලම් දත් බෙහෙත් භාවිතා කරමින් මකා දැමීමට හැකියාව තිබෙනවා. අදාල ස්ථානයේ දත් බෙහෙත් ස්වල්පයක් තවරා සංයුක්ත තැටියේ මැද සිට පිටට සෙමින් පිසදමන්න. මෙහිදී කපු හෝ මයික්‍රෝෆයිබර් රෙදි කඩක් භාවිතා කිරීමට මතක තබා ගන්න.

දෑත් පිරිසිදු කරගැනීමට-ඔබේ අත්වල තැවරී තිබෙන මාළු පිලී සහ ලූණු වැනි වැනි ගන්ධයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සබන් වලට හැකියාවක් නැහැ. නමුත් දත්බෙහෙත් ස්වල්පයක් දෑතෙහි තවරා සෝදා හැරීමෙන් එම ගන්ධයන් ක්ෂණිකව සම්පුර්ණයෙන්ම ඉවත් කරගැනීමට හැකියාව තිබෙනවා. සමාන්‍ය සබන් භාවිතා කරන ආකාරයට දත්බෙහෙත් ස්වල්පයක් දෑතෙහි තවරා හොදින් අතුල්ලා සෝදා හරින්න.

ජංගම දුරකථනයන හී තිරය සාදා ගැනීම-ඔබ කොපමණ පරිස්සමින් ඔබේ ජංගම දුරකථනය භාවිතා කරත් එහි තිරයේ සුළු සීරීම් ඇති වෙන්නට පුළුවන්. එවැනි සීරීම් ඉවත් කරගැනීමටද දත්බෙහෙත් භාවිතා කිරීමට හැකියාව තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. කොටන් රෙදි කැබැල්ලක දත් බෙහෙත් ස්වල්පයක් තවරා අදාල ස්ථානයන් හී අතුල්ලා නැවත පිරිසිදු රෙදි කැබැල්ලකින් එය පිහිදා දමන්න.

රත්‍රන් සහ දියමන්ති ඔප දැමීම-​බේ ආභරණයන් ඔපවත් කරගැනීමට දත්බෙහෙත් තරම් පිරිසිදු කාරකයක් නොමැති තරම්. මෘදු කෙදි ඇති බුරසුවක දත්බෙහෙත් තවරා දුර්වර්ණ වී තිබෙන ආභරණයන් හොදින් අතුල්ලන්න, ඉන්පසුව පිරිසිදු වතුරෙන් සෝදා හැර රෙදි කැබැල්ලක් මගින් ඔප දැමීම සිදු කරගන්න. ඉන් ලැබී තිබෙන දීප්තිමත් භාවය පිලිබදව ඔබ පුදුමයට පත් වෙනවා නොඅනු මානයි.

මීට අමතරව දත්බෙහෙත් මගින් කරගැනීමට හැකියාව තිබෙන බොහොමයක් ප්‍රයෝජනවත් දෑ තිබෙනවා. රිදී ඔපදැමීම, සින්ක් ඔපවත් කරගැනීම, වාහනයන් වල ප්‍රධාන ලාම්පු කවරයන් පනපෙවීම වැනි දෑ හදුන්වන්න පුළුවන්.

ඇලුමීනියම් කරාමය අපිරිසිදු වෙලාද? අපිරිසිදු ටැප්එක පිරිසිදු කිරීමට ටූත්පේස්ට් ස්වල්පයක් ස්පොන්ජ් කැබැල්ලකට ගෙන එයින් සින් එක දේන් අතුල්ලා සෝදා දමන්න.

වාහනයේ ඉදිරිපස ලාම්පු දුර්වර්ණද? වාහනයේ හෙඩ් ලයිට්ස් අවපැහැ ගැන්වී ඇත්නම් ටුත්පේස්ට් ස්වල්පයක් වියළ් රෙදි කැබැල්ලකට ගෙන එයින් වීදුරුව පිස දමන්න.

රෙදි මදින්න ගිහින් විදුලි ඉස්ත්‍රික්කය පිච්චිලා අවපැහැ ගැන්විලාද? විදුලි ස්ත්‍රික්කය පිච්චී අවපැහැ ගැන්වී ඇත්නම් ටූත්පේස්ට් අලේප කර එය වියළි ස්පොන්ජ් කැබැල්ලකින් අතුල්ලා පිස දමන්න.

මාලු කපල අත් දෙක පිළී ගදද? සබන් දාලා හේදුවත් ගද යන්නැද්ද?මාලු කැපූ පසු අත්ලෙන් ඉවත් නොවන පිළීගද නැත් කරගැනීමට අතට ටූත්පේස්ට් ස්වල්පයක් දමා ජලයෙන් සෝදාරින්න.

රීදී ආභරණ කළු වෙලාද?රීදි ආභරණ අවපැහැ ගැන්ව ඇත්නම් ඒවා යථා තත්ත්වයට ගැනීමට ටූත්පේස්ට් දමා බුරුසුවක් ආධාරයෙන් හොදින් අතුල්ලා සොද් දමන්න.

නියපොතු ලස්සනට නීරෝගීව තියාගන්න මෙහෙම කරන්න..ටූත්පේස්ට් ආධාරයෙන් නියපොතු පිරිසිදු කිරීම මගින් නියපොත් අවපැහැය දුරලා ඉකමනින් වර්ධනය කරගත හැක

වතුර බොන භාජන පිරිසිදු කරන්න පුළුවන්ප්ලා.ස්ටික් බෝතල් හා උණුවතුර බෝතල් නැවත භාවිතා කිරීමට සමහරු අකමැත්තක් දක්වනවා. නමුත් සාමාන්යේන් අපි කරන්නේ වතුර බෝතලේ හෝදන එකනේ. නමුත් එක සාර්ථක නැ. විෂබීජ විනාස වෙන් නැ. නමුත් දත් බේත් වලට ඒ කාර්ය පුළුවනි.කරන්නේ තියෙන්නේ දත්ඛෙත් ටිකක් පහත ආකාරයට ගෙන ඔබේ බෝතලය පිරිසිදු කරගැනීමයි.

සපත්තු ඔප දමන්න පුළුවනි.කළු හෝ සුදු පාට සපත්තු ව්ලාට නිතරම විවිධ පල්ලම් ඇති වෙනවා. නමුත් දත් බේත් මගින් එක ඉවත් කිරීමට හැකියාවක් තියෙනවා.

ඇණ මගින් ඇති වූ සිදුරු වසන්නට පුළුවන්.අපි බිත්ති වලට ඇණගහව විවිධ දේවල් සදහා නමුත් ඊට පස්සේ ඒවගේ සිදුරු ඇති එවනවා ඒවා වැසීමට දත් බේත් භාවිතා කල හැකිය

විදුරු පිස්නයක් ලෙසද භාවිතා කල හැකිය.සාමාන්යෙන් විදුරු සහිත දොරවල වල විවිධ කුණු වර්ග රැස්වන ඉඩ කල වැඩි.එතකොට වීදුරුවේ තුබූ සැබෑ ස්වභාවය නැති වෙනවා නමුත් දත් බේත් භාවිතා කරලා එකත් විසදගන්න පුළුවනි.