‘අධ්‍යාත්මය’ ටිකක් ගැඹුරු මාතෘකාවක්.නමුත් මිනිසුන් ලෙස අපිට සිතේ සැනසීම තියෙන්න නම් අධ්‍යාත්මික ජීවිතයත් වැදගත් වෙනවා.මොකද අපි හැමවෙලේම ඉන්නේ සතුටින්වත් දුකින්වත් නෙමෙයි.දුක සතුට දෙක මාරුවෙන් මාරුවට අපිව හොයාගෙන එනකොට ඒ ඒ වෙලාවට අනුව අපි අපේ හැඟීම් පාලනය කරගන්න පුරුදු වෙන්න ඕනේ.මෙහෙම අවස්ථා වලදී අපිට අපේ හිත සනසගන්න නම් හැමවෙලේම අපි අනුගමනය කරන නීති රීති,ප්‍රතිපත්ති වලටම යටත් වෙලා බෑ.ආගමට දහමට අපේ තියෙන ලැදියාව,දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාදය ආදී අධ්‍යාත්මික හේතු සාධක මෙවැනි වෙලාවට අපිට අපේ සිත පාලනය කරගන්න උපකාරී වෙනවා.අන්න ඒ නිසයි අපි අද මෙම සරල පරීක්ෂණය ඔබ වෙත ගෙන එන්නේ.මේ අතරෙන් ඔබ කැමතිම මැජික් බෝලය තෝරාගෙන ඒ ඇසුරින් ඔබ වෙත ලබා දෙන අධ්‍යාත්මික උපදේශය කුමක්දැයි කියා සොයාගන්න උත්සහ කරන්න.

මැජික් බෝලය අංක 1 ඔබ තෝරාගත්තේ මෙම මැජික් බෝලයද? එසේ නම් ඔබ පැය 24න් වැඩි හරියක් ගත කරන්නේ නිවස තුලමය.හිරු එලිය වාතාශ්‍රය වැදීමටවත් ඔබ පිටතට යන්නේ කලාතුරකිනි.ඔබට මෙය නිදහස් සේ දැනුනද ඔබ මෙම ජීවිතයට ප්‍රිය කලද ඔබට එළිමහනේ වැඩි කාලයක් ගත කිරීමට හැකි නම් මීට වඩා යහපත්ය.නැවුම් හිරු කිරණ,නැවුම් වාතාශ්‍රය ඔබගේ දිවියට නැවුම් බලාපොරොත්තුවක් එක් කරනු ඔබට ලැබෙන අධ්‍යාත්මික උපදේශය වන්නේ මෙයයි.ඔබ අවම වශයෙන් මිනිත්තු 20ක්වත් පිටත ගත කිරීමට උත්සහ කරන්න.නැවුම් හිරු කිරණ,සොබාදහමේ අසිරිය විඳීමට ඔබ පිටතට යා යුතුමය.එම සුවය ඔබේ ශරීරයට මෙන්ම විශේෂයෙන්ම මනසට ද අවශ්‍යය වේ.එනිසා වෙලාව කළමනාකරණය කරගෙන පරිසරයේ නැවුම් බව විඳින්නට ප්‍රබෝධමත් වෙන්නට සිතට ගන්න.එය ඔබව පුබුදුවාලනු ඇත.

 

මැජික් බෝලය අංක 2 ඔබ වෙත ගෙන එන උපදේශය වන්නේ ඔබ ස්වාධින විය යුතු බවයි.එනම් ඔබට විටෙක මුළු ලෝකයම ඔබ සමඟ නොවන බවක් දැනෙයි.එනමුත් ඔබට පැහැදිලිව යමක් තෝරා බේරා ගෙන තේරුම් ගැනීමේ හැකියාව ඇත. සැමවිටම ඔබ නිවැරදි බව නොසිතන්න.නමුත් බොහෝ විට ඔබ නිවැරදිය.එසේ වුවද ඔබ දරන මතවාදයන් සමඟ අනික් අය එරෙහි වන්නට ඉඩ ඇත.දෙපාර්ශවය අතර විරුද්ධ මතවාද ඇති වෙන්නට හැක.නමුත් ඔබගේ දැනුම් සම්භාරය ,අත්දැකීම් විශිෂ්ඨ බැවින් ඔබ ප්‍රථමයෙන් ඔබවම විශ්වාස කල යුතුය.අනතුරුව ඔබගේ අභ්‍යන්තරයෙන්ම ධනාත්මක ආකල්ප ඇති කරගෙන විශ්වාසයෙන් යුතුව ඔබේ ඉලක්කයන් කෙරෙහි අවධානය යොමු කරන්න.එවිට ඔබේ සාර්ථකත්වය ළඟා කරගත හැකිය.

මැජික් බෝලය අංක 3 ඔබට ලබා දෙන අධ්‍යාත්මික උපදේශය වන්නේ ඔබ ඔබේ ගැටළු වලට පිළිතුරු සොයා ගැනීමේදී ඒ පිළිබඳව අවබෝධයක් ඇති අයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතු බවයි.මන්ද විටෙක ඔබ ඔබේ ගැටළු අභියස අතරමන් වන ස්වභාවයක් ඇත.එවිට ඔබ තීන්දු තීරණ ගත්තද ඒවා එතරම් ඵල නොදරනු ඇත.ඔබට ඇති අනවබෝධය ,අත්දැකීම් අඩු බව ආදිය මිට හේතු විය හැකිය.නමුත් ඔබ අදක්ෂයෙකු බව මින් අදහස් නොවේ.විය යුත්තේ ඔබට වැඩිහිටි අවවාද උපදෙස් අවශ්‍ය වීමයි. මගපෙන්වීමක් ලැබුණු විට වඩාත් සාර්ථකව ඔබේ ජීවිතයේ අභියෝග වලට මුහුණ දී ජය ලබා ගැනීමට හැකි වේ.එනිසා තමන් ගැන විශ්වාසය ඇති කරගන්න ගමන්ම ඔබේ අවශ්‍යතාවන් සඳහා නිවැරදි ගැනීමට උත්සහ කරන්න.

ඔබ තෝරා ගත් මැජික් බෝලයට අනුව ඔබ වෙනුවෙන් යම් අධ්‍යාත්මික උපදේශයක් ලැබෙන්නට ඇති.මිනිසුන් හැමදේම දෛවයට අනුව සිදු වීමට ඉඩ දී බලා සිටිය යුතු නැත.අපේම උත්සාහයෙන් අපේ ඉරණම වෙනස් කර ගැනීමට අපි උත්සහ කල යුතුයි.නමුත් අපි කෙතරම් වෙර දරුවත් අපේ මනස දුර්වලයි නම් අපිට අපි සිතනා ඉලක්කයට ළඟා වීමට නොහැකි වේ.එනිසා එවන් අවස්ථා වලදී ඔබේ ජීවිතයට සුවය,සැනසීම ළඟා කර ගැනීමට හිත සැහැල්ලු කරගෙන ජීවිතය යලි ගොඩ නගා ගැනීමට ඔබට අධ්‍යාත්මික ශක්තිය,පිහිට අවශ්‍ය වේ.එනිසා සැමවිටම ඉරණමට ඉඩ දී බලා නොසිට අභියෝග හමුවේ පලා නොයා ඒවා ජය ගැනීමට බිඳ වැටෙන ඔබේ මනස යලි ශක්තිමත් කර ගැනීමට මෙම අධ්‍යාත්මික උපදේශයන් ඔබේ ජීවිතයට එක කරගන්න.එවිට ඔබේ ජීවිතය වඩාත් පහසු වෙනු ඇත.