රෝසියේසිස් කුලයට අයත් වන රෝස මල් විවිධ වර්ණයෙන්, හැඩයෙන්, ප්‍රමාණයෙන් හා වෙනස් වෙනස් සුවඳින් යුක්තය. රෝස මල් වර්ග පනහක් හැටක් අතර ප්‍රමාණයක් දැනට ලොව ඇති අතර, ඒ අතර,

  • හයිබ්‍රීට් රෝස
  • කුරු රෝස
  • වැල් රෝස
  • පඳුරු රෝස

දැනට ලංකාවේ බොහෝ මල් වගාකරුවන් ආදායම් ලබන රෝස වර්ග වේ. නුවරඑළිය , බදුල්ල , බණ්ඩාරවෙල, හැටන්, මහනුවර යන කඳුකර ප්‍රදේශයන් ආශ්‍රිත දේශගුණය මත වැඩි ලෙස රෝස මල් වගාවන් පවත්වා ගෙන යති. විදේශීය විනිමයක් ලෙසට හා ස්වයං ව්‍යාපාර අවස්ථාවක් ලෙසට රෝස මල් වගා කරන වගාකරුවන් එහිදී දැනගෙන සිටිය යුතු මූලික කරුණු කිහිපයක් අද ඔබට කියන්න කල්පනා කරා. එහෙනම් ආදායමක් ලෙසට රෝස මල් වගා කරන ඔබත් මේ දේවලුත් සිහියට අරගෙන තවත් සාර්ථක ලෙස ඔබේ වගා කටයුතු පවත්වා ගෙන යන්න වගබලා ගන්න.

අලංකාරය පිණිස මෙන්ම අලේවිය පිණිස වවන මල් අතර ප්‍රමුඛ තැනක් හිමිවන මල් වර්ගයකි රෝස. රෝස වලට ඇති වැඩි කැමැත්ත නිසා මල් පැල ගෙනත් සිට වුවද ටික දවසක් යන විට මල් පැලය සරු වට නොවැඩිම, මල් හට නොගනිම ,නොයෙකුත් රෝග වැළදිම නිසා වැනි කරුණු නිසා රෝස පැල වගාව ආසාර්ථක වෙයි.නමුත් ඔබ රෝස පැලයක් නිවැරදිව සාදාගන්නෙ කෙසෙද යන්න ගැන දැණුමක් තිබුණානම් ඉහත ගැටළු වලට විසදුම් සොයා ගැනිම පහසු වන අතර සාර්ථකව රෝස පැල නිරෝගිව පවත්වාගත හැකියි.ඒ සදහා පහත දේ ගැන අවධානය යොමුකරන්න..

සීත දේශගුණයක් සහිත වීම රෝස වගාවට බෙහෙවින් වැදගත් වෙනවා. මොකද රෝස ශාකය නිරන්තරයෙන් රෝගයන්ට ගොදුරු වන නිසා තෙත පස රෝස වගාවට සරිලනවා. මේ නිසා වැඩි කාලයක් පර නොවී රෝස මල් තියා ගන්නත් පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි සීත දේශගුණය එක්ක තෙත පසේ වගා කරන රෝස ශාක වල මල් වැඩි ප්‍රමාණයක් හට ගැනීමේ ප්‍රවණතාවත් ඉහලයි.

ඇතැම් රෝස වර්ග වල හානියට හේතු වන්නෙ පස. මොකද පස තුල සිටින සත්තු⁣න්ගෙන් ශාකයට වන හානිය වගේම පසේ තත්වයත් ශාකයේ හානියට බලපානවා. ඒ නිසා රෝස වගාවෙදි පොහොර යෙදීම, පස සකස් කිරීම වැනි හේතුන් මූලික වෙනවා.රෝස වගාවේදි පස හඳුනා ගැනීම බෙහෙවින් වැදගත් වෙන්නෙ ඒ නිසයි. නිතරම රෝස වගාවේදි ජලය හොඳින් ඔරොත්තු දෙන ජලය රදා පවතින පසක් වගාවට යොදා ගැනීම යෝග්‍ය වෙනවා. මොකද රෝස වගාවේදි ජලය කියන්නෙ මුලිකම සාධකයක්.

මැටි පස රෝස වගාවට සුදුසුයි වගේම පාත්ති සකස් කර සාදා ගත් පසත් රෝස වගාවට යෝග්‍යයි. හැබැයි පාත්ති සකස් කරද්දි ඔබ පාත්ති වලට මැටි, කොහුබත් වගේ ඒවත් එකතු කරන්න මොකද ජලය රදා පැවැත්ම නොවෙනස්ව තිබීම රෝස වගාවට වැදගත්.හුණු හා වැලි පස නම් රෝස වගාවට සුදුසු නෑ. නමුත් එම පස වගාවට සරිලන ආකාරයෙන් පාත්ති ලෙස සකස්කර ගැනීමට ඔබට පුළුවන්. ⁣පස කොටා පොහොර එක් කර ගොම, කොම්පෝස්ට් වැනි දෑ සුදුසු පරිදි යොදා ගනිමින් පාත්ති සකස් කර රෝස පැළ වගා කරන්න ඔබට පුළුවන්.

ඔබ සිටවිම සදහා ගෙන එක රෝස පැළය සිටවිමට පෙර ඔබ පාත්තියක් සකසා පැළ සිටුවන්නෙ නම් මෙහිදි පාත්තිය සකසා ගැනිම ඔබ වැවිමට තිරිණය කරන රෝස වර්ගය අනුව තිරණයක වෙයි.ඒ අනුව පැළ ප්‍රමාණය අනුව හයිබ්‍රට් ට්‍රී රෝස සදහා ,පැළ දෙකක් අතර පරතරය අඩි03 සිටිනසේ පාත්තිය සකසා ගත යුතුයි.

ඔබ තෝරාගත් රෝස පැළ කුරු රෝස නම් එවා මිටි නිසා රෝස ගස් දෙකක් අතර පරතරය අඩියක් විය යුතුය.නැත්නම් ඔබ වැල් රෝස වගා කිරිමට තිරණය කර ඇත්නම් ගස් දෙකක් අතර පරතරය අඩි 10ක් සිටිනසේ පාත්තිය සකසා ගන්න.

මිට අමතරව පොළව මත රෝස පැලයක් සිටුවන විට අඩි 1 1/2 සහ 2 ප්‍රමණයේ වලක් සැදිය යුතු අතර පස් වගා භූමියෙන් මදක් ඉහලට වනසේ පස් ගොඩකර ජලය බැසයන සේ සැකසිය යුතුයි.
රෝස පැලයක් පොච්චියක සිටුවනවානම් මේහිදි ප්‍රමාණයෙන් විශාල පොච්චියක් තෝරාගැනිමට සැළකිලිමත් වන්න. ඊට අමතරව මැටිවලින් නිමවු පොච්චියක් නම් එය වඩාත් උචිත වේ.පොච්චියක පැලයක් සිටවු පසු දින 10ක් පමණ යනතුරු සේවන ලැබෙන සේ තබා, ජලයද දමන්න.

පැළ ලබා ගැනීමේදී අතු බැදීම, අතු කපා සිටුවීම, පැළ බද්ධ කිරීම , හෝමෝන කිරීම , බීජ මගින් බෝකර ගැනීම වැනි ක්‍රම මගින් පැළ ලබාගත හැකි අතර මෙම ක්‍රම මගින් ලබා ගන්නා පැළ වෙන් වෙන්ව පාත්ති වල සිටවිය යුතුය.

ඔබ පාත්ති වල හෝ ගෙවත්තේ ලස්සනට රෝස වගා කළද රෝස පැළ සිටුවීමේ පරතරය අඩි 03ක් හෝ 04ක් විය යුතුය. උසට වැවෙන වැල් රෝස ශාක ගස් දෙක අතර අවම අඩි 07ක් වත් පරතරයක් තිබිය යුතුය.එමෙන්ම රෝස පැල සිටුවා මුල් දින දහය සෙවණ ලැබෙන සේ පැළ තැබිය යුතුය. දිනකට දෙවරක් වත් වතුර එක් කළ යුතු අතර පැල සිටුවා මාස හයක් යන තෙක් එම පැල වලින් පැල ලබා ගැනීම නොකළ යුතුය.

ඔබ රෝස පාත්තියක වගා කිරිමෙදි වගා මාධ්‍ය ලෙස පස් කොටස් 1,කොළ පොහොර කොටස් 1,හොඳින් දිරා ගිය ගොම කොටස් 1/2,වැලි කොටස් 1/2,ලෙස තෝරාගත යුතුයි.

රෝස පැළයක් පොච්චියක සිටුවනවානම්:මේ සදහා වගා මාධ්‍ය ලෙස,ලොම් පස් කොටස් 1
කොළ කොටස් 1/3,දිරූ ගොම කොටස් 1/2,වැලි කොටස් 1/3,දැව අළු කොටස් 1/6 ලෙසයි.ඊට අමතරව පොච්චිය පතුලේ සිදුරු කර ඒ මත වක්‍ර උළු කැට තබාඒ මත බොරළු තට්ටුවක් අතුරන්න.ඊට ඉහලින් වියලි කොළ තට්ටුවක් අතුරා ඉහත සාදාගත් වගා මිශ්‍රණයෙන් පොච්චිය පුරවා පැළය සිටුවන්න.

පොහොර රෝස ශාකයට වැඩිපුර පොටෑසියම් අඩංගු පොහොර යෙදීම තුලින් මල් හට ගැනීම ක්‍රියාකාරී වේ. සති දෙකෙන් දෙකට වගාවන්ට පොහොර එක් කළ යුතු අතර කෘමි සතුන්ගෙන් පැළ ආරක්ෂා කර ගැනීමට පලිබෝධ නාශක එක් කල හැකිය.

කළුපුල්ලි රෝගය – රෝස ගසට වැළදෙන ප්‍රධාන රෝග අතරින් කළුපුල්ලි රෝගය වැදගත්ය. මෙම අවස්ථාවේදි පත්‍ර කහ පාටවිම , කළු පුල්ලි ඇතිවීම ,රෝග ලක්ෂණ වන අතර වර්ෂාවත් සමග රෝගය පැතිර යයි.මේ සදහා පීළියම් ලෙස ප්‍රොපීනොබ් ,අඩංගු දිලීර නාශකයක් හෝ බීනොවිල් අඩංගු නාශකයක් යෙදීමෙන් එය පාලනය කරගත හැකියිපසු මැරිමේ තත්වය – මෙහිදි මුල සිට ඉහලට කළුපාට වන අතර තෙතමනය අධිකවිම නිසා සිදුවේ.මලෙස කළුපැහැ ගැන්වු අතු කපා ඉවත් කිරීම වඩාත් සුදුසුයි.

සුදු පුස් රෝගය – මෙම තත්වයේදි ළපටි පත්‍ර අතු හා පිපීගෙන එන පොහොට්ටුවල කළු පුල්ලි සළකුණු දැකිය හැකි අතර පසුව ක්‍රමයෙන් මෙය කහ පැහැයට හැරෙනු දැකිය හැකියි.මේ සදහා බිනොමල් අඩංගු රසායනයක් යෙදීමෙන් මර්දනය කලහැකි වේ. කූඹින්ගෙන් සිදුවන හානි සදහා – කූඹින්ගෙන් ද රෝස වගාවට හානි සිදුවන බව ඔබ දන්නවාද මෙහිදි කූඹීන් විසින් කොළවල යුෂ උරා බීම නිසා ගස් ඉතා ඉක්මනින් විනාශ වේ.මේ සදහා ගසට උරා ගන්නා පළිබෝධයක් ඉසීම මගින් මර්දනය කල හැකි වේ.

පිටි මකුණා – මෙම තත්වය යටතේදි මෙම කෘමියා පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බොන අතර සුදු පැහැති පවුඩර් විශේෂයක් ලෙස මෙය දැකගත හැකියි. පළිබෝධයක් යෙදීම මගින් පාලනය කළ හැකිය.කොරපොතු කෘමියා – මේ කෘමියා පරණ අතු මත හා මුල් මත ජීවත් වෙමින් රෝස පැළය විනාශ කිරිමට කටයුතු කරයි.මේ සදහා සාමාන්‍යය පළිබෝධ නාශකයක් යෙදීමෙන් මර්දනය කල හැකි වේ.මීට අමතරව කුරුමිණියන් ,කුඩා පණු විශේෂ ,දළඹුවන් ,යුෂ උරාබොන කෘමීන්,මයිටයින් මර්දනය සදහා කෘමිනාශක යොදා පාලනය කල හැකිය.