සෑම දිනකම නින්දට යනවිට අපිට කොට්ටයක් අවශ්‍ය වෙනවා. එමනිසා නිවැරදි කොට්ටයක් තෝරා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඔයා දන්නවාද? ඔයා භාවිතා කරන කොට්ටය වගේම එය රැකබලා ගන්නා ආකාරයත් ඔයාගේ නින්දේ ගුණාත්මක භාවයට සහ සමස්ත සෞඛ්‍යයට බලපාන බව. නිදසුනක් වශයෙන් කුරුලෑ වලින් මිදීමට ඔයාට නොහැකි වීමට හේතුව ඔයාගේ කොට්ටය විය හැක.
අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන කොට්ටය අපේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බැවින් ඒවා ගැන වැඩි විස්තර දැන ගැනීමට කාලය ගැනීම වටී යැයි අපි සිතනවා.

1. බෙල්ලේ වේදනාවක් ඇති විය හැක.

ඔයා නිදාගෙන සිටින විට මෙන් දිගු වේලාවක් හිස නමාගෙන සිටින විට වේදනාවක් ඇති කරයි. ඔයා නිදාගන්න ස්ථානය අනුව කොට්ටය කෙතරම් දැඩිද යන්න වැදගත් වෙනවා. මන්ද එය වඩා මෘදු හෝ ඝන නම් එමගින් බෙල්ලේ වේදනාවක් ඇති විය හැක.
නිදසුනක් වශයෙන්, ඔයා නිදාගන්නා පැත්ත අනුව බෙල්ලට ආධාරයක් සැපයීම සදහා ශක්තිමත් කොට්ටයක් තෝරාගත යුතුයි. එවිට එය එක පැත්තකට වන්නට වැඩිපුර නැමෙන්නේ නැත. ඔයා නිදා ගන්නේ මුනින් අතට නම් මෘදු කොට්ටයක් තෝරා ගැනීම වඩා හොදයි. එසේ නොවූ විට කොට්ටය හිසට පිටුපසට වන්නට තල්ලු වී බෙල්ලේ වක්‍රයක් නිර්මාණය වෙනවා. ඔයා නිදා ගන්නේ කෙලින් නම් ඝන කොට්ටයක් වඩා හොද තේරීමක් විය නොහැක. එලෙස ඝන කොට්ටයක් තෝරාගත් විට එය ඔයාගේ බෙලලෙන් බොහෝ දුරට තල්ලු වී අස්ථානගතවීමක් විය හැක.

2. පිටුපස වේදනාව ඇති විය හැක.

ඔයාගේ කොට්ටය හිස, බෙල්ල සහ උරහිස් වලට ආධාර කරන ආකාරය අනුව පිටුපසට පෙදෙසට බලපෑම් ඇති කළ හැක. නින්දේදී නුසුදුසු ලෙස කොදුඇට පෙළගැස්වීම මගින් පිටුපස වේදනාව තවත් උග්‍ර විය හැක.නිදසුනක් වශයෙන්, ඔයා නිදා ගන්නේ මුනින් අතට නම් පැතලි කොට්ටයක් තිබීම වඩා හොඳයි. එසේ නොමැති වූ විට පහළ පිටුපස කොටසට අපහසුතාවයක් ඇති විය හැක. ඔයා පැත්තකට වන්නට නිදා ගන්නා කෙනෙක්නම් බෙල්ල සහ කොඳු ඇට පෙළ එක පේළියක තබා ගැනීමට ප්‍රමාණවත් තරම් ඉහළ කොට්ටයක් තිබීම වැදගත් වෙනවා. ඔයා නිදා ගන්නේ කෙලින් නම් බෙල්ලේ ස්වාභාවික වක්‍රයට සහාය වන කොට්ටයක් තෝරා ගත යුතුයි.

3. හිසරදය ඇතිවීමට පටන් ගත හැක.

වැරදි ආකාරයට කොට්ටයක් මත නිදා ගැනීමද හිසරදයට හේතු විය හැක. ඔයාගේ කොට්ටය නිසි සහයක් ලබා නොදෙන්නේ නම් නිදා සිටියදී ඔයාගේ බෙල්ල එකම අපහසු ස්ථානයක රැඳී තිබිය හැක. එමඟින් බෙල්ල වෙහෙසට පත් විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස හිසරදයක් ඇති විය හැක.

4. අසාත්මිකතා ඇති විය හැක.

ඔයාට නිදාගැනීමේ අපහසුතා, ඇස් කැසීම, හිසරදය හෝ කිවිසුම් යාමෙන් දිවා කාලයේදී වෙහෙසට පත් වී සිටිනවා නම් කොට්ටය වෙත අවධානය යොමු කිරීමට වැදගත් විය හැක. අසාත්මිකතා ඇතිවීම වළක්වා ගැනීමට නම් ඔයා එය නිතරම සේදිය යුතු වෙනවා. මෙයට හේතුව වන්නේ බොහෝ අසාත්මිකතා වලට හේතුව වන දූවිලියි. වෙනත් රෝග ලක්ෂණ ලෙස ඇදුම, දද සහ සයිනස් ගැටළුද ඇතුළත් විය හැක.

5. නින්ද අහිමි වීමට පටන් ගත හැක.

රාත්‍රියේදී ඔයාට ඇතිවන අසාත්මිකතා හෝ බෙල්ලේ වේදනාව නුසුදුසු කොට්ටයක් නිසා ප්‍රමාණවත් ගුණාත්මක නින්දක් නොලැබීමට හේතුව විය හැක. ඒ කියන්නේ ඔයාගේ ශරීරයට නැවත ආරෝපණය කිරීමට ප්‍රමාණවත් කාලයක් නැහැ. නින්ද නොලැබීම මගින් සිතීමේ හැකියාවට බලපෑම් කළ හැකි නිසා දියවැඩියාව, තරබාරුකම සහ අධි රුධිර පීඩනය වැනි අවදානම් තත්ව වැඩි වීමට හේතු විය හැක.

6. සමේ ගැටළු ඇති විය හැක.

ඔයා නිදා ගන්නේ මුනින් අතට හෝ පැත්තකට වන්නට නම් ඔයාගේ මුහුණ කොට්ටය සමඟ සම්බන්ධ වෙනවා. එමගින් ඔයාගේ මුහුණේ ඇති සියලුම බැක්ටීරියා, අපිරිසිදු තෙල් කොට්ටය මත ඇතිල්ලෙනවා. මේ හේතුව නිසා ඔයාගේ මුහුණේ කුරුලෑ ඇති වෙන්න පුළුවන්.
ඔයාට මෙම ගැටළුව විසඳා ගත හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. ඔයාට ඔයාගේ කොට්ටය සෑම දිනකම වෙනස් කරන්න පුළුවන්. නැතහොත් ඔයාට විශේෂ කොට්ටයක් මිලදී ගන්නත් පුළුවන්. සමහර කොට්ට මගින් ඔයා එක් පැත්තකට හැරී සිටීන විට කොට්ටය ස්පර්ශ වීමෙන් වළක්වා ගත හැක. හානිකර බැක්ටීරියා විනාශ කරන ද්‍රව්‍ය අඩංගු කොට්ටද විකිණීමට තිබෙනවා.

7. නින්දෙන් ගොරවන්න පුළුවන්.

ඔයාගේ හිස ඉදිරියට තල්ලු කිරීමට අපහසු කොට්ටයක් හෝ ඝන කොට්ටයක් ගෙරවීමට හේතු විය හැක. ඔයාට දූවිලි නිසා ආසාත්මිකතාවයක් ඇත්නම් ඔයාගේ නාසයේ සහ උගුරේ ඇතිවන දැවිල්ල නිසා වාතය අවහිර වෙනවා. එමනිසා ගෙරවීමට හැක.
කොට්ටයක් තෝරා ගන්නේ කෙසේද? ඔයාගේ කොට්ටය නින්දට බලපාන්නේ කෙසේදැයි දැක තිබෙනවාද? කරුණාකර අදහස් දැක්වීමේදී ඔයාගේ අදහස් අපත් සමග බෙදා ගන්න!