මිනිසුන් වන අපි ජීවින් කොට්ඨාශයකි.අපි මේ පරිසරයේම එක කොටසක්.අපි පරිසරයේ එක කොටසක් මිසක් සොබාදහම අපේ පමණක් නොවේ.ගහකොළ,ඇලදොළ ,සතා සිවුපාවා,කුරුල්ලෝ,සමනල්ලු මේ ඔක්කොම පරිසරයේ කොටස්කරුවෝ.අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව ගහකොළ අරගෙන පිරිසිදු ඔක්සිජන් වායුව අපිට දෙනවා.ඒ නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. සුරතලේට හදන සුනඛයා තමයි අපේ ගේ දොර සොර සතුරන්ගෙන් ආරක්ෂා කරන්නේ.

එළදෙනගේ කිරි ටික තමයි අපි පානයට ගන්නේ.ඉතින් මෙන්න මේ විදිහට අපේ ජීවිත පරිසරයේ සතුන් එක්ක බැඳිලා තියෙනවා.අතීතයේ සිටම යම් යම් ශිෂ්ඨාචාර වල සතුන් අපේ ජීවයේම කොටස්කරුවන් බවත් අපේ ආත්ම සතුන්ගේ ආත්මයන් හා බැඳී ඇති බවත් ආදී ලෙස විවිධ මතිමතාන්තර මෙම සතුන් සමඟ පැවතගෙන එනවා.ඉතින් මේ විදිහට පුරාවෘත්ත රාශියක් මිනිසුන් හා සතුන් සමඟ බැඳී ඇති අතර මෙම සංකල්ප වලින් පවසන පරිදි ඔබගේ තේරීම මත හෙළිවන කරුණු කරණා මොනවද කියා බලමු.ඔබ කැමතිම සත්වයාට අදාලව ඇති විස්තරය ඇසුරෙන් ඔබේ තේරීමෙන් හෙළි වන දෑ මොනවාද කියා විමසා බලන්න.

1. වලසා: මම සුරක්‍ෂිත භාවයේ බලවේගයක් වලසුන් ශ්‍රේෂ්ඨ මව්වරුන් ලෙස සැලකේ.ඊට හේතුව නම් ඔවුන් තම පැටවුන් සමඟ දිගු කාලයක් රැඳී සිටීමයි.තම පැටවුන් සමඟ දුගු කාලයක් රැඳී සිට ඔවුන්ව රැකබලාගෙන ඔවුන්ට ලෝකයේ ජීවත් වීමට උගන්වයි.ආරක්ෂාව යනු අප සොයන දේ සහ අපට අපේ ආදරණියයන් හට ලබාදිය හැකි දෙය වේ.ඒ අනුව ආරක්ෂාව ලබාදීම එනම් සුරක්ෂිතභාවය ඇති කිරීම වලසුන්ගේ ජ්ජීවිතයේ ප්‍රධාන ගුණාංගයකි.ඊට අමතරව වලසුන් යනු ශක්තිමත් ඒ වගේම විශ්වාසවන්ත ජීවී කොට්ඨාශයක්.ඉතින් ඔබට අවශ්‍ය වලසෙකු බවට පරිවර්තනය වීමට නම් සුරක්ෂිතතාවය ,නිර්මාණශිලිත්වය,මාතෘත්වය,බලය ,නිර්භීතකම,සුවකිරීමේ හැකියාව,විශ්වාසවන්ත බව ආදී ගුණාංගයන් ඔබේ ජීවිතයට එක කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුය.

2.සමනලයා :මම වෙනස්වීමේ බලවේගයක් සමනලයන් පරිනාමයේ ප්‍රවීනයන් ලෙස සැලකෙන්නේ දළඹුවාගේ සිට සමනලයෙකු බවට පත් වීම දක්වාම පසු කරන විවිධ අවධි නිසාය.වෙනස්වීමට ඇති සුවිශේෂී හැකියාව නිසාය.බොහෝ සංස්කෘතීන් වල සමනලයන් හඳුන්වන්නේ ආත්මයන් සමඟ සසඳන පණිවිඩකරුවන් ලෙසය.ඉතින් ඔබට සමනලයෙකු වීමට අවශ්‍ය නම් ,අලෝකය,දීප්තිමත්බව ,ජීවන ගමනේ විවිධ වෙනස්කම්,සංක්‍රාන්තිය ,අධ්‍යාත්මික කාර්යයන්,නිර්මාණශිලිත්වය හා සාමය යන ගුණාංග ඔබේ පෞරුෂයේ කැටිව තිබිය යුතුය.

3.බළලා :මම පිරිසිදු මායාවේ බලවේගයක් බළලුන් හට මායාවේදී , ඉන්ද්‍රජාලයේදී සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත.ඊට හේතුව නම් ආත්මයන් සමඟ හොඳින් ගනුදෙනු කිරීමට බළලුන්ට හැකියාවක් ඇති බව මැජික් කරුවන්,මායාකරුවන් විශ්වාස කරන නිසයි.ඒ වගේම බළලුන් හට බාධක විනිවිද දැකිය හැකි බව විශ්වාස කරයි.ඉතින් ඔබ කැමති බළලෙකු බවට පරිවර්තනය වීමට නම්,ඔබ ස්වාධීනත්වය අගය කරන,සුපරික්ෂාකාරීව කටයුතු කරන,තියුණු විමසිලිමත් බවක් තියෙන මායාවට ස්වයන්පොෂිත අයෙක් විය යුතුයි.

4.කපුටා:මම ඥානයේ ශක්ති ප්‍රභවයක් ඉතාම බුද්ධිමත් ජීවී කොටසක් වන අතර මොවුන් මළවුන්ගේ ලෝකය සමඟ සම්බන්ධ යැයි විශ්වාස කරයි.මෙය ඔබව පුදුමයට පත් කරන කරුණක් වුවද එය සත්‍ය බව බොහෝ දුරට පැරැන්නන් විසින් විශ්වාස කල.ඉතින් ඔබට අවශ්‍ය කපුටෙකු බවට පත් වීමට නම් ඉන් කියවෙන්නේ ඔබ නිදහසට ප්‍රිය කරන අභීත නිර්භය අයෙකු බවයි.

5. අශ්වයා:මම ආශ්චර්යයේ ප්‍රභවයක් පුරාවෘත්ත වලට අනුව අශ්වයින්ව මිනිසුන් විසින් ඉතා උසස් ලෙස සලකා ඇත.අඩක් අශ්ව අඩක් මිනිස් වන ජීවී කොටසක් ගැනද පුරාවෘත්ත වල කියවේ.කෙසේ නමුදු අශ්වයින් යනු ඉතා බුද්ධිමත් සත්ත්ව වර්ගයක් වන අතර තරඟකාරී ,තරමක් නොහික්මුණු නමුත් පාලනය වූ පසු ඉතාම ඉවසීමෙන් කටයුතු කරන සුවිශේෂී සත්ව වර්ගයක්.එසේම සටන්කාමියි.අශ්වයින් යනු අතීතයේ යම් යම් ශිෂ්ඨාචාර වල වූ දෙවිවරුන්ගේ පුජනිය සතුන් කොටසකි.ඉතින් මෙවන් ලක්ෂණ දරනා අශ්වයෙක් බවට පරිවර්තනය වීමට නම් ඔබ කැමති ,ඔබ වික්‍රමාන්විත ක්‍රියාවලට ලැදි ,ආදරය,දයාව,ඉවසීම ,නිදහස ප්‍රිය කරන කෙනෙක් විය යුතුය.එසේම ඔබ අරමුණ කරා කෙසේ හෝ ලඟා වෙන තරමක් සටන්කාමී කෙනෙකි.

6.මීයා :මම ආශිර්වාදයේ බලවේගයක් බොහෝ දෙනෙකු මීයන්ට බිය වුවද මොවුන්ද ගෞරවයට පාත්‍ර විය යුතු සත්ව කොටසකි.ඊට හේතුව නම් බුදු දහමේදී බුද්ධ වචනයට ප්‍රතිචාර දැක්වූ ප්‍රථම සත්වයා ද මෙම සත්වයා වීමයි.එසේම මීයා යනු ගණදෙවියන්ගේ වාහනයයි.ඒ අනුව මීයා යනු සුවිශේෂී වටිනාකමක් ඇති විමසිලිමත් තියුණු නුවනකින්ද හෙබි පුජනිය සත්ත්වයෙකි.ඔබ කැමති මීයෙකු බවට පත් වීමට නම් ,ආශීර්වාදයේ,කෘතඥාතාවයේ ,අවංකකමේ සංකේතයක් වෙන ඔබ ගැටළු විසඳීමේ,මැදිහත්වීම මෙන්ම නායකතත්වයේ,විනිශ්චය කිරීමේ හැකියාවන්ගෙන් යුතු නුවණැති පුද්ගලයෙකි.

7.ඩොල්ෆින්: මම නිර්මාණශීලීත්වයේ බලවේගයක් ඩොල්ෆින් යනු විනෝදයෙන් වෙසෙන නමුත් උසස් බුද්ධි මට්ටමකින් යුතු තියුණු සන්නිවේදන කුසලතාවකින් යුතු ක්ෂීරපායි සතෙකි.මොවුන් විශිෂ්ඨ රණශුරයෝ වන අතර තම භුමිය ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට පසුබට නොවේ.නිර්මාණශීලියි.ඉතින් ඔබ කැමති ඩොල්ෆින් කෙනෙකු වීමට නම් ඔබත් නිර්මාණශීලි,රණකාමී හැකියාවන්ගෙන් යුතු තම නිවස,තම ආදරණියයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට පසුබට නොවෙන ඕනෑම අවස්ථාවක් ඔබට ආශීර්වාදයක් බවට පත් කර ගැනීමේ හැකියාවකින් යුතු සුවිශේෂී පුද්ගලයෙකි.