මී පැණි කියන්නේ ඉතා වටිනා ඖෂධයක්. මී පැණිවල තියෙන විශේෂ ගුණයක් වන්නේ යෝගවාහී ගුණයයි. ඒ කියන්නේ ශරීරයේ ඕනම සියුම් නාලයක් තුළින් පවා පහසුවෙන් ගලා යාමට හැකිවීමයි.ඉතා උසස් තත්වයේ මී පැණි දුර්ලභ වන අතර මිලෙන් ද ඉහළ අගයක් ගනී.මී පැණිවල ඇති පිරිසිදු භාවය හා තත්වය මතද එහි ඇති ගුණ අගුණ වෙනස්වේ.වර්තමාන වෙළෙඳපලේ බොහෝ ලෙස බාල තත්වයේ මී පැණි විකිණීමට ඇත. ඒවා හඳුනා ගැනිමට සරල උපක්‍රම කිහිපයක් මෙම ලිපියේ අන්තර්ගතවේ.

පිරිසිදු මි පැණි සුනඛයන් නොකන බව කියනු ලැබේ.

ගිනිකූරක බෙහෙත් තුඩ මී පැණියෙන් තෙමා ගැසූ විට ක්ෂණිකව දැල්වේ නම් ඒ මී පැණි හොද මී පැණි යැයි පිළිගැනේ.

හොද මී පැණි පිරිසිදු ජල විදුරුවකට දැමූ විට කෙලින්ම පහලට ගමන් කරයි.

ස්වල්ප වේලාවකින් දිය විම ඇරඹේ.කන හුණු අල්ලේ තවරා ඒ මත මී පැණි ආලේප කර ඒ දෙක හොදින් කලවම් කල විට අතට මද රස්නයක් දැනේ නම් එයද හොද මී පැණි හදුනා ගැනීමේ ලක්ෂණයකි.පිරිසිදු මී පැණි සාමාන්‍යයෙන් බර වැඩිය.

කඩදාසියක් මතට දැමුවිට කඩදාසියට උරා ගැනීමක් සිදු නොවේ.

අමිශ්‍ර පිරිසිදු මි පැණි භාජනයක දමා හොදින් කට වසා සීල් කර තැබිය හැක. උතුරන්නේ නැත.ගින්නට දැමූ විට ශබ්ද නොනගාම ඉතා ඉක්මනින් දැවී යයි.

සීනී හෝ වෙනත් පැණි වර්ග මිශ්‍ර කර ඇත්නම් මිශ්‍රනය ගල් වී බුල්ටෝ වැනි ඝන තත්ත්වයට පත්වේ.

දෙහි යුෂ, කන හුණු, මී පැණි මිශ්‍රකර තැටියක දමා ලිපේ තබා රත් කරමින් කූරු ගාන විට හොද මී පැණි දියරයක් සාදයි.අර්ධ වශයෙන් විනිවිද පෙනෙන මිහිරි/මධුර රසැති මී පැණි හොදය.ආවේනික රසක් සහ සුවදක් හොද මී පැණි වලට ඇත.

ආයුර්වේද විද්‍යානුකූලව නියම පිරිසිදු මී පැණි හදුනා ගන්නා ක්‍රම කිහිපයක් හදුනා ගනිමු.

පිරිසිදු වතුර වීදුරුවක් ගෙන මී පැණි ස්වල්පයක් එයට එක් කරන්න. ජලය හා මිශ්‍ර නොවී බිංදු ආකාරයෙන්ම පතුලට කිදා බසින්නේ නම් ඒ පිරිසිදු මී පැණිය.

අතෙහි අල්ල මතට මී පැණි ස්වල්පයක් දමා ඒ මතට හුණු ස්වල්පයක් දමා කැලතූ විට අතට රස්නයක් දැනේ නම් ඒ පිරිසිදු මී පැණිය.

සුදු ලූණු ගෙඩියක් මී පැණි වල ගිල්වා නැවත පිටතමීපැණි පරික්ෂා කරන්නේ කෙසේද? පිටත ගෙන සුළු වේලාවක් තබන්න. සුදු ලූණු වල ඇති සැර මැකී ඇත්නම් එම පැණි නියම මී පැණිය.

පාන් කැබැල්ලක මී පැණි තවරා බල්ලෙක්ට දුන් විට ඔහු නොකයි නම් ඒ නියම පිරිසිදු මී පැණිය.

මී පැණි භාජනයකට තෙත නැති ලුණු කැටයක් දමන්න. ස්වල්ප මොහොතකින් ලුණු කැටය ඉවතට ගෙන පැණි ස්වල්පයක් දිව ගාන්න. පැණි , ලුණු රසට හැරී නැත්නම් නියම මී පැණිය.