එදින් එදා ජීවිතයේදී අපි මුහුණ දෙන්න වෙන විවිද ගැටළු තිබෙනවා නේ.ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටළු කිහිපයක් ගැන. ඒ තමයි ඔබගේ සුදු ඇදුම් හා ඔබේ වාහනයේ යවාගන්න අපහසු පැල්ලම් පහසුවෙන් යවාගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන.ඔබත් මේ ගැන දැනගන්න පහත ලිපිය කියවන්න

ඔබගේ සුදු ඇදුම් දිගු කාලයක් පවත්වා ගැනීම තව දුරටත් අමාරු කාර්යයක් නොවේ. නිවසේ භාවිතා කරන සරල ද්‍රව්‍ය කිහිපයක් භාවිතයෙන් ඔබගේ ඇදුම් දිගු කාලයක් නැවුම්ව තබා ගැනීමට ඔබට පුළුවන්. පහත ලිපියේ සදහන් වන්නේ ඔබගේ සුදු ඇදුම් වල පැහැය දිගු කාලයක් පවත්වා ගනීම සදහා ඔබට අනුගමනය කල හැකි උපක්‍රම 7ක් පිලිබදවයි.

අදුරු ලප කැළැල් ඉවත් කිරීම සදහා.විශාල බදුනකට ජලය ලීටර දෙකක් දමා එය රත් වෙන්නට උදුනක තබන්න. මෙම උණුවතුර භාජනයට ලුණු මේස හැන්දක් එකතු කරන්න. දෙහි ගෙඩි තුනක් ගෙන යුෂ මිරිකා ගන්න. මෙම දෙහි යුෂ රෙදි සෝදන කුඩු කෝප්ප කාලක් සමග මිශ්‍ර කර උණු වතුරට දමන්න. මෙම මිශ්‍රණය ඔබගේ ඇදුම් දමා මිනිත්තු 40ක් තිබෙන්නට හරින්න.ඉන් පසු පිරිසිදු වතුරෙන් දෙවරක් සෝදා වේලෙන්නට තබන්න.

ඔබගේ සුදු කමිස වඩාත් සුදු කරගන්න.ඇදුම් වල කහට පැල්ලම් ඇති ස්ථාන වලට බේකින් සෝඩා ස්වල්පයක් සෘජුවම දමන්න. දෙහි ගෙඩියක් කපා එම ස්ථානයේ හොදින් අතුල්ලන්න. මිනිත්තු 15 ක් තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

ඇඳුම්වල දුර්වර්ණ පෙනුම් නැති කිරිම සඳහා.දෙහි ගෙඩි දෙකක් කපා එය රත් වන වතුර භාජනයකට දමන්න. මෙම භාජනයට ඔබගේ ඇඳුම් දමා මිනිත්තු 40 ක් පෙඟෙන්නට හරින්න. මේසේ පෙඟුණු පසු සාමාන්‍ය පරිදි ඔබගේ ඇඳුම් සෝදා ගන්න.

සිනිදු සුදු පැහැති රෙදි සේදීම සඳහා.රෙදි සේදීම සදහා භාවිතා කරන කුඩු කෝප්ප කාලක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප කාලක් සමග මිශ්‍ර කරන්න. ඉන්පසු එයට උණුසුම් වතුර කෝප්ප දෙකක් එකතු කරන්න.මෙම මිශ්‍රණය තුළට රිෙදි දමා මිනිත්තු තිහක් තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න.

ඉතා තද කහට පැල්ලම් යැවීම සඳහා.හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප කාලක් සමග ඇමෝනියා බිංන්දු 4ක් මිශ්‍ර කරන්න. එයට ජලය කෝප්ප කාලක් එකතු කරන්න. මෙම මිශ්‍රණයට ඔබගේ ඇඳුම් දමා මිනිත්තු දහයක් පෙඟෙන්නට හැර සෝදා හරින්න.

ඔබගේ ඇඳුම් ශරීරයට සුවපහසු බවට පත්කර කරගැනීම සඳහා.උණුසුම් වතුර කෝප්ප කාලක් සහ විනාකිරි කෝප්ප භාගයක් එකට මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයට ඔබගේ ඇඳුම් දමා මිනිත්තු 40 ක් තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න.

ඝන රෙදි වර්ග සේදීම.ඔබගේ ඝන රෙදි වර්ග කිරි බඳුනකට දමා පැයක් දෙකක් පමණ පෙඟෙන්නට හරින්න. ඉන්පසු සාමාන්‍ය පරිදි සෝදා හරින්න. මෙමඟින් ඔබගේ රෙදි වඩාත් සුමුදු සුවපහසු තත්ත්වයට පත් වෙනවා.ඔබේ වාහනයේ යවාගන්න අපහසු පැල්ලම් ලේසියෙන් ඉවත් කරන ක්‍රම

ඔබේ වාහනයේ යවාගන්න අපහසු පැල්ලම් ලේසියෙන් ඉවත් කරන ක්‍රම

සාමාන්‍ය පැල්ලම් ඉවත් කරන්නමඩ, දූවිලි නිසා අවතපාට වෙන වාහන වල හැදෙන පැල්ලම් නම් සාමාන්‍ය දෙයක්. කොහොම වුනත් මේ මඩ දූවිලි නිසා ඇති වන පැල්ලම් යවන්න ඔයාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. උණු වතුර කෝප්පයකට ඔයා පිගන් කෝප්ප සෝදන්න ගන්න විම් වගේ දියර බින්දුවක් දාලා එයට විනාකිරි හැන්දකුත් කලවම් කරන්න පස්සෙ ස්පොන්ච් කෑල්ලක් අරන් ඔයා මේ හදා ගත්ත දියරයේ පොගවලා ඔයාගෙ වහානෙ පැල්ලම් තියෙන තැන හොදින් පිසදමන්න. පස්සෙ ඉතින් ඔය කපු වගේ ඉවත දාපු රෙදි කැබැල්ලක් අරගෙන පිරිසිදු කරපු හරිය පිහිදැම්මා නම් වැඩේ හරි.

බීම ජාති පැල්ලම් සමාන්‍යයෙන් දුර ගමන් යද්දි පොඩි අය එහෙම වාහාන ඇතුලෙ ඉදන් කනවා බොනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කන බොන කොට අර මං ඉහත කියපු ඒවා වගේම වෙනත් ටින් කරපු කෑම බීම ජාති වැටිලා වහානෙ පැල්ලම් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පැල්ලම් ඇති වුනාම ස්පොන්ච් එකක් කූල් වතුරින් පොගවලා අරන් එතන පිහිදාන්න. හැබැයි අර උඩ කිව්වා වගේ උණු වතුරට ලීක්විඩ් දාලා පිහිදන්න ගිහින් එක පැල්ලම දෙක කර ගන්න එපා.

වමනෙ පැල්ලම් ගොඩක් දුරට පොඩි ළමයි එක්ක ගමන් බිමන් යද්දි පොඩි ළමයි වාහාන ඇතුලෙ වමනය කරනවා. බස් වල යද්දි වුනත් වමනය කරද්දි බස් වල පිට සම්පූර්ණයෙන් වමනෙ පැල්ලම් එහෙම තියෙනවා ඉතින් අන්න ඒ වගේ වමනෙ පැල්ලම් ඉවත් කරන්න හොදම දේ තමයි සෝඩා. සෝඩා එකක් අරගෙන අර වමනෙ පැල්ලම තියෙන තැනට දාලා ඊට පස්සෙ තෙත රෙදි කෑල්ලක් අරන් ඒ හරිය පිහිදලා දාන්න. වතුරට බේකිං සෝඩා ටිකක් කලවම් කරලා දාලා පිහිදැම්මත් වැඩේ ගොඩ.

ලේ පැල්ලම් වහාන වල ලේ පැල්ලම් අයින් කරන්න සාමාන්‍ය ලොන්ඩ්‍රි සෝදන කුඩු හරි ලොන්ඩ්‍රි සේදුම් වතුර හරි භාවිතා කරන්න ඔබට පුළුවන් මේවා පැල්ලම තියෙන තැනට දාලා විනාඩි 30ක් විතර තියෙන්න දීලා පසුව තෙත රෙදි කැබැල්ලකින් පිහිදන්න.

ඇලවෙන සුළු පැල්ලම්වහානෙක ඇලවිලා ගලවන්න බැරි චුවින්ගම් වාගේ ඇලවෙන සුළු දේවල් ඉවත් කරන්න අයිස් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ ඇලවෙ සුළු දේවල් මත ටික වේලාවක් අයිස් තියලා පසුව එය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. ඕන නම් රෙදි කෑල්ලක් වතුරෙ පොගවලා අරන් පස්සෙ පිහිදලා දාන්න.

සත්තුන්ගේ ගදසමහර වෙලාවට ඔයාගෙ වහානෙ ගෙදර තියෙන වෙලාවට ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි ඔයාගෙ වහානෙට නැගලා ඉන්න පුළුවන්. එහෙම වුනාම ඒ සත්තුන්ගෙ ඉව වාහනෙ පුරාම පැතිරෙනවා. ඉතින් ඔයාට පුළුවන් එහෙම අවස්ථාවක බොරැක්ස් කියන සෝඩියම් එක හාඩ්වෙයාර් එකකින් ගෙනත් තියාගෙන වහානෙට දාපු කාපට් වලට දාලා තියෙන්න හැරලා වැකුම් කරලා අරගන්න. ඒ මගින් සත්තුන්ගෙ ගද නැති කර ගන්න පුළුවන්. බොරැක්ස් නැතිනම් රෙදි සෝදන කුඩු භාවිතා කරන්නත් පුළුවන්.

යවන්නම අමාරු පැල්ලම්යවන්නම අමාරු කහට පැල්ලම් තියේනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට දත් බෙහෙත් ටිකක් දාලා කවලම් කරලා ඒ පැල්ලම මතට දාලා විනාඩි 5ක් විතර තියෙන්න ඇරලා පිහිදාන්න. පැල්ලම හොදටම මැකෙනකන් මේ ද්‍රාවණය දාලා හොදින් පිහි දමන්න.

පෑන් තීන්ත පැල්ලම් අනෙත් පැල්ලම් කොහොම වුනත් තීන්ත පැල්ලම් නම් යවන්න ටිකක් විතර අපහසුයි. හැබැයි කොහොම වුනත් තීන්ත පැල්ලම් යවන්න ලේසි ක්‍රමයක් තමයි හෙයාර් ස්ප්‍රේ එකක් අරන් තීන්ත පැල්ලම තියෙන තැනට ස්ප්‍රේ කරලා පස්සෙ රෙදි කෑල්ලක් අරන් එතන පිහිදලා දාන්න. නැත්නම් ලුණු වතුරිනුත් තීන්ත පැල්ලම් යවන්න පුළුවන්.

ග්‍රීස් පැල්ලම් හා තීන්ත පැල්ලම් මේ දෙකටම හොදම විසදුම තිනර්. රෙදි කැබැල්ලකට තිනර් ටිකක් තවරලා අරන් මේ පැල්ලම් තියෙන තැන පිහිදමන්න. හැබැයි තිනර් දාලා පැල්ලම් යවද්දි ගොඩක් පරිස්සම් වෙන්න. මොකද වහානෙ පේන්ට් එකට හානියක් වෙන්න පුළුවන් නිසා සියුම් විදියට වැඩේ කරන්න