චාලී චැප්ලින් ගැන අහලා නැති කෙනෙක් ලෝකේම නැති තරම්. සමහර අය කියන විදිහටනම් ප්‍රසන චිත්‍රපට කලාවේ කිං තමයි චාලී චැප්ලින් කියලා කියන්නේ. මිනිස්සු කොච්ච්ර හිනාගැස්සුවත් චාලී චැප්ලින්ගේ ජීවිත කතාවනම් ගොඩක් දුක හිතෙන එකක්.
1889 දී තමයි චාලී චැප්ලින් මෙලොව එලිය දුටුවා. ඒත් චාලී චැප්ලින්ට අවුරුදු දෙක වෙනකොට තාත්තා එයාලව දාලා ගියා. ඒක නිසා අම්මත් එක්ක පුංචි කාලේම කෝච්චි ස්ටේෂන් වල සිංදු කියලා සල්ලි හොයන්න චාලී චැප්ලින්ට සිද්ද වුනා. ඒත් එහෙම සල්ලි හොයන්න වුනේ ටික කාලයයි. මානසික ප්‍රෂ්ණ නිසා අම්මට පිස්සු හැදුනා. ඒක නිසා තාත්තා ළගට යන්න චාලී චැප්ලින්ට සිද්ද වුනා.

චාලී චැප්ලින්ගේ තාත්තා ගොඩක් බීමට ඇබ්බැහි වුන කෙනෙක්. ඒක නිසා තාත්තා පුතාව රගපාන්න දාලා සල්ලි හොයාගෙන ඒකෙනුත් බොන්න පටන් ගත්තා. ඒත් ටික කාලේකින් තාත්තාත් මිය ගියා. ඒ අධික බීමත් කම නිසාමයි. චාලී චැප්ලින් තනි වුනා.චාලී චැප්ලින්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තේ 1910 දී නාට්‍ය කණ්ඩායමත් එක්ක ඇමරිකාවට යාමත් සමග. ඊට පස්සේ චාලී චැප්ලින්ට චිත්‍රපටි වල රගපාන්න අවස්ථාව ලැබුනා. ඒත් එක්කම චාලී චැප්ලින් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. හොදට මුදල් ලැබෙන්න පටන් ගත්තා. සතුටින් ජීවත් වෙන්න කියලා හිතලා චාලී චැප්ලින් 1918 දී විවාහ වුනා. ඒත් විවාහ වුන නිසා සතුටින් ඉන්න චාලී චැප්ලින්ට බැරි වුනා.

අවුරුදු දෙකකින් දික්කසාද වුනා. ඊට පස්සෙ චාලී චැප්ලින් තවත් විවාහයක් කරගත්තා. ඒකත් අසාර්ථකයි. ඊට පස්සෙ තුන්වන විවාහයක් කරගත්තා. ඒකත් ඉවරවුනේ දික්කසාදයකින්. ඊට පස්සෙ හතරවන විවාහයක් කරගත්තා. එතකොට තමා චාලී චැප්ලින්ට සුදුසු සහකාරිය ලැබුනේ. විවාහ තුනක් අසාර්ථක ලෙස පවුල් ජීවත ගෙවපු චාලී චැප්ලින් ඉන් අනතුරුව සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න පටන් ගත්තා.
ඒත් චාලී චැප්ලින්ගේ ප්‍රෂ්ණ එතනින් ඉවර වුනේ නෑ.

ඔහු කොමියුනිස්ට් ත්‍රස්ථවාදියේකුයැයි ඇමරිකාව ඔහුට චෝදනා කරනවා . ඒක නිසාම 1952 දි ඇමරිකාව අතඇරලා දාලා ස්විස්ටර්ලන්තයට යන්න චාලී චැප්ලින්ට සිද්ද වුනා. ඒත් 1952 දී තමන්ගෙ රටෙන් පන්නලා දාපූ චාලී චැප්ලින්ට 1972 දී ඇමරිකාවම කතා කරලා ලොකු සම්මානයක් දෙනවා. ඒ හොදම ප්‍රහසන නළුවා විදිහට. ඒ වගේම ඇමරිකාවේ ජීවත් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒත් චාලී චැප්ලින් එකවරක් ඔබට මා එපානම් සියදහස් වාරයක් එපා මට ඔබ එපා කියන සීන් එක දාලා ඇමරිකාව දාලා ස්විස්ටර්ලන්තයට යනවා. එක පාරක් මාද්‍යවේදීයෙක් ඔහුගෙන් මෙහෙම ප්‍රෂ්ණයක් අහලා තියෙනවා.

“ඔබ ඇයි මිනිසුන් නිතරම සිනාගස්සන්නෙ?”ඒකට චාලී චැප්ලින් අපූරූ උත්තරයක් දුන්නා. “ මම කුඩා කාලය ගත කලේ ගොඩක් දුකින්. මට සිනහ වෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ. ඒක නිසා ලොකු වෙලා මුලු ලෝකයම සතුටින් හිනාගස්සවන්න මට අවශ්‍ය වුනා” කොහොම හරි ප්‍රෂ්ණ නිසා ජීවිතේම එපා වෙලා ඉන්න අයට චාලී චැප්ලින්ගෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ප්‍රෂ්ණ ගෙනම හිත හිතා ඉන්නෙ නැතිව සතුටින් ඉන්න එක ගෙනත් පොඩ්ඩක් හිතන්න. ඒ වගේම චාලී චැප්ලීන් කියන්නෙ නළුවෙක් විතරක් නෙමෙයි. චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. ඒ වගේම ලේඛකයෙක්. 1977 දී මේ අසාහය නළුවා මියයන්නේ චාලී චැප්ලින් නාමය සිනමා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරමින්.