කාන්තා ඔබටම සුවිශේෂී මෙම සරල පරීක්ෂනයෙන් ඔබට ඔබේ සහකරු ගැන,ඔහු කුමන ආකාරයේ අයෙක් විය යුතුද ආදිය ගැන යමක් දැනගැනීමට හැකි වේ.කාන්තාවක් ලෙස ඔබේ සහකරු කුමන ආකාරයේ අයෙක් විය යුතුද ඔහු ඔබේ සිහිනයේ සිටිනා කෙනාමද කියා දැන ගැනීමෙන් ඔබට සිතට සැහැල්ලුවක් දැනෙනු ඇත.ඉතින් උත්සහ කර බලන්න.මෙම නිවාස අතුරෙන් ඔබ වඩාත්ම කැමති නිවාස තෝරාගන්න.ඒ අනුව ඔබේ අනාගත සහකරු ගැන කියවෙන දේ කුමක්දැයි කියා දැනගන්න.

නිවස අංක 1 ඔබ ජීවත් වීමට තෝරාගත්තේ මෙම නිවස නම් ඔබට අවශ්‍ය වන්නේ ඔහුගේ මුළු ජීවිතයම වුවත් ඔබ වෙනුවෙන් කැප කිරීමට සුදානම් ආකාරයේ සහකරුවෙකි.එසේම ඔහුව සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට එනම් ඔබ කියන දේ ඔහු අසනවාට ඔබ කැමතියි.ඔබට සාර්ථක ආදරණිය ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබුනද ඔබේ වගකීම් විරහිත බව,නොසැලකිලිමත්කම ආදී ගුණාංග නිසා ඔබේ දිවියේ සතුටට බාධා ඇති වේ.එනිසා එම දුර්වලකම් මගහැර ගැනීමෙන් ඔබට ඔබේ ආදර සබඳතාවය එසේත් නැතිනම් ඔබේ පවුල් ජීවිතය ඔබේ සහකරු සමඟ සතුටින් ගත කල හැකිය.

නිවස අංක 2 ඔබ තරමක් වෙනස් අයෙකි.ඔබට අවශ්‍ය සහකරුවාගේ තත්වයවත් පෙනුමවත් නොව.ඔබ අගය කරන්නේ ඔහුගේ අධ්‍යාත්මික යහපත් ගුණාංගයි.එනම් ඔබ බලාපොරොත්තු වන්නේ යහපත් සරල ගති පැවතුම් ඇති සහකරුවෙකි.ඔහුගේ ධනය,බලය,එහෙම නැත්නම් දුප්පත්කම පොහොසත්කම ඔබට අදාල නැත.ඔබ ඔබේම අධ්‍යාත්මය ගැන යම් ස්ථාවරත්වයක් ඇති අයෙක්.ඉතින් ඔබට ඔබ ගැන විශ්වාස බැවින් ඔබේ සහකරු කෙතරම් සරල අයෙකු වුවත් ඔබට ඔහු සමඟ සතුටින් සිටීමට හැකි වෙනු ඇත.එනම් ලෝකයේ ධනවත්ම පුද්ගලයටත් වඩා සතුටින් ඔබට ඔහු සමඟ කාලය ගත කිරීමට හැකි වෙනු ඇත.

නිවස අංක 3 ඔබට අවශ්‍ය වන්නේ ඔබේ අදහස් සමඟ හොඳින් ගැලපෙන සහකරුවෙකි.එසේ නොවුවහොත් ඔබ දෙදෙනා අතර ගැටුම් බහුල වෙනු ඇත.සුළු සුළු ගැටුම් ආරවුල් සාමාන්‍ය වුවද අදහස් ගැලපීම එකිනෙකාව හොඳින් තේරුම් ගැනීම අත්‍යවශ්‍යම කරුණකි.යම් යම් අවස්ථා වල ඔබ නිවැරදි වුවද සැමවිටම ඔබ නිවරදි නොවන බව වටහා ගන්න.එවිට ඔබේ පවුල් ජීවිතය ස්ථාවර වෙනු ඇත.

නිවස අංක 4 ඔබ තෝරාගත්තේ මෙම නිවස නම් ඔබ ඉතාමත් ශක්තිමත් කාන්තාවක්.ඉතින් ඔබට සහකරුවෙකු ලෙස අවශ්‍ය වන්නේද ඔබට වඩා ශක්තිමත් දක්ෂ තැනැත්තෙකි.එසේ නැති වුවහොත් ඔබට ඔහු සමඟ ජීවිතය ගෙවීම අපහසු වෙනු ඇත.ඔබලාගේ පවුල් ජීවිතය ගැටුම් වලින් බහුල මතබේද වලින් ගහණ එකක් වනු ඇත.මන්ද යත් ඔබ ශක්තිමත් අයෙකු බැවින් පුරුෂයින් සමඟ කටයුතු කිරීමේදී ආරවුල් ඇති කරගැනීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.

ඔබ කැමතිම නිවස ඇසුරින් ඔබට ඔබේ ආදරවන්තයා ගැන යම් අවබෝධයක් ලබා ගන්නට හැකි වෙන්නට ඇති.සහකරුවෙකු යනු ඔබ ඉදිරි ජීවිත කාලයම ගත කිරීමට කැමති පුද්ගලයා වේ.ඉතින් එම පුද්ගලයාව තෝරා ගැනීමේදී ඔබ බුද්ධිමත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.මන්ද යත් ඔබ ගන්න එක වැරදි තීරණයකින් අනාගතයේදී ඔබ පමණක් නොව තවත් ජීවිත ගණනාවක් අමාරුවේ වැටීමට ඉඩ ඇති බැවිනි.එනිසා ඔබට හොඳින් ගැලපෙන සහකරුවා තෝරා ගන්නට සැමවිටම උත්සහ කරන්න.එයින් ඔබ දෙදෙනාගේම ජීවිත සතුටින් පිරෙනු ඇත.