ඉක්කාව බොහෝ විට හදිසියේම ඇතිවන අතර ඉක්මනින් නතර වෙන්නෙත් නෑ. නමුත් සමහර විට එය අපි හිතනවට වඩා කරදරකාරී හා බරපතල ගැටළුවක් බවට පත් වෙනවා. කායික විද්‍යාවට අනුව, ඉක්කාව සිදුවන්නේ මහා ප්‍රාචීරය හදිසියේම ස්වයංව පාලනයකින් තොරව හැකිලෙන අතර, ඒ සමඟම, හඬ නිකුත් කරන ප්‍රදේශය හැකිලී, කටහඬ ඇති කරන පටවල් වැසෙන අතර එමගින් වාතය ගලායාම ඵලදායී ලෙස අවහිර කිරීමට නිසයි. ඉක්කා යාම පිළිබඳව ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත්තේ මෙතෙක් කාලයට එකම පුද්ගලයෙක් පමණයි. ඒ චාර්ල්ස් ඔස්බෝන් නම් තැනැත්තායි. ඔහු එකදිගට වසර 68ක් එක දිගට ඉක්කා පිට කිරීම සිදුකල අතර ඔබට ඔහුගේ වේදනාවේ තරම සිතාගත හැකි නේද? ඉතින් මේ වගේ කරදරයක් සිදු වෙනවාට අකමැති නම් ඊළඟ දවසේ ඔබ‍ට කරන්න පුළුවන් උපක්‍රම කිහිපයක් අපි අද කියලා දෙනවා.

01. ඔබේ කන් වසාගන්න.

ඉක්කා යන්න පටන්ගත්තට පස්සේ ඔබ කන් දෙකට ඇඟිලි දෙකක් ඇතුළු කරලා හොඳට කන් වහගන්න. ඊටපස්සේ කන් දෙක පිටිපස්සේ, හිස්කබලට පල්ලෙහායින් තියෙන මෘදු කොටස සෙමෙන් ඇඟිලි වලින් තෙරපන්න.මේකෙන් ඔබේ මහා ප්‍රාචිරයට සම්බන්ද ස්නායු අග්‍ර වලට සන්සුන් වන ලෙසට මොළය හරහා පණිවිඩයක් යැවෙනවා.

02. වතුර පානය කිරීම.

ඉක්කා ඇතිවීම නිසා ස්නායු සන්සුන් කිරීම අවශ්‍ය වෙනවා. මේ සඳහා ජලය පානය කිරීම හොඳ විසඳුමක්. වතුර කටට අර ගාග්ල් කිරීමෙනුත් මේ දේ වෙනවා. ඉක්කාවේ ප්‍රබලතාවය අනුව වතුර පානය කරන ඕනේ ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඒ නිසා ඉක්කා පාලනය වෙලා වගේ දැනෙනකන් වතුර බොන්න.

03. කන් දෙක වසාගෙන වතුර බොන්න.

අපි කලින් කියූ ක්‍රම දෙකේ එකතුවක්‌ තමයි මේ ක්‍රමයේදී කරන්න තියෙන්නේ. ඔබ කන් දෙකේ ඇඟිලි දෙකක් ගසාගෙන හොඳින් වහගන්න. ඊටපස්සේ ඒ ගමන්ම වතුර බොන්න. මෙහිදී ඔබ‍ට ස්ට්‍රෝ බටයක් යොදාගන්න වේවි. මේ ක්‍රමයෙදී වෙන්නෙත් කලින් වගේම ස්නායු සන්සුන් කිරීමක්ම තමයි.

04. කඩදාසි බෑගයක් පුම්බන්න.

ඉක්කා හැදුනම කඩදාසි බෑගයක් අරන් බලුමකට පුම්බන ආකාරයට පීඩනය යොදමින් පුම්බන්න. මෙමගින් රුධිරයේ කාබන්ඩයොක්සයිඩ්වල පීඩනය වැඩි කරන අතර වැඩි ඔක්සිජන් ගෙන ඒම සඳහා ප්‍රාචීරය වඩාත් ගැඹුරින්, වැඩි පිඩනයකින් සම්බන්ධ කරනවා. දිගටම පිඹීම නිසා ඔබ‍ට කරකැවිල්ල වැනි ගතියක් එන්න පුළුවන්.එහෙම එනවා නම් වහාම නවත්වන්න.

05. දෙහි සහ මී පැණි

දෙහි කැබැල්ලක් සැපීම හෝ උණු වතුර සමග මී පැණි පානය මගින් ඉක්කා ඇතිවීමට හේතු වන vagus ස්නායුව උත්තේජනය කරමින් එයට ඉක්කා ඇතිවීමෙන් විවේකයක් ලබා දෙනවා. මෙම ස්නායුව මොලයේ සිට උදරය තෙක් දිවෙන ස්නායුවක්. එයට යම් අවහිරයක් ඇතිවීම නිසා මෙසේ ඉක්කා පිටවන බව විද්‍යාඥයන්ගේ මතයයි. මේ නිසා එම අවහිරය නැවැත්වීම මගින් ඉක්කා නවත්වාගන්න පුළුවන්.

06. කටු චිකිත්සාව

කටු චිකිත්සාව මගින් ඉක්කා ඇතිවීමට හේතු වන ස්නායු අග්‍ර තෙරපීම හෝ උද්දීපනය කිරීම සිදුවෙනවා. මේක හරියටම දැනගෙන කලා යුතු දෙයක් වෙනවා. ඇතැම් පුද්ගලයන් කටු චිකිත්සාව මගින් ඉක්කා පිටවීම දිගුකාලීනව නවත්වාගෙන තිබෙනවා.

07. පැණිරස හැන්දක්

පැණි, සීනි හෝ පීනට් බටර් හැන්දක් වැනි පැණිරස දෙයක් ඉක්කාව නැවැත්වීමට උපකාරී වෙනවා. සපන විට සිදු කරන චලන සහ ගිලීමේදී දිව සිදුකරන චලන මගින් ඔබේ ආමාශයේ හුස්ම ගැනීමේ චලනය වෙනස් වන අතර එමඟින් ඉක්කාව නොතකා හැරෙනවා.

08. දිව එලියට දැමීම.

මේක තරමක් අමුතුයි කියලා හිතුනත් ඉක්කා ඇතිවුණාම හදිසියකදී කරන්න පුළුවන් ලේසිම දෙයක් තමයි මේ. මෙමගින් ස්වර තන්තු අතර විවරය හොඳින් විවෘත වන නිසා ඉක්කා ඇතිවීමේ කුඩා කම්පන නතර වෙනවා.

09. පැන්සලක් භාවිතා කිරීම.

ඔබ‍ට ඉක්කා යන අවස්ථාවක පැන්සලක් හරස් අතට කටින් රඳවාගන්න. ඊටපස්සේ පැන්සල එහෙමම තියෙද්දි වතුර බොන්න. මේක තරමක් අමාරු උනත් ඇත්තෙන්ම ප්‍රතිඵල තියෙනවා.

10. ආශ්වාස ප්‍රශ්වාස කිරීම.

මේ ක්‍රමය ප්‍රතිඵලදායක වෙන්න නම් ඔබ ඉතාම කෙටි කාලයක් ඇතුලත වේගයෙන් පුළුවන් තරම් වාතය ප්‍රමාණයක් ආශ්වාස කරන්න. ඊටපස්සේ තත්පර 30ක්‌ වගේ කාලයක් ඇතුලත හෙමින් හෙමින් ප්‍රශ්වාස කරන්න. මේ ක්‍රියාවලිය ඉක්කා නවතිනකන්ම දිගටම කරන්න.

ඉක්කා කියන්නේ අපි හැමදෙනෙක්ම අත්දැකලා තියෙන සංසිද්ධියක්. ඒ සඳහා මේ ක්‍රම අත්හදා බලන්න. පුළුවන් නම් සැරෙන් සැරේ මේ ක්‍රම එකින් ඒක අත්හදා බලලා ඔබ‍ට හොඳින්ම ප්‍රතිඵල පෙන්නේ වු එක ක්‍රමයක් නිතර යොදාගැනීමට තෝරාගන්න. නමුත් සාමාන්‍ය වෙලාවට වඩා දිගු වෙලාවක් ඉක්කා පවතිනවා නම්, මේ ක්‍රම එකක්වත් ඔබ‍ට හරියන්නේ නැත්නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න පසුබට වෙන්න එපා