මිනිසා කියන්නේ මුදල් සඳහා හෝ ප්‍රසිද්ධිය සඳහා හෝ විනෝදය සඳහා තමාගේ ජීවිතය පවා පරදුවට තැබිය හැකි සත්ව කොට්ඨාශයක්. උදාහරණයක් ලෙස විනෝදය සඳහා බොහෝ උස් ගොඩනැගිලි, කඳුමුදුන් හෝ ගුවන්යානාවලින් පහලට පැනීම, ගිනස් වාර්තා තැබීම සඳහා ජලය යට හුස්ම අල්ලා ගෙන සිටීම, මුදල් සහ ප්‍රසිද්ධිය සඳහා කාන්තාරවල මැරතන් තරග දිවීම වැනි ඒවා හඳුන්වන්න පුළුවන්. නමුත් ඇතැම් විට මිනිසුන් වශයෙන් අප සුවිශේෂී වන්නේත්, අපගේ ජීවිතවලට වටිනාකමක් ලැබෙන්නේත් මෙවන් දේවල් කිරීම නිසයි. නමුත් මිනිසුන් දැන දැනම හෝ නොදැනුවත්ව තමාට විස විය හැකි ආහාර පවා පරිභෝජනය කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි. බොහෝ විට මේවා ඔබත් පරිභෝජනය කර ඇති. එදිනෙදා නිතර හමුවන මේ ආහාර වර්ග ඒ ආකාරයට මිනිස් සිරුරට විෂ වෙන්නේ කෙසේදැයි අපි අද ඔබට කියලා දෙනවා.

පලතුරු බීජ

ඇපල්,චෙරි, පීච් හෝ ඇප්රිකට් වැනි පලතුරු ඇට වල ප්‍රසික් අම්ලය නම් හයිඩ්‍රජන් සයනයිඩ් විෂ අඩංගු වෙනවා. ඇටයක් දෙකක් කැවුනාට නම් ප්‍රශ්නයක් නැහැ.නමුත් මේ වගේ පලතුරු ඇට කෝප්පයක් පමණ එක්වර ආහාරයට ගැනීමෙන් එය ඔබට විෂ විය හැකියි.

රුබාබ් කොළ

රතු පැහැති දඬු සහිත රුබාබ් කොල වල වකුගඩු වල ගල් ඇති කරවන ඔක්සලික් අම්ලය අඩංගු වෙනවා. රාත්තල් 11ක් පමණ අවශ්‍ය වෙනවා රුබාබ් ඔබට මරණීය වෙන්නට. නමුත් ඔබව බරපතළ ලෙස රෝගී කරන්න නම් ඊට වඩා අඩු කොළ ප්‍රමාණයක් උනත් ඇති.

සාදික්කා

සාදික්කා ඇත්ත වශයෙන්ම මායාකාරී කුළුබඩුවක්. කියන්නේ ඔබව යථාර්තයෙන් ඈත් කරවන යම් යම් සිද්ධි දැකීමට හෝ ඇසීමට ඔබව පොළඹවන ආකාරයේ ද්‍රව්‍ය සාදික්කා වල අඩංගු වෙනවා.(Hallucinogenic) එමනිසා සාදික්කා අවුන්ස 0.2ක් පමණ ආහාරයට ගැනීමෙන් වලිප්පුව වැනි තත්ව ඇති විය හැකි අතර අවුන්ස 0.3ක් seizures තත්ව සඳහා තුඩු දිය හැකිය. එක් සාදික්කාවක්ම ආහාරයක් ගැනීමෙන් “සාදික්කා මනෝ ව්‍යාධියකට”(nutmeg psychosis) තුඩු දෙනු ඇතැයි සිතිය හැකි අතර එය ඉදිරියේදී සිදුවන විනාශයක්‌ හෝ මරණයක් පිළිබඳ හැඟීමක් ඔබ තුළ ඇති කරවීමට සමත් වේ.

අර්තාපල්

නයිට් ෂේඩ්( අර්තාපල්, තක්කාලි, වම්බටු වැනි එළවළු night shade ගණයේ එළවළු ලෙස හැඳින්වෙනවා) වලද ඇති ග්ලයිකෝඇල්කලොයිඩ්, අර්තාපල් වල කොළ, කඳන් සහ දළු වල අඩංගු වෙනවා. අර්තාපල් දිගු වේලාවක් ආලෝකයට නිරාවරණය වී තිබෙනවා නම් ඒ මත ග්ලයිකෝඇල්කලොයිඩ් එකතු විය හැකියි. ග්ලයිකොඇල්කලෝයිඩ් ආහාරයට ගැනීමෙන් බඩේ අමාරුව, පාචනය, ව්‍යාකූල හිසරදය, කෝමා තත්ව සහ මරණය පවා සිදුවිය හැකියි. ශරීර බරෙන් කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 3 ත් 6ත් අතර ප්‍රමාණයක් මේ විස අඩංගු වීම, මාරාන්තික විය හැකි බව පැවසෙනවා. ඒ නිසා කොළ පැහැයට හුරු අර්තාපල් ගැනීමෙන් වළකින්න.

ආමන්ඩ්

ආමන්ඩ් ඇට, පැණි රස ආමන්ඩ්(sweet almond) සහ තිත්ත ආමන්ඩ්(bitter almond) ලෙස වර්ග දෙකක් තිබෙනවා. මේවායින් තිත්ත අාමන්ඩ් වල සාපේක්ෂව විශාල ප්‍රමාණයක් හයිඩ්‍රජන් සයනයිඩ් අඩංගු බව පැවසෙනවා. මේ නිසා අමු, තිත්ත ආමන්ඩ් ඇට 7 -10 අතර ප්‍රමාණයක් එකවර ආහාරයට ගැනීමෙන් වැඩිහිටියන් තුළ විවිධ ප්‍රශ්න ඇති කිරීමටත්, කුඩා දරුවන්ට මරණය ඇති කිරීමටත් ප්‍රමාණවත්.

අමු මී පැණි

මී පැණි වල ඇති අහිතකර විස ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කෙරෙන්නේ පැස්ටරීකරණ ක්‍රියාවලිය මගින්. ඉතින් පැස්ටරීකරණයට භාජනය නොවූ අමු මී පැණි වල බොහෝවිට ග්‍රේයෝනොටොක්සින් (grayanotoxin) අඩංගු වෙනවා. එමගින් පැය 24ක්‌ පුරාවට වමනය, අධික දාඩිය දැමීම, කරකැවිල්ල, දුර්වල බව ආදී තත්ත්ව ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් සාන්ද්‍රගත ග්‍රේයෝනොටොක්සින් එක් මේස හැන්දක් මගින් ඉහත රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. මේ නිසා මේස හැඳි දෙක තුනක් ආහාරයට ගැනීම නම් අනිවාර්යයෙන්ම නරක අදහසක්.

තක්කාලි

තක්කාලි වල කඳන් හා කොළ වල ආමාශයේ කැළඹීම් ඇති කළ හැකි ක්ෂාරීය(alkali) විෂ අඩංගු වෙනවා. අමු, කොළ පැහැති තක්කාලි වලිනුත් එම බලපෑමම ඇතිවන බව පැවසෙනවා. එය මාරාන්තික වීමට විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීම අවශ්‍ය වෙනවා. එතරම් ඉහළ අවදානමක් නැති නමුත් ඔබ තක්කාලි කොළ ආහාරයට ගැනීමෙන් වැළකීම වඩා සුදුසුයි.

ටූනා

ටූනා මාළු භයානක වන්නේ එමගින් රසදිය අවශෝෂණය කර ගන්නා නිසයි. රසදිය ඔබේ සිරුරට ඇතුළු වූ පසු ඔබගේ වකුගඩු හරහා ගමන් කිරීම හෝ ඔබගේ මොළය වෙත ගමන් කර ඔබ උමතු බවට පත් කිරීමට හැකියි. මේ නිසා ගැබිණි කාන්තාවන් සහ කුඩා දරුවන් කිසිසේත්ම ටූනා ආහාරයට නොගැනීම වඩා සුදුසු බවයි නිර්දේශ කෙරෙන්නේ. එක් වර ටූනා මාළු විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් ඔබ මරණයට පත්වෙන්නේ නැහැ. නමුත් දිනපතා විශාල ප්‍රමාණ ආහාරයට ගැනීම නම් භයානක ප්‍රතිඵල කර දිය හැකියි.

මඤ්ඤොක්කා

මඤ්ඤොක්කා වල මුල් සහ කොළවල ඉතාම පුදුම සහගත ලෙස විශාල ප්‍රමාණයක් සයනයිඩ් අඩංගුවෙනවා. මඤ්ඤොක්කා බොහෝ විට ශ්‍රී ලංකාව, දකුණු ඇමරිකාව, අප්‍රිකාව වැනි නිවර්තන කලාපීය රටවලින් හමුවෙන එළවළුවක්. අපේ රටේ මඤ්ඤොක්කා තම්බා ආහාරයට ගත්තත්, අප්‍රිකාවේදී නම් මඤ්ඤොක්කා යුෂ පැසවීම මගින් පිවරි නම් පානයක් සකස් කරනවා.

කජු

සුපිරි වෙළඳසැලක ඔබට හමුවන අමු කජු ඇත්ත වශයෙන්ම අමු නැහැ. ඒවා විෂ සහිත අයිවී කොළ වල (Poison ivy) අඩංගු වන රසායනික ද්‍රව්‍යයක් වන යුරුෂියෝල් ඉවත් කිරීම සඳහා තම්බනවා. මෙම රසායනික ද්‍රව්‍යය විෂ අයිවී හෝ විෂ ඕක් වැනි ඒවායින් ඇතිවන බලපෑමට සමාන බලපෑමක් ඇති කළ හැකියි. ඉහළ උරුෂියෝල් ප්‍රමාණයක් මාරාන්තික වෙන්නත් පුළුවන්. විෂ අයිවී වලට ආසාත්මිකතා ඇති පුද්ගලයින්ට, අමු කජු ආහාරයට ගැනීම මගිනුත් මාරාන්තික අසාත්මිකතා ඇතිවීමට ඉඩ තිබෙනවා.