මිනිස් ජීවිතය යනු සම්පූර්ණයෙන්ම ප්‍රශ්න වලින් පිරුණු ප්‍රශ්න පත්තරයක්.අපි අපේ මුළු ජීවිත කාලයම කරන්නේ මේ ජීවිතය කියන ප්‍රශ්න පත්තරේට ලියන්න උත්තර හොයන එක.සාමාන්‍යයෙන් අධ්‍යාපනයේදී අපි පිළිතුරු සපයන ප්‍රශ්න පත්‍ර වලින් අපිට ලකුණු ලැබෙනවා,ඉහළ සාමාර්ථයන් ලැබෙනවා වගේම තමයි මේ ජීවිතය කියන ප්‍රශ්න පත්‍රයත්.අපි විසඳුම් හොයා ගත්තොත් අපිට පුළුවන් සතුටින් ජීවිතය ගත කරන්න.සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්න.ඉතින් දුප්පත් ,පොහොසත් බේදයක් නැතුවම අපි කාට කාටත් පොදු මේ ප්‍රශ්න වලට උත්තරයක්,විසඳුමක් හොයා ගන්න නොහැකි වුනොත් ඒක අපිට ගොඩක් ලොකු මානසික වදයක් වෙනවා.අපේ හිතේ සැනසීම නිදහස නැති වෙනවා.ප්‍රශ්නේ ගැනම හිතලා හිතලා අපි මානසිකව වැටෙනවා.

ගොඩාක් දුර්වල දරා ගැනීමේ ශක්තියක් ඇති සංවේදී කෙනෙක් නම් සමහරවිට මේ වගේ වෙලාවට මානසිකව බිඳ වැටී මානසික රෝගියෙක් පවා වීමට ඉඩ තියෙනවා.අවදානම වන්නේ එයයි.අපි සරලව හිතුවට සත්‍ය නම් ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට නොහැකි වීම යනු මිනිසුන්ව මානසික රෝගීන් බවට පත් කරන, සියදිවි නසා ගැනීමට වුවත් මිනිසුන්ව පොළඹවන තරමක් බැරෑරුම් කාරණයක්.ඉතින් අපේ ජීවිතයේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට නම් අපිට සිද්ධ වෙනවා නිවැරදි තීරණ ගන්න.සමහරවිට අපි තීරණ ගැනීමේදී තරමක් දෙගිඩියාවකින් පසු වෙනවා.එය අපිව වැරදි විසඳුමක් කරා ගෙනයාමට වුවද බලපානවා.එනිසයි අපි අද ඔබට මෙම සරල පරීක්ෂණය ගෙන ආවේ.ඔබට තීරණ ගැනීමට මෙම සරල පරීක්ෂණය යම් තරමකින් හෝ උපකාරයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.එනිසා උත්සහ කර බලන්න.සැහැල්ලු වූ සිතකින් යුතුව රූපයෙන් අංකයක් තෝරාගන්න.ඔබ වෙත අදාල පණිවිඩය සොයාගන්න.

1.ඔබ කරදර වෙන්නේ නිශ්ඵලවයි.ඔබට බිය වීමට හෝ කරදර වීමට අවශ්‍යතාවයක් නැත.මන්ද ඔබ ගමන් කරන්නේ හරි පාරේය.එනම් නිවැරදි මාර්ගයේය.අවශ්‍ය වන්නේ ඔබ ඔබවම විශ්වාස කිරීම පමණි.එවිට ඔබට ඔබේ සිහින යථාර්තයක් කර ගැනීමට හැකි වෙනු ඇත.

2.ඔබ ඔබේ තීරණ වලම එල්බ සිටියි.ඔබ නිවැරදි වීමට හැකි නමුදු සැමවිටම ඔබේ මතය නිවැරදි නොවන්නට පුළුවන්.එනිසා තරමක් නම්‍යශීලි වෙන්න.සැහැල්ලුවෙන් ප්‍රශ්න දෙස බලන්න.එවිට ඔබට නිවැරදි මාර්ගය පෙනේවි.

3.ඔබට සැමදෙයක්ම පාලනය කළ නොහැක.එනිසා ඔබටම වරද පවරා නොගන්න.සිදු කල යුතුව තිබු සැම දෙයක්ම ඔබ සිදු කර ඇත.එනිසා විසඳුම ලැබෙන තුරු කාලයාට ඉඩ දී බලා සිටින්න.

4.කරදර වෙන්න හෝ සිතෙහි බියක් ඇති කර ගන්න එපා.ඔබේ සැලසුම ක්‍රියාත්මක කිරීමට ,ඔබට අවශ්‍ය ඉලක්කය වෙත ළඟා වීමට අවශ්‍ය ශක්තිය ඔබට ඇත.

5.ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය යැයි සිතෙන දේවල් ගැන හොඳින් සිතා බලන්න.පසුව ඉන් ඔබට වැදගත්ම දෙය තෝරාගන්න.එය ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා මහන්සියෙන් වෙහෙස වී කටයුතු කරන්න.

6.හැමදෙයම ඉතාමත් ඉක්මනින් විසඳෙනු ඇත.යථා තත්වයට පත් වෙනු ඇත.ප්‍රථිපලය සතුටුදායක වෙනු ඇත.

7.සියල්ල අහිමි වී ඇති බව එහෙමත් නැත්නම් ඔබව යා යුතු මාර්ගයේ අතරමංව ඇති ලෙසක ඔබට සිතෙන්නට පුළුවන්.නමුත් බිය නොවන්න.ඔබේ ආත්ම ශක්තිය,ප්‍රතිභාව,බුද්ධිය ඔබව නිවැරදි මාර්ගයට ගෙන යනු ඇත.

8.ඔබ දැනට වඩා හොඳින් අන් අයට සවන් දෙන්න හුරු වෙන්න.ඔබේ සිතට එකඟව ජීවත් වෙන්න.ඔබට අවශ්‍ය පරිදි ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න එවිට ඔබහට හැකියාව ලැබේවි.

9.සැම දෙයක්ම ඔබට අවශ්‍ය පරිදි සිදු වෙමින් පවතී .ඔබ ගමන් කරන මාර්ගයේ ඔබ ආරක්ෂිතයි.එනිසා ඔබේ සිහිනයන් වෙත ළඟා වීමට ඔබට හැකි වෙනු ඇත.

10.වාසනාව ඔබ වෙතින් පලා ගොස් ඇත.නමුත් ඔබේ කැපවීම,නොපසුබට උත්සාහය හමුවේ දෛවයද ඔබට වෙනස් කළ හැකිව පවතී.එනිසා දුෂ්කරතා ජයගෙන ඔබේ අරමුණ වෙනුවෙන් කැපවෙන්න.එය සැබෑ වෙනු ඇත.

11.ඔබට බොහෝ දේ ලැබිය යුතුව ඇත.එනිසා දුෂ්කර අවස්ථාවන්හිදී හැකි නම් එය මග හරින්න.නැත්නම් කෙසේ හෝ එය ජයගන්න උත්සහ කරන්න.මන්ද ඔබට අවශ්‍ය දෙය යථාර්තයක් වෙමින් පවතී.

12.ඔබේ සැලසුම සාර්ථක වෙමින් පවතියි.නමුත් ඔබට ඒ සඳහා තවත් ටික කාලයක් බලා සිටීමට සිදු වෙනු ඇත.එතෙක් වෙනත් දෙයක් වෙනුවෙන් කැපවෙන්න.

13. ඔබේ ජීවිතය වෙනස් වෙමින් පවතියි.විටෙක ඔබට අවශ්‍ය දේ ලැබුණද එයින් ඔබට සතුටක් නොලැබේ.මන්ද එවිට ඔබේ පැරණි ආශාවන් ,අරමුණු වෙනස් වී ඇති නිසාය.එනිසා වෙනසට හුරු වෙන්න.එවිට ජීවිතය සතුටුදායක වේවි.

14.ඔබ අවසානයටම ළඟා වී ඇත.එනිසා ධෛර්යමත්ව අවසාන පියවරත් සම්පුර්ණ කරන්න.එවිට ඔබේ අරමුණ සඵල වේවි.

15.වාසනාව ඇත්තේ ඔබේ පැත්තේය.එනිසා ඔබේ අවස්ථාව ලබා ගන්න.ඔබේ අරමුණට ලඟා වෙන්න.