ලෝකයේ පලවෙනි කෝටිපතියන් කිහිපය අතරට ලංකාවේ කෙනෙක් ඉන්නවද? නෑ.. පළවෙනි දසදහස අතරවත් ලංකාවේ කෙනෙක් නෑ. ඒත් උපාලී විජේවර්ධන අද ජීවතුන් අතර හිටියානම් බොහෝ විට ඔහු ලෝකයේ පළවෙනි කෝටිපතියන් දහදෙනා අතරට එනවා.කොහොම හරි ඒ කාලේ ලංකාවේ පළවෙනි කෝටිපතියා වුනු උපාලී විජේවර්ධන මීට වසර 33 කට කලින් අතුරුදහන් වුනා. මේ අතුරුහන් වීම ගෙන නොයෙකුත් මත තිබුනත් සමහර අය කියන්නේ මේක ව්යාපාරික සතුරන් විසින් සිදු කල කෘමන්ත්රණයක් කියලා.

උපාලී විජේවර්ධන 1970 වන කොට ලංකාවේ මෝටර් රථ හදන්න පටන් ගත්තා. ඉතින් මේ හදපු පළවෙනි කාර් එකේ නම තමා යූ එම් සී මැස්ඩා කියන කාර් එක. කොහොම හරි මේ මැස්ඩා කියන වර්ගයේ මෝටර් රථ 500 ක් පලවෙනි වටයට නිෂ්පාදනය කරලා

තියෙනවා. මේ කාර් සුදුපාටීන් හා රතුපාටීන් ලස්සනට වර්ණ ගන්වලා තිබිලා තියෙනවා . මේ නිෂ්පාදනය කරපු කාර් රථ විකුණන්න කලින් මින් එකක් කැලණිය පන්සලට පූජා කරන්න උපාලි විජේවර්ධන කටයුතු කරලා තියෙනවා .

එයින් අනතුරුව මෙම කාර් රථයේ පළමු වැනි ගැනුම්කරුවා වූයේ ලෝරන්ස් නැමති ව්යාපාරිකයෙක් . ඔහු එකල මෙම කාර්රථය මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 29,000 කට. ඊට පස්සෙ මේ මෝටර් රථ ලංකාවේ ප්රබල චරිත රැසක්ම භාවිතා කරලා තියෙනවා . ඒ අතර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, අගමැති ඩඩ්ලි සේනානායක, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දෙර, ආචාර්ය ජී. එම්. ආටිගල, යූ. එන්. ගුණසේකර, ජෝර්ජ් ගෝමස්, මර්වින් පෙරේරා, ආචාර්ය සීවලි රත්වත්ත වැනි ප්රබල චරිතද වෙනවා.

මේ කාර් රථ වලින් දෙකක් උපාලී විජේවර්ධන මහතා පාවිච්චි කරලා තියෙනවා. . මේ කාර් රථ වල ලියාපදිංචි අංක වුනේ 5 ශ්රී 9115 සහ 6 ශ්රී 9999 කියන ඒවා . කොහොම හරි මෙයින් එක මෝටර් රථයක් රන්වන් පැහැයෙන් පාට කර ඇති අතර උඩු කොටස තද දුඹුරු පාටින් පාට කරලා තියෙනවා. . මේ මෝටර් රථ දැනටමත් නුවර එලියේ තියෙන උපාලි විජේවර්ධගේ බංගලාවේ තියෙනවලු.

කොහොම හරි මෑතකදි ධර්මසේන අතුපත්තු මහතාට අයිතිව තිබු පැරණි මැස්ඩා මෝටර් රථයක් ගංගාරාම විහාරයට පරිත්යාග කරලා තියෙනවා. අද උපාලි විජේවර්ධන මහතා හිටියනම් ලංකාවේ ආර්ථිකයත් ඒක විශාල උපකාරයක් වෙන්න තිබ්බා . ඒ වගේම ආඩම්බරයෙන් කියන්න තිබ්බා අනෙක් රටවල අයට ඔයාල පදින මැස්ඩා කාර් එක අපේ රටේ හදන එකක් කියලා.

ඒත් උපාලි විජේවර්ධන අද හිටියනම් ලෝකේ පලවෙනි කෝටිපතියන් අතරට එනවා කියලා කියන්නේ මේ මැස්ඩා කාර් එක හදපු නිසාම නෙමෙයි. රට පුරා හා ලෝකය පුරාම පැතිර ගිය දැවන්ත ව්යාපාර රැසක් උපාලි විජේවර්ධන සතුව තිබුනා. කොහොම හරි උපාලි විජේවර්ධන නැති වීම රටට ලොකු පාඩුවක් කියන එක නොරහසක්.