Sun. Apr 5th, 2020

Lanka Online

Sri Lanka Online News

තනියම ජීවත්වන යකඩ ගැහැනිය

ශ්‍රී ලංකාවේ දියඇලි අතර උසම දියඇල්ල වී දිය ඇලි රාජනිය බවට පත්වූ බඹරකන්ද දියඇල්ලේ උස අඩි 863 කි. හපුතලේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බඹරකන්ද හා ඒ ආශ්‍රිත පරිසරය වරෙක මතුකරන්නේ ගුප්ත සිතුවිලිය. එපමණක් නොව මෙම පරිසරය, නෙත සිත වසඟ කරන්නේ සෞම්‍ය කාලගුණයකට ද උරුමකම් කියමිනි හල්දුම්මුල්ල පුරාවට ඇති ඓතිහාසික පසුබිම ලක්බිම මානවයාගේ ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන්නෙකි පරදේශක්කාරයන්ට විරුද්ධව සටන් කළ දේශමාමක විරුවන් රැසක් ද මෙහි එදවස ජීවත්ව තිබේ. ඒ පරිසරය තුළ හුදකලා වූ බඹරකන්ද දියඇල්ල මෙන්ම එම දියඇල්ල දැක දැක තනිපංගලමේ අභීතව වසර 26 ක් ජීවත්වෙන ස්ත්‍රියක් පිළිබඳව අසන්නට ලැබේ ජගත් කාන්තා දිනය ළංවෙද්දී ඉරිදා ලංකාදීපයේ අපි එම යකඩ ස්ත්‍රිය සොයාගෙන ගියෙමු බදුල්ල- කොළඹ (A4) ප්‍රධාන මාර්ගයේ කළුපහන හන්දියෙන් හැරී ඉහළට දිවෙන මාර්ගය යටත් විජිත පාලන සමයේ ඉදිකර ඇත්තේ සුදු පාලකයකු විසිනි උඩවේරිය හා වෙස්ට් හපුතලේ යන තේ වතුවල තේ ප්‍රවාහනය සදහා මේ මාර්ගය එදවස නිර්මාණය කර තිබේ මෙම මාර්ගයේ සුදු ජාතීන් රේස් කාර් පැද වූ බව ද සඳහන් වේ පරිසර හිතකාමීන්ට, ඔහියට යා හැකි සුන්දර මාර්ගය ද මෙය වෙයි එහෙත් අද අබලන්ව ඇති මාර්ගයේ කි.මී. 5ක පමණ දුර ගමන් කරන විට බඹරකන්ද දිය ඇල්ල නෙත් මානයේ දිස්වෙයි. එම දසුන දැක දැක තවත් කි.මී. භාගයක් පමණ දුර ගමන් කරන විට අප සොයා ගිය නිර්භීත ස්ත්‍රිය හෙවත් සේරා මායාකඩුව මහත්මිය මුණ ගැසිණ.
සේරා ඉතාම ඉක්මනින් හිතවත් වන කාන්තාවකි.

පියකරු සිනාව, ළෙන්ගතු කතාව මෙන්ම අව්‍යාජ බව ඒ ආකර්ෂණය විය හැකිය ඇගේ නවාතැන් පොළ වන බඹරකන්ද හොලිඩේ රෙසෝට් පිහිටා ඇත්තේද දියඇල්ලට නොගොස්ම දියඇල්ල නැරඹිය හැකි ස්ථානයක වීම විශේෂත්වයකි පිළිගැනීමේදීම ලබාදුන් ප්‍රණීත තේ කෝප්පයෙන් උණුසුම් වීමි මම උයනවා කැමැතිනම් ඇවිත් බලන්න, ඇය ඇරයුම් කළාය නිවස තුළම පිහිටි කුඩා මුළුතැන්ගෙය ඉතා පිරිසිදුය මම අලකොළ මාළුවක් හදනවා මේක මේ ප්‍රදේශයේ නිකන්ම හැදෙනවා හොඳට ලේ වැඩෙන කෑමක් හැබැයි හරියට හදන්න ඕනෑ හුඟාක් අය මේ අලකොළ ඇඹුලට කැමැතියි කෙහොමටත් මම එළවළු වගාකරගෙන තියෙනවා වස විස නැතිව ස්වාභාවික පොහොරවලින් ඒවා හදනවා මම සල්ලාපයට මුල පිරුවෙමි.

කොහොමද, දිය ඇල්ල පෙනෙන තෙක් මානයේ මේ තැන හොයා ගත්තේ?  “මගේ මහත්තයා වතු අධිකාරි කෙනෙක්. එයාගේ තාත්තත් වතු අධිකාරි කෙනෙක් මහත්තයාගේ තාත්තා තමයි මේ ඉඩම අරන් තිබුණේ පොඩි ගෙයක් හදාගෙන මමයි මහත්තයයි මේ ගෙදර පදිංචි වුණා මොකද අපි දෙන්නම පරිසරයට ආශයි ඒ වගේම නිදහසේ ඉන්න ආශයි දවසක් අපි දෙන්නා ​ෙගදර ඉස්සර හා ඉඳන් දිය ඇල්ල දිහා බලාගෙන ඉන්නකොට විදේශිකයෝ දෙන්නෙක් ට්‍රේල් බයික් එකකින් ඇවිත් අපි ළඟම නතර කළා “අපිට හරිම බඩගිනියි කෑම ටිකක් දෙන්න පුළුවන් ද?” ඇහුවා.  මම මහත්තයට කිව්වා, පව්නේ අපි කෑම ටිකක් දෙමු කියලා එතකොටත් අපි දවල්ට හදපු කෑම තිබුණා අපි ඒ දෙන්නට කෑම දුන්නා කෑම කාලා ඒගොල්ල ගාන ඇහුවා.
මම කිව්වා ‘‘අනේ සල්ලි එපා. අපි නිකන් දුන්නේ’’ කියලා ඒ පාර දෙන්නා කිව්වා. ‘‘ඔයාල මෙතැන රෙසෝට් එකක් පටන් ගන්න’’ කියලා අපි සංචාරකයෝ එවන්නම් කියලත් කිව්වා එතකොට අපේ ගෙදර කාමර දෙක විතරයි තිබුණේ.

ඇත්තටම දවස් දෙක තුනක් යනකොට සංචාරකයෝ එන්න පටන් ගත්තා. අර විදේශීකයෝ දෙන්නා හික්කඩුව, ආරුගම්බේ යන තැන්වල ඇවිදින ගමන් සංචාරකයන්ට අපේ ගෙදර ගැන කියලා මේ අය එවලා තිබුණා කට්ටිය වැඩි වුණාම ඒගොල්ල ස්ලීපිං බෑග් දාගෙන නිදා ගත්තා ඔහොම ඉන්නකොට මගේ මහත්තයට 1993 අසනීප වුණා. ඒක දුලභ පිළිකාවක් මහත්තයා මියගියා. එතකොට මගේ වයස අවුරුදු 34 යි. ඊට පස්සේ මම තනි වුණා
කැලෑව මැද හුදකලා වුණත් මම ඒ හුදකලාවට පුරුදු වුණා කිසිම බයක් ඇතිවුණේ නැහැ මගේ හිත හරිම තෙත් වගේම හරිම දැඩියි මට ඉන්න එකම දරුවා ගැහැනු දරුවෙක් මම එයා බණ්ඩාරවෙල නතර කරලා බණ්ඩාරවෙල ඉස්කෝලෙකට යැව්වා මම තනියම මේ ගෙදර හිටියා
කාමර දෙකට අමතරව කටුමැටි ගහලා පොඩි කාමර දෙකක් හැදුවා සංචාරකයෝ පැමිණීම වැඩි වුණා මම තනියම කෑම හදලා සියලු සත්කාර කළා මේ පරිසය පුරාවට තියෙන්නේ සොබාදහමේ අපූරු නිර්මාණ. ලස්සන දියඇලි හතක්ම තියෙනවා, බඹරකන්ද ඇල්ල, ලංකා ඇල්ල. යාලතැන්න ඇල්ල, නාගදෝව ඇල්ල, උඩුවර ඇල්ල. එම දිය ඇලි. ඊට අමතරව ලංකාවේ දිස්ත්‍රික් 5 ක දර්ශන එකම තැනක සිට නැරඹිය හැකි වංගෙඩි ගල කන්ද හා වංගෙඩි ගල තියෙන්නෙත් මේ ළඟමයි මේ වනාන්තරය පුරා විවිධ ඖෂධ ශාක වර්ග සහිත ජෛව විවිධත්වයෙන් අනූන පරිසරයක් තියෙනවා.

මම තනියම ඉන්නකොට බොහෝ දෙනෙක් ඇවිල්ලා මේක විකුණනව ද ඇහුවා. ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් සමාගම්වලින් පවා ඇවිත් විශාල මුදලකට ඉල්ලුවා. එ්ත් මම කැමැති වුණේ නැහැ දුව ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා රූපලාවණ්‍ය පාඨමාලාවලටත්, හොටෙල් ස්කූල් පාඨමාලාවටත් ගියා. මේ අතර දවසක් දුව එයාගේ ස්කූටරයෙන් යන කොට බස් රථයක හැපිලා අනතුරට ලක් වුණා. මාස ගණනක් ප්‍රතිකාර කළා. ඊට පස්සේ මේ නිසා සැලුන් එක වහලා හොලිඩේ රෙසෝට් එකේම නතර වුණා දැන් මගේ වයස අවුරුදු 60 යි. කවද හරි මම මැරෙන කල්ම මෙතැන ජීවත්වෙනවා ඊට පස්සේ මගේ දුවට අයිතිය හිමි වෙන ලෙස අවශ්‍ය නීතිමය කටයුතු කළා දුවත් මම වගේ නිර්භීතව මේ තැන ආරක්ෂා කරයි කියල මම හිතනවා, යැයි ද සේරා පැවසුවේ අප සමුගන්නා මොහොතේය. සොඳුරු බඹරකන්ද දෙස බලාගෙන ඇය එසේ පවසද්දී නිරන්තරයෙන් මීදුමින් වැසී යළි විවර වෙන බඹරකන් ද දියඇල්ල මීදුමෙන් වැසී ගියේය සටහන හා ඡායාරූප බදුල්ලේ පාලිත ආරියවංශ