Sun. Apr 5th, 2020

Lanka Online

Sri Lanka Online News

කොළඹ ලොකු මහත්වරු

කන්තෝරුවේ වැඩකටයුතු අහවර වී යක්කු ගස් නගින්නට ඔන්න මෙන්න තියා පාරට බැස්සෙමි. මොබයිල් ඇප් එකකින් වෙන් කරගත් කුලී වාහනය ඒ වන විටත් කන්තෝරුවේ දොරටුව අභියසටම පැමිණ තිබුණේය. රියට ගොඩ වූ මම ඔහු හා බජනයට වැටුණෙමි මම ෆයි ස්ටාර් හොටෙල් එකක චෙෆ් කෙනෙක් ලක්ෂ ගණනක් පඩි ගන්නවා. නිකම්ම ගෙදර යන වාහනේනේ ඇප් එක දාගෙන යනව මම යන රූට් එකේම හයර් එකක් වැදුණොත් යනවා. රූට් එකෙන් ගොඩක් ඈත යන්නෙ නෑ. හම්බ කළා කියලා වැඩි වෙන්නෙ නෑනේ අනිත් එක මේ දවස්වල වියදමේ හැටියට කොච්චර හම්බ කළත් මදිනෙ ඔහු එසේ කියනා විට මට මතක් වුණේ ටයිපොලු දාගෙන පේමන්ට් එකේ බඩු විකුණන මහත්තුරු ගැනය අපේ රටේ මුල් කාලයේ ටයි දැම්මේ දොස්තර, ඉංජිනේරු, නීතිඥවරු, ගණකාධිකාරිවරු ඇතුළු විධායක නිලධාරීහුය ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සැරසී කොහේ ගියෙත් ටයි පොල්ලක් එල්ලාගෙනය මේ නිසා එකල ටයි පොල්ල හැඳින්වූයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුගේ ලකුණක් ලෙසය. එහෙව් තැනක තිබූ ටයි පොල්ල අන්තිමේදී නතර වූයේ පේමන්ට් එකේ බඩු විකුණන කොල්ලන්ගේ බෙල්ලේය දැන් ඩ්‍රයිවර් රස්සාවත් එසේමය. ඒ ටයි පොල්ල මෙන් ලොක්කාගේ සිට සොක්කන් දක්වා අවරෝහණ පිළිවෙළට නොව සොක්කාගේ සිට ලොක්කන් දක්වා ආරෝහණ පිළිවෙළටය. ඉස්සර ඩ්‍රැයිවර් රස්සාව හැඳින්වූයේ උසස් පෙළ සාමාන්‍ය පෙළ අසමත් කොල්ලන්ට සොයා ගැනීමට පහසුම රැකියාව ලෙසය ඒ රස්සාවට ඕන වූයේ ලයිසමක් පමණි. රියැදුරු බලපත්‍ර ගත් කොල්ලෝ කොළඹ මහත්වරුන්ගේ රියැදුරෝ බවට පත්වූහ එහෙත් කවදාවත් රියැදුරන්ට කොළඹ මහත්වරුන්ට ඇති සැලකිල්ල හෝ ගරුත්වය සමාජයෙන් ලැබුණේ නැත කොළඹ ඩ්‍රැයිවර්ලා ගැන වරක් පාර්ලිමේන්තුවේ කතාවක් ඇදුණේය එවිට ඇමතිවරයකු කීවේ සියලු දෙනාට සමානව සැලකීම තම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා කොළඹ ඩ්‍රැයිවර්ලාගේ ළමයිනුත් දැන් යන්නේ රෝයල් කොලීජියට බව ඇමැතිවරයා කීවේය.

ඒ කතාව විපක්ෂය උපහාසයට ලක් කළේ ඩ්‍රැයිවර්ලා සමග කොළඹ හතේ නෝනලා යහන්ගත වන බැවින් ඔවුන්ගේ දරුවන්​ රෝයල් කොලීජියට යන කතාව ඇත්ත බවය මේ කතා කෙසේ වෙතත් රෝයල් ආනන්ද ඇතුළු කොළඹ සුපිරි පාසල්වලින් ඉගෙන ගත් ආදි සිසුහුද දැන් දැන් පාර්ට් ටයිම් ඩ්‍රැයිවර් රස්සාවට බැස ඇත්තේය. එසේ පාර්ට් ටයිම් ඩ්‍රැයිවර් රැකියාව කරන බොහෝ දෙනෙක් විධායක නිලධාරීන්ය. ගම්පහ පැත්තේ සිට කොළඹ බැංකුවක මැනේජර් රස්සාවට එන මහත්තුරු කීවේ තමා වැඩ ඇරී ගම්පහ යන්නේ මගියකු දමාගෙන බවය. දවසේ තෙල්වලට යන සල්ලි ඒ හයර් එකෙන් මම කවර් කර ගන්නවා ඔහු කීවේය ‘‘අපේ මාම කෙනෙක් ඉන්නවා මහ බැංකුවේ ලොක්කෙක්. ලක්ෂ පණහක් විතර අතේ තිබ්බ පැන්ෂන් යනකොට නෝනත් රස්සාවක් කරනවා ළමයිනුත් බැඳලා සල්ලිවලිනුත් ප්‍රශ්න නෑ ඒත් දැන් හෝටල්වල ඉඳන් සුද්දන්ව හයර් කරනවා වෑන් එකෙන්. මිනිහට ගෙදරට වෙලා සැපේ ඉන්නත් පුළුවන් ඒත් කම්මැලිකමේ ඉන්නවට වඩා හම්බ කරගන්න එක හොඳයිනෙ කියලා තමයි පොර කියන්නේ.’’ එසේ කීවේ අපේ මිතුරෙකි මේ රටේ දැන් ටැක්සි ඩ්‍රයිවර් රාජකාරියට එන්නේ වෘත්තීයවේදීයෝ පමණක්ම නොවේ ඉංජිනේරු, වෛද්‍ය අධ්‍යාපනය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝද මේ අතර සිටිති. මේ කියන්න යන්නේ මොබයිල් ඇප් එකෙන් ටැක්සි දුවන කොලු ගැටයෙක්ගේ කතාවකි.

මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ලෙක්චස් ඉවර කරල රෑට ඩ්‍රයිව් කරනවා. මගේ වියදම් ටික කවර් කර ගන්න පුළුවන් අපේ මාමා කෙනෙක්ගේ මේ වාහනේ, එයාගෙන් ඉල්ලගෙන ඩ්‍රයිව් කරන්නෙ. ඉස්සර නම් අපේ රටේ ජොබ් වලටම වෙන් වූ මොකක්දෝ අනන්‍යතාවක් තිබුණේය එහෙත් සමාජයේ දියුණුවත්, සමාජය පුරා සමානාත්මතාව මනුෂ්‍යත්වය පිළිබඳ අදහස් ආකල්ප පැතිර යාමත් සමග එදා තරම්ම අද උස් පහත් රැකියා භේදයක් නැත. එමෙන්ම අද රියැදුරු රැකියාව හුදෙක්ම ෆුල් ටයිම් රියැදුරන්ට පමණක් නොවේ. දිනක් අපේ කාර්යාලයීය මිතුරෙක් අපූරු කතාවක් කිව්වේය මට දවසක් හම්බුණා කොල්ලෙක් එයා සොෆ්ට් වෙයාර් එන්ජිනියර් කෙනෙක් ෂිෆ්ට් වැටෙන්නේ රෑටලු කොල්ල දවල් දවසෙ ටැක්සි ඩ්‍රයිව් කරනවා. වාහනේ ෆිනෑන්ස් එක ගෙවාගන්න පුළුවන් කියලා කිව්වා දැන් ඩ්‍රයිවර්ලා අතරේ මෘදුකාංග ඉංජිනේරුවෝ, ඉංජිනේරුවෝ, වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ද දකින්නට පුළුවනි. තවත් අය රාජ්‍ය ආයතනවල පෞද්ගලික ආයතනවල ඉහළ තනතුරු හොබවන අයය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බොහෝමයක් දෙනා රාත්‍රියට පාරට බහින්නේ හයර් එකට ගත් වාහනයක් අතට අ​රගෙනය නැතිනම් නෑයෙක්ගේ හිතමිතුරෙක්ගේ වාහනයක් අරගෙනය. තමන්ගේම වාහනයක් අරගෙන පාරට බහින අයගෙන් සමහරුන්ට ඕනෑ වාහනයේ ෆිනෑන්ස් එක ගෙවා ගන්නය. තවද හිඳෙන මාස් පඩියට මුක්කුවක් ගහන්නය.

වෘත්තියෙන් මෘදුකාංග ඉන්ජිනේරුවෙක් මෙසේ කියා සිටියේය ‘‘අපි හම්බ කරනවා තමයි. ඒත් ගන්න පඩිය කොහෙන් යනවද කියන්න බෑ. මේ දවස්වල මාර වියදම්නේ. ඉතින් නිවාඩු දවස්වලට හයර් යනවා. ඒකෙන් ගෙදර දොරේ වියදම්වලට පොඩි සපෝර්ට් එකක් ලැබෙනවා. අනිත් එක ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ නිකන් තියෙන වාහනේ හයර් යන එකත් හොඳයිනේ. මේ ‘‘මාතලී’’ රස්සාවේ උඩුයටිකුරු වීමේ අන්දරයට අපේ ර​ටේ කුලීරිය ඉතිහාසයේ පරිණාමයද හේතු සාධක වී ඇත සිලිං හයක් ගෙන තනි අශ්වයෙක්ගේ අශ්ව කරත්තයකින් කොලොම්පුරේ කරක් ගහන්නට මීට සියවසකට කලින් හැකි විය. ඒ ඒ කාලයේ තිබුණ ටැක්සියයි දෝලාවෙන් අශ්ව කරත්තෙන්, ගොං කරත්තෙන් රික්සෝවෙන් ආ ලංකාවේ කුලී රථ කර්මාන්තය යාන්ත්‍රික වෙන්නෙ මොරිස් මයිනර්වල හා ඉබි කාර්වල (වොක්ස් වැගන්) පැමිණීමත් සමගය මොරිස් මයිනර් වොක්ස් වැගන් රථ ටැක්සියකට ගන්න ඒ කාලයේ හිමි වූයේ ඇති හැකි අයටය නැති බැරි අයට යන එන ගමනට ගන්න පුළුවන් මිත්තර​යක් ආවේ මීට දශක තුනකට​ පෙරය ඒ ආ මිතුරා ආටා නැතිනම් ත්‍රීවීලරයයි. ටුක් ටුක් එකයි. ටුක් ටුක් එක ලංකාවේ හතර දිග් භාගය ආක්‍රමණය කළේ එහි ඇති පහසුවත් අඩු මිල ආදී බොහෝ දේත් නිසාය. පාරෙ යන ත්‍රීවීලරයකට අත දමා නවත්වාගෙන යන්නට අපේ අය ඒ කාලේ දෙපාරක් හිතුවේ නැත.

‘‘ඒ ත්‍රීවීල් මල්ලි’’ කාගෙත් හිතවතා නිසාය. කාලයත් එක්ක මර්සි වැඩ නිසා අපේ ත්‍රීවීලරයට මීටරේ හයි වුණේය. ත්‍රීවීල් එක මෙහෙම යද්දී අපේ රටේ අනෙක් රෝද හතරේ වාහනද ටැක්සි ලෙස දිව්වේය. ඒත් රෝද තුනේ යන්න හිතන තරම්, රෝද හතරෙ වාහනවල යන්න අපේ අය පෙලඹුණේ නැත. ඒ ඒවායේ ගමන් ගාස්තු අහසට ටිකක් පහළින් තිබුණ නිසාය. ටැක්සි කතා ඔහොම යද්දී අපේ රටේ ජනගහනයට වඩා ජංගම දුරකථන ගහනය වැඩි විය. ස්මාට් ​ෆෝන් එක මොබයිල් ඇප් එක සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා අංගයක් විය. පාරේ යන ඔටෝ එකට අත දානවා වෙනුවට, වීල් පාර්ක් එකට ගොහින් ත්‍රීවීල් එකක් ගන්නවා වෙනුවට, කෝල් එකක්දී වාහනය ගෙන්වා ගන්නවා වෙනුවට ෆෝන් එකේ මොබයිල් ඇප් එකකින් වාහනයක් ගෙන්වා ගැනීම අපේ අයට තවදුරටත් අරුමයක් නොවීය හුදී ජනයා ආටාවෙන් ඉහළ රියකට පය තියන්නේ ඒ ගාන තමන්ගේ පොකට්ටුවට දරාගත හැකි නිසාය. එසේ පය තියන ලොකු සැප හෝ බාගෙ සැප රෝද හතරේ වාහනේය. රියැදුරා සමහරක් විට පුංචි පහේ පොරක් නොවිය හැකිය මොබයිල් ඇප් එකෙන් ඔබ ගෙන්වා ගන්නා රථයේ ‘මාතලී’’ මේ රටේ පරිපාලන නිලධාරියකු වෙන්නත් බැරි නැත.

මම පරිපාලන සේවයේ නිලධාරියෙක්. සැලරි නම් ටිකක් හොඳයි තමයි ඒත් මේ වියදම් එක්ක ගේම ගහන එක ලේසි නෑ. මම ඉතින් ෆ්‍රී වෙලාවට ඇප් එක දාගෙන පාරට එනවා වාහනේ ලීසිං එක හවුස් රෙන්ට් එක හරි බබාගෙ ඩේ කෙයා ෆීස් එක හරි මේකෙන් ටිකක් කවර් කර ගන්න පුළුවන්. නිකන් ඉන්න එකේ නිකන් තියෙන වාහනෙන් වැඩක් ගත්තහම මොකද වෙන්නේ මොබයිල් ඇප් වාහන අත​රේ මෝටර් බයික්ද ඇත. ඒ රියැදුරන් අතරේ පාසල් රියැදුරෝද සිටිය හැකිය එකහමාරට ඉස්කොලේ ඉවර වුණාම මම හත අට විතර වෙනකන් හයර් දුවනවා. ගන්න පඩියම සති දෙකක් ජීවත් වෙන්නත් මදි. ටියුෂන් කරනවට වඩා මේක ලාබයි සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් ඔක්කොම මම හයර් යන එක කරන්නේ. මාසෙ පඩියෙන් ගෙදර බඩු ටිකයි බිල් ටිකයි ගෙවනවා ඔය එළවළු අරව මේව ග්‍රොසරි බඩු මේකෙන් කවර් කරගන්න පුළුවන් මොබයිල් ඇප් මාතලී කෙනෙක් ලෙස පාර්ට් ටයිම් වැඩ කරන ගුරුවරයෙක් පවසා සිටියේය මුල් කාලයේ රියැදුරු වැඩේට අත ගැහුවේ පිරිමි පාර්ශ්වය පමණි ඒත් අද රිය හසුරුවන තරුණියන්ද පාර තොටේදී අහඹු දසුනක් නම් නොවේ දැන් ​ඔබ මොබයිල් ඇප් එකෙන් එන්නට කියූ රිය පදවන්නේ කාන්තාවක් වුවහොත් එය පුදුමයට කරුනක් නොවේ ඇය එන්නේ ආටාවෙන් වෙන්නත් කාර් රථයකින් වෙන්නත් පුළුවන්ය. ඇය විටක වෘත්තියෙන් රියැදුරුවරියක් වෙන්නටත් පුළුවන්ය බැරිවෙන්නටත් පුළුවන්ය ඒ මොනවා වුණත් මේ රටේ අනෙක් හැම ක්ෂේත්‍රයක මෙන්ම මොබයිල් ඇප් ටැක්සි ඩ්‍රයිවර් වෘත්තියටද කාන්තාවන් අත තබා ඇත.

ඉස්සරම කාලේ හයර් දුවන්න නම් පාර්ක් එකකට වී කල්මැරීම අනිවාර්යය. වාහන පාර්ක් එකට අලුතෙන් ගියොත් පරණ රියැදුරන්ගේ තර්ජන ගර්ජනවලින් අඩුවක් නැත ඒ ඔවුන්ගේ ඒරියා එකේ අලුත් හයර් කාරයන්ට ඉඩ නැති බැවිනි. හැරත් ත්‍රිවිල් පාර්ක්වල කල් මරා හිටියත් වැඩක් නැත ඊට කස්ටමස්ලා අඳුනාගත යුතුය කස්ටමස්ලා ඩ්‍රයිවර්ලාත් අඳුනාගත යුතුය ඒත් මේ මොබයිල් ඇප් නිසා කස්ටමස්ලා ඩයිවර්ලා දැනහැඳුනුම්කම් කෙසේ වෙතත් ‘‘පාර්ක්’’ එකකට යන්නට ඕනෙද නැත. අද මේ ‘‘ඩ්‍රයිවර්ගේ’’ භූමිකාව වෙනස් වෙන්න මේ තත්ත්වයද බලපා ඇත තමා ගොඩ වන රියේ රියැදුරු තම මගියා අඳුනන්නේ නැත මගියා රියැදුරා හඳුනන්නේද නැත. යළිත් ඔවුනොවුන් හමුවෙන්නටත් ඒ හමු වුවද එකිනෙකාට ඔවුනොවුන් ගැන මතකයේ රැඳෙන්නට ඉඩකඩ අවමය එදා අස් රියේ ගොන් රියේ රියැදුරාගේ කාරිය මිනිසකු වාඩි වී යන විට තවත් මිනිසකු ඇදගෙන ගිය රික්ෂෝකරුගේ රාජකාරියට ත්‍රීවිල් මල්ලිගේ රාජකාරියට අද වෛද්‍යවරු ඉංජිනේරුවෝ ආයතන ප්‍රධානීන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ආදී සමාජයේ ප්‍රබල භූමිකාවන්ට පණ පොවන අය අත තබා ඇත මේ කවුරු ඔබේ හයර් එක ගන්නට ආවත් ඔහු ඔබේ රියැදුරුය එබැවින් ඔහු ඔබ අමතනු ඇත්තේ සර් හෝ මැඩම් යනුවෙනි. අපට සර් මැඩම් කියා ඔහු කතා කළද ඇතැම් විට ඒ රියැදුරා දහවෙල් ඔබේ ආයතනයේ සර් විය හැකිය පසුගිය දොහේ ඔබට බෙහෙත් දුන් දොස්තර වෙන්නටත් පුළුවන්ය. වැඩේ කරගන්න දින ගණන් කල් මරන්නට සිද්ද කළ පරිපාලන නිලධාරියා වෙන්නත් පුළුවන්ය මධුෂාණි කොඩිතුවක්කු