තවත් ඉපැරණි දේවාලයක් තියනවා අතුරැගිරිය,කොට්ටාව පාරේ ,වල්ගම මාගා ආයතනයට නුදුරෙන්.ගල් ගුහාවක් අශ්‍රිතව ඉදිකරපු. දැන් එය පුද්ගලික ඉඩමක පවතින්නේ. මේ ඉපැරණි දේවාලයේ බුදු පිළිමයක්ද, දේව රූපද දැකිය හැකියි. මේ නිසා විහාරයක් කියලත් සැක හිතෙනවා.දැනට ගල් වලක් නිසා තර්ජනයට ලක්වෙලා.තියනවා.වහලා දාලා තියෙන්නෙ.වැඩි විස්තරයක් දන්නෙනම් නෑ…මේක තියෙන්නෙ අතුරැගිරිය කොට්ටාව පාරේ වල්ගම ප්රයදේශයේ. මාගා ආයතනයට හැරෙන වංගුව පසුකරලා කොට්ටාව පැත්තට මීටර 200 පමණ යනවිට වම් අත පැත්තෙ වෙලෙන් එහාපැත්තේ.

ගල් කන්දක් ඇතුලට ගුහාවක් හාරලා හදලා තියෙන්නෙ. ඇතුළුවීමට ඇත්තේ තනි කළුගලින් නිමවු ගල් උලුවස්සකි. දැනට කළුගල් ව්යබපාරිකයන් ගල් කන්ද දේවාලය අසලටම කඩාදමා ඇත. කන්ද මුදුනේ දියපොකුණක් තිබෙන බව අසා ඇතත් එයට ලගාවිය නොහැකි විය.දේවාලය ⁣තිබෙන ඉඩමේ දැනට පදිංචිව සිට්න අයගේ පියා ජිවත්ව සිට්න කාලයේ මෙය ඉතා දියවුනු ත්වයක තිබි ඇත.
වසර 1970 කාලයේ පමණ අලි ඇතුන් විශාල සංඛ්යපවකින් සමන්විත අංගසම්පූර්ණ පෙරහරක් මෙම දේවාලය මුල්කොට ප්රබදේශය පුරා සංචාරය කර ඇත.

ජනවහරට අනුව මෙම දේවාලයේ ඉතිහාසය සීතාවක හෝ රයිගම රජසමය දක්වා දිවයන බවට පැවසුවත් එහි සත්ය් අසත්යා තාවය පිලිබද කරැණු පැවසිමට නොදනී. ඒ පිළිබදව පුලුල් පරික්ෂනයක් කර පුරාවිද්යාි බලධාරීන් විසින් සාක්ෂි සොයාගත යුතුවේ.දැනට මෙම දේවාලය නටඹුන් වෙමින්, අභාවයට යමින් පවති.රැකගැනිමට නිසි බලදාරින්ට යොමුකල යතුය.අප අරමුණ මේ පිළිබඳව ඔබට හෙළිදරව් කිරීමටය. මේ පිළිබද තොරතුරු දන්නා ඔබට සංවාදයකට ඇරයුම් පතමි. ඒ වගේම මෙම ස්ථානයට ගොස් ගවේශනය කරන්නටත් ආරාධනා කරමි.ලිපි මූලික අයිතිය – ප්‍රසාද් කේ විතාරණ ගෙනි (Prasad K Vitarana)  (උපුටා ගැනීම නිරයිගම රාජධාණිය )