Sat. Feb 29th, 2020

Lanka Online

Sri Lanka Online News

පොළොන්නරුවේ පුලස්ති ඉසිවරයාගේ ප්‍රතිමාව මෙන්න

දැනට සුප්‍රසිද්ධ පොලොන්නරුවේ පරාක්‍රම ප්‍රතිමාව ලෙස හඳුනාගන්නා මෙම ප්‍රතිමාවේ ඉහළ කෙල‍වරේ පුලතිසි නමින් කොටා ඇති අතර වර්ගපූර්ණිකාව නම් මුද්‍රණය නොකෙරුණ ඉතිහාස පුස්කොල පොතට අනුව මේ පුලතිසි පුරය පාලනය කරන ලද පුලස්ති ඉසිවරයාගේ ප්‍රතිමාවයිසුප්‍රසිද්ධ රාවණා රජුගේ පියාගේ පියා (සීයා) වන පුලතිසි ඉසිවරයා, ලං‍කාවේ ප්‍රධාන මුනිවරයන් වන කපිලථ, පුලස්ථි, නාරද හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙයි.

පුලතිසි පුරය (පොලොන්නරුව) යනු පුලතිසි ඉසිවරයාගේ පාලන තන්ත්‍ර ය පිහිටි ප්‍රදේශයයි. අද පොළොන්නරුවේ පිහිටි සුප්‍රසිද්ධ පරාක්‍රම ප්‍රතිමාව පුලතිසි ඉසිවරයාගේ ප්‍රතිමාවයි (මෙම පිළිමය පුලස්ති ඉසිවර හෝ පළමුවන පරාක්‍රමබාහු රජ නිරූපනය කරන බව විද්වත් මතයයි.). අද ද එහි ඉහල කොටසේ පුලතිසි යන අකුරු හතර දක්නට ඇත.නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. ඔහු අවුරුදු 102 ක් එනම් අද වර්ෂ වලින් නම් අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව සඳහන් වේ.

එසේම පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය II නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම “…රාවණගේ සීයා, පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියන හෙයින් රාවණාගේ උගත්කම ගැන සැක කළ යුතු නො වෙයි….” යයි එළිදරව්ව – iii නැමති ග්‍රන්ථයේ ද සඳහන් වේ.වෛද්‍ය ශාස්ත්‍රය ග්‍රීසියේ ඇති ‘පවුලතිත්’ නම් වෛද්‍ය ශාස්ත්‍රය ඔවුන්ට පුලතිසි ඉසිවරයා ගෙන් ලද්දකි.මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස් රෝහලක් තිබී ඇත.

හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. ඒ බව “…ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්‍රඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්‍ය සම්මෙලනයට පවා ගියහ…” ආදි වශයෙන් පවුලේ වෙද පොත නැමති ග්‍රන්ථයෙහි ඩී. සි. ජයසේකර මහතා ප්‍රකාශ කරයි.දන්වන්තරී නම් සෘෂිවරයා ආයුර්වේද ක්‍රමය ඇති කළ කෙනා වන අතර ඔහුව සිගිරියට ගෙන්වා අපේ වෛද්‍ය ක්‍රමය පුලතිසි ඉසිවරයා විසින් උගන්වා ඇත.

ඔහුට පුලතිසි ඉසිවරයා ‘සෙන්හලිකා’ නම් කුරුඳු වර්ගයක් දී ඇති අතර අදටත් සීගිරියේ හා හිමාලයේ මෙම ශාකය දක්නට ඇත. සීගිරියේ රාම කැලේ මෙම ගස අදටත් ඇත.ජ්‍යෙතිෂ්‍යයේ මූලික සිද්ධාන්ත හතරෙන් දෙකක් වන සූර්ය සිද්ධාන්තය හා පවුලප්තය සිද්ධාන්තය පුලතිසි ඉසිවරයා නිර්මාණය කළ ඒවා ය.හෙළ නැකත් කලාව නිර්මාණ මෙතුමා විසින් සිදු කළ අතර එහි කොටස් පහත පරිදිය.

  •  සප්ත යෝගය – ඉන්ද්රෝ ගුරුළුව, පංච පක්ෂිය, යම කාලය, උඩු මරණය, දින මුර්තුව, ඊසකය, ශිවා ලිඛිතය
  •  උමා ජ්‍යෙතිෂ්‍යය
  •  හෝරා වග
  •  සුදර්ශන වක්‍රය
  •  සෙත් වග
  •  වාස්තු වග
  •  උමා පද්ම හා උමා ගුරුළුව

මීමුරේ පිහිටා ඇති ලකේගල නොහොත් ලග්ගල කන්ද

  • එපිට කන්ද කළු පහනේ කැළේයා
  • මෙපිට කන්ද ලග්ගල මීමුරේයා
  • දෙඩිය දෙකක් උස ඇති ගෝමරේයා
  • හොඳයි පරකාස ලක මීමුරේයා

ලග්ගල කදු මුදුනේ මෙතුමාගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ඇත.මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ.එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්ර. වැනි දේ අදටත් නොනැසී පවතියි.

  • පුලතිසි ඉසිවරයා ලැග සිටය ගල
  • යක් විරුවන් ගරුත්වයෙන් හිස නැමූ ගල
  • දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල
  • මෙලක්දිවට රන්කොත අපෙ ලකේගල..