Wed. Jul 15th, 2020

Lanka Online

Sri Lanka Online News

ඩ්‍රැගන් ෆෘට් වගාවක් පටන් විදිය

ඩ්‍රැගන් ෆෘට් පතොක් කුලයේ ශාකයක් නිසා එයට නියගය, දුර්වල පාංශු තත්ව හා අඩු උෂ්ණත්වය දැරීමේ හැකියාවක් ඇත.ඩ්‍රැගන් ෆෘට් වලට වඩාත් උචිත වන්නේ 20 – 30 oCඋෂ්ණත්වය පවතින වියලි ඝර්ම කලාපීය දේශගුණයකි.එසේම වර්ෂාපතනය මිලි ලීටර් 500 – 1500 හා පැහැදිලි වියලි හා තෙත් දේශගුණික තත්ව මාරුවෙන් මාරුවට තිබීම වඩා යෝග්‍යය. ශාකයට හොදින් හිරු එළිය අවශ්‍ය වුවත් අධික උෂ්ණත්වය දිගුකලක් පැවතීම ශාකයට හිතකර නොවන අතර එවැනි අවස්ථාවල සෙවන සැපයීම අවශ්‍ය වේ.

පස හා ජලය ඩ්‍රැගන් පෘට් වගාව සදහා හොදින් ජල වහනය වන පසක් තිබීම අත්‍යවශ්‍යය.
එසේම ශාකය කාබනික ද්‍රව්‍ය සදහා හොදින් ප්‍රතිචාර දක්වන අතර පසේ වැලි 10 – 30 % පමණ තිබීම ඉතා හොදය.
මෙම ශාකය වැලි සහිත පසේද සාර්ථකව වැවේ.

බිම් සැකසීමඑක් එක් පැළයක් සඳහා කණුවක්ද මුදුනෙහි ආධාරකයක් සඳහා සැකිල්ලක්ද තිබිය යුතුවේ.
මෙම ශාකයෙහි ජීවිත කාලය වසර 25 – 30 ක් පමණ වන බැවින් මෙම කණුව හා ආධාරකයේ කල් පැවැත්ම ඉතා වැදගත් වේ.

  • බිම සිටුවන විට;
  • මීටර් 2×2, 2×3 හෝ 3×3 පරතරයට,
  • දිග පළල ගැඹුර අඩි 2x2x1 වළවල් කපා ගත යුතුයි.
  • එම වළ මැද සිට කණුව සිටුවීම සඳහා තවදුරටත් අඩි 1x1x1/2 ගැඹුරට වළක් කපා ගත යුතුයි.
  • අඩි 7 1/2 උස හා අඟල් 4-6 ක විශ්කම්භයෙන් යුත් කොන්ක්‍රීට් කණුව වලේ මැද ඇති කුඩා වලෙහි තබා එම කුඩා වළ පමණක්
  • පිරෙන තුරු (අඩි 1/2) කොන්ක්‍රීට් තට්ටුවක් දමා ආධාරකය සිටුවා ගත යුතුවේ.
  • පෝච්චියේ තරමක් විශාල පෝච්චියක් තෝර ගෙන ශක්තිමත් ආධාරකයක් සැපයීම මෙලෙසම කල යුතුයි.
  • ආධාරක පිලිබද අවබෝදයක් ලබා ගැනීමට ජායාරූප බලන්න.

රෝපන ද්‍රව්‍ය සකසා ගැනීමසිටුවීමට අවශ්‍ය පැල පහත ලෙස නිපදවාගත හැක.1. දඩු කැබලි පැල කිරීමෙන් – සාමාන්‍යයෙන් පැල නිපදවාගන්නේ මෙම ක්‍රමයෙනි.2. බීජ පැල – බීජ පැල කිරීමෙන්ද පැල නිපදවාගත හැකි වුවද ආර්ථික වගාවන්ට මේවා යොදාගනු නොලැබේ. හේතුව ඵල හටගැනීමට දිගු කාලයක් ගතවීමත් මව් ශාකයේ තිබුණු ලක්ෂණ පැලවල වෙනස් විය හැකි නිසාත්ය.

දඩු කැබලිවලින් පැල නිපදවා ගැනීමතෝරාගත් ඵල දරණ මව්ශාකවලින් දඩු ගබාගත යුතුය.මේවා සෙ.මී. 15 – 20 පමණ දිග කැබලිවලට කපා බදුන් කිරීමට පෙර දින 1 – 2 පමණ වියලි ස්ථානයක ගබඩාකර තැබිය යුතුය.ඉන්පසුව මෙම දඩු කැබලි හොදින් ජලවහනය වන බදුන් මිශ්‍රණයකින් පිරවු බදුන්වල සිටවනු ලැබේ.බදුන් පිරවීම සදහා වියලි ගොම : මතුපිට පස් : වැලි : 1 : 1 : 2 මිශ්‍රණයක් යෝග්‍යය.මෙම බදුන් සාමානය තෙතමන තත්වයේ සෙවනේ තැබීමෙන් දඩු දඩු කැබලිවල මුල් අද්දවා ගනු ලැබේ.දඩු කැබලිවල අතු රිකිලිද වැඩීමෙන් පසු ඒවා පරිසරයට හුරුකිරීමෙන් අනතුරුව සිටුවීමට යොදාගනී.

සිටුවීම මුල් ඇද්දවු දඩු කැබලි සිටුවීම සදහා මීටර් 2 x 2 පරතරයට සෙ.මී. 60 x 60 x 60 ප්‍රමාණයට වලවල් කපාගත යුතුය.
එම වලවල් මතුපිට පස්, දිරූ ‍ගොම හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 10 – 15 සහිත මිශ්‍රණයකින් පුරවා දඩු සිටවනු ලැබේ.
පසේ ජල වහනය දුර්වල නම් වලේ පතුලට කුඩා ගඩොල් කැබලි තට්ටු 1 – 2 දමා ඉහත මිශ්‍රණයට අමතරව වැලි ප්‍රමාණයක් ද කලවම්කර වල පුරවාගන්න.

ගස් පුහුණු කිරීම මෙම ශාකය අධාරකයක උපකාරයෙන් ඉහලටවැඩෙන නිසා පැලය ආසන්නයේ 5′ – 6′ උස ලී හෝ කොන්ක්‍රීට් කනුවක් සිටුවිය යුතුය. වැඩෙන කද කනුවට ගැට ගසමින් ශාකය ඉහලට වැඩීමට සැලැස්විය යුතුය.කදේ වැඩෙන වායව මුල් මගින් ශාකය ආධාරකයට තදින් අල්ලා ගැනීම සිදුවේ. ඉහලට වැඩෙන කදෙන් හටගන්නා පාර්ශ්වික කදන් සීමා කලයුතු අතර ප්‍රධාන ප්‍රධාන කදන් 2/3 පමණක් වැඩීමට ඉඩදේ.එනිසා කනුව මත වැඩෙන ප්‍රධාන කදන් වල පහත පාර්ශ්වික කදන් වරින් වර ඉවත් කලයුතුය.
ආධාරකයේ මුදුනේ 2′ පමණ අරය ඇති රවුම් කම්බි රාමුවක් සකසා ගතයුතු අතර කනුවට උඩින් වැඩී පහතට එල්ලෙන අතු මේ රවුම මත සමතුලිත පදුරක් ලැබෙන ලෙස පුහුණුකර ගත යුතුය.

මල් හටගැනීම ඩ්‍රැගන් ෆෘට් වල මල රාත්‍රීයට පිපෙන අතර එය සුදට හුරු ක්‍රීම් පැහැතිය.පෙනුමෙන් කඩුපුල් මලකට සමාන වන මෙය පිපෙන විට ඇති සුවද කෘමීන් ආකර්ශකය කර ගැනීමට හේතුවේ.අප රටේ අතරමැදි කලාපයේ මල් පිපීම අප්‍රේල්/මැයි සිට ආරම්භ වේ.මලෙහි සුන්දරත්වය නිසා Queen of night, Moon flower, Nobal woman ආදී අන්වර්ථ නාම වලින් එය හදුන්වනු ලැබේ.

ඵල හටගැනීම ඩ්‍රැගන් පෘට් ශකයේ මල් පොහොට්ටු (Buds) හටගෙන දින 40-50 පමණ නැතිනම් මල් පිපී දින 30 – 35 දී ඵල මේරීම සිදුවේ.ඵල වාරය නොවැම්බර් පමණ වන තෙක් පවතින අතර ඒ කාලය තුලදී 5 – 6 වතාවක් ඵල නෙලාගත හැක.නොමේරූ ඵලයේ පොත්ත දිලිසෙන සුළු කොළපාට වන අතර එය මේරීමත් සමග රතු පැහැයට හැරේ.මෙම පැහැයට හැරී දින 4 – 5 පමණ ඵල නෙලීම වඩාත් සුදුසු වේ.

කාබනික පොහොර ඩ්‍රැගන් ෆෘට් ශාකය වර්ධනයට පසේ හොදින් කාබනික පොහොර තිබීම වැදගත්ය.එනිසා වසරකට ගසකට යොදන කාබනික පොහොර කිලෝ 15 සිට වසරින් වසර කිලෝ 2 බැගින් වැඩිකර උපරිමය කිලෝ 20 දක්වා වැඩි කිරීම යෝග්‍යය.

ඵල දරණ ගස් සඳහා පොහොර මෙම අවස්ථාවේ පොහොර යෙදීමේදී මල් පිපීම ආරම්භ වීමට පෙර (අප්‍රේල්) ඵල වර්ධනය වන අවධියේ (ජුලි / අගෝස්තු) හා අස්වනු නෙලා අවසානයේ (දෙසැම්බර්) කාබනික පොහොර යොදන්න.

ජල සම්පාදනයහොද අස්වැන්නක් ලබාගැනීමට වියලි කාලයේදී ජලය සම්පාදනය කිරීම අවශ්‍යය. එසේම වියලි කලාපයේ වගා කරන්නේ නම් අතිරේක ජල සම්පාදනය අවශ්‍යය.

අස්වනු නෙළීමපරාගනය සිදුවී දින 40 – 50 අතර කාලයකදී උපරිම ලෙස මේරූ පසුව අස්වනු නෙලා ගත යුතුය.

ඵල මෝරන විට ඵලයේ පිටත ඇති පිහාටු වැනි කොටස් ක්‍රමයෙන් කුඩා වේ.මෙම තත්ත්වයට පත්වූ ඵල නෙලා ගැනීම සුදුසු වේ.
අස්වනු නෙලීම සඳහා මල් කතුරක් (සෙකටියර්) භාවිතය වඩා උචිතය.රෝග හා පලිබෝධ පාලනය සදහා පරිසර හිතකාමී ස්වාභාවික ක්‍රම භාවිතා කරන්න.