චීනයේ ශක්තිය රඳා පවතින්නේ එහි ග්‍රාමීය ජනතාව මත බැවින්, චීනය තම දේශය අභිභවා යෑම වැළැක්වීම පිණිස එරට අඩපණ කිරීම සඳහා නව කොරෝනා වෛරසය වුහාන් පළාතට මුදා හැරියේ ඇමෙරිකාව යැයි රුසියානු ඔත්තු සේවා ට්‍රම්ප් පරිපාලනයට චෝදනා නඟමින් ප්‍රකාශ කර ඇත මෙම වයිරසය ඇමෙරිකානු ජෛව විද්‍යාත්මක අවි නිෂ්පාදන රසායනාගාරයක් තුළ දී ව්‍යුත්පන්න කරන ලද බව එම චෝදනාවේ වැඩිදුරටත් පැවසෙයි 1980 දශකයේදී ඒඩ්ස් වයිරසය ව්‍යාප්ත වනවිට ද මෙවැනිම චෝදනාවක් සෝවියට් සමූහාණ්ඩුව විසින් ඇමෙරිකාව වෙත එල්ල කරන ලදී නව කොරෝනා වයිරසය වුහාන් පළාතේ සිට ව්‍යාප්ත වනවිට මෙම චෝදනාව මුලින්ම මතු වූයේ රුසියාවට හිතැති සමාජ ජාලාවලින් බව බටහිර ඔත්තු සේවා පෙන්වාදෙයි. ඉන්පසු රුසියාවේ සාම්ප්‍රදායික මාධ්‍ය සංවිධාන වන ප්‍රව්දා සහ ඉස්වෙස්ටියා ද මෙම අදහස ප්‍රචලිත කිරීමට උත්සාහ කළේය

ඍම් නමැති ජාලගත සමාජ මාධ්‍ය ජාලය හා සාන්ත පීටර්ස්බර්ග් හි මූලස්ථානය පිහිටි ඊධනජධප.පභ වෙබ් අඩවිය ද මෙහිදී පෙරමුණ ගෙන තිබේ මෙම සියලු මාධ්‍යයන් ඇමෙරිකාවට චෝදනා කරන්නේ චීනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ජෛව විද්‍යාත්මක අවියක් ලෙස කොරෝනා වයිරසය යොදාගෙන ඇති බවටය ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය හිමි චීනය යනු ඇමෙරිකාවේ ප්‍රධාන ප්‍රතිමල්ලව රාජ්‍යය වන රුසියාව සමඟ සමීපත්වයෙන් කටයුතු කරන බලවත් රාජ්‍යයක් වීම ඇමෙරිකාවට හිසරදයක් වී ඇතැයි යන්න ලෝකයටම රහසක් නොවීම නිසා මෙවැනි චෝදනාවක් එල්ල කිරීමට මනා පසුබිමක් සැකසී තිබේ කාලයක සිට ඇමෙරිකාව සහ චීනය අතර ඩොලර් බිලියන ගණනක් වෙනුවෙන් සීතල වෙළෙඳ යුද්ධයක් පැවතීමත් ඉන් චීනය පරාජය කිරීමට ඇමෙරිකාව අපොහොසත් වීමත් මෙවැනි පළිගැනීමක් සඳහා ඇමෙරිකානු පරිපාලනය මෙහෙයවා ඇතැයි ඊධනජධප පභ වෙබ් අඩවිය පෙන්වා දෙයි කොරෝනා වයිරසය හරහා චීනයේ ආර්ථිකය බිඳ දැමීමේ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු හෙළි කරනු ලැබුවේ චීනයේ මහජන විප්ලවීය හමුදාව විසින් බව කටුෂ්යා නමැති රුසියානු වෙබ් අඩවිය සඳහන් කරයි මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් බව ඇමෙරිකාව පවසා ඇත.