විවිධාකාරයේ කෑම-බීම වලින් පිරිලා ඉන්න අපි, අපේ ශරීර අභ්‍යන්තරයේ තියන අහිතකර දේවල්,විෂ වර්ග වගේ දේවල් ශරීරයෙන් ඉවත් කරන්න තරමක් උනන්දු වෙලා තියෙන ආකාරයක් අද වෙද්දී පේන්න තියෙනවා.ඒක ඉතාම හොඳ දෙයක්.මේකට අමුතුවෙන් බෙහෙත් ජාති බොන්න අවශ්‍ය නැහැ.අපි එදිනෙදා කෑමට-බීමට එකතු කරන දේවල් වලිනුත් අපේ ශරීර අභ්‍යන්තරය පිරිසිදු කරලා හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්.ඒ මෙන්න මේ කෑම-බීම වලින්.

1. කජු වර්ග සහ ඇට වර්ග ආමන්ඩ්,සූරියකාන්ත ඇට,වෝල්නට්ස්, වගේම හණ ඇට කියන්නේ සෞඛ්‍යසම්පන්න ස්නැක් වර්ග.ඒ මොකද කියනවා නම් මේ කජු වර්ග සහ ඇට වර්ග තන්තු(ෆයිබර්) වලින් ඉතා පොහොසත්.ශරීර අභ්‍යන්තරයට අනවශ්‍ය කොටස් හරිම ලේසියෙන් ඉවත් කරලා පිරිසිදු කරන්න මේ ස්නැක් වලට පුළුවන්.

2. පළතුරු සහ එළවළු ආරක්ෂාකාරී ප්‍රතිඔක්සිකාරක ගුණවලින් පිරුණු පළතුරු තන්තු සහ ජල පරිමාවෙන් ඉහළ ආහාර කොටසක්.ඒ වගේමයි එළවළුත්.එහි අඩංගු තන්තු ගුණයත් ශරීර අභ්‍යන්තරය වේගයෙන් පිරිසිදු කිරීමට බෙහෙවින් ඉවහල් වෙනවා.

3. කොළ පැහැ පලා ඩිටොක්ස් එකක් එහෙම නැත්තං ශරීර අභ්‍යන්තරය පිරිසිදු කරන පිරිසිදුකාරක අතර කොළ පැහැ පලා අනිවාර්ය අංගයක්.ඛණිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක වගේම තන්තු පෝෂණයෙන් ඉතා ඉහළ මෙම පලා වර්ග රුධිරයේ අඩංගු ඔක්සිජන් ප්‍රමාණයත් ඉහල නැංවීමට උපකාරී වෙනවා.දවස ගානේම ග්‍රීන් ස්මූති එකක් හෝ සලාදයක් ඔයත් හැම කෑම වේලකටම එකතුකරගන්න.

4. ලෙමන් වතුර ලෙමන් ගෙඩි භාගයකට උණු වතුර මිලිලීටර 200ක් එකතු කරන්න.උදේම හිස්බඩ පානය කරන්න.මේ උණුසුම් වතුර සහ ලෙමන් වීදුරුව උදේම හිස්බඩට වැටෙනවා කියන්නේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය උත්තේජනය කරනවා.ඒ වගේමයි ලෙමන් වල අඩංගු විටමින් C පෝෂකය ඔයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියත් වැඩිදියුණු කරන බව අමතක කරන්න එපා.

5. අලිපේර ඔමේගා 3 පෝෂකයෙන් අනුන අලිපේර,දාහය වැනි තත්වයන් අවම කරලා ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවනවා.අලිපේර,හණ ඇට තෙල්,ඔලිව් තෙල් වගේ ඔමේගා 3 පෝෂකයෙන් පොහොසත් ආහාර වර්ග, සලාද ආකාරයෙන් හරි කෑමට ගන්නවා නම් ඔයාටම තේරෙයි ඇඟට දැනෙන වෙනස.