Sat. Feb 29th, 2020

Lanka Online

Sri Lanka Online News

ලෝකයේ මිල අධිකම පළතුර ගෙදර සිටවමු

ලෝකයේ මිල අධිකම පළතුරක් වන පෙපිනෝ නමැති කොමඩු ගෙඩියකට සමාන විශේෂිත පලතුරු වර්ගය නුවරඑළියේ සරුවට වැවිය හැකි බව ඒ පිළිබඳව ගවේෂණයක නියලුණු පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා.දැනටමත් මෙම පෙපිනෝ නමැති පළතුරු වර්ගය නුවරඑළියේ බොහෝ නිවාසවල මල් පෝච්චිවල වවා තිබෙන නමුත් මෙම පළතුර ලෝකයේ මිල අධික එමෙන්ම ඖෂධීය පළතුරක්‌ බව බොහෝ දෙනකු දන්නේ නැහැ.ඇතැම් රටවල මෙම පළතුරු ගෙඩියක්‌ ලංකාවේ මුදලින් රුපියල් 700 ක්‌ පමණ වන බවත් මෙහි විශේෂත්වයක්‌ වන්නේ ගොළුබෙල්ලන් හැර අන් කිසිදු කෘමියෙකුගේ හානියට ලක්‌ නොවීමයි. මාස තුනකට වරක්‌ පෙපිනෝ පඳුරකින් ගෙඩි 15-20 ත් අතර ප්‍රමාණයක්‌ නෙලාගැනීමට හැකියාව ඇති අතර මෙහි නිජබිම ලෙස සැලකෙන්නේ පේරු හා ලී රාජ්‍යයන්.

මෙම පළතුර දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග, ආඝාතය වැනි රෝගවලට ගුණදායක ඹෘෂධීය පළතුරක්‌.කොළොම්බියාව, නවසීලන්තය, බටහිර ඕස්‌ට්‍රෙලියාව, ජපානය හා යුරෝපයේ බොහෝ රටවල වාණිජමය වශයෙන් දැනට පෙපිනෝ පළතුර වගා කරනු ලබන අතර මෙම පළතුර නුවරඑළිය අවට ඇතැම් විවිධ පිරිස්‌ විසින් වෑංජනයක්‌ ලෙස සකසා ආහාරයට ගන්නවා.අපේ රටට අලුත් පලතුරක් වන පැපිනෝ බීජ ස්භාවයෙන් ඉතා කුඩා නිසා පැල කර ගැනීම මදක් අපහසුය. මෙම පලතුර විවිධ රෝගාබාධයන් රැසකට ගුණ දේ දියවැඩියාව කොලෙස්ටරෝල් ඉන් කීපයකි..මෙහි ගෙඩියක් මගින් නිවසේදී පැල සාදා ගන්නා ආකාරය අපි සලකා බලමු.

අවශ්යදේවල්

  • 👉පැපිනෝ ගෙඩියක් (සුපිරි වෙලදසැල් වල විකිණීමට ඇත).
  • 👉දිලීර නාශක (කැප්ටාන් හෝ තිරාම්)
  • 👉ටිෂූ කොල (මූණ පිසදැමීමට ගන්නා ඒවා)
  • 👉ඇල්බර්ට් සොලියුෂන් කුඩු (කැට වශයෙන් පවතින දියර පොහොර ලෙස යොදන පොහොරකි.
  • 👉තවාන් තැටියක්.
  • 👉කට විශාල කොට ජෑම් බෝතලයක් හෝ රෑප වල පරිදි පියන සහිත භාජනයක්.
  • 👉දිලීර නාශක දිය කර ගැනීමට ප්ලාස්ටික් භාජනයක්.
  • 👉කිරි පෙරන පෙරණය.
  • 👉කොහු බත්

පැල කර ගන්නා ආකාරය-මුලින්ම මිලදී ගත් පැපිනෝ ගෙඩියේ බීජ සහිත ජල්ලිමය කොටස වෙන් කර ගන්න. ඉන් පසු එය කිරි පෙරණ පෙරණයෙ දමා ජල කරාමයට අල්ලා ජෙලිමය ගතිය ඉවත් වන තුරැ සෝදා ගන්න බීජ ඉතා කුඩා බැවින් ඉතා සීරැවෙන් කල යුතුය . එවිට ජෙලිමය කොටස සේදී ගොස් බීජ පමණක් පෙරණයේ ඉතුරැ වේ. එම බීජ පසෙකින් තබා..කුඩා කට පලල් ජෑම් බෝතලයේ පත්ලට ටිෂූ කොල දෙකක් පමණ දමා සකසා ගන්න රෑප වල දැක්වෙන සේ.. ඉන් පසු එම ටිෂූ කොල ඉතා තනුක (ඉතාම දියාරැ) ඇල්බර්ට් සොලියුෂන් ද්රාවණයෙන් තෙත් කර ගන්න ..ඉන් පසු බීජ සෙමෙන් හැන්දක් භාවිතා කර ටිෂූ කොලය මතුපිට අසුරා ගන්න..මෙම බෝතලයේ මූඩිය වසා අදුරැ තැනක දවස් දෙකක් පමණ තබා ඇති විට බීජ පැලවන අයුරැ නිරීක්ෂනය චල හැක ..එවිට මෙය ආලෝකය සහිත තැනක තබා ජල තත්වය නිතර බලන්න..සතියක් පමණ යන විට ..තවාන් තැටියකට කොහු බත් පුරවා දිලීර නාශක වලින් තෙත් කර ..ඉහත ජෑම් බෝතලයේ ඇති පැල ඉතාමත් සීරැවෙන් වෙන් කර රෑපයේ පරිදි සිටුවා ගන්න..සිටවූ විගස එය සූර්යාලෝකයට නිරාවණය නොකරන්න.එය සෙවන සහිත තැනක තබා ටිකෙන් ටික සූර්යාලෝකයට හුරැ කල යුතුය