Sat. Feb 29th, 2020

Lanka Online

Sri Lanka Online News

පැතලි මලු වගාව නිවසේදී සිදු කරන විදිය

හිතවතුනි අරුණෝදය කෘෂිකාර්මික සමූහය තුලින් විවිධ ගෙවතු වගා ක්‍රම තුළදී වගාමළු ක්‍රම පිළිබඳ ව අපි බොහෝ අවස්ථාවන්හි දී කතාබස් කලෙමු,අද ඔබට ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නේ වගා මළු වෙනත් ආකාරයකින් ඉතා සාර්ථක අන්දමින් ඔබගෙ ගෙවතු වගාවන්ට යොදා ගන්නා ආකාරයකි.මෙම ක්‍රමය බොහෝ ඇමරිකානු ගෙවතු වගාවන් හිදී යොදා ගන්නා අතර ඉතා සාර්ථක ප්‍රතිඵල සහිත ක්‍රමයකි .බොහෝ බෝග සඳහා පැතලි මුල් පද්ධතියක වර්ධනය සඳහා මේ ක්‍රමය ඉතා සාර්ථකව භාවිතා කළ හැකිය .ඒ අතරම අප සාමාන්‍යයෙන් භාවිතා කරන මළු තුළ වගාවේදී එක වගා මල්ලක් සඳහා එක බෝගයක් වන අතර මෙම ක්‍රමය මඟින් එක වගා මල්ලක් තුළ බෝග වර්ග කීපයක්ම සාර්ථකව යොදා ගත හැක .

ඔබට තිබෙන්නේ ඉතා අඩු ඉඩකඩක් සහිත බිම් කඩක්ද ?එම කොටසට හොඳින් හිරුඑළිය ලැබේ ද ?ඔබට ඔබට හොද පෝෂණීය වගා මාධ්‍යයක්(කොම්පෝස්ට් මිශ්‍ර පස්) තිබේද ? එහෙම නම් ඔබට ඉතා පහසුවෙන් ,මෙම ක්‍රමය මගින් එදින්එදා ඔබගේ නිවෙසට අවශ්‍යය පෝෂණීය අවශ්‍යතා බොහෝමයක් සපුරා ගත හැක .පැතලි වගාමළු භාවිතා කිරීමෙන් ඔබට ඇති වාසි .

  • 01.අවම ජල ප්‍රමාණය මගින් වගාව නඩත්තු කර ගැනීමට හැකි වීම.
  • 02. පාංශු දිලිර රෝග පැතිරීම අඩුකරගත හැකිවීම.
  • 03.වගාවේ වල්පැල පාලනය පහසු වීම.
  • 04.ඉතා අඩු වපසරියක වැඩි ඵලදාවක් සහිතව පිරිසුදු වගා බිමක් නඩත්තු කර ගත හැකි වේ

පැතලි වගාමල්ලක් සැකසීම-Step 1 25kg හෝ 50kg පෝර උරයක් හෝ හාල් මල්ලක් මේ සඳහා සපයා ගත හැක .

Step 2 කුඩා ඉඩක කරන බඳුන් වගාව වඩාත් හොඳින් පවත්වා ගැනීමට ස්‌ථිරව පැළ සිටුවන මාධ්‍ය ද සාරවත් විය යුතු ය. මතුපස්‌ (සාරවත්), කොම්පෝස්‌ට්‌ හා වැලි 3 ( 2 ( 1 අනුපාතයට පැළෑටියට හිතකරය. වැලි යෙදීමෙන් ජල වහනය සඳහා හිතකර පරිසරයක්‌ ලබා දීමට පුළුවන. වැලි යොදන විට රළු වැලි යොදා ගැනීම අවශ්‍ය ය. බඳුනට මාධ්‍ය යොදන විට කට මට්‌ටමට අඟල් 2-3ක්‌ පමණ පහළට සිටින ලෙසට පිරවිය යුතු ය. බඳුන පිරි යන ආකාරයට යෙදීමෙන් ජලය යොදන විට මාධ්‍ය පිටතට ගලා යාම සිදු වේ

Step 3 ඉඳි කට්ටක් ආධාරයෙන් ගෝනියේ කට තිරස් ආකාරයට මසාගන්න.

Step 4 වගාමල්ල පැතලි ආකාරයෙන් පෙරලා ගන්න .ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙන බිම්කඩ වෙත රැගෙන යන්න .

Step 5 තියුණු පිහියක් ආධාරයෙන් සෘජුකෝණාස්‍රාකාර වගාමල්ලෙ පැතලි මුහුණත අඟල් දෙකක පමණ වාසියක් තබාගනිමින් සෘජුකෝණාස්‍ර කොටස ඉවත්කරගන්න.

අඟල් 2ක වාසියක් තබා ගැනීමට පැවසූයේ ඒ මගින් ජලය සැපයීමේ දී වගා මල්ලේ පෝෂණ ද්‍රව්‍ය ඉවත ට යාම වැළකෙන අතර .මල්ලේ තිබෙන ජලය වාෂ්පීකරණය අවම වේ .

බඳුන් තැන්පත් කරන විට ඒවා එක ළඟ තැන්පත් නො කර මඳක්‌ ඉඩ තබා තැන්පත් කිරීමෙන් නිදහසේ වර්ධනය වීමට අවශ්‍ය ඉඩකඩ ලැබේ. සෙ.මී 30-45 පමණ ඉඩ ලැබෙන ලෙස තැන්පත් කිරීම වඩා සුදුසු ය. එක පේළියට තබනවාට වඩා ත්‍රිකෝණකාර ක්‍රමයට තැබීමෙන් ඉඩ පිරිමැහීමත් අලංකාරයත් ලැබේ. වැල් දුවන වර්ග පිටුපසටත්, ඊළඟ උසකින් යුත් වර්ග ඉදිරියටත්, කෙටි ව වැඩෙන පලා වර්ග ඉදිරියටත් තැබීමෙන් උස මට්‌ටම් අනුව ද අලංකාරයක්‌ ලැබේ. මේ අතරට දාස්‌ පෙතියා වැනි කහ පාට මල් වර්ග සිටුවා ගැනීමෙන් පළිබෝධින් ගෙන් ආරක්‌ෂාව ද ලැබේ එහෙනම් ඔබත් මෙම වගා ක්‍රම ය ඔබගේ අඩු ඉඩකඩ සහිත භූමියේ ස්ථාපිත කර ප්‍රතිඵල සාක්ෂාත් කර ගන්න ,අමතක නොකරම අරුණෝදය අපටත් ප්‍රතිඵල සටහන් කරන්න අමතක කරන්න එපා