Mon. May 25th, 2020

Lanka Online

Sri Lanka Online News

ඒ මගේ පළමුව රංගනය

ජීවිතය තක්සලාවකි එහි ඉගෙන ගන්නට බොහෝ දේ ඇත අපට එම ජීවිතයේදී ලැබෙන අත්දැකුම් ද බොහොමය එක් අත්දැකීමක් අපේ හිත බැඳ තවත් මොහොතකින් එය නිරුද්ධ වන්නට හැකිය එහෙත් ඇතැම් අත්දැකුමක් අපේ හද ඊයම් බරුවක් මෙන් කිඳා බසියි නැදිමයිලන් මෙන් අප අතැර නොයයි අපේ තාත්තාගේ මතකය ද එහෙමය ඒවා කවරදාවත් අප අතැර නොයන්නකි බුර බුරා නැෙඟන ගිනි කඳක් මෙන් ඒ අත්දැකුම් අප දිවිය පුරා අප ළඟින්ම හිඳී එහෙත් ඒ ගින්නෙහි ඇත්තේ උණුසුම නොව දැඩි සිහිලකි අම්මාවරුනගේ සෙනෙහස මෙන්ම තාත්තලාගේ ආදරය ද අප දිවි මඟට පහන් වැටකි බාධක මඟහැර ඉදිරියට යන්නට ඔවා දෙන අපේ තාත්තලාගේ කතාවෙහි මෙවර දිගහැරුම අද අපේ රටේ දිවමන් මහා රංගවේදියාණන් ගැනය මහා රංගධර රවීන්‍ද්‍ර රන්දෙණිය තම පියතුමන්ගේ හා බැඳුනු අවියෝජනීය සබඳතාව ගැන කියන්නට දැන් මා අබිමුවය මගේ පියාගේ නම එල් පී පෙරේරා මුලින්ම සාමාන්‍ය කම්කරුවෙක් පසුව ව්‍යාපාරයක් හිමි පරිපාලකයෙක් තාත්තාගේ පියාට අයත් කරත්ත කීපයක් තිබිලා තියෙනවා ඒ කරත්තවලින් කොළඹට බඩු අදින එක තමයි තාත්තාගෙ පළමු රස්සාව ඊළඟට ගමේ තිබුණු වාත්තු වැඩකම්හලක දිනකට ශත 10 වැටුපට එතුමා සේවය කරලා තියෙනවා මගේ අම්මා නම්වර ලබන්නේ දෝන කරලැයින් එගොඩවත්ත කියලයි සවි ශක්තිමත් තරුණයෙක් ලෙස මහන්සි වී වැඩ කරන අපේ තාත්තාට නියමිත වයසෙදි විවාහ යෝජනාව ආවා දළුගම තාත්තගෙ මහගෙදර නුවර පාරට මායිම්ව පිහිටි පුංචි කඩ සාප්පුවක තාත්තා ජීවිතය පටන් ගෙන තියෙන්නේ අම්මගෙ ගම හෙයියන්තුඩුව කොන්ක‍්‍රීට් වනාන්තරයෙන් විනාශ නොවුණු ලස්සන ගමක් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ඇතුළත ගමකටත් වඩා මේ ගමේ සිරියාව වැඩියි තාත්තා අම්මාත් සමඟ විවාහ වුණාම ගමේ අපේ නෑදෑයෙක් කියලා තියෙනවාඅනේ අපේ කොලූවා කුරුල්ලෙක් කොබෙයියෙක් යන්නෙ නැති පළාතකින් ගැනියෙක් ගෙනත් කියලා ඒ අය නගරබදට කිට්ටු අය නිසා කරුණු හරිහැටි දන්නෙ නෑ දන්නා කෙංගෙඩියක් නෑ කියන්නෙ අම්මගෙ ගම ලඳු වෙල් දෙණි කුඹුරු වතුපිටි වනවදුලූ ඇළ දොළ අම්බරුවන් කමත නියර බැත කෙත මේ හැම දෙයින් සරුසාර ලස්සන ගමක් කුරුළු පාරාදීසයක් ගමේ ලස්සන මං වෙනම තැනක කතා කරන නිසා දැන් කියන්න යන්නෙ නෑ

අපේ අම්මගෙ තාත්තා මගේ සීයා මාටින් අප්පුහාමි කුඹුරු ඉඩකඩම් හිමි සවි ශක්තිමත් ආරෝහ පරිණාහ දේහයෙන් යුත් මිනිහෙක් එතුමාට පුත්තු හතරදෙනෙක් හිටියා ඒ වගේමයි කුඹුරු යායම හාන්න මේ පස්දෙනාට පුළුවන් ශත 10 පඩියට වැඩ කළාට අපේ තාත්තා හැමදාම කල්පනා කරලා තිබුණේ තමන්ගේම ව්‍යාපාරයක් කවදා පටන් ගන්නද කියලයි අම්මත් ඒකටම හරි හරිම උනන්දු අනලස් ධෛර්යවන්ත කාන්තාවක් තාත්තාට පරණ බයිසිකලයක් තිබිලා තියෙනවා එතුමා ඒ පරණ බයිසිකලය විකුණලා මාටින් අප්පුහාමි මගේ සීයගෙන් රුපියල් 100 ක් ඉල්ලගෙන මුලින්ම ව්‍යාපාරයට බහින්නේ අපේ ගෙදර අප ඉපදෙන්න ඉස්සෙල්ලා විදුලි එළිය නෑ කුප්පි ලාම්පු එළියෙන් පිත්තල වාත්තුවෙන් පස් අච්චු හදාගෙන හෙට උදේට උණු කරන පිත්තල රෑ පුරා මේ දෙන්නා දුක් විඳිමින් හදනවා අම්මා මේවා සකසුරුවම්ව කරන්න වැඩ කරමින් උපදෙස් දෙන අතරේ තාත්තා දාඩිය හෙළමින් රෑ තිස්සේ වැඩ කළා අප පුංචි දවස අප බලා ඉන්දැද්දී තාත්තාගෙ පිත්තල බඩු කර්මාන්තය ශීඝ‍්‍ර ලෙස දියුණුවට ආවා ඒකට හේතුව 1940 දශකයේ ඒකට හොඳ වෙළෙඳපොළක් ඇතිවීම සුද්දන්ගෙ කාලෙ ගොඩනැඟිලි ආදිය ගොඩක් හැදෙන්න ගත්තා අත්කොට සුුදු කමිසයක් හා සුදු සරම තමයි තාත්තාගේ සාමාන්‍ය ඇඳුම මඟුල් ගෙවල් ආදියට අඳින්න වෙනම ටුවිඞ් කෝට් ආදිය තිබුණා එතුමා හරිම නිරහංකාරයි සේවකයොත් එක්ක එකට වාඩි වෙනවා වැඩ කරනවා ඒ නිසා සේවකයා තෘප්තිමත් වෙනවා ඔවුනුත් මහන්සිවෙලා වැඩ කරනවා හැන්දෑවට අපේ ගේ ඉදිරිපට තිබෙන කොට බිත්තියෙ වාඩි වෙලා පත්තරේ කියවනවා ඒ වෙලාවෙ මට මතකයි ලොකු බාස්සුනැහැ එළවා දමපු මෑතක සේවයට බැඳුණු කොල්ලෙක් බොහොම යටහත් පහත්ව තාත්තා ළඟට ආවා

ආ මොකද? අද මොනවාද කරගත්තේ මෙතැනින් වාඩි වෙනවා එහෙම කියලා තමන් ළඟින්ම අර කොට බිත්තියෙ තමන්ගෙ සේවකයා වාඩිකරවා ගන්නවා (ඒ වන විට තාත්තා දන්නවා එයා කළ වැරැුද්ද ලොකු බාස් කොලූවා එලවා ගත් බව සියල්ලම ආයිත් එහෙම වැඩ බෑ දැන් පලයන් හෙට උදේට වැඩට වරෙන් ඊළඟට තාත්තා එහෙම කියනවා සේවකයා සතුටු වෙනවා මිනිහා තමන්ගෙ ස්වාමියා ගැන සතුටින් ගෙදර යන්නේ හෙට උදේ නොවරදවා වැඩට එනවා මේ විදිහටයි අපේ තාත්තා සේ්වකයන් කෙරෙහිත් පැවතුණේ සතියේ දවස්වල කොහොම වුණත් ඉරිදා දහවල් කෑමට පවුලෙ සියලූ දෙනා දරුවො කෑම මේසයට වාඩි වෙන්න ඕනෑ ඒක තාත්තාගේ නීතියක් සතියේ එක දවසක් හරි පවුලෙ කට්ටිය එහෙම ඉන්න ඕනෑ කියන එක තාත්තාට බෙහෙවින්ම බලපෑවා අනෙක් දවස්වල එක එක්කෙනා කන්නෙ එක එක වෙලාවලනෙ සමහර දිනවල ඉරිදා උදේට විශේෂයි පල්ලෙහා ගෙදර තිබුණා විශාල පොකුණක් එතැනට අඬගහගෙන ගිහින් අපව නාවනවා මටත් එතකොට අවු 12- 13 ක් විතර ඇති අයියත් යනවා තාත්තා රහ මෙර වලට එතරම් සම්බන්ධයක් නෑ ඒත් එදාට නම් ටිකක් රත්වෙලා ඉන්නා බව පෙනෙනවා දවල් කෑමට පෙර අයියගෙන් අහනවාදැන් උඹේ බඬේ අමාරුව කොහොමද? බෙහෙත් ගත්තාට සම්පූර්ණයෙන් හරි ගියේ නෑනේ මෙන්න මේක බෙහෙතක් කියලා පුංචි දිදාලයකින් උගුරක් වක්කරලා දෙනවා බොන්ට එයා ඒක බීවාට මාත් ඉතින් බලන් ඉන්නවනේ පුතේ මේ පුංචි දිදාලය අයියට දුන්නේ බඬේ අමාරුවට ආ පණු අමාරුවටත් මේක හොඳයි ඉඳා උඹටත් කියලා අර දිදාලයෙන් ම මටත් උගුරක් දෙනවා මේවායින් අපේ තාත්තා බලාපොරොත්තු වුණේ රහ මෙර වලට දරුවන් පුරුදු කිරීම නොවෙයි ඒක නස්පැත්තියක් වන තරමට අරුමයක් වන තරමට හිතන්න දෙයක් නැති බව පෙන්වීමටයි අනෙක අයියගෙ බඬේ අමාරුව මේ දිදාලයෙන්ම නැත්තටම නැතිවුණා

තාත්තගෙ තවත් පුදුම ආශාවක් තමයි පවුලෙ සියලූ දෙනා එක්ක වන්දනා ගමන් විනෝද ගමන් යෑම තාත්තගෙ කාරයේ නැගිලා අපි මඩු පල්ලි තලවිල ශාන්ත ආනා දෙව් මෑණියන්ගේ මංගල්‍යයට ඒ වගේම නුවරඑළියට යනවා ඒ යන විට එතුමා අනුරාධපුරයේදි අපට රුවන්වැලි සෑය වන්දවනවා ශ‍්‍රී මහා බෝධිය වන්දවනව අපි උපන් කතෝලිකයො වුණාට අපේ අක් මුල් උරුමය සිංහල මහා බෞද්ධ සංස්කෘතියයි කියන හැඟීම තාත්තාට තිබුණා අපටත් ඒක කාන්දු වුණේ තාත්තා හරහාමයි මට මතකයි කතරගම පැත්තේ කිසියම් කටයුත්තකට එක්කන් ගිය වෙලාවෙ තාත්තයි අම්මයි අපව තිස්සමහාරාමෙ මහා චෛත්‍යය ළඟ මල් පහන් තියලා වැන්දෙව්වා අපේ තාත්තා කළ කී දේ තාත්තා විතරමයි දන්නේ එයා කාට හරි උපකාරයක් කළත් ඒක ගෙදර කියන්නෙ නෑ කතෝලික වුණාට බෞද්ධයකු වගේම දාන මාන දීමටත් කැමතියිදකුණු අතින් දෙන දේ වම් අත දැන ගත යුතු නෑ කියන යේසුතුමාගේ කියමන අපේ තාත්තා හරියටම පිළිපැද්දා පාන්දර 5 පූජාවට එතුමා පල්ලියට ගියා තාත්තා මියගිය වෙලවෙ තමයි අප දන්නෙ තාත්තා ගමේ අහිංසකයන් කීපදෙනෙකුට ගෙවල් හදලා දුන්නු බව ඒ මිනිස්සු මළ ගෙදර ඇවිත්අනේ මේ මහත්මයා නිසයි අපි දරුවන් සමඟ වැටිලා ඉන්නේ කියනකොටයි අපි දන්නේ ගෙවල් හදා දුන් කතාව අපේ තාත්තාට හිටියා හිතවත් රියැදුරන් දෙදෙනෙක් එක්කෙනෙක් රූබන් අනෙක් කෙනා පුරන්අප්පු (වීරයෙකුගේ නමක් එයාට තිබුණා මේ දෙන්නා තමයි ඒ පිළිබඳ කටයුතුවලට යොදවලා තිබුණේ අපේ අම්මා වත්තෙ තිබෙන පොල් ටික පවා සමහර විට විකුණුවා ඒ මසුරුකමට නොවෙයි සකසුරුවමට එහෙම ඉතිරි කළ නිසා තමයි අපට යමක් තිබුණෙ ගමේ දුප්පත් ගෙදරකට අම්මා කුස්සිය පැත්තෙන් හාල් පොල් දෙන එකත් අපට අරුමයක් නොවෙයි

දළුගම ශාන්ත ප‍්‍රැන්සිස් පල්ලියෙ අවුරුදු 10 ක විතර ඉඳන් ලොකු පාස්කු සංදර්ශනයක් තියෙනවා ඒක යේසුතුමා කුරුසියේ ඇණ ගහපු වෙලාවෙ ඉඳන් පුරා පැය තුනක් විතර විඳි අපමණ කටුක දුක් එහි ඇති විශාල යේසු පිළිමය මගින් යන්ත‍්‍රානුසාරයෙන් පිළිබිඹු කරනවා මේ විශාල පිළිමය හදවා තිබෙන්නේ අපේ අම්මා ඒ වියදම ගැන අපටවත් තාත්තාටවත් ඇය නොකීවේ ඒකට අපිත් සම්මාදම් කර ගන්න බැරි නිසයි කියලා අම්මා කියලා තියෙනවා ඒ පින තමන්ම තනියෙන් කර ගන්ට ඕනෑ කියලයි ඇය හිතුවේ එත් අම්මට ඒකෙ මුල්ම අවස්ථාවවත් බලාගන්ට බැරිවුණා පාස්කු සංදර්ශනයට සති දෙකකට පෙර ඇය අපෙන් වෙන්වුණා තාත්තා 1965 පල්ලියේ දැවැන්ත ප‍්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ පල්ලියෙ කනත්ත පැත්තෙ අක්කර 1 1/2 ක් විතර තියෙනවා ඉන් බාගයක්ම බෑවුම වෙලේ වතුර මහ වැස්සට මේ පැත්තටත් ගලනවා මේ ගැන (පැරිස් කවුන්සිල මීසම් සභාවෙ මහත්වරුන් මේක කරගන්න ප‍්‍රතිපාදන හොයන හැටි කතා කරගෙන යනවිට තාත්තා නැගිටලා කියලා තියෙනවාඒක වැඩක් නෑ ඒක කරගන්න යන වියදම කියන්න මං දෙන්නම් කියලා වැඩිය කතා නෑ වැඬේ විතරයි එයා කරන්නේ මගේ තාත්තා ඒ වගේ කෙනෙක් අපේ තාත්තාගෙ ව්‍යාපාරික ඥානය වගේම ප‍්‍රායෝගික ඥානයත් හරිම ඉහළයි තෙල් සංස්ථාව ළඟ එතුමා ඉඩමක් ගත්තේ එය දියුණු වන විට සේවකයන්ට නවාතැන් අවශ්‍ය වන බව හිතලයි එතුමා එතැන හොඳ මට්ටමේ ගෙවල් 4 ක් හැදුවා තෙල් සංස්ථා සේවකයනට කුලියට දුන්නා

අපේ තාත්තා ඔය වාස්තු විiා කේන්දර නැකැත් රාහු කාලය මොනවත් පිළිගන්නෙ නෑ අලූතින් ව්‍යාපාරයක් හෝ ගොඩනැඟිල්ලක් හදන විට බාසුන්නැහැ කියනවාහොඳ වෙලාවක් බලමු මහත්මයො කියලා එයා ඔව් එහෙම කරමු කියලා ඔළුව වනලා ඊට පස්සෙ අවශ්‍ය වෙලාවට එතැනට ගිහින් බොරුවට ඔරලෝසුවෙ මුුහුණත බලා ඉඳලා හොඳයි දැන් වැඬේ පටන් ගන්න කියනවා කවරදාවත් වැරදිලා නම් නෑ අපටත් ඒක ආවාබඩු මුට්ටු සූදානම් නම් ඒක තමා නැකත එතුමා කීවා ඉරිදා දහවල් කෑම මේසෙට වාඩිවෙන්න පවුලෙ හැමෝටම නීතියක් දාල තිබුණා කියලා මා කලින් කීවානෙ එක දවසක් අයියයි මායි කොහේද ගිහින් දහවල් කෑමට එන්න ගොඩක් පරක්කු වුණා අපි එනකොට 130 ට විතර ඇති අපි කුරුබිලියෙන් ගෙට ඇතුළු වන හොරු දෙන්නෙක් වගේ එදා ගෙට ඇතුළු වුණේ හරියට බැංකු හොරකමක් කළා වගේ මහ වරදක් අපේ තාත්තාට මේක එයා අතේ කිස් කන කෝටුවක් තිබුණා අල්ලා ගත්තා අයියාව ඇදගෙන ගියා ගෙයි මැද සාලෙට දැන් මෙහෙම කිය කියා පහර දෙනවාමේ ගමේ පොල් කඩන මිනිහත් ගෙදර මේ වන විට දවල්ට කාලා හිටපිය කිය කියා හීන් කෝටුවෙන් අයියාට පහරදෙනවා අයියාත් ලවක් දෙවක් නැතිව ළතෝනි දෙනවා අම්මාත් ආච්චිත් අඬනවා ඇයි? මේ ළමයි පොඞ්ඩක් පරක්කු වුණාට මරන්න හදන්නේ කියලා අහනවා අයියාට ගහලා තාත්තා මා ළඟට ආවා කොටි හපුවකුට අසුවෙච්ච අහිංසක මුව පොව්වෙක් වගේ මාත් ගැහෙනවා බොනී බොනී (මගේ ගෙදර නම බොනිපස් පෙරේරා) මෙහෙ වරෙන් කියලා මාවත් ඇදගෙන දැන් තාත්තා මැද සාලෙට එනවා තාත්තා අත දිග හැරලා අර හීන් කෝටුවෙන් පහර දෙකක් ගැහුවා මාව කලන්තෙ දාල වැටුණා ඒ වතාවෙ අම්මයි ආච්චියි වටවෙලා මා බේරාගෙන ඔසවාගෙන ගිහින් ඇඳේ තියාගෙන සාත්තු කරනවා තවත් සුළු මොහොතයි ගියේ ඉරිදා කොහේවත් නොයන තාත්තාගේ කාරය කරාස් ගාලා අදින හඬ මට මිදුල පැත්තෙන් ඇහුණා මට ඇති කලන්තයක් නෑ

තාත්තාගෙන් ගුටිකන්න බැරිකමට මා කලන්තෙ දාලා වගේ වැටුණා මා හිතන්නේ මගේ පළමුවැනි රඟපෑම ඒකයි ටිකක් හවස් වෙනකොට තාත්තාගෙ කාරය ආයිත් ගෙයි මිදුලෙ නැවතුණා තාත්තාගෙ හිතට අමාරු නිසා එයා මිදි ඇපල් කෙසෙල් ගෙඩි මේ වගේ ගොඩක් පලතුරු ගෙනැල්ලා මේසෙ උඩින් තියලා ගිහිල්ලා නිදා ගත්තා මෙහෙම දවසට අපට තවත් සැලකිලි වැඩියි චිත‍්‍රා බාලසූරිය පරසතුමල් චිත‍්‍රපටයෙ නිෂ්පාදකයා නිතර අපේ ගම පැත්තෙන් ජැන්ඩියට ඇඳලා යනවා එයා යන්නෙ කළුපාට සන්බීම් ඇල්ෆයින් බොහොම ලස්සන ෆැෂනබල් කාරයකින් මේ කාලයේදී මට අවුරුදු 20 ක් විතර ඇති මං මේ කාර් එකට හරිම ආසයි අපේ ගමේ හිටියා ප‍්‍රසිද්ධ කාර් බ්‍රෝකර් කෙනෙක් පීටර් අයියා මෙයා දැනගෙන හිටියා මා එම කාරයට හරිම ආශා කරන බව එයා කොහොම හරි චිත‍්‍රාව හමුවෙලා මේ ගැන කියලා එයාව එක්කරගෙන දවසක් ඒ කාරයෙන්ම අපේ ගෙදර ආවා දැන් මාව ගැහෙනවා මා ආශා වුණාට ඒක ගන්නවා කීවෙ නෑනෙ අනෙක සල්ලි කොහෙන්ද? තාත්තත් ගෙදර නෑ වැඩපලේ කොහොම හරි තාත්තාට පණිවිඬේ ගියා දැන් චිත‍්‍රා කියනවාමට වැඩ තියෙනවා හෙට අනිද්දා ජැපෑන් යන්න තියෙනවා මේ පීටර් කීවට ආවේ රුපියල් 35000 යි ඕනෑ නම් 1000 ක් අඩු කරන්නම් කියලා මං කීවා තාත්තා ආවම බලමුකො කියලා තාත්තා සරමයි බැනියමයි එදා ඇඳලා හිටියෙ එයා ආවා කාරෙක වටේ ගියාමේක හරි ෂෝක්නෙ බං ගාණ කීයද? කියලා කෙළින්ම ඇහුවා මට පුදුමයි ගුටි කන්න බලා හිටපු මට මේක පුදුම ප‍්‍රකාශයක් තාත්තා වාහනයට කැමති වුණා චිත‍්‍රා කීවා මල්ලී කාරෙක ගන්නවා නම් ගම්පහ ටවුමෙ අපේ ගෙදරට එන්න මං අපේ නෝනාට පවරලා තියෙන්නේ මං හෙට ජැපෑන් යනවා කියලා යන්න ගියා මං ඒ ගෙදර හොයාගෙන (තාත්තාගෙන් සල්ලිත් අරන් ගියා ඒ නෝනා හමුවෙලා කීවා මං තවම ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් මං මේ කාරයට ආසයි තාත්තා ඒක නිසා අරගෙන දෙන්නේ කීයක් හරි අඩු කරන්න කියලා ඒ නෝනා කීවා එහෙනම් තව රු 500 ක් අඩු කරලා 33500 ක් දෙන්න කියලා මං ඒ කාර් එකෙන් තාත්තවත් දාගෙන කොළඹ වටේම ගියා ඒ වාහනය අවුරුදු 7 – 8 ක් මා ළඟ තිබුණා

අපේ තාත්තා ළඟ කුල මල ජාති බේද කිසිවක් ම නෑ නියම සහජීවනය එයා ළඟ තිබුණා හැම මනුස්සයෙක්ම එයාටත් ඒ නිසාම ආදරෙයි මං ගමේ කෙල්ලෙක්ට ආදරය කරන්න පටන් ගත්තා මේක ලොකුවට ගියා ඒ අය ඉංගිරිසි පන්නයේ මහා අමුතු ගති පැවතුම් තිබූ කට්ටිය ඒ වැඩිහිටියො මට අකමැති වුණා ඒ කාලෙ තාත්තගෙ ආමර්වීදියෙ සාප්පුව මං තමයි කළේ අඩුම තරමේ ඒ කට්ටිය සිංහල පත්තරයක්වත් බලන්නෙ නැහැ කෙල්ල මුලින් මට බොහොම ආදරෙන් හිටියා අපේ ගෙදරින් මේ සම්බන්ධෙට විරුද්ධයි මං ඒ කෙල්ලට තාත්තාගෙ අම්මගෙ හිත දිනා ගන්න නොයෙක් සත්‍යග‍්‍රහ කරනවා කන්නෙ නෑ රැුවුල කොණ්ඩය වවනවා තාත්තා දවස් කීපයක් මේක බලලා දවසක් ? 730 ට වගේ මගේ කාමරය ළඟට ඇවිත්බොනී මෙහෙ වරෙන් කීවා මං එළියට ඇවිත් අහිංසකව හිටියා බොනී මොකක්ද? උඹට තියෙන අසහනය එහෙමයි තාත්තා ඇහුවේ මා ශබ්ද නොකර හිටියා ඔය ගෑනි ගේන්නෙ උඹටනේ මට නොවේ උඹට හරි නම් ගනින් කියලා ගෙට ගියා ඒත් අන්තිමේ ඒ සම්බන්ධෙ නොගැලපීම් වැඩි වුණා අත්හැර දැම්මා මං චිත‍්‍රපටවල රඟපාන්න යනකොට මුලින්ම තරංගා මං තාත්තාගෙන් මට ලැබුුණු පිත්තල බඩු සාප්පුව මගේ සහෝදරයාට පවරලා රඟපෑම වෘත්තීය කරගත්තා එක දිගට මට වැඩ ආවා තාත්තා ඒ නිසා දොස් පැවරුවේ නෑ ඒවාට දිරි දුන්නා මිසක් අපි පොඩි කාලෙ මට මතකයි තාත්තා අපට ඩිංගිරි මැණිකා පෙන්නුවා ඊට පස්සෙ එදා ? චිත‍්‍රපටය බැලූවා මතකයි ඊට පස්සෙ චිත‍්‍රපට පෙන්නුවේ නෑ ඒත් මං ස්කූල් කට් කරලා චිත‍්‍රපට බැලූවා තාත්තා මා රඟපෑ දුහුළු මලක් තරංගා සිරිපාල හා රන්මැණිකා බැලූවා ඒක මට ඇති තාත්තාට අක්මාවෙ රෝග තත්ත්වයක් ආවා ඒ අසනීපෙන් ඉඳිද්දී එයා සිරිපාල හා රන්මැණිකා බැලූවේ පොලිසිය සඳහාම පෙන්නපු විශේෂ දර්ශනය එයා බැලූවේ සිරිපාල හා රන්මැණිකා බලල කීවා පුතේ උඹ හරිම රඟපෑමක් නෙ බං කරන්නේ කියලා එයා දුහුළු මලක් චිත‍්‍රපටය බැලූවෙ අම්මාත් එක්ක ඒකෙ නීටාගෙ හා මගේ ඇතැම් දර්ශන යද්දී අම්මා තාත්තාගෙ ඇඟට හිමින් අනිනවාලූ ඒ දර්ශන තිරගත වෙනකොට අන්න පුතාගෙ වැඩ කියනවලූ මේක පිටුපස පේළියෙ ඉඳන් අහගෙන හිටපු ප‍්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂ දයානාත් ගුණවර්ධන මට පස්සේ ඒ ගැන කීවෙ

පුතේ උඹ තාත්තෙක්ව දරුවන් බලා ගන්න ඕනෑ තරමටත් වැඩියෙන් මාව බලාගත්තා පුතේ කියලා ඒ වචන තවමත් මට දෝංකාර දෙනවා මං කතෝලිකයෙක් වුණත් බුද්ධාගම දන්නවා බුදුරජාණන් වහන්සේත් වරක් දේශනා කරනවා තම මාපියන් තමන්ගේ දෙවුර මත තබාගෙන අවුරුදු 100ක් උපස්ථාන කළත් ඒ අයගේ ණය ගෙවා නිම කරන්න බෑ කියලා ඒ නිසා තාත්තා එහෙම කීවාට තාත්තාට මා ණයයි තාත්තා මැරෙන්න දින දෙක තුනකට ඉස්සරදා රාත‍්‍රියක මෙහෙම කීවා මේ ගෙදර ලයිට් සියල්ල දමාපල්ලා ජනෙල් දොරවල් සියල්ලම ඇරලා දාපල්ලා කියලා මොන හේතුවක් නිසා එහෙම කීවාද දන්නෙ නෑ ඊට පස්සේ දවස් දෙකකින් තාත්තාට අමාරු වුණා මා කොල්ලූපිටියේ ෘර පෙරුමාල් කැඳවාගෙන ගෙදර එනකොට ගේ ඉදිරිපිට සෙනඟ තාත්තා අප අතැර ගිහින් නිරහංකාරකම වෙලාවට වැඩ කිරීම මා තාත්තාගෙන් කෙළින්ම ලැබූ දේවල් මගේ දරුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක් දැන් ඔස්ටේ‍්‍රලියාවෙ පුරවැසියො දුවත් ළඟදීම එහෙට යනවා මගේ ජීවිතයේ අවසාන දවස මා ළඟ දරුවන් හිටියොත් මාවත් මගේ තාත්තා මා බැලූ ලෙසම බලාවි එහෙම නොවුණා වුණත් එන දේකට මුහුණදීමේ ශක්තිය මට දුන්නේ මගේ තාත්තා උපාලි සමරසිංහ