2019 අවුරුද්දේ උසස් පෙළ ප‍්‍රතිඵල පිටවෙලා මේක හැම අවුරුද්දකම සිද්ද වෙන දෙයක් මීට අවුරුදු 35 කට කලින් – හරියටම කියනවා නම් 1984 අවුරුද්දෙත් උසස් පෙළ ප‍්‍රතිඵල පිටවුණා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබපු අනුර ද සිල්වා කියන ශිෂ්‍යයාත් ඒ අවුරුද්දේ විභාගයට ලියලා තිබුණා අනුර විභාගයෙන් සමත් වුණා ඒ විතරක් නෙවෙයි චීනයේදී තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න ඕන කරන ශිෂ්‍යත්වයකුත් අනුරට ලැබුණා මේ විදිහට ශිෂ්‍යත්ව දිනාගත්ත තවත් ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයන් 19 දෙනෙක් එක්ක අනුර චීනයට ගියේ 1985 අවුරුද්දේ මේ විදිහට චීනයට ගිය අපේ කණ්ඩායමට පෙයි-චිං නුවර තියෙන විදේශ භාෂා විශ්වවිද්‍යාලයේදී චීන භාෂාව ඉගෙන ගන්න සිද්ධ වුණා අවුරුද්දකට පස්සේ තමයි තමන්ගේ උපාධියට අදාළ අධ්‍යයන කටයුතුවලට අදාළ විශ්වවිද්‍යාලවලට ඒ අයව යොමු කළේ අනුර තෝරගෙන තිබුණේ පෙයි-චිං නුවර තියෙන තැපැල් සහ විදුලි සංදේශ විශ්වවිද්‍යාලය රැහැන්ගත සන්නිවේදය නිස්තර සන්නිවේදනය පරිගණක තාක්‍ෂණය විද්‍යුත් ඉංජිනේරු ශිල්පය කියන විෂයය සම්බන්ධයෙන් දැනට ලෝකයේ තියෙන ඉහළම අධ්‍යාපන ආයතනයක් විදිහට තමයි මේ විශ්වවිද්‍යාලය සැලකෙන්නේ මේ වෙද්දි මුළු ලෝකයේම පරිගණක තාක්‍ෂණය

උගන්වන විශ්වවිද්‍යාල අතරින් 28 වැනි ස්ථානයට පත්වෙන්න මේ විශ්වවිද්‍යාලයට පුළුවන් වෙලා තියෙනවා ඉතින් 1986 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ඉඳලා අනුර ඉගෙන ගත්තේ ඒ වගේ තැනක ඒ වෙද්දි චීනයේ ආර්ථිකය ලෝකයට විවෘත වෙන්න පටන් ඇරගෙන වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නෑ රට ඇතුළට අලූත් තාක්‍ෂණ විධි ක‍්‍රම වේගයෙන් හඳුන්වා දෙමින් තිබුණා චීනයේ මේ වැඩ කරද්දි විශ්වවිද්‍යාලවලට මුල් තැනක් ලබා දෙනවා එහෙම නොකළොත් හැම දාම තාක්‍ෂණය වෙනුවෙන් විදේශ රටවල් දිහා බලාගෙන ඉන්න වෙන බව චීන නායකයෝ දන්නවා ඉතින් තැපැල් සහ විදුලි සංදේශ විශ්වවිද්‍යාලයත් බොහොම වැඩ වැඩි කාර්ය බහුල තැනක් බවට පත්වෙලා තිබුණා ඒ වැඩවලට සම්බන්ධ වෙන්න අනුරටත් පුළුවන් වුණා අවුරුදු හතරකට පස්සේ අනුර උපාධිය ලබා ගත්තේ මේ ශිල්ප ශාස්ත‍්‍ර ගැන ඉහළම දැනුමක් සහ පරිචයක් ලබාගෙන විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් අනුරට රස්සාවක් හොයලා දුන්නා ඒ හොංකොං නුවර පිහිටලා තිබුණු ටෙක්නෝ මයින්ඞ් කියන සමාගමේ ඒ සමාගමේ වැඩ කරද්දි අනුරට පැවරිලා තිබුණේ සමෝධානික ප‍්‍රදර්ශන තාක්‍ෂණය මුල් කරගෙන විදුලි පරිපථ පුවරු සැලසුම් කරන කටයුත්තක් මේ නිෂ්පාදන සිංගප්පූරුවේ මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ වැඩබිම්වල සහ අදාළ අනෙකුත් තැන්වල සවි කරන වැඩවලටත් අනුර සම්බන්ධ වුණා ඒ වැඩ වෙනුවෙන් ඒ රටවල්වල නැවතිලා ඉන්නත් අනුරට සිද්ධ වුණා බොහොම ටික කාලයකින් ටෙක්නෝ මයින්ඞ් සමාගමේ නිෂ්පාදන කළමනාකරු බවට පත් වෙන්නත් අනුරට පුළුවන් වුණා

ඒත් ඒ කාලය වෙද්දි දකුණු චීනයේ ෂන්-චන් විශේෂ ආර්ථික කලාපයේ මහා පෙරළි රැුසක් සිද්ධ වෙමින් තිබුණා ඉතින් හොංකොංවල තිබුණු ඒ කර්මාන්ත ශාලාවත් ෂන්-චන් විශේෂ ආර්ථික කලාපයට සංක‍්‍රමණය වුණා ඒ එක්කම කලින්ට වඩා මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු කරන්නත් විශාල සේවක පිරිසකගෙන් වැඩ ගන්නත් අනුරට සිද්ධ වුණා අවුරුදු දහයක් ඇතුළත අනුර යටතේ වැඩ කරපු සේවකයෝ ප‍්‍රමාණය දාහතර දාහක් දක්වා වර්ධනය වුණා නිෂ්පාදන කළමනාකරු විදිහට වැඩ කරමින් හිටිය අනුර සමාගමේ උප සභාපති බවට පත්වුණා ඒ වෙද්දි සමාගමේ පිරිවැටුම එක්සත් ජනපද ඩොලර් දස ලක්‍ෂ 400 ක් දක්වා වර්ධනය වෙලා තිබුණා මේ කාලය ඇතුළත විද්‍යුත් භාණ්ඩ ලෝකයට අලූත් නිෂ්පාදන සෑහෙන ප‍්‍රමාණයක් හඳුන්වලා දෙන්න අනුරලාගේ සමාගමට පුළුවන් වුණා ලෝකයේ මුල්ම ක‍්‍රියාදාම කැමරාව ලෝකයේ මුල්ම ළමා ටැබ්ලට් පරිගණකය ලෝකයේ මුල්ම සුහුරු ලෝක ගෝලය වගේ නිෂ්පාදන ඒ අතර තියෙනවා ඒ නිෂ්පාදන ජාත්‍යන්තර සම්මානයටත් පාත‍්‍ර වුණා මේ අත්දැකීම් සහ පළපුරුද්දත් එක්ක සී කේ හචිසන් කියන දැවැන්ත සමාගමට අනුර එකතු වුණා ඒ සමාගමේ සාමාන්‍යාධිකාරිකමත් උප සභාපතිකමත් අනුරට පැවරුනා අවුරුදු පහක් විතර කාලයක් ඒ සමාගමේත් වැඩ පෙන්නපු අනුර 2015 අවුරුද්දේදී පිලිෆ්ස් සමාගමට සම්බන්ධ වුණා දැන් අනුර වැඩ කරන්නේ පිලිෆ්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂවරයා සහ සාමාන්‍යාධිකාරිවරයා විදිහට මේ වෙද්දි නවීන තාක්‍ෂණය යොදාගෙන අඩු පිරිස් බලයකින් වැඩ කරන්න මහා සමාගම්වලට පුළුවන් ඉතින් දැන් අනුර යටතේ වැඩ කරන්නේ 2500 ක විතර සේවක පිරිසක් මේ සමාගමේ වාර්ෂික පිරිවැටුම යුවාන් මිලියන 3500 කට වැඩි යුවාන් මිලියන 700 කට වැඩි ආයෝජන කටයුතුත් වාර්ෂිකව සිද්ධ කරනවා මේ හැම වැඩකටම නායකත්වය ලබා දෙන්නේ අනුර

මේ දැවැන්ත සමාගම පිහිටලා තියෙන්නේ ෂන්-චන් කිට්ටුව තියෙන චූ-හයි ප‍්‍රදේශයේ චූ-හයි විදේශ ආයෝජන සංවිධානයේ උප සභාපති තනතුරේ වගකීමත් අනුරට පැවරිලා මේ ආකාරයෙන් නිෂ්පාදන සහ ව්‍යාපාරික ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න සමාගමකට නායකත්වය දීලා වැඩ කරන කෙනෙක් විදිහට අනුරට සමාජ වගකීම් විශාල ප‍්‍රමාණයකුත් පැවරිලා තියෙනවා ඇත්තෙන්ම ඒ වගකීම් සෑහෙන ප‍්‍රමාණයක් ඔහු විසින්ම පවරා ගත්ත ඒවා නිෂ්පාදන සහ ව්‍යාපාරික ලෝකයට අලූත් හැකියාවලින් පිරිපුන් තරුණ පිරිස් සම්බන්ධ කරගැනීම; චිරස්ථායි කළමනාකරණ ක‍්‍රම හඳුන්වාදීම; නවීන ඒ වගේම අනාගතයට ගැළපෙන ආකාරයට නිෂ්පාදන සහ ව්‍යාපාරික කටයුතු පරිවර්තනය කිරීම වගේ තමන්ගේ රාජකාරියට කෙළින්ම අදාළ සමාජ කටයුතු වගේම දිළිඳු සහ වැඩිහිටි ජනයාට අවශ්‍ය සමාජ පිළිසරණ කටයුතු සඳහා මැදිහත් වීමත් අනුර අතින් සිද්ද වෙනවා අනුර මුල් වෙලා කරන මේ හැම වැඩක් සම්බන්ධයෙන්ම පැහැදීමෙන් ඉන්න චූ-හයි ප‍්‍රදේශයේ ආණ්ඩුව ඔහුගේ මෙහෙවර අගය කළා 2019 අවුරුද්ද සඳහා වන චූ-හයි ප‍්‍රදේශයේ ගෞරවනීය පුරවැසියා කියන සම්මානය අනුරට පිරිනැමීමෙන් තමයි ඒ ඇගැයීම සිද්ධ කළේ හැකියාවෙන් පිරිපුන් විශාල ජනගහනයක් සිටින චූ-හයි වගේ ප‍්‍රදේශයකදී මේ ආකාරයේ ඇගැයීමක් ලබාගැනීම සුළුපටු කාරණයක් නෙවෙයි අනුර වගේ විදේශිකයකු ඒ සම්මානය හිමි කරගැනීමත් විශේෂ ජයග‍්‍රහණයක් චීන රජය මැදිහත් වෙලා පිරිනමන මේ වගේ සම්මානවලින් පුද ලබන අයට ඒ සමාජයේ හිමිවන ගෞරවය සහ පිළිගැනීම ඉතාමත් ඉහළ එකක්

මේ ඇගැයීම ගැන ආඩම්බර වන අතරම අපේ රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් විදිහටත් අපි අනුරව හඳුනා ගන්න ඕන චීනයත් එක්ක අපි කරන ගනුදෙනු සාර්ථක කරගන්න නම් ඒ රටේ වැඩ සිද්ද වෙන විදිහ ගැන අකුරක් නෑර දන්න අනුර වගේ අයගේ සේවය අපිට අවශ්‍ය වෙනවා අවුරුදු තිහකට කිට්ටු කාලයක් තිස්සේ ඔහු වර්ධනය කරගෙන තියෙන කළමනාකරණ හැකියාවනුත් ඒ කාලය තුළ ඔහු අත්පත් කරගෙන තියෙන අත්දැකීමුත් අපිට ප‍්‍රයෝජනවත් ගතවෙච්ච දශක හතරක පමණ කාලය තුළ චීනය ඇති කරගත්ත දියුණුවේ කේන්ද්‍රස්ථාන බවට පත් වුණේ ෂන්-චන් සහ චූ-හයි ප‍්‍රදේශ ඒ ප‍්‍රබෝධය ඇති වුන විදිහ සහ ඇති කරපු විදිහ අනුර දැකලා තියෙනවා ඔහුත් ඒ ප‍්‍රබෝධයේ හවුල්කාරයෙක් ඉතින් ඒ ජයග‍්‍රහණවලට අදාළ රහස් පවා අනුර හොඳින්ම දන්නවා අනුරට ලැබුණු සම්මානය ඔහුගේ පුද්ගලික ජයග‍්‍රහණයක් විදිහට සීමා නොකර ඔහු අපිට සම්පතක් කියන ඇගැයීම ඇති කරගන්න අපි උත්සාහ කරමු චීනයත් එක්ක කරන වෙළෙඳ සහ ආයෝජන කටයුතුවලට අවශ්‍ය අභ්‍යන්තර රහස් හෙළිදරව් කරගැනීමට වුවමනා උපදේශක සේවය අපි අනුරගෙන් ලබා ගනිමු ඇත්තෙන්ම මේ ශක්තිය අනුරට විතරක්ම සීමාවෙච්ච එකකුත් නෙවෙයි මේ වගේ ශ‍්‍රී ලාංකික යෝධයෝ සෑහෙන ප‍්‍රමාණයක් චීනය ඇතුළෙන්ම හොයා ගන්න අපිට පුළුවන් අනුරගෙන් සංකේතවත් වෙන්නේ ඒ යෝධ පරපුරේ එක් පුරුකක් විතරයි මේ යෝධයන් සියල්ලම හඳුනා ගෙන ඒ අයගෙන් වැඩ ගන්නා ක‍්‍රමයක් ගැනත් අපි හිතමු චීනයත් එක්ක ගනුදෙනු කරන සිස්ටම් එක වෙනස් කරගන්න අපිට පුළුවන් වෙන්නේ මේ අභ්‍යන්තර උපදේශක මණ්ඩලය පත් කර ගන්නවානම් තමයි