ස්වාභාවික ශාකසාර ඔබ තෝරා ගත යුත්තේ ඇයි ?අතීතයේ කාන්තාවන් රුව රැකගැනීම සදහා උපයෝගී කරගැනුයේ ස්වාභාවික ශාකසාර වල ගුණයයි.ඔවුන්ට එම ආලේපන භාවිත කර සමට උරාගන්නා තුරු නිදහසේ සිටීමට ඔවුන්ට අවස්ථාව තිබුනි.එහෙත් අද වනවිට කාන්තාවන් කාර්‍යබහුල වීමත් ,එවැනි ආලේපන ගල්වා වැඩි වේලාවක් සිටීමට කාන්තාවන් අකමැත්තක් දක්වන නිසාත් ස්වාභාවික ද්‍යව්‍ය වලින් බොහෝ දුරට ඈත්ව තිබේ.එසේම ප්‍රතිඵල ප්‍රමාද නිසා ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් කෘතීම ද්‍යව්‍ය වෙත නැඹුරුවීමක් දක්නට ලැබේ…එහෙත් ස්වාභාවික ද්‍රව්‍ය භාවිතයට ගැනීමෙන් දීර්ඝකාලීනව පවතින සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බව මතක් කල යුතුය.මේ නිසා හැකියාවක් තිබේ නම් ස්වාභාවික සත්කාර වෙත යොමු වී කල් පවතින ස්වාභාවික සුන්දරත්වයක් අත් විදින්න

සුදු හදුන් රුව වඩවන හැටි රූපලාවණ්‍ය නිෂ්පාදන සකස් කිරීමේදී බහුලවම භාවිත කරන ද්‍රව්‍යක් ලෙස සුදු හදුන් හදුන්වා දිය හැක.එහෙත් එම නිෂ්පාදන වල ඇතුලත් වන්නේ සුදු හදුන් කුඩු වලින් අල්ප ප්‍රමාණයකි.ඔබ නිවසේදී සුදු හදුන් කුඩු භාවිත කරනවා නම් එහි ස්වාභාවික ගුණය වඩාත් හොදින් ලගා කර ගැනීමේ හැකියාව ඔබට ලැබේ .

සුදු හදුන් කුඩු වලින් සකස් කරන ආලේපන සුදු හදුන් කුඩු ටෝනර් එකක් සමග මිශ්‍ර කර මුලු සිරුරේම ගල්වා මිනිත්තු කිහිපයක් සිට ඉවත් කරන්න.මෙමගින් සිරුරේ තෙල් සහිත බව පාලනය වේ.

වියළි සමක් තිබෙන කෙනෙකුට කිරි ස්වල්පයක් සමග සුදු හදුන් කුඩු ස්වල්පයක් මිශ්‍ර කර පැක් එකක් ආකාරයෙන් මුළු සිරුරේම ආලේප කර තැබිය හැක.මිනිත්තු කිහිපයක් තබා ඉවත් කර වියළි සම සුවපත් කළ හැකිය .. අව්වට පිළිස්සුනු සමටත් කුරුලෑ සහිත සමටත් විශේෂිත පෝෂණ සත්කාරයක් ලෙස සුදු හදුන් භාවිත කළ හැක

විෂබීජ නසන රුව වඩන කොහොඹ හිස්සොරි වදයෙන් බොහෝ දෙනෙකු පීඩා විදියි.මානසික පීඩනය,අපිරිසිදුබව,හිස් කබලේ ඇති වියළි බව මෙන්ම දිගු කාළයක් වායුසමන යන්ත්‍ර යට සිටින නිසාද හිස්සොරි ආසාදන ඇති වේ.මේ සදහා වෙළෙඳපොළේ විවිධ ෂැම්පු වර්ග තිබුනත් ඒවා හිස්සොරි සුවනොවීම බොහෝ දෙනාට ඇති අත්දැකීමකි.මෙලෙස හිස්සොරි නිසා පීඩා විදින ඔබට කොහොඹ කොළ කොටා හිසෙහි ආලේප කිරීමෙන් ඉන් මිදිය හැක.එසේම කොහොඹ කොළ කොටා එහි ඉස්ම කිරි ස්වල්පයක් සමග මිශ්‍ර කර පානය කිරීමෙන් ශරීරය නිවා ගැනීමට දායක වෙන අතර විෂබීජ නාශකයක් ලෙසත් ක්‍රියා කර සිරුර සුවපත් කරයි.මෙමගින් කකුල් පැලීම හා රත්තය වැනි ඌෂ්ණාධික රෝගී තත්ව අභ්‍යන්තරික වශයෙන් සුවපත් කරයි.එසේම කොහොඹ කොළ හා අමු කහ කොටා මිශ්‍ර කර කුරුලෑ සහිත ස්ථාන වල ගැල්වීමෙන් කුරුලෑ පහසුවෙන් ඉවත් කරගත හැක.මෙවැනි ස්වාභාවික ද්‍රව්‍ය හැකි හැමවිටම භාවිතයට ගන්න.ඒ අතර වැඩිපුර ජලය පානය කිරීමෙන් මේ ප්‍රතිඵල වඩාත් හොදින් ලබා ගත හැක