සත්ත්ව ගොවිපොළක් සහ වතුපිටි හිමිව සිටි පවුලක උපත ලැබූ දියණියට නම් දී තිබුණේ මාරියා යනුවෙනි පියාගේ වතුපිටිවලට යාමටත් ගැමි පරිසරයත් ඇය කුඩා කළ සිට බෙහෙවින් ඇලුම් කළාය හුරුබුහුටි රූමත් තරුණිය වන විට ඇය සොයා පෙම්වතුන් එන්නට විය එහෙත් එම පෙම්වතුන්ගේ සබඳතාවලට පියා විරුද්ධ වීය ඇයට පෙම් කළ එක් පෙම්වතෙකු සි1ය දි1වි න1සා1ගෙ1න ජීවිතයෙන් සමුගන්නේ ඇය බලවත් කම්පාවට පත් කරවමිනි අනතුරුව ඇය හුදකලා ජිවිතයකට පුරුදුවන්නට වූවාය ඉඳහිට හෝ ඇය ඇසුරු කරනු ලැබුවේ එක් මිතුරු කතක් සමගය එම මිතුරියගේ නිවසට නිතර යාමට ඇය පුරුදුව සිටියාය ඇගේ සිත තුළ ඇති වූ කාන්සිය මහහැරගැනීමට මිතුරිය සමඟ කතාබහ කරනවිට ඇගේ ප්‍රධාන මාතෘකාව වූයේ මෙලොවින් සමුගෙන ගොස් යළි උපතක් ලැබීම පිළිබඳවය ඇගේ මෙම මානසික තත්ත්වය මගහැරවීම සඳහා පියා දැඩි උත්සාහයක් ගත්තේය බොහෝ විට ඇයම විනෝද සැණකෙළිවලට කැඳවාගෙන යාමටද පියා උත්සාහ කළේය එහෙත් ඒ කිසිවකින් ඇගේ මානසිකත්වය වෙනස්කරවීම අපහසු බවක් පෙනුනි මේ අතර ඇය රෝගීවන්නට වූවාය ඇගේ පෙණහලුවල ඇති වූ ආබාධිත තත්ත්වයක් නිසා වචන ප්‍රකාශ කිරීමද අපහසු විය උගුර සම්බන්ධ ආබාධයක් ලෙසද දක්නට ලැබිණි

ඇගේ රෝගී තත්ත්වය යනුවෙන් වෛද්‍යවරුන් විසින් හදුන්වාදී තිබිණි රෝගී තත්ත්වය ඉතා ඉක්මනින් වර්ධනය වීය අවසානයේ ඇය ක්‍ෂය රෝගයෙන් පෙලෙන්නට වූවාය තම රෝගී තත්ත්වය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇයට තිබිණි එම රෝගී බවෙන් මියයෑම සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොගෙන ඇය කාලය ගත කළාය අසාධ්‍ය තත්ත්වයට පත් වී සිටි ඇය ඇගේ මිතුරිය සමග යළි ඉපදීම පිළිබඳව කතාබහා කළාය දිනක් ඇගේ මිතුරිය සමඟ කතා කළ ඇය මට මැරෙන්න ඕනෑ මම ඔයාගේ දුවක් වෙලා නැවත ඉපදෙනවා මට කතාකරන්න පුළුවන් වුණාම මගේ ජීවිත තොරතුරු ඔයාට කියන්නම් එතකොට එහි සත්‍යතාව ඔයාට දැනගන්න පුළුවන් යනුවෙන් ප්‍රකාශ කරන්නට වූවාය ඇගේ ​රෝගී තත්ත්වය ඉතා අසාධ්‍යවන විට ඇය විසි අට වැනි වියේ පසුවූවාය අවසානයේ ඇයට වචන උච්චාරණය කිරීමටද අපහසු විය දරුණු ක්‍ෂය රෝගියකු බවට පවත් සිටි ඇය ජීවිතයෙන් සමුගනු ලැබුවේ දෙමාපියන් ඇතුළු ඥාතීන් දැඩි කම්පාවට පත්කරවමිනි ඇගේ අකල් මරණය පිළිබඳව දැඩි ලෙස කම්පාවට පත්වූයේ ඇගේ මිතුරිය විය ඇගේ මරණයට තුඩු දුන් හේතුව වූයේ යනුවෙන් වෛද්‍ය වාර්තාවල සඳහන් වීය ඇගේ මරණය සිදුවී මාස දහයක් ගතවිය මාරියාගේ මිතුරිය සිගිති දියණියක් මෙලොවට බිහි කළාය එම දැරියට මාර්තා යනුවෙන් නම් තැබිණි මියගිය තරුණිය ප්‍රකාශ කළ පරිදිම මිතුරියගේ දියණිය පෙරභව තොරතුරු අනාවරණය කරන්නට වූවාය පුනර්භව පර්​ෙ‌ය්ෂකයෙකු වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් බ්‍රසීලයේදී සිදුකළ ප්‍රථම පුනර්භව පර්යේෂනය මෙය විය එම පර්​ෙ‌ය්ෂණයේදී දැරිය පුනර්භවය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම අතිශය පුදුම අයුරින් සිදුවී තිබිණි

දැරිය උපත ලැබූ නිවස පිහිටි ප්‍රදේශයේ ජලය ලබාගත්තේ ගලායන දිය පහරකිනි එය දුටු දැරිය අපි එහෙදී වතුර ගත්තේ ළිඳෙන් යයි දිනක් පැවසීය ඒ කොහේදීද යැයි එය ශ්‍රවනය වූ ඇගේ සොහොයුරියක් විමසුවාය එයට පිළිතුරු දුන් දැරිය එතකොට මම හිටියේ වෙන අම්මා කෙනෙකුයි තාත්තයි යයිද කීවාය අනතුරුව පෙරභව තොරතුරු හෙළි කළ ඇය ඔවුන්ගේ නිවසේ සේවකයෙක් සිටි බවත් දිනක් එම සේවකයාට පියා පහර දෙන විට ඇය ඔහු බේරාගත් බවත් කීවාය පෙරභවයේ නමද හෙළි කළ දැරිය ඔවුන් පදිංචිව සිටි නිවසේ ගොවිපොළක් තිබූ බවත් එහි ඇතිකළ සත්ත්වයන් ලෙස එළුවන් වැනි සතුන් සහ ගවයින්ද සිටි බවත් පැවසුවාය පෙර නිවසේ ආහාර පිසීමට කෝකියෙකු සිටි බවත් ඇය ප්‍රකාශ කළාය නිවසේ සුදු බළලෙකු සිටි බවද ඇගේ මතකයේ තිබිණ ඇය අනාවරණය කළ තොරතුරු අනුව පෙරභවයේ ඥාතීන් ඇතුළු මිතුරන් කීප දෙනෙක්ද ඇය බැලීමට නිවසට පැමිණියහ එහිදී ප්‍රබල සාක්කියක් බවට පත්වූයේ පෙර භවයේ පෙම්වතෙකුව සිටි අයෙකු නිවැරදිව හඳුනා ගැනීමය ප්‍රබල සාක්කියක් බවට පත් වූ එම හඳුනා ගැනීමට පරීක්ෂණ වාර්තාවට ඇතුළත් වී ඇත්තේ යනුවෙනි

පෙර භවයේ ගොවිපොළේ සිටි සත්ත්වයින් පිළිබඳව හෙළි කිරීමේදීද අති විශේෂත්වයක් සිදුවිය. එනම් ඒ වන විට දැරිය බැටළුවන් දැක නොතිබිණි ඇය පැවසුවේ එළුවන් වැනි සතුන් සහ ගවයින් එම ගොවිපොළේ හිටි බවය. ගොවිපොළේ සත්ත්වයින් සිටි බැව් ඇය සඳහන් කර තිබූ ආකාරය පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය ඒ වන විට ඇය කිසිදිනෙක බැටළුවන් දැක නොතිබූ අතර උන් හඳුන්වන නම නොදැන සිටියාය ඒ පෙරභව ගොවිපොළේ ඇතිකරනු ලැබුවේ බැටලුවන්ය මෙම දැරිය අනාවරණය කළ පෙරභවයේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා එම කරුණු ලැයිස්තුවක් පිළියෙල කරනු ලැබීය. එහි සඳහන් වූ වැදගත් කරුණු රැසක් තිබිණි

  1. නිවසේ සේවකයෙක් සිටි බැව් කීම
  2. එම සේවකයාට පියා දිනක් පහරදුන් බැව් හෙළි කිරීම
  3. නිවසේ ජලය ගැනීම සඳහා ළිඳක් තිබූ බැව් කීම
  4. පියාගේ ගොවිපල ගැන හෙළි කිරීම
  5. ​ගොවිපොළේ සිටි බැටලුවන් ගැන පැවසීය
  6. නිවසේ කෝකියෙකු සිටි බැව් හෙළි කිරීම
  7. සුදු බළලෙකු සිටි බැව් කීම
  8. පෙම්වතුන් දෙදෙනෙක් සිටි බැව් හෙළි කිරීම
  9. එක් පෙම්වතෙකු සියදිවි නසා ගත් බැව් කීම
  10. ඇගේ ප්‍රේම සබඳතාවලට පියා විරුද්ධ වීම වැනි කරුණු වීය

මෙම තොරතුරු නිරීක්‍ෂණය කිරීමේදී ප්‍රබල සාක්කි ලෙස සනාථ වූ කරුණු අනුව නිවසේ සිටි සේවකයා සහ කෝකියා පිළිබඳවත් පෙම්වතුන් දෙදෙනා ගැනත් හෙළි කිරීම පියා මවිතයට පත් කළේය එක් පෙම්වතෙකු සිය නසාගැනීමටද ඇගේ මනසේ පැහැදිලිව තිබූ බැව් දක්නට ලැබිණි පරිසරය පිළිබඳවද ඇගේ මතකය ඉතා පැහැදිලිවීය ඇලකින් ජලය ලබාගැනීම ඇය හෙළි කළේ මෙහෙ වගේ වතුර ගත්තේ ළිදකින් නෙවෙයි යනුවෙනි පෙර භවයේ මරණය සිදුවීමෙන් පසුව යළි උපතක් ලෙස මිතුරියගේ කුසයෙන් බිහිවෙන දරුවෙකු ලෙස නැවත මෙලොවට එන බැව් ඇය විසින් පැහැදිලිව ප්‍රකාශ කර තිබිණි මිතුරිය හමුවූ කීප විටකදීම ඇය ඒ බැව් ප්‍රකාශ කළාය එම ප්‍රකාශය පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් වී ඇත්තේ මෙසේය යළි ඉපදීම පැහැදිලිව මෙලෙස ප්‍රකාශ කර තිබීමද මෙම පුනර්භව සාධකයේ ඉතා වැදගත් ප්‍රබලතම සාක්කියක් බවට පත්විය ඉතා කුඩා කළ එනම් වයස අවුරුදු දෙකේ පමණ සිට මෙම දැරිය ඇගේ පෙරභව තොරතුරු අනාවරණය කළ නමුත් පියා ඒ පිළිබඳව අවධානය යොමු නොකළේය ඇය පියාගෙන් ඉල්ලා සිටියේ පෙරභව නිවසට රැගෙන යන ලෙසය එහෙත් පියා විසින් ඇය පෙරභව නිවසට රැගෙන යනු ලැබුවේ ඇය වයස අවුරුදු දහයේ පමණදීය

අනතුරුව පියා විසින් සිය දියණියගේ මෙම පුනර්භව සාධකය ග්‍රන්ථයකටද ඇතුළත් කරනු ලැබීය එය ප්‍රථමවරට ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1955 වසරේදීය මහාචාර්ය ස්ටීවන්සන් විසින් ඇගේ මෙම පුනර්භව සාධකය නම් පරීක්ෂණ වාර්තාවකටද ඇතුළත් කර තිබේ මෙම දැරියගේ පුනර්භව සාධකයේ සිදුවී ඇති හඳුනාගැනීම් පිළිබඳවද එම වාර්තාවේ සඳහන් කර තිබේ එම හඳුනාගැනීම් අතර දැරිය පෙරභව නිවසට ගිය අවස්ථාවේ ඇය විසින් ඔරලෝසුවක් හඳුනාගැනීම අති විශේෂ සිදුවීමක් ලෙස පිළිගෙන ඇත එයට හේතු වී ඇත්තේ එම ඔරලෝසුව ඇය විසින් හඳුනාගැනීමෙන් පසු එහි පිටුපස සඳහන් කර තිබූ නමකි එය දුනු මගින් ක්‍රියාත්මක වූ ඔරලෝසුවකි මිය ගිය තරුණියට අයත්ව තිබූ එම ඔරලෝසුවේ පිටුපස ඇගේ නම ලියා තිබීමය දැරිය විසින් එය පෙන්වා දෙනතුරු නිවසේ කිසිවෙක් එය නොදැක තිබීම විශේෂත්වයකි පෙරභවය සනාථ කළ අතිශය ප්‍රබල සාක්කියක් ලෙසද එම සිදුවීම වාර්තා වීය තිස්ස ජයවර්ධන