කුටුම්භයක් ජීවත් වන නිවස සෑම අතින්ම බලවත් විය යුතුය. ඒ බලවත් වීම එක් අංශයකින් – දෙඅංශයකින් මෙතෙකැයි කියා කිව හැකි නොවේ. නිවසක පිරිසිදු භාවය, අලංකරණය, නිවස තුළ අනුගමනය කරනු ලබන විධිමත් සාම්ප‍්‍රදායික පුරුදු, වාස්තු විද්‍යාත්මතව නිවසේ නිවැරදි භාවය වගේම නිවසකට බලාත්මකව බල ගන්වා ඇති බලවත් ආරක්ෂාවත් ඒ අතර ප‍්‍රධානයි. මේ කුමන හෝ පැතිකඩක යම් තාක් දුරට දුර්වලතාවයක් පෙන්වන්නේ නම් එම තත්ත්වය අඩු වැඩි වශයෙන් නිවසටත්, නිවසේ ජන්මීන්ටත් බලපානු ලබන්නේය.

මදකට සිතා බලන්න, නිවසක් උදේ සවස දිනපතා අතුගා පිරිසිදු නොකරන්නේ නම් එම නිවස ඉතා අපිරිසිදු තත්ත්වයකට පත් වන්නේය. එය දෙවියන්ට පවා නිවැසියන්ටවත් විසිය නොහැකි තැනක් බවට පත් වන්නේය. එවිට නිවසට පැමිණෙන යක්ෂ – පේ‍්‍රත වැනි අමනුෂ්‍ය බන්ධනවල බලපෑමද ඉහළ යනු ඇත. ඒ තුළින් නිවසේ බලවත් ආරක්ෂාවක් සිදු කර ඇත්නම් එහිද යම් හෝ පමණක වෙනස් වීම් සිදු වීමටද ඉඩකඩ පවතී. එසේම අපිරිසිදු නිවස තුළ නිතර ගැවසෙන සතුන් ආදීන්ගෙන් නිවස ආරක්ෂා කර තැන්පත් කර ඇති බඳුන්වලට හානි සිදු කිරීම සිදු කළ හැකිය. ඒ තුළින්ද නිවසේ ආරක්ෂාවන් බිඳී යෑමේ අවදානමක් පවතී. නිවසේ දරුවන් නිතර ලෙඩ කරවීම, බෝවන වසංගත රෝගයන්ට ගොදුරු වීම, අමනුෂ්‍ය දෝෂයන්ට නිවැසියන් ගොදුරුවීම ආදිය ද මේ තුළින් මතු වන අශුභකාරී තත්ත්වයන්ය.

යම් හෙයකින් නිවසේ සුළු වශයෙන් හෝ පැන නැගී ඇති වාස්තු සම්බන්ධ ගැටලූකාරී – දෝෂකාරී තත්ත්වයක් පවතී නම් මෙම ඉහත දක්වන ලද කරුණු කාරණා නිසා මෙවන් දෝෂයන් උත්සන්නව, ජන්මීන්ට වේද දෙන අයුරිනුත්, දෝෂ ගෙන දෙන අයුරිනුත් මතු වනවා නිසැකය. උදාහරණයක් වශයෙන් නිවසේ මුළුතැන්ගෙයි පිහිටීමත්, උයන පිහන ලිප හෙවත් උදුන්වල නිවැරදි දිශා ගත නොවීමෙන් නිවසේ ගිනි දැල්වීම නිවැරදි නොවීමෙන් නිවැසියන් අතරේ ගිනි ඇවිලීම සිදුවේ. මෙම තත්ත්වය නිවසේ අසුභ ගෙනදෙන හැසිරීම් සහ අනෙකුත් යෝග්‍ය නොවන කරුණු කාරණා හමුවේ වක‍්‍රාකාරව කාලයත් සමග නිවැසියන්ට බලවත් දෝෂ ගෙන දෙන තත්ත්වයටත්, ඔවුන්ගේ කටයුතු බිඳ වැටීමටත් ප‍්‍රබල හේතුවක් වනු නිසැකය. මේ දැක්වූයේ එක් කාරණාවක් ඔබගේ දැන

ගැනීම සඳහා පමණි. නමුත් මේ සා අයුරින් මතු වන ප‍්‍රබල වාස්තු දෝෂකාරී තත්ත්වයන් හමුවේ ඔබ විසින්ම යොදා ගැනෙන නොගැලපෙන ක‍්‍රියාදාමයන් නිසා නිවස තුළ ජන්මීන්ට බලපානු ලබන දොස් ගෙනදීම උග‍්‍ර වන්නේය.එනිසා නිවසකට බලවත් ආරක්ෂාවක්ද නිවැරදිව අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේය. නමුත් නිවසකට ආරක්ෂාවක් සිදු කළාය කියූ පමණින් නිවසේ මා ඉහත සඳහන් කරන ලද අනිසි ක‍්‍රියාදාමයන්වල නියැලීම සුදුසු නොවන්නේය. එසේ වන්නේ නම් ඒවාගේ බලවත්භාවය නිවසේ ආරක්ෂාවටද පිටුපා අභිබවා යනු ලබන්නේය. ඒ වගේම නිවැරදි වාස්තු විද්‍යාඥයකු විසින් පරීක්ෂණයකින් පසුව පෙන්වා දෙනු ලබන අශුභකාරී වාස්තු දෝෂයන්ද කෙමෙන් නිවැරදි කර ගැනීම වටින්නේය. නැතිනම් ඔබ නොසිතූ මොහොතක නොපැතූ අන්දමින් කරදරවල පැටලීමට සිදු වන්නේය. ඒ වගේම තමයි නිවසේ බලවත් විදියට ආරක්ෂාවක් සිදු කර ඇතිනම් එය රැුක ගැනීමට නිවසේ පිරිසිදුභාවය මෙන්ම අලංකරණය මෙන්ම අනෙකුත් යහපත් පාරිසරික සාධක කෙරේ ද අවධානය යොමු කරමින් සොඳුරු දිවියක් ගොඩනගා ගැනීමට දැන් දැන්ම තරයේ සිතට ගන්න.