අපි හැමෝම මිනිසුන් හැටියට ඉපදුනාට අපි එකින් එක්කනට තිබෙන සිතුම් පැතුම් වෙනස්.සමර කෙනෙක් හොද වෙනකට අනිත් එක්කනා නරක ගති පැවතුම් ඇති කෙනෙක් වෙන්න පුළුවන්.මේ ආකාරයට නොයෙක් නොයෙක් දෙනා සිතන පතන විදිය වෙනස්.ඒ වගේම තමයි සමහරක් මිනිසුන් උපතින්ම් ඇතැම් ආඩු පාඩු ඇතිව ඉපදෙනවා.ලෝකය දෙස බලනකොට අපින ඕන තරම් සාක්ෂි මේ ගැන තිබෙනවා.හැබැයි උපතින් අඩු පාඩු ඇතිව ඉපදුන හැමෝම තමන්ගේ අඩු පාඩු දැක දැක පැත්තකට වෙලා හිටියේ නෑ .ඔවුන් තමන්ගේ දෛවයට පවා අභියෝග කරා .මේ කියන්න යන්නේ ලංකාවේ අපුරු තරුනයෙක්ගේ කතාවක් ගැන .

මහා භාරතයේ වීරයා අර්ජුන්… මේ කතාවේ වීරයත් අර්ජුන්…මාතර වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මීරුප්ප ගම තමයි අර්ජුන්ගෙ ගම…අර්ජුන් තරුණ ගොවි මහත්තයෙක්… කිසිම සහයකයෙක් නැතුව අර්ජුන් අක්කර භාගෙක විතර වගා බිමක් තනියම අස්වද්දනවා. අර්ජුන් ලඟ හිටගෙන මෙහෙම ඡායාරූපයක් මම ගත්තේ මං වීරයෝ එක්ක පොටෝ ගහන්න ආස නිසා…උපතින් ආබාධිත වුනත් අර්ජුන්ගේ වීර්යය පරදවන්න ආබාධිතත්වයට බැරිවුණා.. එක වචනයක් කතා කරන්න වුනත් තමන්ගෙ සියොලඟම ඇති වීරිය පාවිච්චි කරන අර්ජුන් තමන්ගේ වගා බිමේ වල් කොටලා , පාත්ති දාලා, මැහි බැඳලා, බීජ සිටුවලා, උදේ හවස ලිඳෙන් වතුර ඇදලා, පැළ වලට වතුර දාලා කරන සාත්තුව දැක්කම අර්ජුන් ගැන ඇතිවෙන්නේ පුදුම ගෞරවයක්…

කිසිම කෙනෙකුට අත නොපා තමන්ගෙම වීර්යයයෙන් ජීවිතේ ගොඩනගාගෙන හෙමින් ගමනක් ආපු අර්ජුන් පසුගිය දවසක තමන්ගෙම කියලා පුංචි ගේකට අඩිතාලමත් දැම්මා…මේ වීර්යවන්තයාට පුංචි හීනයක් තියෙනවා.. ඒ තමන්ගෙ ගමන් බිමන් ටිකක් පහසු කරගන්න බැ⁣ටරියෙන් ක්‍රියා කරන එයාට පදින්න පුළුවන් විදියේ පුංචි මෝටර් බයිසිකලයක් ගන්න එක…ඒ වගේම අර්ජුන්ගේ වගා බිමට වතුර මෝටරයක් අරන්දෙන එකත් වටිනවා කියලා මම හිතනවා..වැදගත්ම දේ මම දැන් කියන්නම්… අර්ජුන් ලාභය බලන් වවන කෙනෙක් නෙමෙයි.. මිනිස්සු ගැන හිතලා ගොවිතැන කරන කෙනෙක්.. අර්ජුන්ගේ වගා බිමට කවදාවත් කිසිම රසායනික පොහොරක් හෝ කෘමි නාශකයක් යොදලා නෑ..ඉතින් මිනිස්සුන්ට ආදරේ කරන අර්ජුන්ට ආදරය දෙන්න අපට පුළුවන්… ඒ එයාගෙ හීන වලට යන්න ශක්තියක් වෙලා…අර්ජුන්ට පුළුවන් නම් අපට ආදරේ කරන්න.. ඇයි අපට බැරි අර්ජුන්ට ආදරේ කරන්න..