මේ කතාව ලංකාවේ තරුණ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වුන ශිහාන් මිහිරංග ගැන ඇත්තටම පහුගිය දවසක ශිහාන්ට මුහුණ දෙන්න වුන එක්තරා විශේෂ සිදුවීමක් තමයි කතාවෙන් කියවෙන්නේ ශිහාන් ලංකාවේ ජනප්‍රිය සංගීත රියැලිටි වැඩසටහනක විනිසුරුවරයෙක් විදිහට ඉන්නවා කියන එක මේ වෙද්දී හැමෝම වගේ දන්න කාරණයක් පහුගිය දවසක මේ රියැලිටි වේදිකාවේ හරි අපූරු සිදුවීමක් වෙනවා එක්තරා ආධුනික ගායකයෙක් තමන්ගේ ගායනය අවසන් කරලා තමන්ව ඉදිරි වටයට රැගෙන ගිය අයට ස්තුති කරනවා ඒ අතරේ ඔහු බොහොම අපූරු කතාවක් කියනවා වසර ගණනාවකට කලින් තමන්ගේ සංගීත ගුරුවරයා ගැන

“මම මුලින්ම කීබෝඩ් වාදනය ඉගෙන ගත්තේ ගම්පහ වැලිවේරිය පැත්තේ සර් කෙනෙක්ගෙන් සර් හරි සැරයි අපි හරිම විනයක් එක්ක තමයි සර්ගෙන් ඉගන ගත්තේ සෑහෙන වාදන භාණ්ඩ ප්‍රමාණයක් සර්ට වාදනය කරන්න පුළුවන් සර් ආමි බෑන්ඩ් එකේ හිටියේ ඉතින් ඉස්සර මම පන්තියේදී කීබෝඩ් ප්ලේ කරනකොට පොඩි කොලු පැටියෙක් බලන් ඉන්නවා මගේ දිහා අද ඒ සර් නැහැ නමුත් ඒ කොලු පැටියා පරිණත වෙලා රටේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වෙලා අද මාව විනිශ්චය කරනවා එතුමා ටිරෝන් සර් ශිහාන් මිහිරංග සර්ගේ තාත්තා”

ඔහු කියන්නේ ඔන්න ඔහොම කතාවක් ඒ කතාව අවසන් වෙනවත් එක්කම ප්‍රේක්ෂකාගාරයෙන් එන උද්යෝගිමත් අත්පොළොසන් හඬ මැද්දේ ශිහාන්ගේ මුහුණ ඔබ දකින්නම ඕන නැවත වතාවක් කියනම් ඔබ ඔහුව දකින්නම ඕන තමන්ගේ පියා වෙනුවෙන් ඒ මොහොතේ ඔහුගේ සිතේ ඇති හැඟීම් සියල්ල ඔබට එක රූපරාමුවකින් තේරුම් යාවි ටිකක් උත්සහ කලොත් මහන්සියක් නැතුවම ඔබට වීඩියෝ එක හොයාගන්න අවස්ථාවක් ලැබෙන බව අපිට විශ්වාසයි