තරු මඩල අපි මේ දක්වා විවිධ මනුෂ්‍ය ජීවිතයේ විවිධ අංශයන් සම්බන්ධව නොයෙකුත් අවස්ථාවල දොඩමළු වූවා එම අවස්ථාවල මාරක වලින් අත්මිදීම විවාහය ජීවිතය සාර්ථක කරගැනීම දරුඵල ආදිය සම්බන්ධ ජ්‍යොතීර් විද්‍යාවට අදාළ නිවැරදි සිද්ධාන්ත තුළ හිඳිමින් ඔබවෙත ගෙන ආවා එම ලිපි ආශ‍්‍රයෙන් පාඨක ඔබ අප කෙරෙහි ගොඩනගාගත් විශ්වාසයෙන් අප කෙරෙහි පැමිණි ඔබ සියලූ දෙනා අද වරින් වර අප වෙත විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නැවත තහවුරු කර සිටින්නේ අප වෙත පැමිණි ඔබ වෙනුවෙන් අප ඉටු කරන ලද සේවයේ ඇගයීමයි අප කෙරෙහි පැමිණ අවිධිමත් ලෙස ගලාගිය විවාහ ජීවිත නිත්‍ය මාරක ලෙස පැමිණීමට නියමිතව තිබූ මාරක දරුවන් නොමැතිව තැවුණු සිත් සහිත වූවන් නොයෙකුත් තත්කාලීන කටයුතු සාර්ථක කරගැනීමට අප හා සම්බන්ධ වූ ඔබ අපි පෙන්වූ අඩිපාරේ නිවැරදිව ගමන් කිරීමෙන් තරුමඩල අපගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වීමයි අපි අද කතාකරන මාතෘකාව හා සම්බන්ධ වන්නේ පාඨක ඔබ මේ ලෙඩ රෝග අසනීප ආදියෙන් වියැකී නිරෝගී දිවියක් ගතකිරීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමටයි අපි ලෙඩ රෝග උවදුරු ගනයට හදිස්සි අනතුරුද අදාළ කරගත යුතු බව මාගේ යෝජනාවයි මා ලිපියේ ශීර්ෂයේ වූයේ තථාගත අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බෞද්ධ දර්ශනයේ ඇතුළත් ඉතාම හරවත් පාඨයකි බලන්න බුදුවරයකු පෙන්වා දෙන ප‍්‍රධානම කරුණක් අතරට නිරෝගීකම පෙන්වා දී ඇත්තේ කිනම් ආකාරයේ යස ඉසුරින් සමන්විත වුවද සියල්ල රඳාපවතින්නේ ආරෝග්‍ය සම්පන්න භාවය ඇත්නම් පමණක් බව පෙන්වා දීමටයි

ඔබගේ මතකය මා නැවත ආවර්ජනය කර අද අපගේ ලිපියේ සමස්ථ සංදර්භය ඔබගේ චිත්ත සන්තාන ගතකිරීමටයි අපි දැන් සුදානම්වන්නේ ඕනෑම පුද්ගලයකු අසනීප වීම සාමාන්‍යයි බෞද්ධ සාහිත්‍යයේ නිරෝගී කමින් අගතැන්පත් භික්ෂුවක් ගැන ඔබ අසා තිබේද? සංසාරය පුරාවට සිදුකරන ලද පුණ්‍ය ශක්තීන්ගේ ආනුභාවයෙන් කිසිදු අල්ප ආබාධයකටවත් ලක්නොවූ අසූවසරක් ගිහි දිවිය ගත කර අවාසනයේ දී තවත් අසූ වසරක් පැවිදි දිවියක් ගතකළ ශාන්ත ගති පැවතුම් ඇති බක්කුල නම් මහරහතන් වහන්සේ ගේ නාමය සම්බන්ධව බෞද්ධ සාහිත්‍ය සාක්ෂි දරයි ඒ හැරුණම සෙම්ප‍්‍රතික්ෂාවක් වත් සෑදී නැති පුද්ගලයකු සම්බන්ධව නම් මා කලින් එක වතාවත් වගේ අසා තිබෙන නමුත් ඒ කිසියම් හෝ රෝගී තත්ත්වයක් හෝ සීරීමක් හෝ නොවුනි ද යන්න සියල්ලන්ටම ගැටළුවකි අපි දැන් කල්තියා රෝගාබාධ කේන්දරෙන් සොයා ගන්නේ කොහොම ද යන්න ගැන අවධානය යොමු කරමු මා මුලින්ම මේ සම්බන්ධව උනන්දුවක් දැක්වීමට හේතුවූයේ මා ගුරු පියකු ලෙස ගෞරව භක්තියෙන් මතක් කිරීමට කැමති ප‍්‍රවීණ ජ්‍යොතිෂ්ශාස්ත‍්‍රඥ පියසේන රතුවිතාන ශූරීන් බව ඉතා යටහත් පහත් සිතින් මතක් කරන්නෙමි ඔහු විසින් ශ‍්‍රී ලාංකික ජන සමාජය වෙත ජ්‍යොතිෂ්‍යය විෂයට අදාළව සම්පාදනය කළ බොහොමයක් ග‍්‍රන්ථ සාක්ෂි සපයනු ඇත මා මේ ලිපිය පුරාගෙන යන විට ගුරුවරුන් ලෙස සළකන අය මතක් නොකළ හොත් මේ සමාජ සත්කාරය සාර්ථක නොවේවි අපි අද මේ කට්ට කයිරාටික ලෝකයේ මේ ශාස්ත‍්‍රය මත දරා සිටින්නේ එවන් මිනිසුන්ගේ පොත් බැඳීම්වල ඇති ශක්තිය මතයි

අපි දැන් ඕනෑම කේන්දර සටහනක ඇති රෝග ලක්ෂණ ගැන සොයා ගන්නා ආකාරය ගැන පොඞ්ඩක් කතාකරමු මෙතැන් සිට ඉදිරියට ලිපියේ ජ්‍යොතිෂ සිද්ධාන්ත හා සම්බන්ධ වෙනවා අප හා දිගින් දිගටම සම්බන්ධ වන පාඨකයන් ඉතා හොඳ දැනුමකින් සමන්විත වෙනවා මන්ද යත් අපගේ ලිපි සෑම අවස්ථාවකම වාගේ කලින් ලිපි සමඟ සිදුවන සම්බන්ධතාවය මත පාඨකයන් ඉතා හොඳ දැනුමකින් සන්නද්ධ වෙනවා මොකද අපිත් ඔවුන්ව තමන්ගේ හිතවතුන් ජ්‍යොතිෂය ඔස්සේ නිවැරදි මාවතක රඳවා තබාගැනීමට අවශ්‍ය දැනුමෙන් පෝෂණය කරන නිසා දැන් කර්මය හා සම්බන්ධ වූ අවස්ථාව අනුව පහත කර්ම ප‍්‍රභේදයන් සම්බන්ධව අවධානය යොමුකරමු අපි අද කලින් ලිපියේ ඉදිරිපත් කළ කර්ම ප‍්‍රභේද හා සම්බන්ධ වන ශරීර අවයව සමග මුහුවන ආකාරය පෙන්වා දෙන්නම්

පළමු භාවය මේෂ හිස මුහුණ හා සම්බන්ධ අස්ථි ජනක කර්මය දෙවන භාවය වෘෂභ බෙල්ල ගලනාලය හා සම්බන්ධ අස්ථි ආචින්න කර්මය තුන්වන භාවය මිථුන උරහිස් හා දෙ අත් හා සම්බන්ධ අස්ථිපෙනහලූ රුධිරය හා හුස්ම ගැනීමේ ක‍්‍රියාවලිය ආසන්න කර්මය සතරවන භාවය කටක පයෝදර පපුව ආශ‍්‍රිතව ආමාශය හා ආහාර ජීර්ණ පද්ධතිය එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව ඇති අස්ථී ගරුක කර්මය පස්වන භාවය සිංහ කොඳු ඇට සහ පිට හෘදය හා එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව ඇති අස්ථී කටක්තා කර්මය සය වන භාවය කන්‍යා උදරය නාභිය කුඩා බඩවැල් මහා බඩවැල් පිට පහළ ප‍්‍රදේශය ආශ‍්‍රිතව ඇති අස්ථී උප පීඩක කර්මය සත් වන භාවය තුලා තුනටිය හා වකුගඩු තුනටිය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ඇති අස්ථී උපස්ථම්භක කර්මය අට වන භාවය වෘශ්චික ප‍්‍රජනන ඉන්ද්‍රිය අධෝමාර්ග හා අවට ප‍්‍රදේශ උකුල ප‍්‍රදේශය ආශ‍්‍රිත හා ප‍්‍රජනන ඉන්ද්‍රි ආශ‍්‍රිතව ඇති අස්ථී උප ඝාතක කර්මය නව වන භාවය ධනු ඉඟටිය හා කලවා යුග්ම ශිරා ධමනි කලවා ප‍්‍රදේශය ආශ‍්‍රිතව ඇති අස්ථී දිට්ඨ ධම්ම වේදනීය කර්මය දහවන භාවය මකර දණහිස ශරීරයේ සියලූ සන්ධි දණහිස් ප‍්‍රදේශය ආශ‍්‍රිතව ඇති අස්ථී අපරාපරිය වේදනීය කර්මය එකළොස් වන භාවය කුම්භ වළලූකර රුධිර සංසරණ පද්ධතිය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ඇති අස්ථී උපපජ්ජවේදනීය කර්මය දොළොස් වන භාවය මීන පාදය සහ පා ඇඟිලි සිරුරේ වසා ගැටිති ග‍්‍රන්ථි පාද ආශ‍්‍රිතව ඇති අස්ථී අහෝසි කර්මය මෙපමණක් නොව මා ඔබට දන්වන්නට උත්සහ දරන්නේ මෙම ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීමෙන් කල්තියා ලෙඩ රෝග හඳුනාගැනීමත් ඉන් වැළකීම සඳහා උපාය මාර්ග තීරණය කිරීමත් සඳහා වේ එපමණක් නොව මේ ලිපි පෙළ ඉදිරියට මා ගෙන යන අතර පිළිකාව වැනි රෝග අස්ථී පංජරය ආශ‍්‍රිතව වූ රෝග සම්බන්ධව කල්තියා හඳුනා ගැනීම පහසු කාර්යයක් නොවේ නමුත් මේ සම්බන්ධව පොත පත ද ආශ‍්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණ තුළින් තහවුරු කල හැකි කරුණු ඉදිරියේ දී ගෙන එන්නම් ඉපදෙන ඕනෑම අයකු මියයෑම අනිවාර්යයි ඒ අය පහත ආයු කාණ්ඩයයන්ට අදාළව ම1ර1ණ1යට ලක්වේ මෙම මරණයට ලක්වීම ආයු කාණ්ඩ 05 ඔස්සේ දැක්විය හැක එනම්

  1. බාලාරිෂ්ට – උපතේ සිට 08 වන වසර දක්වා
  2. මධ්‍යාරිෂ්ට – අවුරුදු 08 සිට 20 දක්වා
  3. අල්පායු – අවුරුදු 30 දක්වා
  4. මධ්‍යායු – අවුරුදු 31 සිට 60 දක්වා
  5. දීර්ඝායු – අවුරුදු 61 සිට 90 දක්වා

ඕනෑම කේන්ද්‍ර සටහනක 08 වැන්නද එයින් 08 වූ 03 වන භාවයද එම භාවයෙන් 12 වැන්න වූ 02 හා 08 න් 12 වැන්න වූ 07 ද ඕනෑම කේන්ද්‍රයක මාරකස්ථානයි 08 වැන්නෙන් 08 වැන්න සොයා යන්නේ ද භාවාත් භාවනම් වූ සිද්ධාන්තයට අනුකූලව වේ එනම් ඕනෑම භාව ඵලයක අග‍්‍රඵලය එම භාවයේම දුරින් පිහිටීම යන්නයි එසේම ඕනෑම කේන්ද්‍රයක 03 06 08 11 වන ස්ථාන ද එතරම් යහපත් නොවේ මේ සියලූ කරුණු සමඟ මෙම ලිපිය තව ඉදිරියට යනු ඇත ඕනෑම අයකු මරණය වැළඳ ගන්නේ කිනම් වයස් කාණ්ඩයේ ද යන්න තහවුරු කර ගැනීම කේන්දරේ රෝගී තත්ත්වය සොයා යෑමේ ඇති විශේෂම අවස්ථාවයි ඉදිරියේ දී දේර්කාණ ස්වරූපත් දේර්කාණ වලින් කියවෙන නොයෙකුත් කරුණු ග‍්‍රහයන් විසින් පාලනය කරන්නාවූ පංච මහා භූතයන් ග‍්‍රහයා දුබල වන ආකාරය මත ලෙඩ රෝග හා සම්බන්ධ වන ආකාරය පාඨක ඔබට ආස්වාදජනක පුදුමය උපදවන අවස්ථාවක් වේවි නිරෝගී දිවියක් සඳහා වූ ජ්‍යොතීර් විද්‍යා සායනයට ඉදිරියටත් සම්බන්ධ වී ලෙඩ රෝග අනතුරු කල්දා ගන්න බුදුරැසින් බබළන බුදුරුවක් මවාගත් සර්වඥධාතූන් වහන්සේ වැඩ සිටින ඒ උතුම් ස්වර්ණමාලී නමින් පහල වූ ස්තූප වහන්සේ ආනුභාවයෙන් අනුහසින් දස දෙසට ආශීර්වාද වේවා සියලූ සත්වයෝ නිදුක් වේවා සිතේ දුක් දුරුවේවා ගතේ දුක් දුරුවේවායි ප‍්‍රාර්ථනා කරමු  ජ්‍යොතිර්වේදී කෝසල මාරසිංහ