මාතොටට අභිමානයක් සේ විරජමානව තිබෙන තාරක කොටුව එදා ඉතිහාසයේ පිටු ගණනාවක් ස්තානයකි. එය ඉදිවී ඈත්තේ ලේ, කදුළු, දහදිය මතය. ඒ නිසා එහි අගය වඩාත් තීව්‍ර වී තිබේ. බටහිර ආක්‍රමණ සිහි කෑදවන ඓතිහාසික ස්ථාන අතර නිල්වලා නදී තීරයේ මාතර නගර මධ්‍යයේ පිහිටි සුප්‍රකට “තාරකා කොටුව”ට හිමි වන්නේ සුවිශේෂී වෑදගත් කමකි. හෙළ රජදරුවන්ට පමණක් නොව මාතොට, බටහිර ජාතීන්ටද ඉතා ප්‍රයෝජනවත් ප්‍රදේශයක් විය. මාතර, සාගරයේද, ගොඩබිමේද, කේන්ද්‍රස්ථානයක් ලෙස ද, වෙදගත් වේ. මේ නිසා සියල්ලන්ගේම නොමද අවධානය නිරන්තරයෙන්ම මාතරට යොමු වූහ.

මාතර තාරකා කොටුව ඉදිකිරීමට පෙර බටහිර ජාතීන් විසින් සිය පරිපාලන කටයුතු සිදුකලේ මාතර කොටුවේය. පෘතුගීසීන් විසින් එම කොටුව ඉදිකර ඈත. ඒ කුඩා කොටුවක් ලෙසින්ය.නමුත් ලන්දේසීන් මෙරට මුහුදු බඩ ප්‍රදේශ යටත් කරගෑනීමත් සමග ඔවුන් මාතර කොටුවට වඩා ආරක්ෂා සහිත වෙනත් ශක්තිමත් කොටුවක් ඉදිකරනු ලෑබූහ. අද අප තාරක කොටුව ලෙස හදුන්වන්නේ එම ලන්දේසි පරිපාලන මධ්‍යස්ථානයයි.පෘතුගීසීහු මෙරටට ඉමහත් ව්‍යවසනයක් කරමින් සිටියහ. ඔවුන් මෙරටින් පලවා හෑරීම සඳහා කන්ද උඩරට දෙවෙනි රාජසිංහ උදවු ගත්තේ ලන්දේසීන්ගෙන්ය. 1638 එම ගිවිසුම ඉතිහසයට පත්වී තිබෙන්නේ ඉඟුරු දී මිරිස් ගෑනීමක් විලසින්ය. එහෙත් ඒ පිළිබඳ අවබෝධ වූයේ පසුවය.

ලන්දේසීහු 1640 දී ගාල්ලට පහරදී එහි සිටි පෘතුගීසීන් පලවා හෑර එහි බලය තහවුරු කර ගත්හ. එහි රැදී සිටි ලන්දේසීන්ගේ අවධානය මාතොට ප්‍රදේශයට යොමු වූයේ නිතෑතින්මය ජනාවාස ඇතිකළ හැකි ප්‍රදේශයක් වීම කුරුදු සහ අලි ඇතුන් වෙළදාමට සුදුසු මධ්‍යස්ථානයක් වීමත් ලන්දේසීන්ගේ අවධානය යොමු වීමේ සාධක විය. 1645 දී මාතර ද, අල්වා ගත් ලන්දේසිහු මාතර කොටුව නවීකරනය කොට එහි රෙපරමාදු දේවස්ථානයක් ඉදිකලේය. ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය වූයේද, මාතර කොටුවයි දිසාපති නිවසද, එහි ඉදි කොට තිබේ. කුරුඳු සහ පුවක් ගබඩා, වෙඩි බෙහෙත් ගබඩාව, ආරක්ශක මුරපොලක් මෙන්ම ඇත්ගාලක්ද, ලන්දේසිහු මුල්කාලයේ මාතර ඉදිකළහ.

ලන්දේසි යුගයේ (1640-1796) මාතර, ගාල්ලේ අණදෙන නිළධාරියාගේ පාලනය යටතේ පැවතුණි. බෙන්තර ගඟත් කුඹුක්කන් ඔයත් අතර පිහිටි දකුනු ප්‍රදේශය එකල මාතර දිසාවනිය ලෙස හඳුන්වනු ලැබූහ.කල්යත්ම ලන්දේසීහු කන්ද උඩරට රජුට අවනත නොවී කටයුතු කරන්නට පටන් ගත්හ.මේ නිසා රජු ලන්දේසීන් සමග දරුනු සටන්වලට යෙදුනහ. ගලගොඩ දිසාවගේ නායකත්වයෙන් යුතු හමුදාව 1761 දී මාතර කොටුවට පහරදී ලන්දේසීන් පලවා හැරියහ. එහෙත් එම ජයග්‍රහණය රඳවා ගැනීමට කන්ද උඩරට රජුට නොහැකි විය. 1962 අගෝස්තු මාසයේ දී යලි ලන්දේසීන් විසින් මාතර යටත් කරගන්නා ලදි. මාතර සිංහලයෝ එයට දැඩිලෙස විරුද්ධ වූහ. ලන්දේසීන්ට පුවක් නොවිකුනා ගස්මුල ඇද වැටී පැලවෙන්නටද, ඉඩ හැරියේය.

උඩරට රාජ්‍යයෙන් සහ සිංහල ජනතාවගෙන් එල්ලවන තර්ජනවලට මුහුනදීමට සිතූ ලන්දේසීහු සිය පරිපාලන මධ්‍යස්ථානය වෙනත් ආරක්ෂිත ස්ථානයකට රෑඟෙන ගියහ. ඒ සඳහ ඔවුන් ඉදිකල බලකොටුව තරකා කොටුවයි.මාතර තාරක කොටුව ඉදිකරන ලද්දේ එවකට ලන්දේසි ආන්ඩුකාර ධූරය දැරූ ලූබට් ජෑන් බාරෝන් වෑන් එක් (1762-1765)විසින්ය.ඉතා උපායශීලී දක්ෂ නිළධාරියකු වූ ඔහුගේ නායකත්වයෙන් යුතුව කන්ද උඩරට රජුගේ පාලනයෙන් මාතර මුදා ගෙන එම බලකොටුව ඉදිකරන ලදි.ලන්දේසි ආණ්ඩුකාරයා විසින් තාරකා කොටුව ඉදිකිරීමේ කාර්යභාර නිළධාරියා ලෙස පත්කරන ලද්දේ “ඔරුකෙම” නැමැති සිංහල මුහන්දිරම් කෙනෙකි. කැප්ටන් අයි.එච්. ලැෆේ සහ ජේ.අයි.එන්.ටින්ක් (I .H.LAFFE – J.I. ENTINK )යන දෙදෙනා මෙහි ඉදිකිරීම් සිදුකල ඉංජිනේරුවන්ය. තාරක කොටුවේ ඇති කුඩා සෙල්ලිපියක එම නම් සඳහන් කොට තිබේ.

මෙම බලකොටුව ෂඩශ්‍රාකාර නිර්මාණයක් නිසා ඊට තාරකා කොටුව (Star Fort)ලෙස නම ව්‍යවහාර වී ඇත. කොටුව තුලට පිවිසීමට ඇත්තේ පෙරදිගට මුහුනත සහිත එක් විශාල දොරටුවක් පමණි. පිටත කොටුබැම්ම අතරින් ඇති මාර්ගයෙන් ඊට පිවිසිය යුතු වෙයි. කොටුව වටා විශාල දිය අගලක් ඉදිකොට තිබේ. ආරක්ෂාව ඉඳහා ඉදිකල එහි යකඩ උල් සිටුවා තිබූ බවත් කිඹුලන් ඇතිකල බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.කොටු දොරකඩින් ඇතුලුවන්නේ එම පාලමෙන්ය.විශාල දොර ආරුක්කු හැඩැතිය. ඇතුලුවීමේ දොරටුවට ඉහලින් ශක්තිමත් දැවයෙන් තනා ඇති සිංහයන් දෙදෙනෙකු විසින් ඔසවා ගෙන සිටින රාජකීය ලාංඡ්නයකි. එය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම සංකේතවත් කළතාරකා කොටුවට ඇතුලු වෙත්ම දෙපසින් ආයුද ගබඩා තිබුණි. එමෙන්ම කොටුව මැද මැද මිදුලක් වේ. එහි මධ්‍යයේ පිරිසිදු ජලය පිරී ඇති කුඩා ළිඳකි. එම අයුරින්ම වර්තමානයේද, එම ළිඳ ආරක්ෂා වී තිබේ. කොටුව ඇතුලෙන් කොටු පවුරට නැගීමට පඩිපෙලක්ද ඉදිකොට තිබේ. කොටු බැම්ම ශෛලමය ප්‍රාකාරයකි. එහි ගනකම අඩි 14කි. ඒ මත කාලතුවක්කු සවි කරන ලදි.

තාරකා කොටුවේ ඉදිකරන ලද කාමරද කුඩාය. නමුත් ලන්දේසීන්ට ආර්ක්ෂා සහිතව සිය පාලන කටයුතු කරගෙන යාමට තරම් එය ප්‍රමනවත් විය.ලන්දේසි යුගයේ මෙහි පාලන කටයුතු සිදුකලේ ලන්දේසි සාජන් වරයකු යටතේය. ඉංග්‍රීසීන්ගේ ආගමනයත් සමග සියවසකටත් වැඩි කාලයක් තිස්සේ මාතර මර්මස්ථානයක් වූ තාරකා කොටුව එම වැදගත් කමින් ඈත් වූහ. ඉංග්‍රීසීන් විසින් තාරකා කොටුව රජයේ ප්‍රසිදධ වැඩ දෙපර්ත්මේන්තුව ලෙසත්, එහි ඉංජිනේරුවරයාගේ කාර්යාලය ලෙසත් භාවිතයට ගෙන ඇති බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අයර්ටන් මහතා සඳහන් කරයි.

මාතර තාරකා කොටුව පිළිබඳව පුරාවිද්‍යා පර්යේෂණයක යෙදුනු අයර්ටන් මහතා මෙය කුඩා මැනිකකට උපමා කලේය. එමෙන්ම එය ප්‍රදර්ශණ භාන්ඩයක් ලෙස ආරක්ෂා කළ යුතු බවත් සඳහන් කලේය.රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1941 දී තාරකා කොටුව පුරාවිද්‍යා දෙපර්තමේන්තුවට භාරදෙන ලෙස කරන ලද යෝජනාව ඵල දෙරුවේ සෙනරත් පරණවිතාණයන්ගේ කෙපවීම නිසා 1980 වසරේදීය.
1763 දී ඉදිකිරීම් ආරම්භ කොට 1965 දී නිමාවට පත්කෙරුනු මාතර තාරකා කොටුව අද මාතර අමරනීය උරුමයක් වී අවසන්ය. එය එලෙසින්ම තවත් යුග යුග ගණනාවක් මාතොට නිල්වලා අඹරේ නිල් මැනිකක් ලෙස බැබලෙනු ඇත.