හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසන්නේ මෑණියන්ගේ පිහිට ලබා ගන්න එන බැතිමතුන්ම මෑණියන්ගේ අනුහස් පිළිබඳව ස්වේච්ඡාවෙන්ම තමා හමුවී කරුණු කියන බවය බැතිමතුන් කෝවිලට ඇවිත් මෑණියන් ඉදිරියේ තමන්ගේ දුක කන්නලව්ව කරලා බාරවෙලා යනවා මෙතැනට එන සෙනඟ කන්දරාවේ හැටියට මට ඒ අය ගැන මතකයක් නෑ සතියකින් මාසයකින් එකහමාරකින් එහෙම නැත්නම් අවුරුද්දකින් ඒ අය මාව මුණගැහෙන්න නැවත එන්නේ තමන් වෙච්ච බාරය ඔප්පු කරලා යන්නයි එහෙම ආවම තමන් එදා බාර වුණු කාරණාව ගැන කියනවා එහෙම ඇවිත් කියනවා ඒ කාරණාව ඉෂ්ට වුණා කියලා එතකොට තමයි මමත් දැනගන්නේ ඔවුන්ට මෑණියන් පිහිට වෙලා තිබෙන බව මෙතැනට එන බැතිමතුන් තමයි කියන්නේ මෑණියන්ගේ පිහිටෙන් තමන්ගේ කරුණු කාරණා ඉෂ්ට වුණු බව මමත් ඒවා දැනගන්නේ එතකොටයි මහේන්ද්‍රසාමි පැවැසීය

නුදුරු දිනෙක මාගේ දුරකථන අංකය සොයාගෙන අනුරාධපුරයටත් එහා අෑත ගමක පදිංචි තරුණයෙක් මට කතා කළේය ඔහු මට කී දේ ඔහුගේ වචනයෙන්ම විස්තර කිරීමට මම තීරණය කළෙමි ඔහුගේ දිගු විස්තරය සංක්‍ෂිප්තව මම මෙසේ සටහන් කරමි මගේ ගම අනුරාධපුරයටත් එහා කුඩා කාලයේ සිටම මම මෑණියන්ව අදහනවා මට ඒ විශ්වාසය භක්තිය ලැබුණේ මගේ මවුපියන්ගෙන් දැනට මට වයස අවුරුදු 28යි මම එක්තරා ආයතනයක සැලසුම් ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා අපේ ගෙදර මෑණියන් වෙනුවෙන් පහනක් තබනවා මම මසකට වරක් මුන්නේශ්වරම ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට ඇවිත් පුද පූජා තබා මෑණියන්ගේ පිහිට පතනවා මගේ එක ප්‍රාර්ථනාවක් වුණේ මට හොඳ ගතිපැවතුම් ඇති භාර්යාවක් ලබාදෙන්න කියලයි දැනට මාස කිහිපයකට පෙර මගේ ඒ ප්‍රාර්ථනාව ඉටුවුණා අපේ සෙනෙහස දලුලා වැඩුණා මේ අතර දෙපැත්තේම ගෙවල්වල අයටත් මේ සම්බන්ධය ගැන දැනුම් දුන්නා මා ගැන සොයා බැලූ මගේ පෙම්වතියගේ ගෙදර උදවිය මට අකැමැති වුණා මට අකැමැති වීමට ඔවුන් එක් හේතුවක් ලෙස දැක්වූයේ මා මෑණියන්ට ගෙදර පහනක් දැල්වීමයි මෙවැනි දෑ කරන තරුණයකුට හරිහැටි විවාහ දිවියක් ගෙනියන්න බැරි බවයි ඔවුන් කීවේ ඒ අයගේ විරෝධය නිසා ඔවුන් තමන්ගේ දියණියට මං හමුවන්නවත් ඉඩ දුන්නේ නෑ ඔවුන්ගේ කීම අහක දමන්න බැරිකමට ඇයත් මාව හමුවුණේ නෑ
මෙය මට උහුලගන්න බැරි වුණා දැන් මම ඇය නොදැක මාස 3ක්ම ගතවුණා රාජකාරි වැඩවත් මට හරියට කරගන්න බැරි තත්ත්වයක් උදාවුණා මම මුන්නේශ්වරම ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිලට ගිහින් මහේන්ද්‍රසාමිට විස්තරය කියා පඬුරක් ගැටගැසුවා පඬුරක් ගැටගහලත් මාස 3ක් ගත වුණා කිසිම දෙයක් වුණේ නෑ පස්සේ මෙම බොහොම අමාරුවෙන් ඇය ගැන සිතීම අත්හැරියා එහෙම හිතලා මුන්නේශ්වරම ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට ගිහින් මහේන්ද්‍රසාමි මුණගැසී පඬුර අයින් කර ගන්න ඕනෑ බව කීවා එතැන ඒ වෙලාවේ ධනබාලන් සාමිත් හිටියා

එතකොට ධනබාලන් සාමි කීවේ මෑණියන්ට ගැටගැසූ පඬුරක් ආයේ නැවත ඉවත් කර ගන්න බෑ කියලයි පස්සේ මම ඒ අදහස අතහැර තවත් පූජාවක් තියලා ගෙදර ආවේ බොහෝම දුකෙන් ඇය ගැන සිතීම අතහැරියත් ඇය නොලැබීම ගැන දැනුණු වේදනාවෙන් මට මිදෙන්න බැරිවුණා මම අමාරුවෙන් හිත හදා ගන්න උත්සාහ ගත්තා කිසිම වෙනසක් නැතිව මම මෑණියන්ට පහන තබමින් වෙනදා වගේ කටයුතු කළා එක දවසක් අෑ මා සොයාගෙන අපේ ගෙදරට ආවා මට හරි පුදුමයි අෑ ඇවිත් තියෙන්නේ ගෙදර අයටත් හොරෙන් ඇගේ ගෙදර අය තවමත් මට විරුද්ධලු මට බනිනවාලු අපේ ගෙදර අයත් දැනුවත් කරලා අපි විවාහ වුණා මට මෑණියන් ඉදිරියේ ගැටගහපු පඬුර ගැන මතක් වුණා අපි දෙදෙනාම ගිහින් මෑණියන්ට වුණු බාරය ඉතා හොඳින් ඔප්පු කළා මෑණියන් ගැන උනන්දුවක් දක්වන බැතිමතුන් දැනුවත් කරන්නයි මව්බිම’ට මම මේ විස්තරය දැනුම් දුන්නේ” එම තරුණයා කීවේය මම කියන්නේ ඒකයි මෑණියන්ගේ අනුහස් ගැන කියන්නේ අපි නෙවෙයි ඒ බැතිමතුන්මයි තව ඔය වගේ සිද්ධි බොහොමයක් තිබෙනවා ඒ ඔක්කොම කියන්න බැහැ මෑණියන් තමන්ට පිහිට වුණු මේ සිද්ධිය පත්තරේට කියන්න මේ තරුණයාට තදබල ඕනෑකමක් තිබුණා ඒකයි මම එයාව පත්තරේට සම්බන්ධ කළේ මහේන්ද්‍රසාමි කීය මෑණියන්ගේ හාස්කම් ගැන තවත් රසවත් කතා මේ තරුණයා සතුව ඇත ඉඩ ලද සැමවිටම ඒවා ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු