1901 මැයි මස පළමු වන දින ,පැරිස් නුවර අධිකරණ වෙත නිර්ණාමික ලියුමකින් පැවසුවේ ප්‍රභූ පවුලක කෘර ක්‍රියාවක් පවතින බවත්ය.එම ලියමන අත්සන් කිරීමකන් ⁣තොරව තපැල් ගත කර තිබුනි.අධිකරණය මේ පලිබදව වහාම ක්‍රියාත්මක වන පරිදි පරික්ෂණයක් ආරම්භ කරන මෙන් පොලිස්යට නියොග දුනි.පොලිසිය Monnier වත්තට පැමිණි පසු ඔවුන්ට දැන ගත හැකි වුයේ මෙම Monnier පවුල ප්‍රසිද්ධ සමාජ සේවකයන් බවයි.Monnier මහත්මිය ප්‍රංශ උසස් කුලයට අයත් කාන්තාවක් බවත් ඇය ඉටු කල සමාජ සේවයට සම්මාණ පවා හිමි කරගෙන තිබු කාන්තාවකි.අැයගේ පුත්‍රයාද දක්ෂ ලෙස අධ්‍යාපනයෙන් ඉදිරියට පැමිණ පැරිස් නගරයේ දක්ෂ ,ගෞරවාන්විත වෘත්තීයක නිරත වුයෙක් විය.

Monnier පවුලේ සුරෑපි දියනියක් විය.නමුත් වසර 25 පමණ සිට ඇය පිළිබඳව කිසියම් හො ආරන්චියක් නොවිය.ඇයට කාරැණික හදවතක් තිබු යුවතියක් බව ඇය සමීපව ඇසුරැ කල අය පවා දන්නා කරැණකි.නමුත් ඇය⁣ගෙ ක්ෂණික අතුරැදහන් වීම ඇයගේ සමීපතමයන්ට මුලදී කුකුසක් ඇති වු කාරණාවක් වුවත් පසුව එය කාලයේ අැවෑමෙන් යටපත් වියපොලිසිය මේ පිලිබද Monnier ප්‍රදේශිය පුරාම පරීක්ෂණයක් සිදුකලත් සොයා ගැනීමට පුළුවන් වු දෙයක් ⁣නොමැත.අඩුම තරමින් Monnier පවුලේ වුවද සැකයට බදුන් වන හැසිරීමක් දක්නට නොලැබීය.

නමුත් Monnier නිවසේ ඉහළ මහලය තුලින් දුගදක් හැමූ නිසා පොලිසි⁣යේ අවධානය එම කාමරය වෙත ⁣යොමු විය.එය ඉබි යතුරැ දමන ලද කාමරයක් විය.පොලිසිය දොර කඩා බැලුවිට දුටු දෙයින් පොලිස් නිළධාරීන් පුදුමයට පත් වියකළු වර්ණය ආලෙප කර තිබූ බිත්ති,තිබු එකම ජ⁣නේලය පවා තිරි රෙදි දමා ආවරණය කර තිබූනි..⁣පොලිස් නිළධාරීන් හට කාමරයට ඇතුල් වු විගසම කලින් දැනූ දුගද දෙගුණ වී දැනුනි.වහාම ජනෙලය කඩා විවෘත කරන පොලිසියට කාමරය තුල දැක ගත හැකි වුයේ විස්තර කිරීමට පවා අපහසු දර්ශනයකි කෑම තැනින් තැන විසුරුවා ,අසුචි විසිරී ඇති කාමරයේ ⁣කොනකට වෙන්නට තබා තිබු ඇදක ඉතා කෘෂ (කෙට්ටු)ශරීයයක් ඇති හුස්ම පමණක් වැටෙන ශරීරස්කන්ධයකි.

පොලිස් නිළධාරීන් ජැනේල කැඩූ පසු කාමරයට තුලට වැටුණු ඉර එළිය , වසර 25 පසු ඇයට සුර්ය පහස ලැබීමට ලැබු අවස්ථාව විය.ඇය සම්පුර්ණයෙන්ම නිරැවත්ව අපිරිසිදු අැද මත වසර 25 සිටින්නට විය.ඇයට මැදිවයස ගෙවන යුවතියක් වුවත් ඇයට ඇදෙන් බැසීමට පවා ශක්තියක් නොවිය.සාමාන්‍යයෙන් සිරකරැවෙකුට වුවද දිනකට පැයක් හො සුර්ය පහස ලැබීමට අවස්ථාව හිමි වේ.නමුත් blanche monnier හට එවැනි අවස්ථාවක් නොවීය.විශේෂිතම දෙය වු⁣යේ ඇය මෙසේප සිරගත කර තිබුනේ ඇය⁣ගේම පවුලේ සමාජිකයන් වීමය.පොලිස් නිළ ඉතිහාසය පුරාවටම පොලිස් නිළධාරීන් පවා මෙතරම් කෘරත්වයකින් සිරගත කළ සිරකරැවෙකු දැක සිටියේ නැත.සාමාන්‍ය පුද්ගලයෙක් හට දිනක් හො සුර්ය රශ්මිය නොමැතිව සිටිය නොහැකිය..

නමුත් අය වසර 25 එසේ සිටීම නිසා ඇයගේ ශරීරයේ මස් ගැලවෙන තරම් තත්වයක විය.ඇය වාහාම රොහල් ගත කර ඇයගේ මව සහ සහොදරයා පොලිස් භාරයට ගන්නා ලදී.රොහල් වර්තා වලට අනුව ඇය මන්දපොෂණය⁣යේ දරැණතම අවධියක් පසුකරමින් සිටිය බවත් ඇය⁣ගෙ බර කිලෝ ග්රෑම් 19 පමණක් තරම් පමණ බවත් රොහල් වර්තාවල සදහන් විය.ඒ වේදනාත්මක මොහොතේ පවා ඇය සිටියේ මහත් වු සතුටිනි..ඒ නැවත ඇයට පිරිසිදු වාතය ආශ්වාසයට ලැබීමය.ඇයට හරියාකාරව වචනයක් කතා කිරීමට මාසයකට අධික කාලයක් ගත විය.ඒ තරමට ඇය දුර්වල වී තිබුණි.

Monnier blanche හට මේ⁣සේ සිර කර තැබීමට හේතුව අැය දුප්පත්.මැදි වයසේ පසු වන පුද්ගලයෙක් සමග පෙමින් වෙලුනි.ඔහු අඩු කුලයකින් පැවත එන පුද්ගලයෙක්ද විය.නමුත් ඇ⁣යගේ මව එකහෙළාම එයට විරැද්ධ විය.ඇය තම දියණියට සුදුසු සහකරුවන් කිහිප දෙනෙක්ම සෙවු අතර ඇය ඒවාට අකමැති විය.ඉන්පසුව Monnier blanche පළමුව නිවාස අඩස්සියේද දෙවනුව කාමරඅඩස්සියේද සිර කර තැබුනි.ඇය සිර කර තිබු අවස්ථා කිහිපයකදීම ඇයගේ තීරණය විමසු විට ඇය එක හේලාම වෙනත් ⁣පුද්ග⁣ලයෙකු හා විවාහ වීමට අකමැති විය.ඒ තරමට ඇය දුප්පත් පුද්ගලයාට ආදරය කරන්නට විය.

ඇයගේ පෙම්වතාගෙ මරණයෙන් පසුවද ඇයට නිදහසක් හිමි නොවීය.වසර 25 කාලය තුල ඇය දැක තිබුනේ මීයන් සහ මකුළුවන් පමණි.නිවසේ සිටි සියළුම සේවකයන් මේ ගැන දැනන් සිටිය අතර ඔවුන් අෑ වෙනුවෙන් කිසිදු පිලිසරණක් නොවීය.අධිකරණ වෙත පැමිණි නිර්ණාමික ලිපිය නොවන්නට මේ අභිරහස කවමදාවත් අනාවරණය නොවීමට තිබුනි ..ඒ ඒවු පුද්ගලයා වුවද සොයා ගැනීමට නොහැකි විය.පොලිසිය තීරණය වුයේ එය නිර්ණාමිකව එවන්නට ඇත්තෙ නිවසේ මෙහෙකාරියක් තම පෙම්වතාට මේ පිළිබඳව පැවසීමෙන් පසු ඔහු මේ පිළිබඳව අධිකරණයට නිර්ණාමිකව එවන්නට ඇති බවය…