නිවෙසක් තුළ රාජකාරි බහුලම තැනැත්තිය වන්නේ එම නිවෙසේ ගෘහණියයි එමෙන්ම කාර්යබහුල හා තරගකාරී ජීවන රටාව හමුවේ අද වනවිටදී බොහෝ කාන්තාවන් රැකියාවලද නිරතව සිටිනවා ඒ නිසා පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාව වෙත රැකියාවේ කටයුතුදරුවන් රැකබලා ගැනීමනිවෙසේ ඉවුම් පිහුම් කටයුතුමුදල් පාලනය ආදී බොහෝ වගකීම් පැවරෙනවා එනිසාම සමහර විටදී ඇය අතින් සිදුවන යම් යම් අතපසුවීම් සහ ඇගේ නොසැලකිලිමත් බව ආදී කරුණු හේතුවෙන් නිවෙසේ මාසික ආදායමට වඩා මාසික වියදම වැඩි වන අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා විශේෂයෙන්ම මසක් අවසන් වනවිටදී නිවෙස වෙත ලැබෙන බිල්පත් ප්‍රමාණය සහ ඒවායේ මිල ගණන් දුටුවිටදී ඔබ දැඩි අපහසුතාවට සහ කනගාටුවට පත් වනවාද විය හැකියි ඒ නිසාම අරපිරිමැස්ම අගයන කාන්තාවන් ලෙසින් 2020 වර්ෂයේදී නිවෙසට ලැබෙන දුරකථන බිල්පත්ජලවිදුලි බිල්පත් ගාස්තු ආදිය කළමනාකරණයකින් යුතුව අවම කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ආර්යා අතිරේකයෙන් ඔබව දැනුවත් කිරීමට අද අපි හිතුවා පළමුවෙන්ම විදුලි බිල්පත් මිල අඩු කරගන්නා ක්‍රම පිළිබඳව කතා කිරී‍ෙමිදී විදුලිය අද වනවිට අපි කාටත් නැතුවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා ඉක්මනින් හා පහසුවෙන් වැඩකටයුතු කර ගැනීමට අපි කවුරුත් කැමැතියි එසේම විදුලි බිල කොතරම් ඉහළ ගියද විදුලිය භාවිත නොකර සිටීමට පුළුවන්කමක් නැහැ නමුත් විදුලිය කාර්යක්ෂමවඵලදායිව සහ අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරනවා නම් විදුලි බිල අඩු කර ගැනීම අපහසු නැහැ එනම්,

සූත්‍රිකා විදුලි බුබුළු වෙනුවට ඹ්ඡ්ච් විදුලි බුබුළු භාවිත කළ හැකියි සාමාන්‍ය විදුලි පහන්වලට වඩා ඛ්ජ්ඹ් සහ ඹ්ඡ්ච් විදුලි බුබුළුවලින් වැය වන විදුලිය ප්‍රමාණය ඉතාම අඩුයි එමෙන්ම අනවශ්‍ය විදුලි පහන් හැකි සෑම විටදීම නිවා දැමීය යුතුයි එමෙන්ම 2020ට අවම ශක්ති පරිභෝජන සංකල්පය හඳුන්වා දී තිබෙනවා ඒ යටතේ ස්වාභාවික වාතාශ්‍රයආලෝකයසුළඟ ප්‍රයෝජනයට ගත හැකි නව හරිත සංකල්පයන්ද හඳුන්වා දෙනවා එමඟින්ද විදුලිය පිරිමැසෙන අතර බලශක්ති අර්බුදයටද පිළියම් ලබා ගත හැකියි තවද ස්යංක්‍රීය තාප පාලක සහිත විදුලි ස්ත්‍රික්කය භාවිත කර නිවෙසේ සියලු දෙනාගේම රෙදි එකවර මැදිය හැකියි සිවිලින් ෆෑන් භාවිතය සහ වායු සමීකරණ උපකරණ භාවිතය හැකිතාක් අවම කරගත යුතුයි වායු සමීකරණ හා සිවිලින් පංකාවලට වඩා සිටුවා තබන විදුලි පංකා භාවිතය උචිතයි එයට හේතුව එමඟින් වැයවන විදුලි ප්‍රමාණය අඩුවීමයි විශේෂයෙන්ම නිවෙසට අත්‍යවශ්‍ය අංගයක් වන ශීතකරණය සහ බිත්තිය අතර පරතරය අවම වශයෙන් අඟල් 10ක් පැවැතිය යුතුයි ශීතකරණය තුළ උණුසුම් ආහාර පාන ගබඩා නොකළ යුතුයි එනම් එවැනි ආහාර ශීත කිරීමට වැඩි ශ්‍රමයක් වැය වනවා තවද ශීතකරණයේ ‍ෙදාර අරින වහන වාර ගණන අවම කළ යුතුයි කුඩා දරුවන් සිටින නිවෙස්වල මවුපියන් ශීතකරණයෙන් දරුවන් අෑත් කොට තැබීමශීතකරණයේ ‍ෙදාරට ලොක් එකක් භාවිත කිරීමද සුදුසුයි තවද මසකට වතාවක්වත් ශීතකරණයේ යම් විදුලි කාන්දු වීම්පලුදු වීම් ඇත්දැයි සොයාබලා අලුත්වැඩියාවන් සිදු කළ යුතුයි රූපවාහිනිගුවන් විදුලි ආදී යන්ත්‍රයන් භාවිත නොකරන විටදී ස්විචයෙන්ම ගලවා ඉවත් කරන්න රූපවාහිනි ආදියෙහි දුරස්ථ පාලකයෙන් පමණක් වසා දිගු වේලාවක් තැබීමෙන්ද විදුලිය වැය වීමක් සිදු වෙනවා

තවද වතුර උණු කිරීම සඳහා විදුලි බලය බහුලව භාවිත වනවා එනිසා ගෘහ විදුලි උපකරණ භාවිතය ඉතාම සුදුසුයි එමෙන්ම අද වනවිටදී පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් ලෙසින් සූර්ය තාප විදුලි පද්ධති ආදී විවිධ උපකරණ හඳුන්වා දී තිබෙන නිසා විදුලිය පිරිමසා ගැනීම තවත් පහසුවී තිබෙනවා තවද වැඩියෙන් වැඩකරන වේලාවන් එනම් වල රෙදි සෝදන යන්ත්‍රවතුර මෝටර් ආදිය භාවිතයෙන් වැළකී රාත්‍රි කාලයේදී ඒවා භාවිත කළ යුතුයි වෙළෙඳපොළේ තිබෙන මල්ටි කුකර් ආදියද භාවිතයද උචිතයි තවද 2020 වර්ෂයට හඳුන්වා දී ඇති නවීන ජීව වායු පද්ධති තම නිවෙසට සරිලන ආකාරයෙන් අද වන විට සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගත හැකියි විශේෂයෙන්ම ඒ ඒ විදුලි උපකරණ භාවිත කළ යුතු නිවැරැදි උපදෙස් මාලාව අනුවම කටයුතු කරනවා නම් නිවෙසේ මාසික විදුලි බිල අවම කර ගැනීම අපහසු කාර්යයක් නොවේවි නිවෙසක මුදල් වැඩිපුර වැය වන තවත් බිල්පතක් තමයි ජල බිල්පත ජලය සම්පතක් නිසා සෑම විටෙකදීම ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුයි නිවෙසක ජල බිල්පත සැකසෙන්නේ ජල මීටරයට අනුවයි විශේෂයෙන්ම තම නිවෙසට ජලය සැපයීම පිළිබඳව සටහන් වන ජල මීටරයෙහි දෝෂයන්පලුදු වීම් ඇතිවිටදීද ජල බිල්පත ඉහළ යා හැකිය එනිසා ඔබ සති කීපයකට වරක් එය පරීක්ෂා කර බැලිය යුතුයි භූගත ජල නළවල යම් පලුදු වීම් ඇති විටදීද ජලය අපතේ යෑමක් විය හැකියි නිවෙසට එකවර විශාල ජල බිල්පතක් පැමිණියහොත් මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්

ජලය භාවිතයේදී අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් සාමාන්‍ය ජල කරාමයකින් ස්නානය කරනවාට වඩා වතුර මලකින් ස්නානය කිරීම නුවණට හුරුයි නිවෙසේ නාන කාමර ආදිය සඳහා ස්වයංක්‍රීයව වැසෙන ජල කරාමදඋද්‍යාන ජල කරාම සඳහා මැජික් හෝස් ආදියද භාවිත කළ හැකියි ඊට අමතරව තම නිවෙසේ ළිඳක් තිබෙනවා නම් හැකි සෑම විටදීම එමඟින් ජලය භාවිත කිරීමත් උචිතයි විශේෂයෙන්ම රෙදි සෝදන යන්ත්‍රය මඟින් නිවෙසේ සිටින සාමාජිකයන් විටින් විට රෙදි සෝදනවාට වඩා සතිය අවසානයේදී සතියේ සියලුම රෙදි එකවර සේදීමෙන් ජලයවිදුලිය දෙකම පිරිමසා ගත හැකියි ජල කරාම ආදිය භාවිතයෙන් පසු නිසි පරිදි වසා තැබීමෙන්ද නොදැනුවත්වම ජලය කාන්දු වීමජලය අපතේ යෑම අවම වනවා අමතර ජලය ගබඩා කර තබාගත හැකි ජල ටැංකිවැසි ජලය ගබඩා කළ වැසි ජල ටැංකි ආදිය සඳහා බෝල් වෑල්වයක් සවි කිරීම මඟින්ද ජලය අපතේ යෑම අවම වෙනවා මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතුවලදී විටින් විට භාජන සේදීම නොකර තම කටයුතු අවසානයේදී සියලුම උපකරණ එකවර සේදීමෙන්ද ජලය අපතේ යෑම අවම වෙනවා නිවෙසක මුදල් වැය වන තවත් ප්‍රධාන බිල්පතක් තමයි නිවෙසේ දුරකථන බිල්පත දුරකථනය අද වනවිටදී නැතිවම බැරි අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා පවුලක සෑම සාමාජිකයකුටම දුරකථනය බැගින්ද තිබෙනවා නිවෙසක ස්ථාවර දුරකථන කීපයක් භාවිත නොකර නිවෙසටම පොදු එක් ස්ථාවර දුරකථනයක් භාවිත කිරීම වැදගත් වෙනවා එමඟින් මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වෙනවා අවශ්‍යම කාරණාවලට පමණක් දුරකථන ඇමතුම් ලබා ගැනීමද දහවල් කාලයට වඩා රාත්‍රි කාලයට දුරකථන ඇමතුම් ලබා ගැනීම තුළින් දුරකථන බිල අවම කරගත හැකිය තම දුරකථනයෙන් ලබාන්නා දුරකථන සේවා පිළිබඳවවිවිධ පැකේජ පිළිබඳවඅදාළ ගාස්තු සම්බන්ධවඅමතර වාසි ආදී සියලුම විස්තර අදාළ ආයතනවලින් අසා දැනුවත්වීමද වැදගත් වෙනවා එමඟින් අනවශ්‍ය ලෙසින් මුදල් වැයවීම අවම කරගත හැකියි

එමෙන්ම ඔබගේ නොසැලකිල්ල මත දුරකථන සංවාදයක් අවසානයේ රිසිවරය නිසි ලෙස තබා නැති විටදීද අනවශ්‍ය ලෙසින් මුදල් කැපීම් සිදුවිය හැකිය නිවෙසේ කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන්ට හසුනොවන ලෙසින් දුරකථනය තැබීමද ඉතාම සුදුසුයි තවද නිවෙසේ ස්ථාවර දුරකථන සේවාවඉන්ටර්නෙට් සම්බන්ධතාවකේබල් සම්බන්ධතා සියල්ල එකම දුරකථන සමාගමකින් ලබා ගැනීමෙන් තමාට ආර්ථික අතින් සහනයක් ලබා ගත හැකිය එවිට ඒ තුළින් විවිධ පැකේජ වර්ගපෙර ගෙවීම් ක්‍රම හෝ පසු ගෙවීමේ ක්‍රමඅමතර කතා කාලයක් විවිධ දීමනා ලැබීම් ආදී වාසි රැසක් ලබාගත හැකිය මෙලෙසින් දුරකථනවිදුලිජල බිල්පත් ආදී බිල්පත්වල ගාස්තු අවම කර ගනිමින් නිවෙසේ අනවශ්‍ය මුදල් නාස්තිය අවම කර ගැනීමට ඔබටද හැකියාව තිබෙනවා දිනූෂා මනෝරි නිශ්ශංක