වර්තමානය වන විට මූර්ති නිර්මාණය සදහා මූර්ති නිර්මාණ ශිල්පීන් නවීන තාක්ෂණය යොදා ගනු ලබනවා.ඔවුන් සමහරක් අදහස් සමාජය තුල ජනප්‍රිය කිරීමේ අදහසින් මෙන්ම සංකල්ප සමාජගත කිරීමේ අරමුණින්ද මූර්ති නිර්මාණ වල නිරත වෙනවා.කෙසේ වෙතත් සමහර නිර්මාණ වල ඔබ නොදන්නා අදහස් ගැබ් වී තිබෙන්නට පුලුවන්.ලෝකය පුරා ජනප්‍රිය වූ නමුත් එම මූර්තියෙන් පිලිඹිබු කරන අදහස සැගවුණු අපුරූ නිර්මාණ කිහිපයක් පිලිබදවයි

අංක එක – බෑගයක් සහිත කාන්තාව.බෑගයක් අතින් ගත් මෙම කාන්තාවගේ ප්‍රතිමාව ඉදි කරනු ලැබුවේ 1985 වසරේදීය. ඇය ස්වීඩන් ජාතික කාන්තාවක් වූ අතර එම ප්‍රතිමාව ඉදි කරනු ලැබුවේ ඇයගේ නිර්භීතකම වෙනුවෙන් සිදු කරනු ලබන උපහාරයක් ලෙසයි. 1985 වසරේදී නාසීවාදීන්ගේ අදහස් වලට ගරු කරන ඔවුන්ගේ මත පිලිපදින ආක්‍රමණශීලී ජන කොටස් නිසා සාමාන්‍ය ජනතාවට බොහෝ හිරිහැර විදින්නට සිදු උනා.අනෙක් ජනතාව ඔවුන්ගෙන් වන කරදර විද දරාගෙන සිටියත් ඩනුටා ඩැනියෙල්සන් නම් මේ කාන්තාව ඇයට කරදර කිරීමට පැමිණි පුද්ගලයෙකුට තම බෑගයෙන් පහර දුන්නේ කිසිවෙකුත් අපේක්ශා නොකල අයුරින්.

මේ සිද්ධිය සමගම මේ වන තුරුම මුලු ගැන්වී සිටි පිරිස් වහා එක් රොක් වූ අතර තමාට කරදර කල මේ අන්තවාදී මත දරන නාසි වාදීන්ට පහර දීමට පටන් ගත්තා. අවසානයේ නාසි වාදීන්ට සිදු වූයේ පොලීසියෙන් පැමිණෙන තුරු නාන කාමරයට වී සැගවී සිටීමටයි.මේ ක්‍රියාදාමයාට් මුල් වී ක්‍රියා කිරීම නිසා ඉන්පසුව ඩනුටා ඩැනියෙල් වීර කාන්තාවක් ලෙස හදුන්වනු ලැබූ අතර ඇයගේ රුව සදහන් පොත් පත් පුවත් පත් සහ අත් බෑග් පවා සීඝ්‍රයෙන් අලවි වීමට පටන් ගත්තා.අවසානයේ ඇයගේ වීර ක්‍රියාව අගයමින් මේ ප්‍රතිමාව ඉදි කිරීමට බලධාරීන් කටයුතු කලා.

අංක දෙක – වහලයේ සිටින තල්මසා.මේ ප්‍රතිමාව ඔබට දකින්නට ලැබෙන්නේ ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් නගරය තුලයි.ඒ දෙස බලන කෙනෙකුට එක වරම සිහියට නැගෙන්නේ වහලයේ ගැටී සිටින තල්මසෙකුගේ ආකාරයයි.කෙසේ වෙතත් මේ ප්‍රතිමාව කෙනෙකු සිතන තරම් ප්‍රසන්න එකක් වන්නේ නැහැ.මේ තල්මසා සංඛේතවත් කරන්නේ නාගසාකි ප්‍රහාරයේ 41 වන සංවත්සරයයි.

අංක තුන – සම්පූර්ණ හස්තියෙකුගේ මූර්තිය.මේ මූර්තිය ස්තාන ගත කර තිබෙන්නේ කැනඩාවේ ශාන්ත තෝමස් නගරයේයි. මේ සවානා හස්තියාගේ මූර්තිය අඩි 13 ක උසකින් යුතු වෙනවා. කලින් සදහන් කර පරිදිම මේ මූර්තිය විනෝද විය හැකි කාරණයක් සදහා ඉදි කරන ලද්දක් නොවන බව සදහන් වෙනවා.මේ මූර්තිය ඉදි කර ඇත්තේ බොහෝ ජනප්‍රිය සර්කස් කණ්ඩායමක හස්තියෙක් වූ ජම්බෝ නම් හස්තියා සිහි වීම පිණිසයි. මේ හස්තියා මිය ගියේ කැනඩාවේ ශාන්ත තෝමස් නගරයේ දුම්රියක ගැටීම නිසායි. එසේම මේ සමානම මූර්තියක් ටුෆ්ට්ස් සරසවිය තුල ස්තාන ගත කර තිබෙනවා.නමුත් එය මූර්තියක් ලෙස සලකන්නේ නැ. එම සත්වයා මිය ගිය පසු සංස්කරණය කල නිර්මාණයක් ලෙස එය සලකනු ලබනවා.

අංක හතර – නිර්භීත මෝටර් රතය.ක්‍රොඒෂියාවේ ඔසිජෙක් නගරයේ මේ අපූරු රතු පැහැති මෝටර් රතයේ ආකෘතියක් නිර්මාණය කර තිබෙනවා. මේ කුඩා රතු පැහැති මෝටර් රතය විශාල යුධ ටැංකියක් තල්ලු කරන ආකාරය මෙහි මූර්තිමත් කර තිබෙනවා.කෙසේ වෙතත් මේ මූර්තිය ඉදි කර තිබෙන්නේ සත්‍ය කතාවක් පාදක කර ගෙනයි.1991 වසරේ ජුනි දෙවන දින යුගෝස්ලාවියානු යුධ හමුදා භට කණ්ඩායම් නගරයට ඇතුල් වී තිබෙනවා.එක්තරා මෝටර් රත හිමියෙක් ඔවුන්ට අවනත නොමැති බව පෙන්වීම සදහා තමාගේ කුඩා මෝටර් රතය එම යුධ ටැංකි ඉදිරියේ නවතවා තිබෙනවා.ඉන්පසු එය එසේම තිබෙන්නට හැර ඔහු මෝටර් රතයෙන් බැස ගොස් තිබෙනවා.මෙම මෝටර් රතය විනාශ කරන ආකාරය එකල රූපවාහිනි මගින් පවා විකාශ කර තිබෙනවා.කෙසේ වෙතත් පසු කාලයේදී ඔසිජෙක් නගරයේ වැසියන්ගේ නිර්භීතකම පෙන්වන සංඛේතයක් ලෙස මෙම මූර්තිය සලකා තිබෙනවා. එසේම මේ යුධමය වාතාවරණය නිසා එම නගරයේ ඉතා විශාල පිරිසක්ද මිය ගොස් තිබෙනවා.

අංක පහ – ඇලබාමා හි ප්‍රතිමාව.ඇලබාමා හි පිහිටා තිබෙන මේ ප්‍රතිමාව තරමක අමුතු ස්වාභාවයකින් යුතු වන අතර එයින් ප්‍රකාශ වන්නේ සාර්තකත්වය සහ සශ්‍රීකත්වයයි.මෙම මූර්තියේ දැක්වෙන පරිදි රෝමානු දේවතාවියක් කුරුමිණියෙක් සහිත කළසක් තම හිසට ඉහලින් අල්ලාගෙන සිටින ආකාරය නිරූපණය වෙනවා.මේ විඩීයෝවේ අපි සදහන් කල මූර්ති වල මෙන්ම මේ මූර්තියේත් අපූරු කතාවක් ගැබ් වී තිබෙනවා.1915 වසරේ ඇලබාමා ප්‍රදේශයේ කපු ගෙඩි වල සිටින කුරුමිණියන් ප්‍රමාණය ඉතා විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.කපු වෙලදාමෙන් ජීවිතය සරි කර ගත් ගොවීන් මේ නිසා දැඩි අපහසුතාවයට පත් වී තිබෙනවා.කෙසේ වෙතත් මේ කාලයේදීම එක් ගොවියෙක් විසින් කපු වෙනුවට කජු වගා කීරීමට පටන් ගෙන තිබෙනවා. මේ නිසා ගොවියන් බොහෝ දෙනෙක් කපු වැවීම අත හැර දමා කජු වැවීමට පටන් ගෙන තිබෙනවා.එමගින් බොහෝ පොහොසත් වීමට ඔවුන් සමත් වී තිබෙනවා.මේ මූර්තිය ඉදි කරනු ලැබුවේ 1919 වසරේදීයී. ඒ තමන් ලැබූ සාර්තකත්වය ලෝකයට විදහා දැක්වීමේ අරමුණින්.

අංක හය – නානකාමරයේ සිටින මිනිසා.ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඇති මෙම මූර්තියේ දකින්නට ලැබෙන්නේ මිනිසෙක් විසින් ස්නානය කරන අතරතුර යමක් ලියමින් සිටින ආකාරයයි.මේ මූර්තියෙන් මූර්තිමත් කිරීමට උත්සාහ කරන්නේ ඩෝල්ටන් ට්‍රම්බෝගේ පිලිරුවයි.තිර පිටපත් රචකයෙක් වූ ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ශේප කරන ලද ලැයිස්තුවට ඇතුල් කරනු ලැබුවේ කමියුනිස්ට්වාදියෙක් වීම හේතු කොට ගෙනයි.අසාධාරණ ව්ලට එරෙහිව කටයුතු කල ඔහු නිතරම අසරණයන් වෙනුවෙන් පෙනී සීටීමට අමතක කලේ නෑ. ට්‍රම්බෝ ගේ ජීවිත කතාව අලලා චිත්‍රපටයක් නිර්මාණය වූ අතර එහි ප්‍රධාන චරිතය නිරූපණය කලේ බ්‍රයන් ක්‍රෑන්ස්ටන් විසින්. ට්‍රම්බෝ බොහෝ වෙලාවට නාන කාමරය තුලදී වැඩ කිරීමට කැමැත්තක් දැක්වූ නිසා ඔහු සිහි වීම පිණිස මේ මූර්තිය ඉදි කරනු ලැබූ බව සදහන් වෙනවා.

 

අංක හත – ඇමරිකාවේ ශිලාලම්භය.මෙම ස්තම්භය පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තය තුලයි.මේ ස්තම්භ තුල පුරාණ භාෂා වලින් ලියන ලද ලේඛන හතරක් සහ නවීන භාශා අටකින් ලියන ලද ලේඛන කැටයම් කර තිබෙනවා.මෙහි සදහන් වෙන්නේ ලෝකය විනාශ වී ගියහොත් නැවතත් එය ප්‍රතිනිර්මාණය කිරීම සදහා අවශ්‍ය වන උපදෙස් වල එකතුවයි.මෙහි ඇති අපූරු කාරණය වන්නේ මේ නිමැවුම සදහා මූලික වූ පුද්ගලයා මේ වනතුරු හදුනා ගෙන නොමැතිවීමයි.මේ ඉදි කිරීම සිදු කල ඉදිකිරීම් ආයතනය සාමාන්‍ය මුදල මෙන් අට ගුණයක් මේ වෙනුවෙන් ලබා ගෙන ඇති අතර එම මුදල ගෙවනු ලැබුවේ රොබට් සී විසින් බව සදහන් වෙනවා. නමුත් මේ රොබට් සී මේ වනතුරුත් ලෝකයට අභිරහසක් වී තිබෙනවා.

අංක අට – රුසියාවේ මීයාගේ ප්‍රතිමාව.ගෙතුමක නිරත වී සිටින මේ මීයාගේ ප්‍රතිමාව අපිට දැක ගන්නට ලැබෙන්නේ රුසියාවේ නොවොසිබිර්ස්ක් විශ්වවිද්‍යාලය තුලයි.එය විවෘත කරනු ලැබුවේ 2013 වසරේ ජුලි පලමු වැනිදායි.මේ ප්‍රතිමාව ඉදි කර තිබෙන්නේ විද්‍යාගාර වලදී තම ප්‍රාණය මනුශ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් පරීක්ෂණ වලට පුද කරන අහිංසක සතුන්ට ප්‍රණාමය පුද කිරීම සදහායි.එසේම මෙතෙක් සතුන් යොදාගෙන සිදු කල පර්‍යේශණ වල සාර්තකත්වය වෙනුවෙන් සත්ව වර්ගයා වෙත කෘතවේදීත්වය පල කිරීමද මෙම නිර්මාණයේ තවත් එක් අරමුණක් වෙනවා.

අංක නවය – උකුසු පිහාටු.මේ ප්‍රතිමාව ඉදි කර තිබෙන්නේ අයර්ලන්තය තුලයි.මේ උකුසු පිහාටු මල නොබදින වානේ වලින් නිර්මිත අතර එහි උස අඩි 19 ක් වෙනවා. මේ ප්‍රතිමාව ඉදි කිරීම පිටුපස තිබෙන්නේ ඉතා සංවේදී කතාවක්. අයර්ලන්ත ජාතිකයන්ට ආහාර දුර්භීක්ෂයක් පැමිණි සමයක ඇමරිකානුවන් විසින් ඔවුන්ට ඩොලර් 170 ක් වටිනා මුදලක් ප්‍රාදානය කර තිබෙනවා. වර්තමානයේ එහි වටිනාකම ඩොලර් 4200ක්. කෙසේ වෙතත් මේ පරිත්‍යාග නිසා දිවි බේරා ගත් බොහෝ දෙනෙක් එහි ජීවත් වී තිබෙනවා.
ඇමරිකානුවන්ගේ පරිත්‍යාගශීලී බව වෙනුවෙන් කෘතවේදීත්වය පලකරනු වස් අයර්ලන්ත ජාතිකයන් මේ ප්‍රතිමාව 2017 වසරේදී ඉදි කර තිබෙනවා.

අංක දහය – ක්‍රීඩාගාරයේ හිදගෙන සිටින රසිකයා.මේ ප්‍රතිමාව ඉදි කර තිබෙන්නේ ක්‍රීඩා නැරඹ්ම තම පුරුද්දක් කරගෙන සිටි විසෙන්ටේ ඇපරිසියෝ වෙත කෘතවේදීත්වය පල කිරීම සදහායි.ඔහු එක් තරගයක් හෝ මග හැර නොමැති අතර තම පෙනීම නැති වූ පිට පවා තරග නැරබීමට පැමිනීම නතර කලේ නෑ.විසෙන්ටේ මිය ගොස් වසර දෙකක් ගතවූ පසු ඔහු සිහිවීම පිණීස බලධාරින් විසින් මේ ප්‍රතිමාව ඉදි කර තිබෙනවා.