නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ රෝහලකදී තරුණයකු අවසන් ගමන් ගොස් ඇතැයි වාර්තා වෙනවා අවසන් ගමන් ගොස් ඇත්තේ ඉන්දියාවේ ඊසාන දිග ත්‍රිපුරා ප්‍රාන්තයේ සිට එරටට පැමිණ සිටි මනීර් හුසේන් නැමැති 23 හැවිරිදි තරුණයෙකි මනීර් මීට වසර 2කට පෙර මැලේසියාවට පැමිණ ඇති අතර එහි ආපනශාලාවක සේවය කරමින් සිට ඇත.

මැලේසියානු බලධාරීන් ඊයේ අපට දුරකතන ඇමතුමක් ලබාදෙමින් කීවේ කොරෝනා වෛරසය හේතුවෙන් මගේ මුනුබුරා අවසන් ගමන් ගිය බවයි’ යැයි හුසේන්ගේ මුත්තණුවන් වන අබ්දුල් රහීම් මහතා සඳහන් කළේය මනීර්ගේ සි1රු1ර ගෙන්වාගැනීමට මැලේසියාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතැයි ද ඔහු පැවසීය ආසියානු ශාන්තිකර කලාපයේ ඊසාන දිග පෙදෙසට අයත්ව, වෛරසයෙන් අවසන් ගමන් ගිය පළමු පුද්ගලයා ඔහු බව වාර්තා වේ (ටයිම්ස් ඔෆ් ඉන්දියා)

කොරෝනා වෛරස යනු වෛරස කාණ්ඩයකි කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ලෝ පුරා පැතිර යමින් පවතී මෙය මුලින් ම චීනයෙන් ව්‍යාප්ත වී ඇත corona virus යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන විශාල වෛරස් වර්ග සමූහයකි SARS virus කුලයට මෙය අයත් වේ කොරෝනා වෛරසය මිනිසාට හා කුරුල්ලන් ඇතුළු ක්ෂීරපායින්ගේ රෝග ඇති කරන වෛරස කාණ්ඩයකි මිනිසුන් තුළ වෛරසය ශ්වසන ආසාදනයන් ඇති කරයි නමුත් දුර්ලභ අවස්ථාවන්හිදී මාරාන්තික විය හැක එළදෙනුන්ට හා ඌරන්ට පාචනය ඇති වන අතර පක්ෂීන් හට ඉහළ ශ්වසන ආසාධන ඇති කරයි වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම සඳහා අනුමත කරන ලද එන්නත් හෝ ප්‍රතිවෛරස තවම සොයාගෙන නොමැත