සිංහරාජ වනාන්තරයේ ඇති ආහාර වටිනාකමක් ඇති අනෙක් ප්‍රධාන වනජ ද්‍රව්යෙඅයක් වන්නේ බෙරලියයි. බෙරලිය ඵල හටගන්නේ අවුරුදු හතකට වරක් බව ගැමියන්ගේ මතයයි. ඉතා දිගු කාලයකට වරක් සෑදෙන බෙරලිය සඳහා මෙහි ජනයා දක්වනුයේ දැඩි රුචිකත්වයකි. කොතෙක් කාර්යයන් තිබූව ද බෙරලිය වාරයට බෙරලිය ඇහි£ම සඳහා බෙරලිය නඩයකට එකතු වී වනාන්තරයට නො පිවිසෙන ගැමියෙක් සොයා ගැනීම උගහට ය. මෙසේ කණ්ඩායම් ගැසී බෙරලිය ඇහිදීමට යාම සාමාන්‍ය සම්ප්‍රදායයි. අප්‍රේල් – මැයි මාසවල දී ගසින් වැටෙන බෙරලිය ඞ්ඞ්හොර ඉපියෙකුගේ ස්වභාවයෙන් යුක්ත වුවත් හොර ඉපියාට වඩා දෙගුණයක් පමණ කුඩා ය. ගැමියන්ගේ දැනුම අනුව බෙරලිය වර්ග දෙකක් වෙයි.බෙරලිය ජාති දෙකක් තියනව. එකක් පිනි බෙරලිය අනික කොටිකං බෙරලිය. පිනි බෙරලිය හීනියි. කොටිකං බෙරලිය ඊට වඩා ටිකක් ලොකුයි. මේ කොයිකත් හොදා.. (වයෝරිස්:2011.03.20).

හල් ගස් සේ ම බෙරලිය ද ගස් විශාල ප්‍රමාණයන්ගෙන් යුක්ත ව එකට පිහිටා තිබෙයි. මෙය බෙරලිය මණ්ඩිය ලෙස හඳුන්වයි.බෙරලිය ඇහිලින්න අසුද්දෙං යන්න හොඳ නෑ. කිලි අහුවෙලා ගියොත් හෙම, කට වරද්දගත්තොත් හෙම මංමුලා වෙනවා. මේ පහුගිය කාලෙ අම්මණ්ඩි කෙනෙක්ට එහෙම උනා. දවස් හතක් කැලේ මුලාවෙලා ඉඳලා යන්තං පණ කෙන්ද බේරං ඇවිත් තියෙන්නෙ. මේව හරි අනුහස් ඇති දේවල්. සෙල්ලමට ගන්න හොඳ නෑ.. (වයෝරිස්:2011.03.20)බෙරලිය කාලෙට බෙරලිය ගස් යට පැදුර එලුව වගේ බෙරලිය වැටිල. එකතු කරගෙන එකතු කරගෙන එන්න තියෙන්නෙ. ඉතිං ඈත හිමේ ඉඳල මලු කවර පුරවගෙන ඉහ තියාන ගමට එනකොට හැන්දෑ වෙනව. ගෙදර ගෙනල්ල බෙරලිය සුද්ද කරල උණුදියේ දාල වේලනවා. ඒව කොටල පිට්ටු, හැලප, වැලිතලප, කැවුං හදනව. ඒ විතරක් නෙවෙයි බෙරලිය හරි බේතක්, බෙරලිය තැම්බූ වතුර බඩේ අමාරුවට හරි හොඳා. ළමයි ලැබෙන්න ඉන්න අම්මලාට, කිරිදෙන අම්මලාට හරි ගුණයි. මේක දියවැඩියාවටත් හොදා කියනවනෙ.. අමු බෙරලිය මාළුව උයල ගත්තම හරිම රසයි(ලැයිසා:2011.03.12).

බෙරලිය ඇහිදීමට වනාන්තරයට යාමේ දී් තනිකම් දෝෂ.., යක්ෂ දිෂ්ටි.. ආදිය ඇතිවිය හැකි බවට ගැමි විශ්වාසයක් වෙයි. බෙරලිය ඇහිදීමට යාමේ දී මස් මාංශ අනුභවයෙන් තොරව, කිලි අහු නොවී යාමට ගැමියෝ වගබලා ගනිති. බෙරලිය නඩ වශයෙන් වනයට පිවිසෙන්නේ එකිනෙකාගේ ආරක්ෂාව සලසා ගැනීමේ අරමුණෙනි.බෙරලිය සෑදෙන්නේ අවුරුදු හතකට වරක් යැයි පවතින විශ්වාසය නිසාත් එය වටිනා ඖෂධයක් නිසාත් ගැමියෝ්බෙහෙතට ගැනීමට තම්බා වියළාගත් බෙරලිය අවශ්‍ය වූ විටක ගැනීමට සුරක්ෂිත ලෙස දුමෙහි තබති. මින් පෙනෙන්නේ බෙරලිය ආහාරයක් මෙන් ම වනෞෂධයක් සේ වැදගත්කමක් උසුලන බව යි