කොරෝනා වයිරසය නිසා කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක සහ ජාත්‍යන්තර පාසල් කිහිපයක සිසුන්ට මුඛවාඩම් පැලඳ පාසලට පැමිණෙන ලෙසට දැනුම්දීම නිසා පාසල් සිසුන්ගේ මවුපියන් මහත් අසීරුතාවකට පත්ව ඇතැයි වාර්තා වේ රාජ්‍ය ඔසුසල්වලත් පෞද්ගලික ෆාමසිවලත් මුඛවැසුම් තොග අවසන් වී ඇති බවද වාර්තා වෙයි උද්ගත වී ඇති මෙම තත්ත්වය යටතේ මුඛවැසුම් නොමැතිවීම නිසා දරුවන්ට පාසල් යෑමට නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත සිසුන්ට මුඛවැසුම් පලඳින ලෙස දැනුම් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් විදුහල්පතිවරුන් වෙත උපදෙස් දීමක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි සඳහන් කරයි මේ අතර ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශවල සේවයේ නියුතු අයට මුඛවැසුම් පලඳින ලෙස දැනුම්දී ඇතත් ඒ සඳහා අවශ්‍ය තරම් මුඛවැසුම් නොමැති බැවින් ඔවුන් අසරණ වී ඇතැයි දැනගන්නට ඇත කොරෝනා වයිරසය නිසා සෑම කෙනකුටම මුඛවාඩම් පලඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් ප්‍රකාශ කර නොමැති බවත් එම වයිරසය පවතින බවට තහවුරු වූ එක් රෝගියකු පිළිබඳ වාර්තා වූ පමණින් ජනතාව තුළ අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොපවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි

රෝහල්වල ප්‍රයෝජනය සඳහා මුඛවැසුම් ආනයන කරනු ලබන්නේ චීනයෙන් බවත් වෙළෙඳපොළේ මුඛවැසුම් හිඟයක් පවතින බව වාර්තා වන නමුත් දේශීය නිෂ්පාදකයන් කිහිපදෙනකු කැඳවා මුඛවැසුම් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරන්නැයි තමා ඉල්ලීමක් කළ බවත් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය දේශීය ව්‍යාපාරිකයන් කිහිපදෙනකු මුඛවැසුම් ආනයනය කර ලබාදීමට තමාගෙන් අවසර ඉල්ලූ බවද ඇමැතිනිය පැවැසුවාය රෝහල්වල ප්‍රයෝජනයට අවශ්‍ය වන මුඛවැසුම් නිෂ්පාදනය කරන වෙනත් රටවලින් ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය රෝහල් 11ක් සූදානම් කොරෝනා වයිරසය වැලඳී ඇති රෝගීන් සඳහා රෝහල් එකොළහක් සූදානමින් තබා ඇතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවැසුවාය. රාගම ශික්ෂණ රෝහල, ගම්පහ, මීගමුව, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර, මඩකළපුව ශික්ෂණ රෝහල, බදුල්ල යන රෝහල් නම් කර ඇතැයි ඇමැතිවරිය සඳහන් කළාය මුඛ ආවරණ හිඟය කූට වෙළෙඳුන්ගේ වැඩක් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා පැලඳීමට නියම කරන ලද මුඛ ආවරණ හිඟවීම ව්‍යාපාරිකයන් විසින් වෙළෙඳ උපක්‍රමයක් ලෙස භාවිත කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය

ඒ මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රශංසා හිමිව ඇති බවත් ඔහු කීය දැනට පවතින මුඛ ආවරණ හිඟ වී ඇති බැවින් ව්‍යාපාරිකයන් ජනතාවගේ පැත්තේ සිට මෙම අලෙවි කිරීමේ කාර්යය කළ යුතු බවත්, මෙවැනි තත්ත්වයක් තුළ එය වෙළෙඳ උපක්‍රමයක් ලෙස භාවිත කිරීමට වඩා කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම යන ආකල්පයේ සිට කටයුතු කරන ලෙස ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා කීවේය මීට අමතරව 8% වැට් බදු සහනය භාණ්ඩ 5555කට ලබාදී ඇති අතර එම සහනය ලබා නොදුනහොත් ඒ පිළිබඳව සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවැසීය වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවැසුවේ රජය විසින් ලබාදෙන ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්වයේ අයැදුම්පත් කැඳවීම පෙබරවාරි 07 වැනිදා තෙක් ක්‍රියාත්මක වන බවයි ජේ.ටී. ද සිල්වා, සඳරු බිම්සර හේවාකට්ටාඩිගේ, කේ.කේ. ආරියදාස, සිරිවර්ධන