මහා සාගර වෙරළේ රතු කොඩිය ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තයට දල්වන රතු එළිය එකී ක්ෂේත්‍රයට පුනරුදමය වසන්තයක් කැටුව එන සිහිනය දිනෙන් දිනම ඛේදවාචකයක් බවට පරිවර්තනය කරන්නට බලපා ඇති ප්‍රබලතම හේතුවක් වන බව ඔබට කියන්නට අපට සිදුව ඇත විශේෂයෙන්ම යුරෝපීයන් අමෙරිකානුවන් සහ ඈත පෙරදිග සංචාරකයන් තමන්ගේ සංචාරක ඉලක්කයක් බවට ශ්‍රී ලංකාව තෝරාගැනීම කෙරේ බලපාන මුඛ්‍යතම සාධකය වන්නේ ශ්‍රී ලංකාවේ පාරිසරික රම්‍යතාව සහ අනර්ඝතම විවිධත්වයකින් සහ සෞන්දර්යකින් යුත් රළ සහිත මහ මුහුදයි එමෙන්ම ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තය පිළිබඳව ප්‍රවර්ධන කාර්යයේදී ස්වභාවික සම්පත්වලින් අනූන ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්ය දියඇළි මුහුද සහ සුන්දර වෙරළ සංචාරක ආකර්ෂණය උදෙසා ප්‍රස්තුත කර ගනී එහෙත් ‘රෙඩ් ප්ලෑග් බීච්’ යනුවෙන් ලංකාවේ මුහුද හා වෙරළ කලාප බහුතරය ‘වර්ගීකරණය’ වීමේ ඍණාත්මක ඛේදවාචකය සංචාරක ආකර්ෂණය කෙරේ හේතුවන ලාංකික ප්‍රතිරූපයේ හැඩතල වෙනස් කිරීමට දැඩි ලෙස බලපා තිබේ ‘රෙඩ් ප්ලෑග් බීච්’ ලෙස ලංකාවේ ස්වභාවික සුන්දර මුහුදු හා වෙරළ තීරය නම් කිරීමට තුඩු දී ඇති හේතු සාධක කවරේද යන්න පිළිබඳව විචාරාත්මක විමසුමකට පෙර ශ්‍රී ලංකාවේ දියෙහි ගිලීමෙන් සිදුවන මරණ පිළිබඳව සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් කෙරේ අපි අවධානය යොමු කරමු ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක නානායක්කාර පවසන පරිදි 2020 වසර වන විට සාපේක්ෂ වශයෙන් ශ්‍රී ලංකාවෙහි දියෙහි ගිලීමෙන් සිදුවන මරණවල අඩුවීමක් දක්නට ලැබේ

2010 සිට 2018 දක්වා වාර්තාගත දත්ත මත පදනම්ව එළිදක්වා ඇති 2020 ශ්‍රී ලංකාවේ දියෙහි ගිලීමේ අනතුරු වැළැක්වීම පිළිබඳව වාර්තාව අනුව අප රටේ වයස අවුරුදු 1 – 14ත් අතර දරැවන් හට සිදුවන විපත්වලින් හටගන්නා හදිසි මරණ සඳහා මූලිකම හේතුව වන්නේ දියේ ගිලීමයි වසරකදී දියෙහි ගිලීමෙන් ශ්‍රී ලංකාවේ සිදුවන මරණ 755ක් ලෙස ගණනය වුවත් 2005 – 07 සාමාන්‍යය සමඟ සැසඳූවිට එය 14ක අඩුවීමක් පෙන්නුම් කරන අතර 2005 – 07 සාමාන්‍යය සමඟ සසඳද්දී ශ්‍රී ලංකාවේ දියෙහි ගිලීමේ අනුපාතයේ 20ක අඩුවීමක්ද දක්නට ලැබේ. 100000 ජනගහනය සඳහා දළ දියෙහි ගිලීමේ මරණ අනුපාතය 36 කි එමෙන්ම කාන්තාවන්ට වඩා පුරුෂ පාර්ශ්වය දියෙහි ගිලීමෙන් මරණයට පත්වීමට ඇති හැකියාව 35 වාරයක ඉහළ අගයකින් යුත් අතර මේ වෙද්දී කාන්තාවන් දියෙහි ගිලීමේ අනුපාතය 32කින් ද පිරිමින් දියේ ගිලීමේ අනුපාතය 18කින්ද අවම වී ඇත ශ්‍රී ලංකාවේ සියලු පළාත් අතරින් ජනගහනය 100000ට සිදුවන මාරාන්තික දියෙහි ගිලීමේ අනුපාතය ඉහළතම අගයක් ගන්නේ උතුරු පළාතේය දෙකෝටි විසිපන් ලක්ෂයක් පමණ වූ ශ්‍රී ලාංකික ජනගහනයට සාපේක්ෂව අප රටේ පිහිනීමේ හැකියාව ඇත්තේ ජනගහනයෙන් ඉතා සුළු පිරිසකටය යුරෝපීය අමෙරිකානු සහ ඈත පෙරදිග ඇතැම් රටවල්හි වාතාවරණය හා සසඳද්දී එම ජනතාව තම දරුවන්ට කුඩා වියේ සිටම පිහිනීමේ පුහුණුව ලබාදෙන ආකාරය දැකිය හැකිය නිසි ක්‍රමවේදයකට අනුව තාක්ෂණික මූලධර්මවලට අනුවම ඔවුන් පිහිනීමේ පුහුණුව දරුවන්ට ලබාදෙන අතර ජලය කෙරේ දරුවන් තුළ අනිසි බියක් ඇති නොකිරීමටද ඔවුන් සෑමවිටම වගබලා ගනී එහෙත් ලංකාව වැනි අද්‍යතනය වන විටත් ඌන සංවර්ධිත වර්ගීකරණයෙහි ගැනෙන රටවල එම තත්ත්වය ඉඳුරාම වෙනස් වෙයි කොළඹ සුපිරි පාසල් ඇතුළු දිවයිනේ ඇතැම් නාගරික සුපිරි පාසල්වල ක්‍රීඩාවක් වශයෙන් පිහිනුම් තිබුණත් ඈත ගම් දනව්වල දරුවන් කුඩා වියේ සිටම ඇළ දොළ වැව් ගංගා ආදියෙහි නෑමට පිහිනීමට යොමුව සිටියත් දරුවන් ගංගා දියඇළි මුහුද ආශ්‍රිත ක්‍රීඩාවල යෙදවීමට මවුපියන් තුළ වන බිය මෙන්ම පිහිනීම වැනි ක්‍රීඩාවන් කෙරේ යොමු කිරීමට ඇති ශක්‍යතාවයේ අඩුලුහුඬුකම් හා ප්‍රායෝගික ගැටලු රාශියක් ද දක්නට ලැබේ

අප රටේ පවතින වාතාවරණයේ යථාර්ථය එලෙස ප්‍රතිබිම්බගත කළ හැකි වුවත් අප රටේ සීමාවෙන් එහා බහුතර ලෝක යථාර්ථය බෙහෙවින් ධනාත්මක ස්වරූපයකට හිමිකම් කියයි විශේෂයෙන් යුරෝපීයන් සහ අමෙරිකානු සංචාරකයන් සමඟ පැමිණෙන කුඩා දරුවන් පවා ලංකාවට පැමිණෙන්නේ විශේෂයෙන් ලංකාවේ මුහුද හා වෙරළ සමඟ රිසි සේ ගනුදෙනු කරන්නට ඇති දැඩි ළැදියාව හේතුකොටගෙනය ශ්‍රී ලංකාවේ මුහුදට විදේශීය සංචාරකයන් දැඩි සේ ප්‍රියතාවක් දැක්වීම කෙරේ බලපාන හේතු කිහිපයකි මුහුදු වතුරෙහි පීඑච් අගය නිසි ප්‍රමිතියකින් යුක්තවීම මීටර් 25 – 50 පමණ වූ දියවැල් හැරෙන්නට දරුණු දියවැල් නොමැතිවීම දවසේ ඕනෑම වෙලාවක නාන්නට පිහිනීමට සුදුසු මට්ටමේ ප්‍රමිතියක් ජලයේ පැවතීම වසරේ මුල් මාස තුන බස්නාහිර – දකුණු මුහුදු කලාපය ආරක්ෂිත වීම වසරේ මැද සිට අවසානය දක්වා අරුගම්බේ සහ ඒ තදාසන්න මුහුදු සීමා ආරක්ෂිත වීම ඒ ස්වභාවය කරණ කොටගෙන සංචාරකයන්ට නිශ්චිත විශ්වාසයකින් සහ අවබෝධයකින් මුහුද හා ගනුදෙනු කිරීමේ අවකාශය පැවතීම මුහුද හා වෙළී ඇති හිරු එළිය කෙරේ සංචාරකයන් දක්වන දැඩි කැමැත්ත මුහුදු වෙරළේ සුන්දරත්වය ශ්‍රී ලංකාව ස්වභාවික භූ කම්පන විපත් ඉතාමත් අවම මට්ටමක පවතින රටක් වීම (සුනාමි ඛේදවාචකය හැරුණුවිට සැබැවින්ම එවැනි විපත් ඇති නොවනම සහ සිදු නොවනම මට්ටමක පැවතීම) ශ්‍රී ලංකාවේ මුහුදු තීරයෙන් තීරයට පවතින විවිධත්වය ලෝකයේ බොහෝ රටවල මුහුදේ ස්වභාවය එකම ආකාරයකින් පැවතුණත් ශ්‍රී ලංකාවේ මුහුදු රළ තැනක රළු ස්වභාවයකින් ද තවත් තැනක සෞම්‍ය ස්වභාවයකින්ද තව තැනක ඒ අතරමැද ස්වභාවයකින්ද ආදී වශයෙන් සංචාරකයන්ට වෙනස් වෙනස් අත්දැකීම් ලබාදෙන ස්වභාවයකින් යුක්ත වීම මේ ආදී හේතු කරණ කොටගෙන ශ්‍රී ලංකාවේ මුහුදු තීරය දැඩි සංචාරක ආරක්ෂණයට සහ ලෝක මුහුදු තීර පිළිබඳ සංචාරක කැමැත්තේ ඉහළම තැනකට පැමිණ තිබේ

එහෙත් මෙතරම් ස්වභාවික වටිනාකම්වලින් හා සෞන්දර්යාත්මක අගයකින් පූර්ණව පැවතුණත් මුහුද සොයාගෙන ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන්ට යළිත් සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගන්නේ ද යන ප්‍රශ්නය සමඟ රෙඩ් ප්ලෑග් බීච් ‘තහනමේ’ අමිහිරි කතාන්දරය ද රැගෙන යළි ලංකාවෙන් පිටවීමට සිදුවන අවස්ථා සුලභ වී ඇත ඔබට මුහුද තහනම්යැයි නොකීවත් මුහුද අවදානම් බව රතු කොඩිය සංකේතාත්මකව පවසද්දී කොතරම් දක්ෂ පිහිනුම් ශූරයකු වුවද ඒ මුහුද සහ සජීවී වෙන්නට ඇති කැමැත්ත යටපත් කර ගන්නේ ආගන්තුක රටකදී ඒ රට විසින් දෙනු ලබන පණිවිඩය ඔවුන් වැදගත් කොට සලකන හෙයිනි ඇත්තටම මේ රතු කොඩිය ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල ‘ඩැමේජ්’ එකක් කෙනකුට තමන් කැමති ඕනෑම වෙලාවක ලංකාවේ මුහුදට බහින්න පුළුවන් එහෙම මුහුදු ලෝකයේ හරි අඩුයි එහෙත් අපේ රටේ මුහුදු වතුරවල ඒ ගුණාත්මක ප්‍රමිතිය තියෙනවා අපේ මුහුදට එහෙම බහින්න බෑ කියලා නීතියක් නොතිබුණත් හුඟාක් මුහුදු වෙරළ තීරවල ඇති රතු කොඩිය විසින් අනිසි අවදානමක් මතු කරලා සංචාරකයන් මුහුදට බැසීම වළක්වනවා ඉතින් ලංකාවේ මුහුද සොයාගෙන වරක් එන සංචාරකයෙක් දෙවනුව ලංකාව සංචාරය සඳහා තෝරාගන්නවාද කියන එක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නන් ගැඹුරින් සිතා බැලිය යුතු දෙයක් ලංකාවේ හුඟාක් හෝටල් සංචාරකයන් ඔවුන්ගේ හෝටලය ආශ්‍රිතව ඇති මුහුදට යෑම වළක්වනවා එහි වගකීම ගන්න ඔවුන් කැමති නෑ නමුත් ප්‍රමාණවත් සහ අවබෝධාත්මක දැනුමක් ඇති පොලිස් නිලධාරීන් සහිත පොලිස් ඒකකයක් ඒ මුහුද ආශ්‍රිතව ස්ථාපිත කරලා ජීවිතාරක්ෂකයන් හෝටල් කාර්ය මණ්ඩලයට බඳවාගෙන සංචාරකයන්ට මුහුද රිසි පරිදි විඳින්නට සහ ගනුදෙනු කරන්නට අවස්ථාව අනිවාර්යෙන් ලබාදිය යුතුයි

සංචාරකයන් පැමිණෙන්නේ හෝටල් කාමර තුළ සිටින්නට නෙවෙයි අනිත් එක සංචාරකයන්ගෙන් අපට ආදායම් ලබාගැනීමට මුහුද මර්මස්ථානයක් ලෙස යොදාගත හැකියි මුහුද ආශ්‍රිත ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමෙන් මුහුදේ සිටිනා විට ඔවුන්ට විවිධ ආහාරපාන මිලට ගැනීමට හැකි පිරිසුදු කෙටි කෑම වර්ග ආදිය ඇති ස්ථාන ඉදිකිරීමෙන් විශාල ආදායමක් ලබන්න පුළුවන් ඔවුන් එන්නේ අත්දැකීම් ලබන්න ඊට අවකාශ සැලසීම අනිවාර්යෙන් කළ යුතු දෙයක් ඒත් කෙතරම් කැමැත්තක් අවශ්‍යතාවක් තිබුණත් රතු කොඩිය ඇතිවිට ඔවුන් මුහුදට බහින්නෙ නෑ මොකද විදේශ රටකදී දෙනු ලබන Local message එක ඕනෑම පුද්ගලයෙක් ඉතා වැදගත් කොට සලකනවා මොකද ඒ හැම කෙනෙක්ම සංචාරයට වඩා ජීවිතයට ආදරය කරන නිසා ඒත් මෙය අනිසි බිය වැද්දීමක් පමණයි ප්‍රශ්නය තියෙන්නේ එතන ආරක්ෂක උපදෙස් අවශ්‍ය තැන්වලදී ඒවා නිරූපණය කරලා අපට පුළුවන් ඔවුන්ට මුහුද හා ගනුදෙනු කිරීමේ පසුබිම ඇති කරන්න හෝටල්වල ආරක්ෂක අංශයට පුළුවන් මුහුදට යන සංචාරකයන් ගැන තොරතුරු ගණනය කරන්න ඔවුන් ගැන සැලකිලිමත් වෙන්න මුලින් කී පරිදි පොලිස් ඒකකයක් හා ජීවිතාරක්ෂක සේවාවක් හෝටලයට අනුබද්ධව පිහිටුවන්න බීච් බෝයිස්ලගෙන් අද සංචාරකයන්ට අනිසි බලපෑම් සිදුවන අවස්ථා තියෙනවා මත්ද්‍රව්‍ය පිරිමි ගණිකා වෘත්තිය වැනි ප්‍රවණතා මගින් ගැටලු උද්ගත වන අවස්ථා තියෙනවා ඇතැම් ප්‍රදේශවල පොලීසියට වඩා ගම්වැසියන්ගේ සහ එවැනි පිරිස්වල ඒකාධිකාරය ප්‍රබලවෙන අවස්ථාත් තිබෙනවා ඇතැම්විට මාළු ඇල්ලීමට යන මෝටර් බෝට්ටු සංචාරකයන්ගේ ඇඟේ වැදීමෙන් ඔවුන්ට අනතුරැ සිදුවන අවස්ථාත් තියෙනවා මේ සියලු හේතු මත හෝටල් රතු කොඩිය ගැසීමට පෙළඹෙනවා එහෙත් ඒ රතු කොඩිය මේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි ඒ ප්‍රශ්නවලට නිසි ක්‍රමවේද ඔස්සේ පිළිතුරු සොයමින් සංචාරක ආකර්ෂණයට ළැදියාවට අනිවාර්යෙන් ඉඩ ලබා දිය යුතුයි

හික්කඩුව උණවටුන පොල්හේන මීගමුව ගල්කිස්ස මේ මුහුදු තීරවලට සංචාරකයන් ඉතා ප්‍රියයි අපේ ජීවිතාරක්ෂක ඒකක ඇති කිසිම තැනක අපි රතු කොඩි ගහන්න දෙන්නෙ නෑ ගැහුවත් ගලවනවා මම කියන්නේ මුලින්ම අපි අපේ චින්තන දහරාවේ දිශානතිය වෙනස් කළ යුතුයි එසේ නොකර රට හදන්නත් බෑ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නත් බෑ ධනාත්මක චින්තනයක් සහිත ජනතාවක් පාලක ස්ථරයක් නිර්මාණය නොකර රටේ පරිවර්තන කරන්නත් බැහැ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක නානායක්කාර එසේ කියයි ශ්‍රී ලංකාවේ මේ වන විට සක්‍රිය ජීවිතාරක්ෂකයන් 2364 දෙනෙක් පමණ සිටිති එමෙන්ම ජීවිතාරක්ෂක මුර සංචාරක ස්ථාන 235ක් පවතින අතර ක්‍රියාත්මකව පසුවන ජීවිතාරක්ෂක සංගම් සංඛ්‍යාව 46කි තවද වසර දහයකට අධික කාලයක් මුළුල්ලේ සිට ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් හැදෑරූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියනයකට අධිකය ජලයේදී ආරක්ෂාව සඳහා කැපවූ ඒකකයක් පිහිටුවීම පාසල් උදෙසා සුරක්ෂාව සඳහා පිහිනීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම ජාතික දියෙහි ගිලීමේ දත්ත නිරීක්ෂණය කිරීමේ පද්ධතියක් පිහිටුවීම මුහුදු වෙරළ තීර සහ ජල මාර්ග සඳහා අවදානම් පැතිකඩ සංවර්ධනය කිරීම ජාතික වෙරළ සහ පිහිනුම් තටාක ක්‍රියාත්මක කිරීමේ උපදෙස් මාලාවක් පිහිටුවීම මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා ස්ථාපනය කිරීම් ඇතුළු ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ජාතික ක්‍රියා සැලැස්මෙහි මුඛ්‍ය ව්‍යාපෘති අතර එක් ව්‍යාපෘතියක් වන්නේ සංචාරක ක්ෂේත්‍රය උදෙසා ජල සුරක්ෂා ප්‍රවර්ධන ක්‍රියාමාලාවක් සංවර්ධනය කිරීමයි එනයින් මහ මුහුද රතු කොඩි විරහිත එනමුත් සාධාරණ කොන්දේසිවලින් සම්මුතික නිදහස් ඉසව්වක් බවට පරිවර්තනය කිරීමත් ඒ පරිවර්තනය සංචාරක ආකර්ෂණයේ කදිම තුරුම්පුවක් බවට පත් කිරීමත් ජීවිතාරක්ෂක සංගමයේ මුඛ්‍ය බලාපොරොත්තුවකි සංජීවිකා සමරතුංග සේයාරූ – චන්න කස්සප කෝරළේආරච්චි