අද වෙනකොට ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටළුවක් තමයි මොකක් හරි ලෙඩක් තිබෙන එක.අතීතයේ ජීවත් උන අපේ මුතුන් මිත්තන්ට මෙච්චර ලෙඩ රෝගනම් තිබිලා නෑ.මේකට මුලික හේතුව තමයි අපි ස්වභාව දහමෙන් දෙන ගුණ දායක ආහාර කෘතිම දේවල් එකතුකරලා රස වැඩි කරන කන්න යන නිසා තමයි මේ ලෙඩ රෝග හැදෙන්නේ.ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ පාන් පිටි වෙනුවට ආහාරයට ගන්න පුළුවන් මඤ්ඤොක්කා පිටි ගැන නොදන්නා කරුණු ටිකක් ගැන ඔබත් මේ ලිපිය කියවලා බලන්න.
ඔබ පිළිකා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ රෝගියෙකු නම් හෝ ඔබ පවුලේ පිළීකා රෝගයෙන් පෙලෙන අයෙක් වේ නම් ඒ රෝගයේ කටුක බව ඔබ හොදින් දන්නවා ඇති. මේ පෝස්ටුව මම ඔබ වෙත ගෙන එන්නේ එම රෝගය වලක්වා ගන්නා ආකාරය පිලිබදව ඔබ දැනුවත් කිරීමට නොවෙයි. මහරගම පිළිකා රෝහලේ ආහාර වේල සදහා එක් වරක් හෝ මඤ්ඤොක්කා ලබා දෙන බව ඔබ හොදින් දන්නා කාරණයක්.

පිළිකා නසන රසායනිකයන් ඇතිවන්නේ අහාරවල ඇති විටමින් හා ඛනිජ වර්ගයන් තුළයි. මේ විටමින් වර්ග අතර B-17 නම් හිතකර සංයෝගය පිළිකා සෛල නැසීමට වැඩියෙන් උදව් වෙනවා. ඉතින් මේ B-17 නම් හිතකර සංයෝගය මඤ්ඤොක්කා වල වැඩිපුර අඩංගු බව විද්‍යාත්මකව හෙළි වී ඇති නිසා පිළීකා රෝගීන්ගේ පිළිකා සයිල මර්ධනය කිරීම සදහා මෙන්ම වර්ධනය වීම වලක්වා ගැනීම සදහාත් මඤ්ඤොක්කා රෝගීන්ට ලබා දීමට නිර්දේශ කොට තිබෙනවා.මා ජීවත් වන උඩවලව- ඇඹිලිපිටිය ප්‍රදේශය මඤ්ඤොක්කා වසර පුරාම වගා කරන ප්‍රදේශයක්.මේ හේතුව නිසා අපේ ගම්බද ජීවත්වන පිළිකා රෝගීන්ට මඤ්ඤොක්කා ආහාරයට ගැනීම ඒ තරම් ගැටළුවක් වන්නෙ නැහැ. නමුත් නගරබද ජීවත් වන අධි රුධිර පීඩනයෙන් පෙලෙන, පිළිකා රෝගයෙන් පෙලෙන රෝගීන්ට කොතරම් උවමනා වූවත් මේ වටිනා ආහාරය අනුභවයට අවස්තාව හිමි වන්නේ නැහැ.එයට හේතුව වන්නේ ඔබ මිලදී ගන්නා මඤ්ඤොක්කා අල වූවත් උපරිම දින දෙකකට වඩා කල් තබා ගැනීමට නොහැකි වීමයි.

මේ ගැටළුවට පිලියමක් ලෙස මඤ්ඤොක්කා අල සෝදා වියලා නිසි තත්වයන් යටතේ පිටි කර ඔබ අතට පත් කිරීමට මා ගත් උත්සාහය මේ වන විට ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබෙනවා.රජයේ ලියාපදිංචි අංකයක් සහිතව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයේ සහය සහිතව නිශ්පාදනය කරනු ලබන මේ නිශ්පාදනය ඔබට අතට පත් වන්නේ, ඔබ ස්වාභාවිකව ආහාරයට ගන්නා මඤ්ඤොක්කා අල වල හෝ මඤ්ඤොක්කා පිටි වල පෝෂණ ගුණයේ කිසිදු අඩුවක් නොමැති බව පරීක්ෂා කිරීමෙන් පසුවයි.

මඤ්ඤොක්කා පිටි ආහාරයට ගත හැක්කේ කෙසේද? මඤ්ඤොක්කා පිටි රොටී.ඔබ සාමාන්‍යෙන් රොටී සකසා ගන්නා ආකාරයම පොල් සහ පාන් පිටි වෙනුවට මඤ්ඤොක්කා පිටි එකතු කරගන්න.අවශ්‍ය නම් පාන් පිටි ඉතා ස්වල්පයක් එකතු කර ගැනීමට පුලුවන්.සාමාන්‍ය ආකාරයටම රොටී මිශ්‍රණයට පොල් සහ ලුණු මිශ්‍ර කර රොටී සකසා ගන්න. සාමාන්‍ය රොටී වලට් වඩා මෘදු කිරි රසයෙන් යුතු ඉතා ප්‍රණීත ගුණ සපිරි මඤ්ඤොක්කා රොටී ඔබට ඉතා පහසුවෙන් සකසා ගන්නට පුලුවන්.මඤ්ඤොක්කා පිටි පිට්ටු.සාමාන්‍ය පිට්ටු සකසා ගන්නා ආකාරයටම සකසා ගන්න. වෙනස්කම වන්නේ පාන් පිටි වෙනුවට මඤ්ඤොක්කා පිටි එකතු කර ගැනීමයි.

මඤ්ඤොක්කා පිටි බයිට් වර්ග.මුරුක්කු, උළුදු වඩේ වැනි පාන් පිටි යොදා සකසා ගන්නා ඔනෑම ආහාරයක් මඤ්ඤොක්කා පිටි භාවිතා කරමින් වඩාත් රසවත්ව සකසා ගන්නට ඔබට පුලුවන්.මෙසේ සාදන මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් පන්සියයක පැකැට්ටුවක මිල වන්නේ රු. 150ක් පමණයි.පලමු අදියර ලෙස ඔබ හෝ ඔබගේ හිතවතෙක් පිලිකා රෝගයෙන් අධි රුධිර පීඩනයෙන් පෙලෙයි නම් ඔවුන්ට ඉතාමත් කදිම ඖෂධීය ආහාරයක්