දියුනුගේ සැම්සන් රාජපක්ෂ, ඩීඑස්අයි සැම්සන් සමූහයේ ආරම්භක කර්මාන්තය එක් දිනක් තුළ ගොඩනගා නැත, නමුත් එය නිසැකවම ගොඩනඟා ඇත්තේ දර්ශනයක් සහිත එක් මිනිසෙකු විසිනි. ඩී.එස්.අයි සන්නාමයේ විශිෂ්ට නිර්මාතෘ දිවංගත ඩී. එස්. රාජපක්ෂ මහතා කුඩා කල සිටම ඔහු සහ ඔහුගේ පවුලේ අය සඳහා හොඳ ජීවනෝපායක් කර ගැනීම සඳහා කර්මාන්තශාලාව මෙහෙයවනු ලැබීය.සිය ජීවිතයේ මුල් අවදියේදී දෙමව්පියන් අහිමි වූ ඩී. එස්. රාජපක්ෂ මහතා හැදී වැඩුණේ ඔහුගේ ආච්චි අම්මා ළගයි. ඔහුට දිගින් දිගටම අවස්ථා සොයා ගත හැකි විය.වයස අවුරුදු 14 සිට ස්වයං විනයකින් පෙලෙන ඔහු සිය උපන් ගම වන ගාල්ලේ සහ කොළඹ අතර ස්ථාන කිහිපයක වැඩ කරමින් දිනක් පිටකොටුවේ වීදිවල තමාගේම සුදු රෙදි වෙළඳාම ආරම්භ කළේය. දෙවන ලෝක සංග්‍රාමයේ විනාශකාරී විනාශයෙන් පසුව ඔහු නැවත ගාල්ල වෙත යන අතර, ඔහු නැවත යුද්ධය යෙන්පසු පැමිණ නැවත වරක් සිය ව්‍යාපාරය නැවත නැඟිටුවීය.

ඩී.එස්.අයි සැම්සන් සමූහයේ අත්තිවාරම පිටකොටුවේ ​​හි දී ඔහු පාවහන් පැළඳගෙන සුප්‍රසිද්ධ ‘බැලේරිනා’ සෙරෙප්පු වැනි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විලාසිතාවන් ගෙන ඒමට පටන් ගත්තේය. මෙම වෙළඳාමේ විභවය දුටු ඔහු දේශීයව සෙරෙප්පු නිෂ්පාදනය කිරීම සඳහා ගාල්ලේසිය පළමු කර්මාන්ත ශාලාව විවෘත කළේය. විශ්වාසවන්ත හා මිත්‍රශීලී වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සහ ගුණාත්මකභාවය සහ සුවපහසුව පිළිබඳ කීර්තියක් ඇති නිෂ්පාදනයක් නිර්මාණය කිරීම පිළිබඳ ඔහුගේ දැක්ම 1964 දී කාර්මික ප්‍රදර්ශනයේදී දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පැසසුමට ලක්විය.සපත්තු සිට ඇඟලුම් දක්වා ඩී.එස්.අයි සැම්සන් සමූහයේ නම ජවසම්පන්න හා බහුල ලෙස පුළුල් විය. ව්‍යාපාරය විශාල වුවද, ඩී. එස්. රාජපක්ෂ මහතා සෑම විටම ගාල්ලේ සිට පැමිණි එකම නිහතමානී මිනිසා විය. රැකියා රාශියක් නිර්මාණය කරමින් නැවත සිය නගරයට පැමිණ, ඔහුගේ සමාගම ගාල්ලේ සිතියමෙහි තැබීමට උදව් කළේය. වෙළඳ නාමයේ වටිනාකම සහ පාරිභෝගික පක්ෂපාතිත්වයේ වටිනාකම ඔහු තේරුම් ගත්තේය.

මේ අනුව ඔහුගේ නිෂ්පාදන කරන ලද්දේ ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයාගේ අවශ්‍යතා ප්‍රමුඛස්ථානයට ගෙන ඒම සහ වෙළඳ දැන්වීම් ඔවුන්ගේ හදවත් හා මනස කරා ළඟා වීම ඉලක්ක කර ගනිමිනි. ඩී.එස්.අයි. සැම්සන් සමූහයේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කළ ඔහුගේ ප්‍රබල විශ්වාසය සහ අවස්ථාවන් ඉක්මණින් හඳුනා ගැනීමට හැකි වූ අතර එමඟින් ඔරොත්තු දෙන සන්නාමයක් සහ විවිධාකාර සමාගම් සමූහයක් අදටත් එහි තරඟකාරිත්වය අතර ඉහළින්ම සිටී. පවුල පුළුල් වන විට, දරුවන් ද 1970 ගණන්වල තම පියා විසින් නියම කරන ලද සාරධර්ම පවත්වා ගෙන යාම – සාධාරණ ලෙස සැලකීම, සමාන අවස්ථා, අපක්ෂපාතී විනය සහ ගනුදෙනුකරුවන්ගේ අසමසම මට්ටම් මෙන්ම සේවක පක්ෂපාතිත්වය වැනි වටිනාකම් පවත්වා ගෙන යයි.රාජපක්ෂ මහතා සෑම විටම සිය සාර්ථකත්වය පිළිබඳ කථාව නිරතුරුවම පසුබිමක තැබූ අතර ඔහුගේ පාද බිමෙහි තදින් රෝපණය කළේය. ඔහු කිසි විටෙකත් තම මූලයන් හෝ පවුලේ වටිනාකම නොසලකා හැරියේ නැත. එමෙන්ම තම සේවකයන්ට පියා සහ දරුවාගේ සම්බන්ධතාවයට සමාන සම්බන්ධතාවයක් දැක්වීය. ඔහුගේ පුරාවෘත්තය හා දැක්ම කාලයාගේ ඇවෑමෙන් විඳදරාගෙන ඇති අතර ආගමික සිදුවීම්, අධ්‍යාපනය මෙන්ම ප්‍රජාවේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. SLIM සන්නාම විශිෂ්ටතා සම්මානය, NCE අපනයන සම්මාන සහ කාර්මික විශිෂ්ටත්වයේ CNCI ජයග්‍රාහකයා වැනි සමූහයට ලැබී ඇති සම්මාන හා ජයග්‍රහණ මගින් මෙම විවිධත්වය හඳුනාගෙන තිබේ.

තරුණ අනාථ පිරිමි ළමයෙක් තම ආච්චිගේ ආශිර්වාදය ඇතිව රැකියාව සොයමින් කොළඹට පැමිණීම පිළිබඳ කථාව පුරාවෘත්තයක් වන අතර වසර ගණනාවක් තිස්සේ වර්තමානයේ ඩීඑස්අයි සැම්සන් සමූහය වන එක් විශාල අධිෂ්ඨනශීලී පවුලක් බවට පරිවර්තනය වී තිබේ.පදික වේදි­කාවේ සිට ජාත්‍ය­න්ත­රය දක්වා ගිය DSI ගමනDSI යනු මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත වෘක්ෂයකි. DSI නම ලොකු කුඩා කොයි කවුරුත් විස්වාසයෙන් යුතුව පිළිගන්නා, දන්නා හඳුනන අපේ යැයි පිළිගන්නා, සන්නාමයකි. මේ දැවැන්ත ව්‍යාපාරයේ මුල් බීජ‍ය රෝපණය වන්නේ පදිකවේදිකාවේ යැයි කීවොත් එය අතිශයෝක්තියක් ද නොවේ. ඒ මීට වසර 60ටත් පෙර අතීතයක සිට ගලා එන කතාවකි.ලොව පුරා ජනප්‍රියවී ඇති (මැක්ඩොනල්ඩ් බහුජාතික සමාගමේ හිමිකරු) මැක්ඩොනල්ඩ්, ලොව ප්‍රකට ඇපල් සමාගමේ හිම්කරු ස්ටීව් ජොබිස්, මයික්‍රොසොෆ්ට් හිම්කරු බිල් ගේට්ස් ආදීන් පිළිබඳ කතා අගය කරමින් පුරෝකතන කරන අයට DSI කතාව ඒ වර්ගයේ එන අපේ කතාවක් ලෙසට හඳුන්වා දිය හැකිය. දකුණු ලක දුෂ්කර ගමක ඉපදී මාපිය සෙනෙහස අහිමිව හිඳ මිත්තනිය සෙවණේ හැදී වැඩී, වීර්යයෙන් හා දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් කටයුතු කරමින් දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනැඟීමේ පුරෝගාමී දැවැන්ත චරිතයක කතාවකි මෙය. ඒ චරිතය නම් සැමිසන් රාජපක්ෂ මහතායි. DSI යනු ඔහුගේත්, ඔහු හා එක්ව ව්‍යාපාරය ගොඩනැඟූ පුතුන්, සමීපතමයන් පිළිබඳ කතාවයි. ඒ කතාව පිළිබඳ අටුවාටීකා ඇතිවම දැන ගැනීම සඳහා අප හමු වූයේ ඩී. සැම්සන් රාජපක්ෂ මහතාගේ පුත්

DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතායි.”සවිමත් සිතම සවිමත් අනාගතයට මාවතයි” ඔබ ආයතනයේ ආදර්ශ පාඨයක් වී ඇත්තේ එයයි.අප ව්‍යාපරය පැමිණි දිගු ගමන් මඟ පිළිබඳව සැලකුවහොත් ඒ මුළු ඉතිහාසයම කැටිකර පෙන්විය හැකි වචන කීපය ලෙස සලකා 50 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ ග්‍රන්ථය හැඳින්වීම සඳහා ඒ යෙඳුම භාවිත කළා. ඒ සවිමත් සිතේ හිමිකාරයා පිළිබඳ කතාවත් DSI කතාවත් එකක්.තාත්තා අතගැසූ පළමු ව්‍යාපාරය වුණේ රෙදි අලෙවියයි. 1939-40 සුදු රෙදි ඉල්ලුම ඉහළ ගොස් තිබූ කාලයක්, මේ නිසාම අවශ්‍යතාව සලකා ඇරැඹි වෙළෙඳාම සාර්ථක වී තිබුණා.‍ව්‍යාපාර බොහොමයකම ආරම්භය මිලදී ගැනීම හා විකිණීමයි. මෙයත් එසේමයි. වෙළෙඳාම සාර්ථක වීම නිසාම තිබූ දුෂ්කරතාවෙන් මීදීමට කඩයක් කුලියට ගත්තා, පදික වේදිකාවේ අලෙවිය එකල සිටම පොලිසියෙන් අවහිර ඇති වන කටයුත්තක්, ගිනි අවුවේ පොට්ටනි බඳිමින් කරන වෙළෙඳාම හරිම දුෂ්කරයි.ඒ අනුවයි පිටකොටුවේ පළමු වන හරස් වීදියේ අංක 76 ස්ථානයේ පිහිටි ස්ථානයේ කඩ කාමරය කුලියට ගන්නේ. රෙදි‍ වෙළෙඳාමට අමතරව දේශීයව නිෂ්පාදිත සපත්තු අලෙවිය සඳහාත් 76 කඩය පාරිභෝගිකයන් අතර නමක් දිනා ගැනීමට සමත්වී තිබුණා.

පිටකොටුවේ බොහෝ ව්‍යාපාරිකයන් මෙන් පිටරටින් භාණ්ඩ ගෙන්වා අලෙවි කිරීමට අදහස ඇතිවී තිබුණේ තරගකාරී මිලකට උසස් තත්ත්වයේ භාණ්ඩ පාරි‍භෝගිකයාට ලබාදෙන අදහස ඇතිව. මේ සඳහා අවශ්‍ය වන මුදල් ලබාගෙන තිබුණේ ‍එවකට හෙට්ටි වීදියේ මුදල් පොලියට දුන් ඉන්දියානු හෙට්ටීන්ගෙන් අත්‍යාවශ්‍ය දේට පොලියට හෝ මුදල් ගෙන ආයෝජනය කිරීමට යුහුසුලු වී තිබු‍ණේ එයින් අත්වන ලාභය පිළිබඳ පැවැති විශ්වාසය නිසායි. එවැනි තීරණ නිසා ව්‍යාපාරය පියවරක් ඉදිරියට තැබීමට හැකිවී තිබුණා. ආනයනය පිළිබඳ අත්දැකීම් මෙන්ම සපත්තු නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය සබඳතා ගොඩ නැඟුනා.

DSI සපත්තු කර්මාන්ත ශාලාව ආරම්භ කළේ මින් පසුවද?කර්මාන්ත ශාලාව ආරම්භ කළේ 1962 දී ඊට බලපෑ මූලිකම කාරණය වූයේ මැතිනියගේ රජය ආනයන සීමා කිරීමයි. දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමට කටයුතු කිරීමයි. පිටරටින් භාණ්ඩ ගෙන්වීම සඳහා බලපත්‍ර අත්‍යාවශ්‍ය වුණා. ඒ නිසාම පාවහන් ගෙන්වා ‍අළෙවි කිරීම සීමා සහිත වුණා. මේ නිසා සපත්තු නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ සිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය මෙන්ම තාක්ෂණික දැනුම ජපානයෙන් ලබා ගැනීම සිදු කෙරුණා. තාත්තාගේ මහ ගෙදරට යාබද අඩි 20ක් දිග, අඩි 40ක් පළල ගොඩනැගිල්ලක ගමේම සේවකයන් හයදෙනකු සම්බන්ධ කරගෙන සපත්තු නිෂ්පාදන කටයුතු ආරම්භ කළා.

යටිතල පහසුකම් ඉතාමත් අඩු මේ කාලයේ මැෂින් ක්‍රියාත්මක කිරීම් සිදුවූයේ විදුලි ජනක යන්ත්‍රයක් මඟින්, ඒ කාලයේ දිනකට උපරි‍ම නිෂ්පාදනය සපත්තු ජෝඩු 25 යි. මේ සපත්තු කොළඹ කඩේට ගෙන ආයේ රුහුණු කුමාරි දුම්රියෙන් එනවා. සපත්තු වෙළෙඳාම වගේම කර්මාන්ත ශාලාවත් බලාගෙන ඉදීද්දීම වාගේ දියුණු වුණේ නිකන්ම නෙමෙයි ඩහදිය මහන්සියෙන්.මේ යුගයේ වඩාත් ජනප්‍රියවී තිබූ සපත්තු නිෂ්පාදන මොනවාද?ජපන් තාක්ෂණය අනුව නිපද වූ කාන්තා බැලරිනාව ඒ යුගයේ වඩාත්ම ජනප්‍රියතම විලාසිතාවයි. මේ කාලයේ පාසල් ළමුන් අතර ජනප්‍රිය වූ පාවහන් යුගලක් නිපදවීමටත් හැකිවී තියුණා. මීට අමතරව ” නන්ද ” ලෙසින් නම් කරන ලද පිරිමි පාවහන් යුගලය සේම “බිනරමලී” පාවහන් යුගලත් වඩාත් ජනප්‍රිය වුණා. පාසල් ළමුන්, ගුරුවරු, දහම් පාසල් දරුවන්, වෙද මහත්වරු, ස්වාමීන් වහන්සේලා අතර මේ පාවහන් වඩාත් ජනප්‍රිය වුණා . දිනෙන් දින වැඩි වන ඉල්ලුමට සරිලන අන්දමේ නිෂ්පාදන සිදු කිරීම සඳහා කර්මාන්ත ශාලා පුළුල් කෙ‍රුණා. සේවක පිරිස වර්ධනය වුණා. බෙදා හැරීම් ජාලය මෙන්ම අලෙවි ජාලය වඩාත් පුළුල් ලෙසට ව්‍යාප්තවී වර්ධනය වුණා.

DSI පාවහන් සන්නාමය තිබිය දී රන්පා නමින් පාවහන් නිෂ්පාදනය ආරම්භ කිරීමට විශේෂ හේතුවක් තිබුණා ද?ඒ සඳහා බලපෑ ප්‍රධානතම හේතුව දේශපාලන අධිකාරියේ මර්දනයට සාර්ථකව මුහුණදීමට තිබූ අවශ්‍යතාවයි. මේ කාලයේ පළාතේ මන්ත්‍රී වඩාත් බලවත්, ඔහුගෙන් තිබූ කරදරය වූයේ මැතිවරණයට අනතුරුව ඔහුගේ අනුගාමිකයන් රැකියාවට බඳවා ගැනීමයි. ඔහුගේ සියලු ඉල්ලීම් ඉටු කළ නොහැකි වන්නේ පුරප්පාඩු සීමිත වන නිසයි.මේ කාලයේ රජය වෙනත් ප්‍රමුඛ පෙළේ ආයතන රජයට පවරා ගැනීමේ අදහසින් යුතුව ව්‍යාපාර රජයට පවරා ගැනීමේ නීතියක් සම්මත කරගෙන තිබුණා. මේ නිසා ව්‍යාපාරිකයන් බොහෝ දෙනා අපහසුතාවට පත්වුණේ ‍දේශපාලන අධිකාරිය අමනාප කර ගැනීමෙන් අත්වන ඉරණම දරුණු විය හැකි නිසාය. මේ වකවානුව වනවිට පළාතේ මන්ත්‍රී අප ආයතනය සමඟ තරමක් විරසකව පසු වූයෙන් අප ආයතනය රජයට ‍පවරා ගත හැකිය යැයි සැකයක් පැවතුණා. ඒ නිසාම DSI වෙනුවෙන් තව දුරටත් මුදල් යෙදවීම සීමා කරමින් වෙනත් නව ආයතනයක් ස්ථාපිත කිරීමේ අදහස ඇති වුණා.

ආයතනය ලියාපදිංචි කෙරුණේ ජපන් නමකින්. සපත්තු නිෂ්පාදනය කළ ද ඒවා නව පෙනුමක්, නව මුහුණුවරකින් යුතු වුණා.ව්‍යාපාරික කටයුතුවලට රාජපක්ෂ පවුලේ දූපුතුන් සම්බන්ධ වූයේ බාලවියේ සිටමද?උත්සාහයෙන් යුතුව කම්මැලි නොවී වැඩ කළ යුතු බව, ආගමානුකූලව දිවිගෙවිය යුතු බව මෙන්ම උපරිම කැපවීමෙන් අධ්‍යාපනය ලැබිය යුතු බව තාත්තාගේ වුවමනාව වුණා. අපිට පාසල් ගොස් විවේකීව සිටීමට කාලයක් තිබුණේ නෑ. ඊට හේතුව අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කරන අතරේ සැවොම ව්‍යාපාරය දියුණු කිරීමට හැකි පමණින් සහායවීමයි. අපේ පවුලේ මාත් සමඟ සහෝදර සහෝදරියන් අටදෙනෙක්. තිදෙනෙක් දූවරු, අධ්‍යාපනය ඉහළින්ම ලබාදෙන්නට කොතෙක් කැප වුණාද කියනවනම් දරු‍වන් අතර කෙනකු විශේෂඥ වෛද්‍යවරයකු තවත් කෙනකු ඉන්ජිනේරුවරයකු, B.S.C. උපාධිධාරියකු සේම සෑම කෙනකුම වාගේ උපාධියක් ලබන තෙක් ඉගැන්වීමටත්, ඒ ඒ අය දක්ෂ ක්ෂේත්‍රයන්ට අනුව කුසලතාවන් වර්ධනය කර ගැනීමටත්, තාත්තාගේ දැඩි කැමැත්තක් තිබුණා. සිංහල, බෞද්ධ ඌරුවට අනුව නිහතමානීව කටයුතු කිරීම තාත්තා නිතර අගය කළා. ලැබෙන ලාභය මුළුමනින්ම වියදම් නොකර සිඟාලෝවාද සූත්‍රයට අනුව ඉන් කො‍ටසක් පරිහරණය කළ යුතු බව තාත්තාගේ ආදර්ශය වුණා.

එනිසාම පවුලේ කිසි කෙනෙක් නාස්තිකාර පුතුන් වුණේ නෑ. සෑම කෙනකුගේම උත්සාහය වූයේ අභියෝග ජයගෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් ගොඩනැඟීමයි.හැටේ දශකය අගභාගය වනවිට ව්‍යාපාරය සෑම අංශයකින්ම දියුණුවී තිබුණා. ඊට හේතුව තාත්තාගේ අධීක්ෂණය සමඟ අප සහෝදර සහෝදරියන්ගේ දැනුම හා කුසලතාව ව්‍යාපාරය වෙත උපරිමයෙන් දායකවීමයි.1967 ජපානයේ නෂීර් රබර් කර්මාන්ත ශාලාව නැරැඹීමට ලැබුණ අවස්ථාව ව්‍යාපාරය ඉදිරි පියවරක් තැබීමට විශේෂ ශක්තියක් වුණා. ඒ ෆැක්ටරියේ සවිකර තිබූ පරණ මැෂින් ලබාදීමට නෂින් හිමිකරු මේ ගමනේ දී එකඟතාව පළ කළා. ඉන් අනතුරුවයි රබර් පාවහන් නිෂ්පාදනය ආරම්භ කිරීමට හැකි වුණේ.මෙපමණක් නොවේ, ඇතැම් විටක පාකිස්තානයේ හෝ ජපානයේ නිෂ්පාදිත මැෂින් ගලවා බලා ඒ ආකාරයේ මැෂින් සවි කිරීමට අප කළ උත්සාහය සාර්ථක වුණා. ඒ සඳහා විශේෂ දක්ෂතාව තිබුණේ බාල සොයුරු රණතුංගටයි.එසේ සෑම කෙනකුගේම උපරිම උත්සාහය හා දායකත්වය ව්‍යාපාරය ගොඩනැඟීම සඳහා යොමුවී තිබුණා. මේ නිසා සාර්ථකත්වය ඇති වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තවත් නිෂ්පාදනයක් බවට පත්වීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය වුණා.

DSI සන්නාමය මෙරට ජනතාව අතරට ගෙනයාමේදී අභියෝගයකට මුහුණදීමට සිදුවූ බව ඔබ පැවැසුවා,මුලින් කෙරුණේ හදනවා, විකුණනවා ක්‍රියාවලියක්. නමුත් නිෂ්පාදනය හා අලෙවිය වැඩිවීමත් සමඟම එතෙක් වෙළෙඳ පොළ තුළ ස්ථාවරවී සිටි බහුජාතික පාවහන් සමාගම එදිරිවාදිකම් කිරීමට පෙළඹුණා. ඔවුන්ගේ මෝස්තර කොපි කිරීම වැනි චෝදනා දමමින් නඩු ගොනු කළා. ඒ සියල්ල නීත්‍යානුකූලවම ජය ගත්තත්, ප්‍රචාරණය කෙරෙහි අප එතරම් අවධානය යොමුකර තිබුණේ නෑ. පැවැති තරගකාරීත්වය නිසාම ප්‍රචාරණය අත්‍යවශ්‍ය බව හඳුනාගත් අප ඒ සඳහා කටයුතු කරන ආයතන පිළිබඳ අවධානය යොමු කළා. මේ වකවානුව වනවිට ප්‍රචාරණ කටයුතු සිදුකරන ආයතන සීමිතයි. ඒවායේ මුල් පෙළේ ආයතන සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වූයේ පෙර කී බහුජාතික සමාගම එම ආයතන සමඟ ගිවිසුම්ගත වී තිබූ නිසයි. අප සම්බන්ධවූවා එවකට පැවැති දෙවැනි මට්ටමේ ප්‍රචාරක සමාගමක් සමඟ. ඔවුන් අප සමඟ කටයුතු කිරීම ඇරැඹි මුල් සතියේම පෙරකී බහුජාතික සමාගම එම ආයතනය අමතා පවසා ඇත්තේ අප ගෙවන මුදල මෙන් දෙතුන් ගුණයක් ලබාගෙන ඔවුන්ගේ ආයතනයේ ප්‍රචාරණයන් සිදුකරන ලෙසයි.

ප්‍රචාරණ සමාගම්වල ඇති මූලික ආචාරධර්ම අනුව ආයතන දෙකේම ප්‍රචාරණ කටයුතු සිදු කිරීම නොකටයුත්තක්. ඔවුන් මේ පිළිබඳව අප සමඟ සාකච්ඡා කළා. අප පැවැසුවේ, අප ආයතනය දේශීය ආයතනයක් එය දියුණු කිරීම රටේ ආර්ථිකයට ශක්තියක් බවත් බහු ජාතික සමාගමට අවශ්‍ය අප ආයතනයේ දියුණුව අඩාල කිරීමයි. ඔබ ආයතනය සමඟ සම්බන්ධ වීමට උත්සාහ ගත්තේ පටු අරමුණෙන් බවටයි. ඒ බව වටහාගත් ඒ ප්‍රචාරක සමාගම දිගින් දිගටම අප ආයතනය සමඟ කටයුතු කිරීමට එකඟ වුණා.මුල් කාලයේ සිට අපත් ප්‍රචාරණයට යොමු වූයේ ගැමි පරිසරය, ඔන්චිල්ලාව, වෙල්යාය, රෙද්ද, හැට්ටය, චීත්ත ගවුම ආදී ගැමි ජීවිතයේ හැඩ පිළිබඳවය. මේ නිසාම නාගරික ජනයාට වඩා ග්‍රාමීය ජනයා අපගේ ඉලක්ක ගත පාරිභෝගිකයන් වුණා, ඒ අතරින් පාසල් ළමුන් ප්‍රධාන වුණා. අප දිගින් දිගටම ගෙන ගිය ප්‍රචාරණ තේමාව සාර්ථක වුණා. DSI යනු ශ්‍රී ලාංකික නිෂ්පාදනය අපේම දෙයක් යන අදහස සමාජයේ ස්ථාපිත කිරීමට අප සමත් වුණා. මෙරට අංක එකේ දේශීය පාවහන් නිෂ්පාදනය ලෙස ස්ථාවරය ගොඩනැඟීමේ තරගය ජය ගැනීමට ප්‍රචාරණය විශාල රුකුලක් වුණා.

DSI යනු මේ වනවිට සමූහ ව්‍යාපාරයක්, නිෂ්පාදනය විවිධාංගීකරණය කිරීමට සමත්වී තිබෙනවා. 1977 විවෘත ආර්ථික සංකල්පය සමඟ ඇති වූ තරගකාරීත්වය නිසා මෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ලබාදෙන ලද සහන පදනම් කරගෙන නව ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කිරීමට අපටත් අවස්ථාව උදා වුණා.ඒ අනුවයි ඇඟළුම් ක්ෂේත්‍රයට පිවිසුණේ. ඉන් අනතුරුව රබර් කර්මාන්ත ශාලාවක් 1982 දී ආරම්භ කිරීමට උනන්දු වූයේ මේ වනවිට ලොව පුරා වඩාත් ප්‍රචලිතව දියුණු වන කර්මාන්තයක් වූ නිසායි. මහර ප්‍රදේශයේ මැෂින් කීපයක් ස්ථාපිත කරමින් ආරම්භ කළ රබර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය වූයේ බයිසිකල් ටයර්ය. දුෂ්කර අත්හදා බැලීම් මධ්‍යයේ ගොඩනැඟුන ටයර් කර්මාන්තය ආරම්භක අවධියේ සිටම අපනයන වෙළෙඳ පොළ ජයගෙන තිබීම සමාගම ලද ජයග්‍රහණයක්. ඉන් අනතුරුව 2001 ජූනි 01 ඇරැඹූ සැම්සන් බයික් සමාගම ද ආරම්භයේ සිටම විදෙස් සමාගම් හා ඒකාබද්ධවී කටයුතු කළ අතර, එමගින් ගැටලු, වෙළෙඳ පොළ දුෂ්කරතා, තාක්ෂණික මෙන්ම අමුද්‍රව්‍ය පිළිබඳ ගැටලු ආදියට පිළියම් සොයා ගැනීමට හැකි වුණා.

DSI නිෂ්පාදන අතරට කෘෂිකර්මාන්තය ද එක්වූයේ, තේ සහ එළවළු නිෂ්පාදනයට මුලපුරමින්. සැම්සන් රජරට ගොවිපොළ ලිමිටඩ් එම ආයතනයේ තමයි. SPL යනුවෙන් හඳුන්වන්නේ මවුන්ට් ස්ප්‍රින්ස් මෝටර් ලිමිටඩ් පානීය ජල බෝතල් නිෂ්පාදනය කිරීම සඳහා ඇරැඹි ආයතනයයි. මේවාට අමතරව පාසල් බෑග්, පාසල් උපකරණ ආදී නිෂ්පාදනය මෙන්ම, අන්තර්ජාතිකව පැසසුමට ලක් තවත් කර්මාන්ත කිහිපයක්ම ඇති කිරීමට සමත්වීම එකම රෑනක කුරුල්ලන් ලෙස අප සැවොම එකට එක්වී ගත් උත්සාහයන්ගේ ප්‍රතිඵල ලෙස පැවැසිය හැකියි.මෙරට දැවැන්ත ව්‍යාපාරයක පාලකයකු ලෙස ඔබට පාඨකයා වෙනුවෙන් පැවැසීමට යමක් තිබෙනවා ද?සේවකයන් හය හත් දෙනකුගෙන් ඇරැඹි අප ව්‍යාපාරයේ මේ වනවිට සේවකයන් 10,000ක් පමණ සේවය කරනවා. ඒ අයගේ කැපවීම අප ව්‍යාපාරයේ පැවැත්මයි.අනෙක් කාරණය මම අවධාරණය කරන්නේ රජයේ පාර්ශ්වයටයි. රටවල් සමඟ ඇති කර ගන්නා වෙළෙඳ ගිවිසුම් ද්විපාර්ශ්වික සබඳතා ආදිය ව්‍යාපාර දියුණුවට එතරම් වැදගත් වන දේ නොවේ. අවශ්‍ය වන්නේ ව්‍යාපාර ඇති කිරීමට, බාධාවෙන් තොරව පවත්වා‍ ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමයි. ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් තාක්ෂණික, දැනුම ළඟා කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කිරීමයි.